Questions ශ්‍රී ලාංකික දාර්ශනිකයො කවුද ඉඳල තියෙන්නෙ/දැනට ඉන්නෙ?

this_is_doge

Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.

    හාමුදුරුගොල්ලො තමා පාලකයාටත් වඩා අතීතෙ උඩින් හිටියෙ.
    ඉතිං දාර්ශණිකයො බිහි උනෙ නැහැ.
    මෑත ඉතිහාසෙ නම් අපෙ රටෙන් බිහි වුණ ඊනියා දාර්ශනිකයො තමන්ගෙ මත සංකල්ප තියෙන අය නෙමෙ.

    පිටරටක දාර්ශනිකයෙක් (බට්‍රන් රසල් ,කර්ල් මාක්ස්,කාන්ට්,එංගල්ස් වගෙ ) ඉංග්‍රිසියෙන් ලියපු පොතක් කියවලා ඒ තිබ්බ දේවල් අපිට සිංහලෙන් කියලා දීපු අය තමා අපෙ රටෙ ඊනියා දාර්ශනිකයො කියන්නෙ.

    දාර්ශනිකයො බිහි වෙන්න ඔනි පරිසරයක් අපෙ රටවල් වල නැහැ .
    අතීතෙත් තිබ්බෙ නැහැ .එහෙම උනා නම් මෙ රටෙ මේ සමාජ ක්‍රමය එක තැන පල් වෙන්නෙ නැහැ .
    අපි එදා ඉඳන්ම කරෙ අපිට වැඩිය ප්‍රභල බලවතෙක් ගෙනල්ලා දෙන එක වැලඳගෙන පොඩි අපෙ කමක් දීලා ඒකත් එක්ක ජීවත් වෙන එක.
    meka thamai hethuwa. anith eka aristotle/plato ge kaale Greece/Rome wala thibuna thathwaya ekka baluwama e kale (mahindaagamanayata kalin) lanakawa bohoma praathamika thathwe thibune (economy ehema). Mahindagamayath ekka buddhagama awama aluthen hithanna nidahasak nathiwenna athi e kaale.
     
    • Like
    Reactions: BruceWayne92

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    ප්ලෙටො ,ඇරිස්ටොටල් වගෙ දාර්ශණිකයො නම් නැහැ මන් හිතන්නෙ.

    ඒකට හේතුව දාර්ශනිකයො කියන්නෙ ප්‍රශ්න කරන මනසක් තියෙන අය .
    තාර්කිකව යමක් දිහා බලලා ඒක ප්‍රශ්න කරලා ඒකට අදහස් ඉතිරිපත් කරන සංකල්ප ඉදිරිපත් කරන අය.

    ඉතිං එහෙම අය ලංකාවෙ නැහැ .
    පළවෙනි හේතුව බුද්ධාගම නිසා.
    මචන් මේක තනිකරම වැරදි කතාවක්.
    බුද්ධ දර්ශනය ඇතුලේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නැහැ. අපේ මිනිස්සු වෙන වෙන බාහිර දේවල් වලින් තමයි ඒ චින්තන නිදහස නැති කරගන්නේ. දේව සංකල්ප, ආමිස පූජා වගේ දේවල් වලට බුදු දහමේ ලොකු බරක් දෙන්නේ නැහැ. ඒවායේ වහලෙක් කරන්නේ නැහැ. ඒ නිදහස නැති කරගෙන තියෙන්නේ බුද්ධාගමේ වැරද්දකින් නෙවෙයි. උඹ බුද්ධාගම කියල අදහස් කලේ මේ පසු කාලීනව ඇති වුනු කොක්ටේල් ආගම නම්, මේ කතාවට එකඟයි .

    උඹ නිකමට හරි නාලන්දාව ගැන අහල තිබුනානම් මේ වගේ දෙයක් කියන්නේ නැහැ. ( අහලනම් ඇති, නැත්තම් උඹට ගහන්න ඕන. :lol: ) පොඩ්ඩක් කියවල බලපන් ඒක මොන වගේ scale එකක තිබුණු university එකක්ද කියල.
    නාලන්දාව මුස්ලිමුන් අතින් විනාශ වුනු සිද්දිය මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු අතරේ ගොඩක් underrated කියල.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    meka thamai hethuwa. anith eka aristotle/plato ge kaale Greece/Rome wala thibuna thathwaya ekka baluwama e kale (mahindaagamanayata kalin) lanakawa bohoma praathamika thathwe thibune (economy ehema). Mahindagamayath ekka buddhagama awama aluthen hithanna nidahasak nathiwenna athi e kaale.
    ඔය ඇරිස්ටෝටල්, ප්ලේටොගෙ "අප්පච්චි" වෙච්ච සොක්‍රටීස්ව, එකල ඇතෑන්ස් ගවර්මන්ට් එක විසින් මරණදන්ඩනයට නියම කරල මැරෙව්වා නේද? එහෙම බැලුවම ලංකාවෙත් එහෙම උනා වෙන්න පුලුවන්.

    හැබැයි ඒ වගේම, අතීතයේ සංකීර්ණ සමාජීය සිදුවීම් එහෙම එක හේතුවකට සරලව ලඝු කරලා ඒකාන්තව පෙන්වන්න පුලුවන්ද? හරියට බලා හිටියා වගේ...

    මචන් මේක තනිකරම වැරදි කතාවක්.
    බුද්ධ දර්ශනය ඇතුලේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නැහැ.

    මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද? මොනවගේද මේ නිදහස් චින්තනය.
    ------ Post added on Aug 6, 2021 at 7:45 AM
     
    Last edited:
    • Like
    Reactions: gnilukshi

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    හැබැයි ඒ වගේම, අතීතයේ සිදුවීම් එහෙම එක හේතුවකට සරලව ලඝු කරලා ඒකාන්තව පෙන්වන්න පුලුවන්ද? හරියට බලා හිටියා වගේ...
    Ow eka nisaama kiyanna baha thamai. Daarshanikayo bihiwena eka wishesha hethuwak nathi ahabu deyak wennath puluwan, inna janagahanaya ekka ehema baluwama. "nidahasa" kiyana eken mama adahas kale aluth ideas enna denne nathuwa balen nawaththana ekama nemei, danatamath strong philosophy ekak thiyenawa nam minissu aluthen hithanne nathuwa parana philosophy eke widiyatama hithanna pelabena eka gana.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    මේක පොඩ්ඩක් පැහැදිලි කරනවද? මොනවගේද මේ නිදහස් චින්තනය.
    ------ Post added on Aug 6, 2021 at 7:45 AM
    මචන් මන් මෙතන අදහස් කරේ මේ වගේ දෙයක්.
    හේතුවෙන් හටගත් දෙයක් හේතු නැති විට හට ගන්නේ නැහැ කියන දේ ගත්තොත් මේ පාඨය හරහා අපිට යන්න ඕන පාර බුදු දහමේ පෙන්නනවා. කමටහනක් වගේ. හැබැයි ඒක කොහොමද කරන්න ඕන කියන නිදහස අපිට තියෙනවා. අපිට ඕන විදියක මනසිකාරය (විමසන්න) කරන්න පුළුවන් ඒ ඒ අරමුණු අනුව. අපි අඳින්නේ මොකද්ද, ඉන්නේ කොහොමද, කන්නේ මොනවද, ගාථා කිව්වද, පන්සල් ගියාද අනං මනං වැඩක් නැහැ. බටහිර චින්තනයත් එක්ක මේක සසඳන්න අමාරු දෙකේ අරමුණු වෙනස් නිසා. ඒත් මම දකින්නේ මේක සිතීමේ නිදහසක් විදියට.
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Lankawe inne Dr. Nalin de Silva witharai. Porata api kemathi nethi wenna puluwan. Aluthen mathawada idiripath karala thiyenne pora witharai. Anik un godak wenarataka kage hari ekak thamange wage kiyapu seen ekak thiyenne.
    Hebai pora Mage lokayen ehata gihe nethi eka thama awula.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    එහෙම කියන්නත් බෑ මචන් මොකද මිලින්ද ප්‍රශ්නය වගේ එකක් කියවනකොට තේරෙනව මිලිදු රජ්ජුරුවෝ කොච්චර නම් දාර්ශනිකයෙක්ද කියල.
    Explain about it here . I have never heard of it
    මචන් මේක තනිකරම වැරදි කතාවක්.
    බුද්ධ දර්ශනය ඇතුලේ නිදහස් චින්තනයට කිසිම බාධාවක් නැහැ. අපේ මිනිස්සු වෙන වෙන බාහිර දේවල් වලින් තමයි ඒ චින්තන නිදහස නැති කරගන්නේ. දේව සංකල්ප, ආමිස පූජා වගේ දේවල් වලට බුදු දහමේ ලොකු බරක් දෙන්නේ නැහැ. ඒවායේ වහලෙක් කරන්නේ නැහැ. ඒ නිදහස නැති කරගෙන තියෙන්නේ බුද්ධාගමේ වැරද්දකින් නෙවෙයි. උඹ බුද්ධාගම කියල අදහස් කලේ මේ පසු කාලීනව ඇති වුනු කොක්ටේල් ආගම නම්, මේ කතාවට එකඟයි .

    උඹ නිකමට හරි නාලන්දාව ගැන අහල තිබුනානම් මේ වගේ දෙයක් කියන්නේ නැහැ. ( අහලනම් ඇති, නැත්තම් උඹට ගහන්න ඕන. :lol: ) පොඩ්ඩක් කියවල බලපන් ඒක මොන වගේ scale එකක තිබුණු university එකක්ද කියල.
    නාලන්දාව මුස්ලිමුන් අතින් විනාශ වුනු සිද්දිය මට හිතෙන්නේ ලංකාවේ මිනිස්සු අතරේ ගොඩක් underrated කියල.
    නාලන්දාව හරි .
    නාලන්දාව බිහි උනෙ ඉන්දියාවෙ .
    මන් කිව්වෙ ලංකාවෙ ඇතුලෙ.

    මන් මිහිඳු බුද්ධාගම කියලා කිව්වානම් වැඩෙ හරි .

    නාලන්දාව ඉන්දියාවෙ හැදෙන්නෙත් ලංකාවට මිහිඳු බුද්ධාගම ගෙනල්ලාත් සැහෙන්න කාලෙකට පස්සෙ.

    ඔය කියන නාලන්දාව හදන්නෙත් ඉන්දියාවෙ Golden Age එක වෙච්ච ගුප්ත අධිරාජ්‍ය කාලෙ.
    ගුප්ත අධිරාජ්ය කාලෙ ගොඩක් ශ්‍රේෂ්ඨයි කියන දේවල් දායක උනා ලොකෙට.
    චෙස් ක්‍රීඩාව, කාමසූත්‍ර ,එතකොට ගණිතය පැත්තෙන් එහෙම ගොඩක් දෙවල් කරලා තියෙනව .
    ඒ වගෙම පෘථිවිය තමන්ගෙ අක්ෂය වටෙ බ්‍රමණය වෙන එක ලොකෙට මුලින්ම කිව්වෙත් ඔය ගුප්ත අධිරාජ්‍ය කාලෙ තමා .
    ලොකෙ සමහරක් පැති වල ලොකෙ පැතලි කියද්දි ලොකෙ ගෝලයක් කියලා කිව්වෙත් ගුප්ත අධිරාජ්‍ය කාලෙ හිටිය ආර්‍යභට්ට කියන පඬිතුමා .

    එත් ඔය මිහිඳු බුද්ධාගම ඇතුලෙ ඔය කියන ඊනියා හිතන්න නිදහස නැහැ .
    බුද්ධාගම නෙමෙ කිසිම ආගමක එහෙම තමා .
    එත් ඒ හිතන්න නිදහසක් නැති ආගම් ඇතුලෙ තියෙන හිර වීම නිසාම සමහරක් මිනිස්සු ප්‍රශ්න කරා ඒ දෙවල් ගැන.
    ඉතිං ආගම විතරක් උඩ තියාගෙන යන එක තෙරුමක් නැති බව ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ට තෙරුණා.
    එව්වත් වෙනස් කරපු මිනිස්සු හිටියා .
    ඒ අය නිසා තමා අළුත් දෙවල් ලොකෙට ආවෙ.
    සමහරක් එව්ව හරි ගියෙ නැහැ .
    උද : කාර්ල් මාක්ස්ගෙ සමාජ වාදය ලොකෙ ෆේල් කියලා පේනවානෙ ?

    එහෙමනම් බෞද්ධ සංදර්භය ඇතුළෙ ඉඳන් බලනකොට දෙව්දතුත් දාර්ශනිකයෙක් නම්, දාර්ශනිකත්වයේ ප්‍රයෝගික වටිනාකම පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා නේද.

    නිකං, දාර්ශනිකත්වය මහා පුස්සක්, මැරෙනකං නටන මරි මෝඩ නාඩගමක් වගේ. අනතුරුදායක මාර්ගයක් වගේ.
    බෞද්ධ සංදර්භය ඇතුලෙ දෙව්දත් කියන්නෙ දුෂ්ඨයෙක් අමනයෙක් තමා .
    ඒ අපිට උගන්වලා තියෙන විදිය .

    ආගමක් ඇතුලෙ හොඳ චරිත වගෙම නරක චරිතත් ඉන්නවා.
    අපිට පුරුදුකරලා තියෙන හොඳ චරිතෙ වගෙ හැදෙන්න නරක චරිතෙ වගෙ නොහැදෙන්න සහ නරක අයින් කරන්න කියන දෙ .

    ඒක ඔනිම ආගමක් ඇතුලෙ තියෙනවා .
    සුපර්හීරො කතා වල වීරයත් ඉන්නවා දුෂ්ඨයත් ඉන්නවා .
    එත් හරියට බැලුවොත් පෙනෙවි ඒ සුපර්හීරො කතා වලත් දුෂ්ඨයා තම ඇත්ත කතා කරන්නෙ සහ වීරයා වීරයෙක් වීමට පදනම දාන්නෙත්.

    දෙවත් දුෂ්ඨයෙක් තමා .
    එත් දෙව්දත් වත් පිළිගත්ත අය ඉන්නවා.
    දෙව්දත් තෙර ඉදිරිපත් කරපු ඒ කරුණු 5 න් සමහරක් එව්වා බුදුහාමුදුරුවොත් පිලිගත්තා .

    දාර්ශනිකයෙක් උනා කියලා කියන හැමදේම හරියන්නෙ නැහැ .
    ඇරිස්ටොටල්ගෙ පෘථිවි කේන්ද්‍රවාදයත් බොරුවක් උනානෙ ?
    කාර්ල් මාක්ස් ගෙ සමාජවාදි සංකල්පත් ෆේල් කියලා පේනවානෙ ?

    muuth daarshanikayek neda

    මූත් කරන්නෙ අනික් උන් කියන එව්වා අපිට සිංගලෙන් කියන එක.
    ඔය ප්‍රොග්‍රැම් එකෙම් තියෙන කාරනාව මීට කලින් ඊලාන් මස්ක් කියලා තිබ්බා.
    තවත් අය අදහස් පලකරලා තිබ්බා.

    මට හිතෙන්නෙ විද්‍යාවෙ පැරඩයිම් ශිෆ්ට් වෙද්දි සමහරක් කරුණු ගැනත් ඒ පැරඩයිම් වලට සාපෙක්ෂව හැඩගස්ස ගන්නවා
    දැන් පරිඝනක විද්‍යාවත් එක පැරඩයිම් එකක් නෙ ?
    ------ Post added on Aug 6, 2021 at 11:07 AM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    Emil the philosopher thamai

    1621259595851-png.125513

    ezgif-4-8b5eab5bc2.gif
    Ado supiri ban
     
    • Like
    Reactions: wtsamantha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,741
    113
    Daarshanikayek wenna mokak hari darshanayak idiripath kranna one nadda?
    Man me langadi thread ekak dakka loke thiyena aluth agam & cults gana. E wage ayawa darshanikayo widiyata ganna puluwan neda? Darshanikayekta anugaamikayo pirisak innath one neda?
     
    • Like
    Reactions: PsychoYoda

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    EW Adikaram
    Martin Wickramsingha

    මාර්ටින් වික්‍රමසිංහ
    ඊ. ඩබ්ලිව් අදිකාරම්
    එදිරිවීර සරච්චන්ද්‍ර
    දැදිගම වී. රුද්‍රිගු
    මහගමසේකර

    මේ කිහිප දෙනා දාර්ශනිකයෝ මං කියලා කියන්නේ එයාලගේ පොත්, කලා නිර්මාණ නිසා.
    වෙනස් විදියකට ලෝකය දැකපු අය නිසා. දාර්ශනිකයෝ කියලා නම් කරලා නම්බුනාම දීලා නැතිව ඇති.
    Agree .. Dedigama V Rodrigo not familiar ..but others Yes
    ------ Post added on Aug 6, 2021 at 12:08 PM
     
    • Like
    Reactions: s.p.n

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බෞද්ධ සංදර්භය ඇතුලෙ දෙව්දත් කියන්නෙ දුෂ්ඨයෙක් අමනයෙක් තමා .
    ඒ අපිට උගන්වලා තියෙන විදිය .

    ආගමක් ඇතුලෙ හොඳ චරිත වගෙම නරක චරිතත් ඉන්නවා.
    අපිට පුරුදුකරලා තියෙන හොඳ චරිතෙ වගෙ හැදෙන්න නරක චරිතෙ වගෙ නොහැදෙන්න සහ නරක අයින් කරන්න කියන දෙ .

    එහෙමත් තේරුම් ගන්න පුලුවන් බුදුදහමක් තියෙනවා නේ...

    දෙව්දත් දුෂ්ඨයෙක් කියලා කියන්න උවමනාවක් මට මෙවෙලෙ නැහැ. දාර්ශනිකත්වයක ප්‍රායෝගික වටිනාකම, ඒ දාර්ශනික මතවාදයේ වටිනාකම මැනීමට භාවිතා විය යුතුයි කියන එක තමා කිව්වෙ.

    ඒක ඔනිම ආගමක් ඇතුලෙ තියෙනවා .
    සුපර්හීරො කතා වල වීරයත් ඉන්නවා දුෂ්ඨයත් ඉන්නවා .
    එත් හරියට බැලුවොත් පෙනෙවි ඒ සුපර්හීරො කතා වලත් දුෂ්ඨයා තම ඇත්ත කතා කරන්නෙ සහ වීරයා වීරයෙක් වීමට පදනම දාන්නෙත්.

    එකඟ නැහැ. ත්‍රෙඩ් එක ඕනෙවට වඩා අවුට් ඔෆ් ටොපික් යන නිසා ඔයිට වඩා අදහස් ප්‍රකාශ කරන්නැහැ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    දෙවත් දුෂ්ඨයෙක් තමා .
    එත් දෙව්දත් වත් පිළිගත්ත අය ඉන්නවා.
    දෙව්දත් තෙර ඉදිරිපත් කරපු ඒ කරුණු 5 න් සමහරක් එව්වා බුදුහාමුදුරුවොත් පිලිගත්තා .
    :lol:
    නොදන්නා දේවල් නොකියා ඉඳපන් බන්.

    ලංකාවේ බටහිර මිම්මෙන් මනින "දාර්ශනිකයෝ" ඉඳලම නැති තරම්. එකට හේතුවක් තියෙනවා.

    දාර්ශනිකයෝ කියන, බටහිර ලෝකේ සම්භාවනාවට පාත්‍ර උන (වෙන විදියකට කියනවා නම් "වැඳගෙන ඉන්න") සෙට් එකක් ඉන්නවා, ex. Aristotle, Plato වගේ ඉස්සර සෙට් එක. Locke, Adam Smith වගේ ටිකක් පස්සේ උන්, Dostoevsky, Nietzsche, Bertrand Russell, Carl Jung (එක්තරා විදියක දාර්ශනිකයෙක්) වගේ මෑත කාලේ උන්.
    ඔක්කොම කරේ තමන්ගේ මතවාදයක් ඉදිරිපත් කරපු එක. ඒවා අල්ලාගෙන මිනිස්සු පිල් බෙදිලා වාද විවාද කරපු එක තමා උනේ. ඒ හැමෝම තමන්ගේ මතවාදේ කෙළවරක් නොදැක මැරිලා ගියා. මේ හැමෝම තමන්ගේ ජිවිත කාලෙම ඉදිරිපත් කරපු අදහස් ගොඩක් වෙලාවට තියෙන්නේ පොත් කීපයක විතරයි. මේවා නිකන් ඝන අන්ධකාරේ ඉන්න මිනිස්සුන්ට කණාමැදිරි එලිය වගේ සෑහෙන ලොකු දෙයක්.

    බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය මොලයක් තියෙන කිසිම කෙනෙකුට කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ තරම් විස්තර විදියට, එක එක උපමා වලින්, එක එක ආකාරයට ඉදිරිපත් කරපු වෙන කිසිම දෙයක් මේ ලෝකේ නෑ. බුදුරජාණන් වහන්සේගේ අදහස අදටත් පුදුමාකාර දීර්ඝ විදියට තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්ක බලද්දී බටහිර දාර්ශනිකයෝ ඉරයි, කණාමැදිරියෝයි වගේ. ලංකාවේ මිනිස්සුන්ට ඉර එලිය ලැබුනට පස්සේ කණාමැදිරියෝ පස්සේ යන්නේ අහවල් එකටද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Explain about it here . I have never heard of it

    නාලන්දාව හරි .
    නාලන්දාව බිහි උනෙ ඉන්දියාවෙ .
    මන් කිව්වෙ ලංකාවෙ ඇතුලෙ.

    මන් මිහිඳු බුද්ධාගම කියලා කිව්වානම් වැඩෙ හරි .

    නාලන්දාව ඉන්දියාවෙ හැදෙන්නෙත් ලංකාවට මිහිඳු බුද්ධාගම ගෙනල්ලාත් සැහෙන්න කාලෙකට පස්සෙ.

    ඔය කියන නාලන්දාව හදන්නෙත් ඉන්දියාවෙ Golden Age එක වෙච්ච ගුප්ත අධිරාජ්‍ය කාලෙ.
    ගුප්ත අධිරාජ්ය කාලෙ ගොඩක් ශ්‍රේෂ්ඨයි කියන දේවල් දායක උනා ලොකෙට.
    චෙස් ක්‍රීඩාව, කාමසූත්‍ර ,එතකොට ගණිතය පැත්තෙන් එහෙම ගොඩක් දෙවල් කරලා තියෙනව .
    ඒ වගෙම පෘථිවිය තමන්ගෙ අක්ෂය වටෙ බ්‍රමණය වෙන එක ලොකෙට මුලින්ම කිව්වෙත් ඔය ගුප්ත අධිරාජ්‍ය කාලෙ තමා .
    ලොකෙ සමහරක් පැති වල ලොකෙ පැතලි කියද්දි ලොකෙ ගෝලයක් කියලා කිව්වෙත් ගුප්ත අධිරාජ්‍ය කාලෙ හිටිය ආර්‍යභට්ට කියන පඬිතුමා .

    එත් ඔය මිහිඳු බුද්ධාගම ඇතුලෙ ඔය කියන ඊනියා හිතන්න නිදහස නැහැ .
    බුද්ධාගම නෙමෙ කිසිම ආගමක එහෙම තමා .
    එත් ඒ හිතන්න නිදහසක් නැති ආගම් ඇතුලෙ තියෙන හිර වීම නිසාම සමහරක් මිනිස්සු ප්‍රශ්න කරා ඒ දෙවල් ගැන.
    ඉතිං ආගම විතරක් උඩ තියාගෙන යන එක තෙරුමක් නැති බව ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ට තෙරුණා.
    එව්වත් වෙනස් කරපු මිනිස්සු හිටියා .
    ඒ අය නිසා තමා අළුත් දෙවල් ලොකෙට ආවෙ.
    සමහරක් එව්ව හරි ගියෙ නැහැ .
    උද : කාර්ල් මාක්ස්ගෙ සමාජ වාදය ලොකෙ ෆේල් කියලා පේනවානෙ ?

    බෞද්ධ සංදර්භය ඇතුලෙ දෙව්දත් කියන්නෙ දුෂ්ඨයෙක් අමනයෙක් තමා .
    ඒ අපිට උගන්වලා තියෙන විදිය .

    ආගමක් ඇතුලෙ හොඳ චරිත වගෙම නරක චරිතත් ඉන්නවා.
    අපිට පුරුදුකරලා තියෙන හොඳ චරිතෙ වගෙ හැදෙන්න නරක චරිතෙ වගෙ නොහැදෙන්න සහ නරක අයින් කරන්න කියන දෙ .

    ඒක ඔනිම ආගමක් ඇතුලෙ තියෙනවා .
    සුපර්හීරො කතා වල වීරයත් ඉන්නවා දුෂ්ඨයත් ඉන්නවා .
    එත් හරියට බැලුවොත් පෙනෙවි ඒ සුපර්හීරො කතා වලත් දුෂ්ඨයා තම ඇත්ත කතා කරන්නෙ සහ වීරයා වීරයෙක් වීමට පදනම දාන්නෙත්.

    දෙවත් දුෂ්ඨයෙක් තමා .
    එත් දෙව්දත් වත් පිළිගත්ත අය ඉන්නවා.
    දෙව්දත් තෙර ඉදිරිපත් කරපු ඒ කරුණු 5 න් සමහරක් එව්වා බුදුහාමුදුරුවොත් පිලිගත්තා .

    දාර්ශනිකයෙක් උනා කියලා කියන හැමදේම හරියන්නෙ නැහැ .
    ඇරිස්ටොටල්ගෙ පෘථිවි කේන්ද්‍රවාදයත් බොරුවක් උනානෙ ?
    කාර්ල් මාක්ස් ගෙ සමාජවාදි සංකල්පත් ෆේල් කියලා පේනවානෙ ?

    මූත් කරන්නෙ අනික් උන් කියන එව්වා අපිට සිංගලෙන් කියන එක.
    ඔය ප්‍රොග්‍රැම් එකෙම් තියෙන කාරනාව මීට කලින් ඊලාන් මස්ක් කියලා තිබ්බා.
    තවත් අය අදහස් පලකරලා තිබ්බා.

    මට හිතෙන්නෙ විද්‍යාවෙ පැරඩයිම් ශිෆ්ට් වෙද්දි සමහරක් කරුණු ගැනත් ඒ පැරඩයිම් වලට සාපෙක්ෂව හැඩගස්ස ගන්නවා
    දැන් පරිඝනක විද්‍යාවත් එක පැරඩයිම් එකක් නෙ ?
    ------ Post added on Aug 6, 2021 at 11:07 AM
    දේවදත්ත හාමුදුරුවෝ දුෂ්ඨයෙක් කරල නැහැ බුද්ධාගමේ.

    . දේවදත්ත හාමුදුරුවො ඉදිරිපත් කරපු ඉල්ලීම් බුදුරජානන්වහන්සෙ පිලිගත්තෙත් නැහැ, නොගත්තෙත් නැහැ. උන් වහන්සෙ කිව්වෙ කැමති කෙනෙක් ඒවා පිලිපැදපුවාවෙයි, අකමැති කෙනෙක් පිලිපදින්නැතිව හිටපුවාවෙයි කියලා.

    බාහිරින් බලන්නෙ නැතිව ත්‍රිපිටක දේශනා බැලුවනම් තේරේවි කොතරම් නිදහසක් තියනවද කියලා. බේසිකලි බුද්ධ දර්මයේ කියන්නෙ ලෝක ධර්මතාවය. තමන්ට පිලිපදින්නත් පුලුවන්, නොපැද ඉන්නත් පුලුවන්