ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කර ඇති අන්දම සහ ධම්මික.

janitht

Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    131262273_2706954516237016_4243788404267701779_n.jpg



    කොරෝනා රෝගය සාර්ථකව මර්දනය කිරීම සඳහා 'දේශීය පැණියක්' නිෂ්පාදනය කළ බව කියන ධම්මික බණ්ඩාර මහතාට, එම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට පූජා කිරීම සඳහා අවසර නොදීමෙන් ඇති වූ නොසන්සුන් සහ තර්ජනාත්මක හැසිරීම දැක්වෙන වීඩියෝවක් බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

    බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කරන ලද්දේ අනුරාධපුර යුගයේ දෙවනපෑතිස් රජ දවස ය.
    එතැන් පටන් වර්තමානය දක්වා විවිධාකාරයේ ස්වභාවික ආපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජන රැසකට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක් වූ අන්දම පිළිබඳ වංසකථාවල මෙන්ම පසුකාලීන මූලාශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු අන්තර්ගත වේ. ඇතැම් අවස්ථාවලදී දිවි පරදුවට තබමින් භික්ෂූන් වහන්සේලා මෙන්ම බෞද්ධ ජනතාව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ අන්දම පිළිබඳ නිදසුන් එමට ය.
    එකී සියලු තර්ජන ජයගනිමින් වර්තමානය වන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුරක්ෂිත උඩමළුවේ වැඩසිටින්නේ මෑතභාගයේදී එහි චිරජීවනය පිණිස ගෙන තිබෙන පියවර රැසක් හේතුවෙනි.
    2007 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළ 'ජය සිරි මහ බෝ සිරිත' නම් ශාස්ත්‍රීය සංග්‍රහයට 'ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ චිරජීවනය' යන මැයෙන් ලිපියක් සපයන හිටපු උද්භිද උද්‍යාන අධිකාරී, උද්භිද විද්‍යාඥ භාතිය සුමිත්‍රාරච්චි මහතා මෑතභාගයේදී ශ්‍රී මහා බෝධියේ චිරජීවනයට බාධා පැමිණ වූ ස්වභාවික ආපදා කිහිපයක් ජයගත් අන්දම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කරයි.
    ඉන් පළමුවැන්න නම් දැනට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිරිව ඇති ප්‍රධාන ශාඛාව ඇතුළත දිරාගොස් විශාල කුහරයක් ඇතිවීමයි. වර්ෂ 1963දී කොන්ක්‍රීට් සහ යකඩ කම්බි යොදා එම ශාඛාව අභ්‍යන්තරයෙන් ශක්තිමත් කරන්නේ ඊට විසඳුමක් වශයෙනි. පසුව 1994 වර්ෂයේ ඇති වූ සුළිසුළඟකින් එම ශාඛාවට හානිවීමත් සමග ශාඛාව රඳවා තබාගැනීම සඳහා තොටිල්ලක් වැනි ආධාරකයක් සහිත කුළුණක් නැවත ඉදිකරනු ලැබ තිබේ.

    images

    1980 දශකය වන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපිත උඩමළුව 80%කින් පමණ වැලිවලින් සමන්විත වීම, පරිවාර බෝධීන් වහන්සේලාගේ මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට ආක්‍රමණය වී ශ්‍රී මහා බෝධීන් වහන්සේට ලැබෙන පොහොර අවශෝෂණය කරගනිමින් පැවතීම උද්භිද විද්‍යාඥයන් මුහුණදුන් බරපතල අභියෝග දෙකකි. මෙවැනි සිදුවීම් පෞරාණික වෘක්ෂයක් වන ශ්‍රී මහා බෝධියේ පැවැත්මට කෙතරම් තර්ජනයක් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
    ඊට විසඳුම් වශයෙන් උඩමළුවේ ඇති පස් ක්‍රමයෙන් සෝදා ඉවත් කරමින් අලුත් පස් එකතු කිරීමටත්, පරිවාර බෝධීන් වහන්සේලාගේ ආක්‍රමණික මුල් ක්‍රමානුකූලව ඉවත්කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා කොන්ක්‍රීට් බිත්තියක් ඉදිකිරීමත් සාර්ථකව සිදු කළ අන්දම සුමිත්‍රාරච්චි මහතා ඡායාරූප සහිතව විස්තර කරයි.
    එහිදී සුදුසු පස් වර්ග තෝරාගැනීම, ඒවා ජීවානුහරණය කරමින් පස් සාම්පල පරීක්ෂා කිරීම, උඩමළුවේ පැරණි පස් ඉවත් කිරීම ආදී කටයුතු ඉතා සූක්ෂම අන්දමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් නොවන අන්දමට සිදු කළ ආකාරය විශ්මයජනක ය.
    පසුව උද්භිද විද්‍යාඥයන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩසිටින උඩමළුවේ උඳුපියලිය, අස්වැන්න වැනි කුඩා පැළෑටි වර්ග රෝපණය කිරීමට කටයුතු කර ඇත්තේ ද වැලි රත්වීමෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කිරි මුල් විනාශවීම වැළැක්වීමට සහ නයිට්‍රජන් වැනි දෑ ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහසුවෙන් අවශෝෂණය කරගැනීමේ අපේක්ෂාවෙනි.
    131478418_2706954572903677_1975493921261820932_n.jpg


    ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ රසායන ද්‍රව්‍ය සෘජුව පතිත වීම වැළැක්වීම, පරිවාර බෝධීන් වහන්සේලාගේ කඳ සහ පත්‍ර කොටස් ජීවානුහරණය කිරීම ආදී පියවර අනුගමනය කරන බව සුමිත්‍රාරච්චි මහතා අවසාන වශයෙන් තම ලිපියේ සඳහන් කරයි.
    මෙවැනි අතිශය දුෂ්කර පියවර රැසක් අනුගමනය කරමින් වර්තමානය දක්වා සුරක්ෂිත වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මූලයට හිටිහැටියේ සාදික්කා, මී පැණි සහ හෙළි නොකරන ඖෂධ කිහිපයකින් සකස් කළ 'පැණියක්' වත් කිරීමට සූදානම් වීම කෙතරම් අමනෝඥ කටයුත්තක් ද ?
    එවන් අකටයුත්තක් සිදුවීම වැළැක්වූ අටමස්ථානාධිපති පල්ලේගම ශ්‍රී සුමන සිරිනිවාස නාහිමියන්ට ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවය හිමිවිය යුත්තේ එහෙයිනි.
    අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ දෙරණ ටීවී ආයතනයේ මාධ්‍ය භාවිතය පිළිබඳවයි. ඊයේ දින (2020.12.16) දෙරණ ටීවී රාත්‍රී 7.00 ප්‍රධාන පුවත් විකාශයේදී ධම්මික බණ්ඩාර මහතා අටමස්ථානාධිපති නාහිමියන් හමුවේ නොසන්සුන්කාරී සහ තර්ජනාත්මක අන්දමින් හැසිරීම ඉවත්කොට පුවත ඉදිරිපත් කිරීම මගින් , ඔවුන් කියනා අන්දමට 'ලංකාවේ විශ්වසනීයම සහ අංක 01 පුවත් විකාශය දෙරණ ටීවී පුවත් විකාශය'දැයි සිතා බැලීම ලංකාවේ බුද්ධිමත් ජනතාවට භාර ය.

    - කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යනාංශයේ කථිකාචාර්ය හසිත චාමිකර ගුණසිංහ මහතා විසින් සම්පාදිත සටහනකි.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ස්වාමීන් වහන්සේ ඉතාම බුද්ධිමත් විදිහට හැසිරුණේ. මේ මානසික රෝගී පුද්ගලයා කෑ ගහනකොටවත් ගණන් ගත්තේ නැහැ. දෙරනම් TV කියන්නේ කොහොමත් අඳ බාල නාට්‍ය සහ වැඩසටහන් විකාශනය කරන විකාරවාහිනියක්. ධම්මිකාලි තුමා එක්ක යන ශ්‍රමනවෙෂධාරීන් ටික දැක්කම ඕන කෙනෙකුට පැහැදිලියි බොරුකාරයෝ ටිකක් කියලා.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ස්වාමීන් වහන්සේ ඉතාම බුද්ධිමත් විදිහට හැසිරුණේ. මේ මානසික රෝගී පුද්ගලයා කෑ ගහනකොටවත් ගණන් ගත්තේ නැහැ. දෙරනම් TV කියන්නේ කොහොමත් අඳ බාල නාට්‍ය සහ වැඩසටහන් විකාශනය කරන විකාරවාහිනියක්. ධම්මිකාලි තුමා එක්ක යන ශ්‍රමනවෙෂධාරීන් ටික දැක්කම ඕන කෙනෙකුට පැහැදිලියි බොරුකාරයෝ ටිකක් කියලා.
    අනිවාර්යෙන්. ඒ යකා රුවන්මැලි සෑයටත් ගිහින් පැනි වත්කරලා. තනිකර පිස්සෙක් බලාගන ගියාම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඔය දේවල් අපිට බලාගන්න/ වැඳපුදාගන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔය වෙනුවෙන්ම කැපවුන මිනිස්සු ඒකාලෙ වගේම මෑත කාලීනවත් ඉන්න නිසා. එහෙවු මිනිස්සු නැත්තං මේ වගේ මැටි මෝල්ලු අතින් විනාශ වෙච්ච පුදබිම් වල පසුකාලීනව අටවගත්ත දේවාල විතරක් ඉතිරිවෙලා තියෙයි.

    නොදන්න දේවල් ගොඩක් මේ වැදගත් ලිපියෙන් දැනගත්ත බොහොම ස්තූතියි.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ගූ දෙරනට බයේ මේ පඩන්ගු ආන්ඩුව මේ සම්බන්දව කිසිම ක්‍රියා මාර්ගයක් ගත්තේ නෑ. මිනිස්සුන්ට දවස ගානේ කතාකරන්න මාතෘකා හදලා උන් උන්ගේ බඩ වඩාගන්න එක විතරයි කරන්නේ. දැන් ඉන්න උනුත් දවසේ ආතල් එක අරගෙන වෙන.එහෙකට පහුවදාට මාරුවෙනවා. රටට ඉතින් ඉවරම තමා දවසින් දවස.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔය දේවල් අපිට බලාගන්න/ වැඳපුදාගන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔය වෙනුවෙන්ම කැපවුන මිනිස්සු ඒකාලෙ වගේම මෑත කාලීනවත් ඉන්න නිසා. එහෙවු මිනිස්සු නැත්තං මේ වගේ මැටි මෝල්ලු අතින් විනාෂ වෙච්ච පුදබිම් වල පසුකාලීනව අටවගත්ත දේවාල විතරක් ඉතිරිවෙලා තියෙයි.

    නොදන්න දේවල් ගොඩක් මේ වැදගත් ලිපියෙන් දැනගත්ත බොහොම ස්තූතියි.
    :yes: