ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

Gru

Member
Nov 24, 2010
674
18
0
ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම යනු ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලුනේ 1926-27 දී වන අතර, පසුව 1981 දී ටෙස්ට් තත්ත්වය පිරිනැමීමත් සමගම, ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩාවෙහි නියැලෙන අටවන රට බවට පත් විය. පූර්වයේ සිටි පීඩිත තත්ත්වයෙන් මිදී, 1990 ගණන් වලදී ප්‍රධාන ක්‍රිකට් දේශයක් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවමින් 1996 ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනුමට සමත් වූ කණ්ඩායම, ලෝක ශූරයන් බවට පත් වූහ. එතැන් සිට, කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කරලියෙහි ප්‍රධාන බලවේගයක් බවට සන්තතිකව පැවතියහ. ක්‍රීඩාවෙහි, ටෙස්ට්, එදිජා සහ, විස්සයි20 යන තුන් ආකාරයෙහිදීම, වැඩිම කණ්ඩායම් ලකුණු සංඛයාව ලබාගැනුමෙහි ලෝක වාර්තා ඇතුලත්ව, විවිධ ලෝක වාර්තා වර්තමානයෙහිදී දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වී ඇත. වර්ෂාවෙන්-බාධා පැමිණි 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය ක්‍රීඩා කෙරුමට සුදුසුකම් ලැබුමට තරම් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයෝ වූහ. පසුගිය වසර 15 තුලදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙහි සාර්ථකත්වයන්ට උර දුන්නේ, තවද බොහෝ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දායකත්වයන් අතරෙහි, සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා (විශ්‍රාම ගිය) ගේ පිති හරඹය හා සමග සුසංයෝගවූ, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ගේ පන්දු යැවීමයි. කණ්ඩායමෙහි පරිපාලනය සිදුකරනුයේ ශ්‍රී ලංකා ක්‍රීකට් විසිනි.

1926-1927 වසරවලදී කොළඹ වික්ටෝරියා උද්‍යානයේ නොමෑඩ්ස් ක්‍රීඩා පිටියේදී MCC කණ්ඩායමට එරෙහිව ‘සිලෝන්’ (1972 වසරට පෙර අප රට හැඳින්වූයේ සිලෝන් යන නාමයෙනි) කණ්ඩායම ලෙස ප්‍රථම වරට තරඟ වැදුණි. එහිදී ‘සිලෝන්’ කණ්ඩායම ඉණිමක පරාජයක් ලැබීය. සිලෝන් කණ්ඩායම සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1932 – 1933 වසරවලදී පැටියල (Patiala) කණ්ඩායමට එරෙහිවයි. ඒ ඩ්රූව් ‘පැන්ඩෝව්’ ක්‍රීඩාංගනයේදී සිලෝන් කණ්ඩායම 1950 සිට එම්.ජේ. ගෝපාලන් කුසලානය සඳහා තරඟ වැදුණු අතර 1970 දී ‘සිලෝන්’ කණ්ඩායම ‘ශ්‍රී ලංකා’ ලෙස සිය නම වෙනස් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකට සහභාගී වූයේ 1975 වර්ෂයේදීය. 1981 දී ටෙස්ට් වරම් ලැබීමෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ 8 වෙනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. ශ්‍රී ලංකාව අන්තිම දුර්වල තත්වයේ සිට 1990 වර්ෂයේ පමණ වන විට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් බවට පත් විය. 1996 දී ලෝක කුසලාන තරඟා වලියට ඉදිරිපත් වී ප්‍රතිවාදී ඕස්ට්‍රේලියාව පරාජය කර ලෝක ශූරයින් බවට පත් වූහ. ඉන් පසු එළඹුනු වර්ෂ වලදි පසුබෑම් සහ සාර්ථකත්වයන්ට ඇතැම් විට මුහුණ දෙමින් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටක් ලෙස ස්ථාවරය රැක ගත්තේය. 2007 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම ඉතා හොඳින් ක්‍රිඩා කරමින් අවසාන මහා තරඟය දක්වා ළඟා වූයේය. වැස්සෙන් බාධා පැමිණුනු අන්තිම තරඟයේදී ඔව්හු ඕස්ට්‍රේලියාවට පරාජය වුවද අනුශූරතාවය දිනා ගත්හ. සනත් ජයසූරිගේ සහ අරවින්ද ද සිල්වාගේ පිති හරඹයද, මුත්තයියා මුරලි දරන් සහ චමින්ද වාස් දෙපළ ඉතා දක්ෂ අන්දමින් පන්දු යැවීමෙන් දැක්වූ සහයෝගයද පසු ගිය වර්ෂ 15 තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට විශේෂ දායකත්වයක් සැපයීය. එය පාලනය කරන ලද්දේ 'ශ්‍රී ලංකා ක්‍රිකට්' ආයතනය විසිනි.
 

Gru

Member
Nov 24, 2010
674
18
0
පිති හරඹ වාර්තා

ටෙස්ට් තරඟ

* වැඩිම කණ්ඩායම් ලකුණු - 952/6 1997 දී ඉන්දියාවට එරෙහිව
* හොඳම ලකුණු එකතුව - ‍මහේල ජයවර්ධන ලකුණු 7271 ක් තරඟ වාර 107 සාමාන්‍ය වේගය 51.93%
* තරඟ වැඩිම ගණනකට සහභාගී වීම - මුත්තයියා මුරලිදරන් තරඟ 118
* වැඩිම වාර ගණනක් නායකත්වය දැරීම - අර්ජුන රණතුංග තරග 56 – 1989 – 1999
* හොඳම පෞද්ගලික ලකුණු රැස් කිරීම - මහේල ජයවර්ධන ලකුණු 374 දකුණු අප්‍රිකාවට එරෙහිව 2000 වස‍ෙර් දී
* තුන්වන විකට්ටුව සඳහා ‍හොඳම සම්බන්ධතාවය - ලකුණු 624 - කුමාර සංගක්කාර (287) හා මහේල ජයවර්ධන (374) 2006 වසරේදී ද අප්‍රිකාවට එරෙහිව.
* වැඩිම ශතක ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා - මහේල ජයවර්ධන - ශතක 21 තරග 93 කදී
* වැඩිම අර්ධ ශතක ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා - අර්ජුන රණතුංග - අර්ධ ශතක 38 - තරග 93 කදී
* ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරීමේ වැඩිම වාර ගණන - (විකට් රැකීම ඇතුළුව) – 166 වාරයක් තරඟ වාර 64 කදී
* පන්දුව අල්ලා ගැනීමෙන් වැඩිම වාර ගණනක් ක්‍රීඩකයන් දවා ගැනීම - මහේල ජයවර්ධන - 113 තරග 85 කදී


එක් දින තරඟ වාර්තා

* වැඩිම කණ්ඩායම් එකතුව - 443 /9 නෙදර්ලන්තයට එරෙහිව 2006 ජුලි මාසයේ දී
* වැඩිම ලකුණු එකතුව - සනත් ජයසූරිය (12,116) තරග 398 කදී 33.12 ක සාමාන්‍ය වේගයක්
* වැඩිම වාර ගණනක් කණ්ඩායම් නායකත්වය දැරීම - අර්ජුන රණතුංග - තරග 193 – 1998 – 1999 දක්වා

* වැඩිම පෞද්ගලික ලකුණු රැස් කිරීම - සනත් ජයසූරිය ලකුණු 189 ඉන්දියාවට එරෙහිව 2000 දී
* පළමු විකට්ටුව සඳහා වැඩිම සම්බන්ධතාවය - 286 සනත් ජයසූරිය (152) හා උපුල් තරංග (109) එංගලන්තයට ‍එරෙහිව 2006 වසරේ දී
* වැඩිම ශතක ගණන - සනත් ජයසූරිය - ශතක 25 තරග 398 කදී
* වැඩිම අර්ධ ශතක ගණන - අරවින්ද සිල්වා හා සනත් ජයසූරිය - අර්ධ ශතක 64 - පිළිවෙලින් 308 හා 397 කදී
* ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කිරීමේ වැඩිම වාර ගණන (විකට් රැකීම ඇතුළුව) - කුමාර සංගක්කාර - ඉවත් කිරීම 229 තරග 200 කදී.
* පන්දුව අල්ලා ගැනීමෙන් දවාගත් වැඩිම වාර ගණන - මහේල ජයවර්ධන - දවා ගැනීම් 118 තරඟ 245 කදී
* වැඩිම සාමාන්‍ය (ඉනිම් 20 කදී) මාවන් අතපත්තු (37.57)
* තරඟයක වැඩිම හයේ පහරවල් ගණන - සනත් ජයසූරිය හයේ පහරවල් 11
* ක්‍රිකට් (වෘත්තීය /ජීවිතය) තුළ වැඩිම හයේ පහරවල් ගණන - සනත් ජයසූරිය - හයේ පහරවල් ගණන (242)පන්දුවාර 20 තරග
* වැඩිම කණ්ඩායම් එකතුව - ලකුණු 260 /6 කෙන්යාවට එරෙහිව 2007 සැප්තැම්බර් 14 දා
* වැඩිම දිනුම් සීමාව - ලකුණු 172 කෙන්යාවට ‍එරෙහිව 2007 සැප්තැම්බර් 14 දා
 

Gru

Member
Nov 24, 2010
674
18
0
පන්දු යැවීමේ වාර්තා


ටෙස්ට් තරඟ

* වැඩිම කඩුලු - මුත්තයියා මුරලිදරන් තරඟ 118 කදී කඩුලු 723, සාමාන්‍ය 21.77
* ඉනිමක හොඳම පන්දු යැවීම - මුත්තයියා මුරලිදරන් කඩුලු 9 යි ලකුණු 51 ට සිම්බාබ්බේට එරෙහිව (2002 ජනවාරි)
* තරඟයක හොදම පන්දු යැවීම - මුත්තයියා මුරලිදරන් කඩුලු 16 ලකුණු 220 එංගලන්තයට එරෙහිව (1998 අගෝස්තු)
* වැඩිම කඩුලු 10 බිද හෙලීම - මුත්තයියා මුරලිදරන් 20
* වැඩිම කඩුලු 5 බිඳ හෙලීම - මුත්තයියා මුරලිදරන් 62
* හොඳම සාමාන්‍ය - මුත්තයියා මුරලිදරන් 21.33
* වැඩිම දවාලීම් - කෙලින්ම පන්දුව කඩුල්ලේ දැවටීම - මුත්තයියා මුරලිදරන් 157 දැවීම්
* වැඩිම දවාලීම් - ස්ටම්ප් කිරීම් වලින් - මුත්තයියා මුරලිදරන් 41

එක්දින තරඟ

* වැඩිම කඩුලු - මුත්තයියා මුරලිදරන් තරඟ 297 කඩුලු 455 සාමාන්‍ය 22.68
* හොදම පන්දු යැවීම - චමින්දවාස් ලකුණු 19 කට කඩුලු 08 යි. සිම්බාබ්බෙට එරෙහිව 2001 දෙසැම්බර්
* වැඩිම කඩුලු 5 දවාලීම - මුත්තයියා මුරලිදරන් 08
* හොඳම සාමාන්‍ය - මුත්තයියා මුරලිදරන් 22.68
* වැඩිම ටෙස්ට් කඩුලු - මුත්තයියා මුරලිදරන් (2007දී ශ්‍රී ලංකාවේදී එංගලන්තයට එරෙහිව බිද හෙලන ලදී.)
* පිටපිට පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳ හෙලු එකම පන්දු යවන්නා - ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව 2007 මාර්තු
* කඩුලු ත්‍රිත්ව 2 ක් ලබාගත් එක්‍ම ශ්‍රී ලාංකික පන්දු යවන්නා - චමින්ද වාස් 2001 සිම්බාබ්බේට එරෙහිව සහ 2003 බංගලාදේශයට එරෙහිව
* එක්දින තරඟ වල කඩුලු 08 ක් බිදහෙලු එකම පන්දු යවන්නා - චමින්ද වාස් 2001 සම්බාබ්බෙට එරෙහිව
 

Gru

Member
Nov 24, 2010
674
18
0
විවිධ තොරතුරු

* ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ එකතුව ඉන්දියාව සමඟ වික‍ට් 6කට ලකුණු 952කි.
* එක් දින තරඟයකදී ලෝකයේ මෙතෙක් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව විකට් 9කට ලකුණු 443ක් නෙදර් ලන්තය සමඟ 2006 ජුලි 4 වනදීය.
* 20-20 තරඟවාරයකදී ලෝකයේ මෙතෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව කෙන්යාව සමඟ කඩුළු 6කට ලකුණු 260ක් 2007 සැප්තැම්බර් මස14 වන දින.
* එක්දින තරඟයකදී වේගවත්ම අර්ධ ශතකය බෝල 17ක් තුළදී සනත් ජයසූරිය විසින් වාර්තාකරන ලදී.


සුළු කරුණු

* ICC කුසලානය දිනා ගෙන පසුව ලෝක කුසලානය දිනා ගත් එකම රට විය.
* ආසියා කුසලාන සෑම තරඟා වලියකටම සහභාගි වූ එකම රට ශ්‍රී ලංකාවය.
* ලෝක කුසලානය දිනා ගත් එකම සත්කාරක කණ්ඩායම වූයේ ශ්‍රී ලංකාවය.



මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත.