ශුද්ධවූ පෙට්ටිය

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ශුද්ධවූ පෙට්ටිය

    14445949_338565216481706_1395757337826518406_n.jpg





    ශුද්ධවූ පෙට්ටිය ( ark of covenant ) තුල ඇත්තේ මොනවා ද?


    මෙය ට්‍රන්ක් පෙට්ටියක් වැනි ලී වලින් තනන ලද පෙට්ටියකි. එය පවිත්‍ර රනින් වැසී තිබුණි. එහි දිග මීටරයක් පමණ විය. පළල මීටර් 1/2 ක් පමණ විය. උස මීටර් 1/2 ක් පමණ විය.

    ඒකාලයේ මැද පෙරදිග රටවල තිබූ ආගමික භාණ්ඩ අත්‍රින් ගිවිසුම් පෙට්ටියද සුලබව දක්නට තිබූ භාණ්ඩයකි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තර්මක් වෙනස් වූවකි. බොහෝ අවස්ථාවලදී මෙම පෙට්ටිය තුල නමස්කාර කිරීමට දේව ප්‍රතිමාවක් අඩංගු වී තිබුනි. එහෙත් මෙම ගිවිසුම් පෙට්ටිය තුල අඩංගු වී තිබුනේ වෙන්ස් කාරණා තුනකි.

    දස පනත ලියූ ගල් ලෑලි
    ආරොන්ගේ සැරයැටය
    මන්නා පිරවූ බඳුනක්



    මෙම ගිවිසුම් පෙට්ටිය එහා මෙහා
    ගෙනයා හැකි දෙයක් විය. මෙය රනින් වසා තිබුනි. ගිවිසුම් පෙට්ටියේ දෙපැත්තේ ඇති රන් වළලු තුලින් පොලු දෙකක් යවා තිබූ අතර එම පොලු කිසිවටකත් ඉවත් නොකල යුතු විය. මෙම් ගිවිසුම් කරඬුව දේව මාලිගාවේ අති ශුද්ධ් ස්ථානයේ තැබිය යුතු විය.


    ගිවිසුම් කරඬුව වර්තමානයේ තිබීමට ඇතැයි සැලකෙන ස්ථාන


    බයිබලයේ සදහන් ආකාරයට නෙබෝ කන්ද අසල. මෝසෙස් පොරොන්දු දේශය සියැසින් දැක්කේ නෙබෝ කන්ද අසල බව ලියවිලි වල සදහන් ය. නෙබෝ කන්ද ඇත්තේ ජෙරුසලමට් 47 km පමණ ඈතින් ය.

    සමහර පැරණි ලියවිලි වල සදහන් ආකාරයට මෙම කරඬුව ඉතියෝපියාවට රැගෙන ගොස් ඇතැයි පවසයි.

    සිම්බාබ්වේ ආදිවාසී ජනයා oma lungundu ( voice of God) නමින් කරඬුවක් රැගෙන ගිය බව සදහන් වේ.

    ප්‍රංශයට , ඇමරිකාවට හා රෝමයට මෙම කරඬුව විවිධ අවස්ථාවලදී රැගෙන ගිය බව ඉතිහාස වාර්ථා පවසයි.

    ටූටන් කාමන්ගේ සොහොනේත් මෙවැනිම ආකාරයක පෙට්ටියක් තිබූ බව එම වාර්ථාවල සදහන් වේ.

    14441194_338570253147869_7676090630600848824_n.jpg


    උපුටා ගැනීමකි මිතිල සොහොයුරාගෙන්
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    indiana jhones walat oka thibunada koheda

    Raiders of the Lost Ark (1981) චිත්‍රපටියෙ ඕක ඊජිප්තුවෙ නගරයක තියෙනවා කියලා විස්තර වෙනවා. :yes:
    Indiana Jones and the Last Crusade (1989) චිත්‍රපටියෙ ඕක ගැන කෙටියෙන් සඳහන් කරනවා. :yes:
    Indiana Jones and the Kingdom of the Crystal Skull (2008) චිත්‍රපටියෙත් ඕක දකින්න තියෙනවා. :yes: