ශාන් පුතා අඅත්අඩංගුවට

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    "ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේ අද (14) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

    සැකකරුට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මේ සමඟ අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර – කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අතරතුර දී එම ගිනි අවිය සොරාගෙන විත් සැකකාර රැප් ගීත ගායකයාට ලබා දී ඇති බවත්; පසුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාශයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් සිටිය දී මන්නාරම කොට්ඨශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීමේ දී අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් ලද තොරතුරු මත සැකකාර ගායකයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි."
     
    • Like
    Reactions: kinkon and haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති බවද පොලිසිය පවසයි. - https://www.lankadeepa.lk/latest_news/පරසදද-රප-ගයකයක-ගන-අවයක-සමග-මටට/1-668342
     
    • Like
    Reactions: haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113

    දැන් ඉතින් බුකියේ ලොන්තයෝ ටික කියයි "ලංකාවෙ නියම ගැන්ස්ටර් රැපර් තමා මේ ඉන්නෙ " කියලා.

    මට හිතෙනවා මූට බයක් ඇති මූව මරයි කියලා මොකක්හරි සීන් එකකට, ඒක නිසා ආරක්ශාවට ගත්තාඩ ඩන්නෙ නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    ශික්
    මම හිතුවේ ඉරාජ් පුතා කියල
    Coming Soon Gomo GIF by Singtel