සංචාරක ව්‍යපාර කඩා වැටේ.
මෙරට නව සංචාරක වීසා ක්‍රමය
2012 වනතුරු කල් දමන්න
ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති
ජනිත සෙනෙවිරත්න
ශ්‍රී ලංකාවේ නව සංචාරක වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම 2012 වසර වනතුරු කල් දමන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති අනුර ලොකුහෙට්‌ටි "දිවයින" ට පැවැසීය. 2011 වසර ශ්‍රී ලංකාවේ සංචාරක වසර ලෙස නම්කර ඇති අවස්‌ථාවක නව වීසා නීතිය එක්‌වරම නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් එමගින් මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් වීමට ඉඩ ඇතැයි හෙතෙම සඳහන් කළේය.
රජයට ආදායමක් ගැනීම හෝ වෙනත් කරුණු නිසා මෙය ක්‍රියාත්මක කරන්නට තමන් විරුද්ධ නැතිමුත් එය සරළව නිසි ක්‍රමයකට ක්‍රියාත්මක කළයුතු බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සමඟ සංචාරක ව්‍යාපාරයේ තරග කරන රටවල්වන මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව යන රටවල ලොව ප්‍රධාන රටවල්වලට නොමිලේ සංචාරක වීසා නිකුත් කරන බවද එසේ වූවිට ශ්‍රී ලංකාව එසේ නොකිරීම ගැටලුවක් වීමට ඉඩ ඇතැයිද සභාපතිවරයා පැවැසීය.
අදාළ රටවල් නොමිලේ වීසා ලබා දුන්නද එම රටවල පුරවැසියන්ටද යුරෝපය හා ඇමරිකා එක්‌සත් ජනපදය වැනි රටවලට යැමට වීසා ලබාගත යුතු බව ද සභාපතිවරයා පැවැසීය.