ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

හොඳම පිතිකරු

  • සිදත් වෙත්තමුණි

    Votes: 0 0.0%
  • TM ඩිල්ෂාන්

    Votes: 0 0.0%
  • තිලාන් සමරවීර

    Votes: 0 0.0%

  • Total voters
    229

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරු

    නිකමට හිතුනා මත විමසීමක් කරන්න මේ වෙනකම් ශ්‍රී ලංකාවෙන් බිහිවුනු හොඳම පිතිකරු කවුද කියන එක බලන්න. මේකෙදි ඔයාල vote එකකුත් දාලා comments තියෙනවා නම් ඒවත් දාලා යන්න. ලංකාවට ටෙස්ට් වරම් ලැබුනට පසුව ක්‍රීඩා කල පිතිකරුවන් තමයි මේ මත විමසුමට යොදා ගත්තේ.

    එත් එක්කම පොඩි අදහසක් එකතු කරන්නත් කැමතියි. ඒ තමා stats මතම තීරණය කරන්න අමාරුයි පිතිකරුවෙකුගේ දකෂතා. පිතිකරුවෙකුගේ average එක කොච්චරද, runs කොච්චර ගහලා තියෙනවද, කොච්චර 100 ඒවා ගහලා තියෙනවද කියන එකෙන්ම පිතිකරුවෙක්ගේ දකෂතා ගැන අවසන් නිගමනයකට එන්න අමාරුයි. ඒවත් සාධක විදිහට ගන්න පුළුවන්. නමුත් තවත් සාධක තිබෙනවා සලකා බැලිය යුතු. විශේෂයෙන්ම වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු නොවෙන හා stats විදිහට සදහන් නොවන. නමුත් cricket ක්‍රීඩාවේදී අතිශයින් වැදගත්. ඒවායින් කිහිපයක් සඳහන් කරනවා නම්




    • [*]තරඟ දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමේ හැකියාව
      [*]පීඩනය යටතේ වුවත් තම කණ්ඩායම ජයග්‍රහනය කරා ගෙනයාමේ ඇති හැකියාව
      [*]අවස්ථාවට අනුව තමාගේ ක්‍රීඩා කරන ශෛලිය හසුරුවා ගැනීමේ ඇති හැකියාව
      [*]ඕනෑම රටක ඕනෑම තනනිල්ලක ඕනෑම පන්දු යවන්නෙක්ට සාර්ථකව මුහුණ දී ලකුණු රැස් කිරීමේ ඇති හැකියාව
      [*]පුද්ගලික දකෂතා පසෙකලා කණ්ඩායම පෙරට තබාගෙන ක්‍රීඩා කිරීම
      [*]අවශ්‍යම මොහොතක(finals,semis,knock-out match) ලකුණු රැස්කිරීමේ ඇති හැකියාව
      [*]එම ක්‍රීඩකයා ක්‍රීඩා කල යුගය(era) සහ එවකට අප කණ්ඩායමක් වශයෙන් අනෙක් රටවලට සාපේක්ෂව කොයි ස්ථානයක සිටියද කියන එක
      [*]ඔහු රැස් කරන ලකුණු කොයි තරම් දුරට කණ්ඩායමේ ජයග්‍රහණයට ඉවහල් වෙනවද කියන එක
      [*]ඔහු කෙරේ අන් ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ට ඇති විශ්වාසය

    ඔය මට හිතුනු කරුණු කිහිපයක් විතරයි. ඔය සඳහන් කල දේවල් ගොඩක් වැදගත් හොඳ පිතිකරුවෙක්ගෙන් ශ්‍රේශ්ට පිතිකරුවෙක් වෙන් කරලා හදුනා ගන්න.


    එහෙනම් ඔය කිව්ව කරුණුත් සැලකිල්ලට ගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා අපි මේක කරලා බලමු කට්ටියගේ මතය මොකද්ද කියලා..
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මගේ මතයත් කියන්නම් එහෙනම්..

    අරවින්ද ද සිල්වා
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    Kumar-Sangakkara-photo+%252812%2529.jpg

    The only batsman in modern day cricket who hasn't got any effect of the pitch when he is in form:P
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    දැනට ජයසුරිය,අරවින්ද,සංගා පෙරමුණේ...
    Cast your vote too :P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මට නම් අරා තමයි. ඕනම Pressure එකක් දරාගෙන ගහන්න පුලුවන් Batsman කෙනෙක්.
    දැන් ඊට ටිකක් හරි ලඟින් ඉන්නෙ සංගා තමයි.
     

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    මේ ඔක්කොම දක්ශ පිතිකතරුවො තමයි. ඔය කියන ගුනංග අඩු වැඩි වශයෙන් මේ හැමෝටම තියෙනව. but Aravinda and Sanga in front as per my personal feeling