ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ගුරා ලැගුම්හලක

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ගුරා ලැගුම්හලක

    පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග ලැගුම්හලක සිටි ටියුෂන් ගුරාට ඇප - කාමරය අරගෙන තියෙන්නේ තාත්තායි දුවලායි කියලා

    - ශිෂ්‍යාවන් දෙදෙනා ඇවිත් ඇත්තේත් ගෙවල්වලට බොරු කියලා


    - පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයකු නල්ලතන්නිය පොලිසිය විසින් 03 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන 04 වැනිදා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර යළිත් මෙම නඩුව 2020.පෙබරවාරි 12 වැනිදා කැඳවීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

    මෙසේ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ වත්තේගම නුවර පාරේ පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකි.

    සැකකරු අවුරුදු 16ක් වයසැති මෙවර අ.පො.ස සාපෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සමග 03 වැනිදා රාතී‍්‍ර ශ‍්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණ නල්ලතන්නියේ සිට ග`ගුල තැන්න දක්වා ගොස් තමන්ට දැඩි වෙහෙස බවත්, මීට වඩා තමන්ට ඉහළට යෑමට නොහැකි බවත් පවසා ඇත. පසුව සැකකාර ගුරුවරයා පාසල් සිසුවියන් දෙදෙනා ද සමග නල්ලතන්නිය නගරයට පැමිණ නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි ලැගුම්හලකට ගොස් එහි කළමනාකාරවරයා හමු වී තමන් පියා සහ දියණියන් දෙදෙනා බව කළමනාකාරවරයාට පවසා එම ලැගුම්හලේ පසුදින වන තෙක් කාමරයක් කුළියට ගෙන එම කාමරයේ තිදෙනාම රැුඳී සිට ඇත. ඒ ගැන නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයේ රඳවා ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා කීවේය.

    සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප‍්‍රදේශයේ ඉංගී‍්‍රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.

    සැකකාර ගුරුවරයා මෙම පාසල් සිසුවියන් දෙදෙනා සමග මීට ප‍්‍රථම සීගිරිය නැරඹීමට ද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප‍්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක් ද මිල දී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    පාසල් සිසුවියන් දෙදෙනා තවත් පාසල් සිසුවියන් පිරිසක සමග ශ‍්‍රී පාදය සංචාරය කිරීම සඳහා බාහිර පන්ති ගුරුවරයා සමග යන බව පවසා දෙමව්පියන්ගෙන් අවසර ලබා ගෙන පැමිණ ඇති බවත් රාතී‍්‍ර 11 ට නල්ලතන්නිය ලැගුම්හලේ කාමරයට ඇතුළු වූ සැකකරු සහ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා 11.15ට පමණ පොලිස් භාරයට ගත් බවත් නල්ලතන්නිය පොලිසිය කියයි.

    පොලිස් භාරයට ගත් පාසල් සිසුවියන් දෙදෙනා අධිකරණ වෛද්‍යය වාර්තාවක් ලබා ගැනීම සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, අධිකරණ වෛද්‍යයවරයාගේ වෛද්‍ය වාර්තාව හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

    source
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප‍්‍රදේශයේ ඉංගී‍්‍රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.

    දෙවියන් වහන්සෙගෙ කැමැත්ත
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ට උඩු..කෙල්ලොත් දැනගන්න ඵපැයි.දැන් කාලෙ ඉන්න කෙල්ලොන්ට මාර මෝල් අමාරුවක් තියෙන්නේ..කොල්ලො අැන්ටිල,අක්කල පස්සෙ යනව.කෙල්ලො නාකි පස්සෙ යනව..අබුද්දස්ස කාලේ...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    26.gif


    හික්... හිකිස්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එකක් නං කමක් නෑ කියමුකෝ මු දෙකක් එකපාර අරන් ගිහින් නෙ :baffled:


    අනික පියෙක්ලු... විකෘති සීන් එකක් වෙන්න ඇති. කෙල්ලො දැනගන්න ඕන නොගැලපෙන දේවල් නොකරන්න...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    පොඩි උන් දෙන්නත් එක්ක ත්‍රීසම් එකක් දාන්න ගිහින් වගේ. :angry: යකෝ ළමයින්ව රකින්න ඕනෙ උන්ම මෙහෙම කරනව නම් කවර කතාද. දෙමව්පියොත් ළමයි කියන පලියට එක එකා එක්ක යවන්නෙ නැතුව ටික්ක හොයලා බලන්න ඕනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පොඩි උන් දෙන්නත් එක්ක ත්‍රීසම් එකක් දාන්න ගිහින් වගේ. :angry: යකෝ ළමයින්ව රකින්න ඕනෙ උන්ම මෙහෙම කරනව නම් කවර කතාද. දෙමව්පියොත් ළමයි කියන පලියට එක එකා එක්ක යවන්නෙ නැතුව ටික්ක හොයලා බලන්න ඕනේ.


    :yes::yes: