ශ්‍රී_ලන්කන්_අතවර
ඩුබායි සිට ආ ශ්‍රී ලන්කන් යානයේදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට අතවර කරන්න හැදූ ව්‍යාපාරිකයා
ඩුබායි සිට කොළඹ බලා පැමිණෙමින් සිටි ගුවන් යානයක් තුළදී ගුවන් සේවිකාවකට අතවර කිරීමට තැත්දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යානය තුළදී
මෙම අතවරය කරන්න උත්සහා දැරූ පුද්ගලයා ගල්කිස්සේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකයකු යැයි පොලිසිය කියයි. මෙම ගුවන් යානය පසුගිය අගහරුවාදා (22) ඩුබායි සිට පැමිණෙද්දී සැකකරු එහි ව්‍යාපාරික පන්තියේ අසුනක ගමන් ගෙන ඇති අතර ඔහු මිල අධික මත්පැන් ඉල්ලා එහි ගුවන් සේවිකාවක් සමග බහින්බස්වී ඇත.
මෙම අවස්ථාවේ ඇයට පරුෂ වචනයෙන්ද ඔහු බැණ වැදි ඇතැයි පැවසේ. පසුව එම ගුවන් සේවිකාව වෙනත් ගුවන් සේවිාකාවක අත ඔහුට අවශ්‍ය මත්පැන් යවා ඇති අතර සැකකරු එම මත්පැන් ලබාගන්නා අතර එම ගුවන් සේවිකාවගේ අතින් ඇද ඇයට අතවර කිරීමට තැත්කර ඇති බවට
පොලිසියට පැමිණිලි ලැබී ඇත. ඒ අවස්ථාවේ දී ගුවන් සේවිකාව සැකකරුගේ අත ගසා දමා පැන
ගොස් ඇති බවත් එසේ කළ නිසා සැකකරු ඇයටද පරුෂ වචයෙන් බැණවැදුණ බවත් පැමිණිල්ලේ දැක්වේ.
ගුවන් යානය කටුනායක ගුෙවන්තොටුපොළට ළඟා වූ අවස්ථාවේ ගුවන් සේවිකාවන් දෙදෙනා මේ සිද්ධිය එහි ආරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යකෝ මුන්ට ප්ලේන් එකේවත් යන්න බැහැනේ හරියට.බස්,කෝච්චි වගේ හිතුවද දන්නේ නැහැ ප්ලේන් එකත්.දැන් ඉතින් කියයි බීලා හිටිය නිසා කියල.ඕනනම් සති දෙකක් හිරේ ඉදියි ඒකයි ෂුවර් නැහැ හැබැයි.ලංකාවෙනෙ.