ශ්‍රී පාද කථා: ගෙත්තම් පාන හැදුන හැටි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    අසිරිමත් ශ්‍රී සම්බුද්ධ සිරිපා ලාංඡනය පිහිටුවීම පිළිබඳව මුඛ පරම්පරා ගතව පැමිණි එක් සුවිශේෂී පූජනීය කතාංගයක් මා සහෘද ඔබ සැමට ඉදිරිපත් කරමි. ඒ හා බැඳුණු තවත් අපූරු, අතුරු කතා ඔයාලා දන්නවා ඇති. බුදුසිරිපතුලට, සමන් ගිරිහිසට, සුමන සමන් මහ සුරිඳුන්ට හදවතින්ම ගෞරවනීය මේ අපූරු එකතුව වටා රොද බැඳගත් ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් පතමි.
    සෝවාන් ඵලලාභී සුමන සමන් මහ සුරිඳුන්ගේ ගෞරවනීය ආරාධනාවකට අනුව ගෞතම බුදුපියාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කෙරිණි. මග දෙපස රැස්ව හුන් මිනිස් හා වන සිවුපා සතුන්ගේ සාධුකාර මධ්‍යයේ උන්වහන්සේ වැඩි සේක. දෙපස රැස්ව හුන් බොහෝ දෙවි බඹුන් උන්වහන්සේ සපැමිණි ගමන් මගට ගුවනේ සිට සුවඳැති මල් ඉසිමින් සාධුනද පැවැත්වූහ.
    තවත් බොහෝ වන සතුන් තැන්හි තැන්හි රැඳී සිටිමින් නොඉඳුල්, සීතල මහ හිමෙන් නෙලා ගත් පලවැල හා මී පැණි උන්වහන්සේ වෙත පූජා කරන්නට වූයේ බොහෝ ගෞරවයෙනි. මග දෙපස සිටි තවත් අලි ඇතුන් සොඬින් ගෙනා පිරිසිදු පැනින් ගෞතමයන්ගේ ශ්‍රී පා දෝවනය කළෝය. තවත් නුවණැති වානර රංචුවක් "මහ සතුන්ගේ" ගමන් මාර්ගයේ ඉදිරියෙන් දුවමින් මගෙහි ඇති මඩකඩිති, ලී දඬු, කටු අතු ඉවත් කරමින් ඉදිරියෙන් බුදු පියා ආරක්ෂා කරමින් ඇදෙන්නට විය.
    මේ අතර වාරයේ මාර දිව්‍ය පුත්‍රයා වන සතුන්ගේ මේ හැසිරීම රෞද්‍ර නෙතින් නිරීක්ෂණය කළේය. ගෞතමයන්ගේ සමනල සිරස වෙත වැඩමවීම ඒ අනුව දැනගත් මාරයා වික්ෂිප්ත විය. ශෝක විය, මහත් සේ කෝප විය, බුදුපියාණන් පූජනීය ශ්‍රී පතුල සමනොළ සිරසේ පිහිට වූවොත් ලෝ සතුන් බුරුතු පිටින් තම මාර මුඛයට ඇදී යන ගමන අඩාල විය හැක. එසේ හෙයින් උන්වහන්සේගේ මේ ගමන කෙසේ හෝ නතර කළ යුතු යැයි අදිටන් කර ගත්තේය.
    දියසුලි නගමින් පෙණ බුබුළු දමමින් ගලන සීතල ගඟුල ආසන්නයේ, දැන් උන්වහන්සේ වැඩම කරති. වහාම ගඟුල මැද තිබූ සිය ගල් පහුර වෙත දිව ගිය මාරයා හනි හනිකට එය ගඟුල දිගේ යටිගම් බලා පැදිව්වේ දැඩි කෝපයෙනි.
    දැන් ආසන්නයේ ශාන්ත ගමනින් වඩින ගෞතමයන්ය, පසෙකින් වෛරයෙන් දැවෙමින් ගල් පහුර පදින මරුය. වේගයෙන් ඇදී එන ගල් පහුර ඉලක්ක කර එන්නේ බුදුපියාගේ ශ්‍රී ශරීරයයි. මඟ කටු කොහොල් ඉවත් කරමින් සිටි සතුන් දෑස් අයාගත් ගමන්මය. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට නොවැටහේ. බුදුපියාගේ අති පාරිශුද්ධ ශරීරය ආසන්නයේදී, මහගල්කුලක් ධරණී තලය පලාගෙන පැන නැංගේ මාරයාගේ ගල්පහුරට විරුද්ධවය. විශාල ශබ්දයක් නගමින් මාරයාගේ ගල්පහුර ක්ෂණයෙන් නැගුණු ගල් කුලේ හැපී නතර විය.
    එහෙත් එයින් නැගුණු කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය.

    https://www.facebook.com/share/p/YHcN3pug5byAM6hH/?mibextid=oFDknk
     
    blue_in_rio

    Well-known member
  • ටොම් පච ද කොහෙද බං :baffled:
    Me tika witharak ahapanko. echcharai.

    කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    bullshit aside. hari kathawa ketiyen dapanko.

    Me tika witharak ahapanko. echcharai.

    කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය.
    බොරු ටොම් පච ටික හලල ගත්තම කතාව ඔච්චරයි. :yes:
    ------ Post added on Apr 25, 2024 at 9:16 AM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    RrgPTAD.png

    ස්තූතියි බෙදාගත්තාට
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දෙවිවරු ආකාසෙ ඉඳන් බලාගෙන හිටියයි කියමු...... කමක් නෑ.

    සත්තු සාදුකාර දෙන ඒව, අලි පය හෝදවන ඒව, වඳුරො ඉස්සරහින් යන ඒව ඔ්නැ නෑ.

    ගල් පහුර කියද්දි පරණ හර්කියුලිස් ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ හර්කියුලිස්ටත් වඩා විසාල කළුගල් හර්කියුලිස් උස්සල විසිකරනව බැලුම් බෝල වගේ ඒව පහල තියෙන ගඟේ වතුරෙ පාවෙනව. ෆයිබර් වලින් හදපු කළුගල්.

    ඔය මාරයගෙ ගල් පහුරත් ඒ වගේ ෆයිබර් එකක් වෙන්ටැ.

    පොඩි එවුන් පවා දන්නව ගල් වතුරෙ පාවෙන් නැති බව.

    බුදුන් වහන්සෙ වඩිනකොට මග දෙපස තිබුණ කටු පඳුරු වලට, ගල් වලට ටික ටික ඉරුණ සිවුර ඔතැනදි ගෙත්තම් කර ගත් එක සිහි කිරීමයි ඉඳිකටු නූල් ඉඳිකටුපානෙදි පූජා කිරීමෙන් කරන්නෙ කිව්ව නම් ඔය බොරු වැල්වටාරම් වලට වැඩිය කොච්චර ලස්සනද?

    එතැනත් වඩුකුරුල්ලෙක් ඇවිත් සිවුර ගෙත්තම් කරල දුන්න කිව්ව නම් අංග සම්පූර්ණයි.

    බණකතාවටත් කියන්නෙ අල්ලෙ පැලවෙන බොරු! ඒක පෙන්නල දෙන එකා ධර්ම සාහිත්‍යය දන්නෙ නෑලු.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,566
    113
    Mother Earth
    තුන් සරණේ කවි කියලා
    ධර්මරාජ ගල නැගලා
    ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
    මහ ගිරිදඹ පසු කරලා
    යං යං යං හනිකට යං
    සුමන සමන් දෙවි පිහිට ලබන්
    මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
    සමන්ත කූඨ රජාගේ
    කමණීයයි රමණීයයි
    🙂

    දෙවිවරු ආකාසෙ ඉඳන් බලාගෙන හිටියයි කියමු...... කමක් නෑ.

    සත්තු සාදුකාර දෙන ඒව, අලි පය හෝදවන ඒව, වඳුරො ඉස්සරහින් යන ඒව ඔ්නැ නෑ.

    ගල් පහුර කියද්දි පරණ හර්කියුලිස් ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ හර්කියුලිස්ටත් වඩා විසාල කළුගල් හර්කියුලිස් උස්සල විසිකරනව බැලුම් බෝල වගේ ඒව පහල තියෙන ගඟේ වතුරෙ පාවෙනව. ෆයිබර් වලින් හදපු කළුගල්.

    ඔය මාරයගෙ ගල් පහුරත් ඒ වගේ ෆයිබර් එකක් වෙන්ටැ.

    පොඩි එවුන් පවා දන්නව ගල් වතුරෙ පාවෙන් නැති බව.

    බුදුන් වහන්සෙ වඩිනකොට මග දෙපස තිබුණ කටු පඳුරු වලට, ගල් වලට ටික ටික ඉරුණ සිවුර ඔතැනදි ගෙත්තම් කර ගත් එක සිහි කිරීමයි ඉඳිකටු නූල් ඉඳිකටුපානෙදි පූජා කිරීමෙන් කරන්නෙ කිව්ව නම් ඔය බොරු වැල්වටාරම් වලට වැඩිය කොච්චර ලස්සනද?

    එතැනත් වඩුකුරුල්ලෙක් ඇවිත් සිවුර ගෙත්තම් කරල දුන්න කිව්ව නම් අංග සම්පූර්ණයි.

    බණකතාවටත් කියන්නෙ අල්ලෙ පැලවෙන බොරු! ඒක පෙන්නල දෙන එකා ධර්ම සාහිත්‍යය දන්නෙ නෑලු.
    සීත සුනිල් දිය දහරා
    ලා නිල් කඳු මනහාරා
    තුරු ලිය පිරිලා වන මල් පිපිලා
    හිත අලවයි ඇස නලවයි //
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,612
    113
    දෙවිවරු ආකාසෙ ඉඳන් බලාගෙන හිටියයි කියමු...... කමක් නෑ.

    සත්තු සාදුකාර දෙන ඒව, අලි පය හෝදවන ඒව, වඳුරො ඉස්සරහින් යන ඒව ඔ්නැ නෑ.

    ගල් පහුර කියද්දි පරණ හර්කියුලිස් ෆිල්ම් එකක් මතක් වුණා. ඒකෙ හර්කියුලිස්ටත් වඩා විසාල කළුගල් හර්කියුලිස් උස්සල විසිකරනව බැලුම් බෝල වගේ ඒව පහල තියෙන ගඟේ වතුරෙ පාවෙනව. ෆයිබර් වලින් හදපු කළුගල්.

    ඔය මාරයගෙ ගල් පහුරත් ඒ වගේ ෆයිබර් එකක් වෙන්ටැ.

    පොඩි එවුන් පවා දන්නව ගල් වතුරෙ පාවෙන් නැති බව.

    බුදුන් වහන්සෙ වඩිනකොට මග දෙපස තිබුණ කටු පඳුරු වලට, ගල් වලට ටික ටික ඉරුණ සිවුර ඔතැනදි ගෙත්තම් කර ගත් එක සිහි කිරීමයි ඉඳිකටු නූල් ඉඳිකටුපානෙදි පූජා කිරීමෙන් කරන්නෙ කිව්ව නම් ඔය බොරු වැල්වටාරම් වලට වැඩිය කොච්චර ලස්සනද?

    එතැනත් වඩුකුරුල්ලෙක් ඇවිත් සිවුර ගෙත්තම් කරල දුන්න කිව්ව නම් අංග සම්පූර්ණයි.

    බණකතාවටත් කියන්නෙ අල්ලෙ පැලවෙන බොරු! ඒක පෙන්නල දෙන එකා ධර්ම සාහිත්‍යය දන්නෙ නෑලු.
    මේවා ජනකතා කවි වලින් අරගෙන ආවා දේවල්. ජන සාහිත්‍යය. ඔච්චර ටිපර් වෙන්න දෙයක් මේකේ නෑ. කතාවක් වගේ කියවල ඕනි ටික ගන්න අනික් ටික ඔහේ තිබ්බාවේ කාටවත් හානියක් නෑනේ.