සංකල්ප තුන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නලින් ද සිල්වා මහත්මයා කියන විදියට, එතුමාගෙ හැම ලිපියකම තියෙන විදියට, සංකල්ප වර්ග 3ක් තියෙනව..

    1. සංයුක්ත සංකල්ප

    2. චෛතසික සංකල්ප

    3. වියුක්ත සංකල්ප
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු.

    වෙනත් ඉන්ද්‍රියයක් නොමැතිව මනසට පමණක් ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්කළෙමු.

    මනසට ගෝචර නොවන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යැයි කීවෙමු.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කාලය කියන සංකල්පය වියුක්ත සංකල්පයක් කියල, කියල තියෙන්නෙ..
    ඒ වුණාට කාලය කියන දේ අපිට ගෝචර වෙනවනෙ..
    ඊයෙ අද හෙට ඒ වගේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මලක් කියන්නෙ සංයුක්ත සංකල්පයක්.. ඒක අපිට දකින්ඩ පුලුවන්, අතින් අල්ලල බලන්ඩ පුලුවන්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලය කියන සංකල්පය වියුක්ත සංකල්පයක් කියල, කියල තියෙන්නෙ..
    ඒ වුණාට කාලය කියන දේ අපිට ගෝචර වෙනවනෙ..
    ඊයෙ අද හෙට ඒ වගේ...

    වියුක්ත සංකල්පයක් කියන්නෙ ගෝචර වෙන්නැති දෙයක් නෙමේ. සංයුක්ත කියන්නෙ ගෝචර වෙනවාමයි කියන එකත් නෙමේ. ඔලුවෙ අඟක් තියෙන ඉගිලෙන්න පුලුවන් යුනිකෝන් අශ්වයෙක්ව හිතෙං මවාගත්තෑකි. ඌ සංයුක්ත සංකල්පයක් ඒ වුනාට පංචේන්ද්‍රියන්ගෙන් මොකකටද යුනිකෝන් අශ්වයෙක්ව ගෝචර වෙන්නෙ ? ගෝචර වෙන්න ඉන්ඩ එපායැ. white walker කෙනෙක් කියන්නෙත් සංයුක්ත සංකල්පයක්. ඔය දෙකම හිතද්දි හිතේ රූපයක් මැවෙනව. උඹට කාලයක් හිතේ මවාගත්තෑකිද ? කාලය කිව්වාම මොන වගේ රූපයක්ද මැවෙන්නෙ ? කාලය කිව්වාම මැවෙන්නෙ ඔරලෝසුවක් කැලැන්ඩරයක් නැත්තං සතෙක් මනුස්සයෙක් වයසට යනව වගේ වෙනස් වීමක් මිසක් කාලයක් කියල රූපයක් හිතේ මැවෙන්නෑ. ඉතිං කාලය කොහොමද සංයුක්ත වෙන්නෙ ? අද හෙට ඊයෙ කියන ඒවවත් සංයුක්ත නෑ. ඊයෙ කියල හිතුවාම ඊයෙ අත්දැකපු සිදුවීමක් මතක් වෙනව මිසක් ඒ අත්දැකීම් වලිං තොරව ඊයේ කියල රූපයක් මැවෙන්නෑ :no: :no:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කාලය කියන සංකල්පය වියුක්ත සංකල්පයක් කියල, කියල තියෙන්නෙ..
    ඒ වුණාට කාලය කියන දේ අපිට ගෝචර වෙනවනෙ..
    ඊයෙ අද හෙට ඒ වගේ...

    කාලය කියන එක පන්චෙඳියන් වලට අහු වෙන්නෙ නෑනේ බන්. කාලය උඹට ඇස, කන, නාසය, දිව සහ සම කියන ඒවගෙන් ග්‍රහණය කර ගන්න බෑනේ. ඒකයි කියන්නෙ ඒක මනස විසින් හදපු සංකල්පයක් කියල. ග්‍රැවිටි කියන්නෙත් ඒ වගේ කන්සෙප්ට එකක් තමා. උඹට කාලයේ හෝ ගුරුත්වාකරෂණයේ අතුරු පල( ගුරුත්වාකර්ෂණය- යම් කිසි දෙයක් වැටීම, කාලය- හෙට උදා වීම.) දකින්න පුලුවන් උනාට ඒ සංකල්පය මනසට විතරයි ගෝචර වෙන්නෙ. නලීන් ද සිල්වා දේශපාලයට කඩේ ගියේ නැත්නම් හොඬ්ම විද්වතෙක් තමා.