ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය

    ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය - ජනාධිපති සම්මානය වූ හැටි


    ලෝකයේ හැම රටකම තම ජාතියේ අනන්‍යතාවය ප්‍රකාශ කරන ලාංඡන, සංකේත, ගීත හා කොඩි භාවිත වේ. දේශය ආවේනික හෝ දේශයේ කිසියම් වැදගත් සිදුවීමක් හා සැබැඳි සත්ත්ව වර්ග හා ශාක වර්ග සහ දේශයේ වසන විවිධ ජන වර්ග ආදී බොහෝ දෑ සැලකිල්ලට ගනිමින් නිර්මාණය කෙරෙන මෙම ජාතික සංකේත

    ලංකාව (දෙමළ: லங்கை ඉලංගෛ, ඉංග්‍රීසි:Ceylon) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකින් ද විශාල සමුද්‍ර කලාපයකින් ද සමන්විත රාජ්‍යයකි. වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලද අතර පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් විසින් යටත් කර පැවතියකි.

    Sri_Lanka.PNG

    ලංකාවේ පෘතුගීසි යුගය ඒනම් 1505-1658 පමණ බාවිත වූ රාජ්‍ය ලාංඡනය

    Coat_of_arms_Ceylon_dutch_colony.jpg

    ලංකාවේ ලන්දේසි යුගය ඒනම් 1602-1796
    පමණ බාවිත වූ රාජ්‍ය ලාංඡනය


    Coat_of_arms_Ceylon_british_colony.jpg

    බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව මුල් අවධියෙහි 1875-1948 භාවිත කළ රාජ්‍ය ලාංඡනය 1948–1952




    ලංකා රාජ්‍යයට, පොදු රාජ්‍ය මණ්ඩලය තුළ 1948 සිට 1972 දක්වා පැවැතියේ ඩොමීනියන් රාජ්‍යයක් ලෙසිනි. 1948දී, බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ප්‍රදානය කෙරුණු අතර පසුව 1972දී, පොදු රාජ්‍ය මණ්ඩලය තුල ජනරජයක් බවට ලංකාව පත්විය.

    100px-Coat_of_Arms_Ceylon_dominion.svg.png

    ලංකා ඩොමීනියන් රාජ්‍යයක් ලෙස 1952–1972 භාවිත කළ රාජ්‍ය ලාංඡනය

    ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

    200px-Coat_of_arms_of_Sri_Lanka.svg.png

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය


    1972 මැයි 22 වැනි දින සිට සම්මත කෙරුණු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත් විය. ඒ අනුව ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර එවකට සංස්කෘතික කටයුතු අමාත්‍ය කුලරත්න මහතා සහ ලේකම් නිශ්ශංක විජේරත්න මහතා රැස්වීමක් කැඳවා ඒ පිළිබඳ කරුණු සාකච්ඡා කළහ. එම රැස්වීමෙන් පසුව ජනරජය සඳහා ලාංඡනයක් සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පේමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයින් වූහ. ජනරජ ලාංඡනය සකස් කිරීමේ දී එය කෙසේ සකස් විය යුතු ද එයට කුමක් ඇතුළත් විය යුතු ද යන්න පිළිබඳ නිශ්ශංක විජේරත්න මහතාගෙන් කමිටුවට උපදෙස් ලැබිණි. ඒ අනුව කලාකරුවන් කීපදෙනෙක්ම ජනරජ ලාංඡනය නිර්මාණය කිරීමේ කාර්යය ආරම්භ කළහ. මේ ආකාරයට නිර්මාණය කළ ජනරජ ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා අවසාන වශයෙන් මාපලගම විපුලසාර හිමියන් විසින් කරනු ලැබූවක් බව ද පැවසේ. කෙසේ වෙතත් මෙම අවසන් ලාංඡනය නිර්මාණය කළේ කවුරුන් විසින් ද යන්න මතබේදයට තුඩු දී ඇත. රාජ්‍ය ලේඛනාගාරයේ ඇති නියම රාජ්‍ය ලාංඡනයේ පිටපතේ පිටුපස චිත‍්‍ර ශිල්පී එස්.එම්. සෙනවිරත්නයන්ගේ නම සඳහන්ව ඇත. එබැවින් එය ඔහුගේ නිර්මාණයක් බව සමහරුන් පවසති. තවත් මතයකට අනුව එහි නිර්මාතෘවරයා පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් බවද කියැවේ. කෙසේ වෙතත් එය අදද විසඳී නොමැති ගැටලුවකි.

    රාජ්‍ය ලාංඡනයේ ඇති සලකුණු වලින් විවිධ අරුත් ලබා දේ. ඒ අනුව ඉර සහ හඳ මඟින් – සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත රටක් සහ ඉර හඳ පවතිනතාක් ධර්මයේ ආරක්‍ෂාව සංකේතවත් වෙයි. ඕලු හෝ නෙළුම් දණ්ඩක් දරා සිටින හංසයා – හංසයාට දියෙන් කිරි වෙන්කර ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඉන් හොඳ සහ නරක වෙන්ව හඳුනාගැනීමේ හැකියාව පෙන්නුම් කරයි.පුන්කලස – සෞභාග්‍යය සංකේතවත් කරයි.සමන් වැල සහ බෝපත් සතර – සමන් වැල මඟින් නිර්මලත්වය සහ බෝ පත් සතර මඟින් බෞද්ධාගම සංකේතවත් වේ.සිංහයා – සිංහයා මඟින් ජාතිය සංකේතවත් වන අතර සිංහයා, වටා ඇති නෙළුම් පෙති මඟින් නිර්මල බව සංකේතවත් කරයි.එමෙන්ම වී කරල් වලින් සෞභාග්‍යයත්, ඉහළ ධර්ම චක‍්‍රයෙන් හික්මීමත් පෙන්නුම් කරයි. ලාංඡනය සඳහා යොදා ඇති වර්ණ - මෙහි නෙළුම් පෙති සහිත කොටසට නිල් වර්ණය යොදා ඇත. සිංහයා රතු පසුබිමක ඇඳ ඇත. එයින් අපගේ ජාතිය නිරූපණය කරයි.

    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව

    රාජ්‍ය ලාංඡනය නිල කාර්යයන් සඳහා ම පමණක් යොදා ගැනේ. එමෙන් ම එය වෙනස් කිරීම හෝ පෞද්ගලික කාර්යයන් සඳහා ජනරජ ලාංඡනය යොදා ගැනීම සම්පූර්ණයෙන් ම තහනම් කටයුත්තකි.

    දැනට මෙම රාජ්‍ය ලාංඡනය ජනාධිපති සම්මානය වශයෙන් බාලදක්ෂයන්ට හා බාලදක්ෂිකාවන් විසින් දිනාගනු ලබන උසස්ම සම්මානය වශයෙන් ලබා දෙනු ලැබේ. විවිධ අංශ යටතේ ශිෂ්‍යයෙක- වශයෙන් ජනාධිපති සම්මාන දිනගත හැකි වුවද නිල අැදුමෙහි පදක්කමක් හා සහතික පතක් ලෙස මෙම සම්මානයට හිමිකම් කිවහැකි ඒකම ක%මය වන්නේ බාලදක්ෂයෙකු හෝ බාලදක්ෂිකාවක ලෙස සමත්කම් දැක්වීමෙන් පමණකි.

    DSC00257.JPG

    බාලදක්ෂ ජනාධිපති සම්මානය

    ජනාධිපති සම්මානය බාලදක්ෂයින් මෙන් ම බාලදක්ෂිකාවන්ටද යන දෙපිරිසට ම දිනාගත හැකි සම්මානයක්. ඒ සදහා නිකුත් කරන සැම සහතික පත‍්‍රයක ම ඊට අදාල සහතිකපත් අංකයක් ද සදහන් වෙනවා.

    (Internet)
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........


    :(:(:(:(:(:(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........


    :(:(:(:(:(:(:(

    සංහිඳියාවට බාධාවක්. ඒක මෙතන නෑ. ඒ නිසා සිංහයා අයින් කර කොටියෙක් හෝ ඔටුවෙක් දැමීමට යෝජනා කරමි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........



    :(:(:(:(:(:(:(

    :(:(:(:(:(:sorry:

     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........


    :(:(:(:(:(:(:(


    Oyatika minissu gawa ne.
    Attitude avul ubeth mageth ekkama.
    Ehema nethuwa anith unge witharak neweyi.rata hadhanna kiya kiya talka dhaala yadhdhee tipi kole wisikkalaa yanawaa paarata.eetapasse gas kapana , hed eka gahagana yana evunta baninawaa.dheisapaalakayo hora kanawaa kiyanawaa
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........


    :(:(:(:(:(:(:(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    සිංහයා : නිර්භීතකම
    පුන්කලස : සමෘද්ධිය
    ඉර සහ හඳ : චිර ජීවනය
    ධාන්‍යකරල් : සශ්‍රීකත්වය
    ධර්ම චක්‍රය : ධාර්මිකභාවය සහ සාධාරණත්වය
    නෙළුම් පෙති : පිවිතුරුබව හා උතුම්බව


    දෙයියනේ කියලා දැන්නම් මේ එකක්වත් නෑ.........


    :(:(:(:(:(:(:(

    :yes: