සංවේදී අය බලන්න එපා

VASSA

Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.

    නියම කතාව :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.

    Asai kiyala lamainta kanna denna wath salli nathi un padipela wage lamai hadana eka harida?
    Maha selfish minissu...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,524
    113
    Asai kiyala lamainta kanna denna wath salli nathi un padipela wage lamai hadana eka harida?
    Maha selfish minissu...

    ඔය බං ළමයි හදලා නෙමෙයි හැදිලා. ලිංගික අධ්‍යාපනයක් නැති මිනිස්සු. මෙච්චර උපත් පාලන ක්‍රම තියෙනවා රටේ.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මට හිතාගන්න බහ බන් බල්ලෙක් එහෙම කලේ කොහොමද කියල. යකෝ මගේ අයිය කෙනෙක් ඉන්නවා ළමයට මාස 4යි. Rottweiler බල්ලා ඇවිල්ල පොඩි එකාගේ ඔලුව ලෙව කාල යනවා. මාර ආදරෙයි. හැබැයි කොහොම උනත් අයියයි අක්කයි ළඟ ඉන්නවා. මේවා දෙමවුපියන්ගේත් වැරදි බන්. :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,898
    113
    Dubai
    හප්පා එපා උනා මේක දැකලා.. පුදුම ඛේදවාචකයක් බන්. මේ සිද්ධි දාමයේ රටේ තියෙන ඛේදවාචක කීයක් පේනවාද? මේ මින්ස්සුන්ට බොන්න වතුර ටික නෑ, ජීවත් වෙන්න ආරක්ෂිත ගෙයක් නෑ, කුසට අහරක් නෑ, ඒ වගේම හරි හමන් ජීවනෝපාය මාර්ගයකුත් නෑ.. මේ වගේ මිනිස්සුන්ටනේ මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ. මගේ බඩ පපුව පිච්චිලා ගියා මේ වීඩියෝ එක බලලා. අහක ඉන්න සරණාගතයොන්ට මේ රටේ ඉන්න පහසුකම් සලසනවා. ඒත් මේ වගේ දුප්පත් මේ රටේම මිනිස්සු ගැන හොයලා බලන්නේ නෑ. එදා ඉදලා කලකන්නි දේශපාලකයෝ කවදාවත් මේ වගේ අහිංසක මිනිස්සු ගැන හොයලා බැලුවේ නෑ :sorry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹල වගේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් ටිකත් නාස්තියක් බං. දුප්පත් පොහොසත් කියල නෑ දරුවෙකුට ඕන කෙනෙක් ආසයි. කවද හරි තමන්ට වඩා හොඳ මිනිහෙක් කරන්න, තමන්ගේ අනාගතේට දුකට සැපට ඉන්න දරුවෙක් හදන්න පොහොසත් වෙන්න ඕන නෑ.
    නෙට් එකේ කොටන්න කලින් මනුස්ස කම ඉගෙන ගනින්.

    ethakota me wage deyak unama ubala gihin udaw karanawada? nane. ane palayan ban yanna. Asa dewal karanna nam ekata salli tiyenna ona. bari nam nikan inna ona
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    බොරු පඬි පොෂ් ටෝක් දාල වැඩක් නෑ..
    මේ තත්වෙට පත්වෙන්ඩ අැත්තටම හේතු වුණේ මොකක්ද කියල හොයල බලන්ඩ ඕන..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    මට හිතාගන්න බහ බන් බල්ලෙක් එහෙම කලේ කොහොමද කියල. යකෝ මගේ අයිය කෙනෙක් ඉන්නවා ළමයට මාස 4යි. Rottweiler බල්ලා ඇවිල්ල පොඩි එකාගේ ඔලුව ලෙව කාල යනවා. මාර ආදරෙයි. හැබැයි කොහොම උනත් අයියයි අක්කයි ළඟ ඉන්නවා. මේවා දෙමවුපියන්ගේත් වැරදි බන්. :(

    Balla badaginnata neh ban kaala thiyenne. Anika rottweilerla godak buddimath.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ගෙදරට දොරක්වත් නැතිනම් ඇයි ළමයි හැදුවේ. ඉන්න එවුන්ටත් කන්න නැතිකොට තව අලුතින් උපදින එවුන්ට කන්න දෙන්නේ මොනවද?

    Ubala maha pakku ban. :( uba original ekak wenna puluwan, kage hari fake ekak wenna puluwan, uba nikan aathal ekak denna kik ekata bite ekata joke ekta danawa wenna puluwan mehema katha. un daruwek hithala heduwa nowennath puluwan. namuth un unta puluwan akarayen a daruwawa hadaganna hithan inna athi. ubath daruwekge thaththek wenna hithapu hari una hari dawasata ayemath me kiyana ewwa mathak karala balapan.
     
    • Like
    Reactions: ruchira55

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බොරු පඬි පොෂ් ටෝක් දාල වැඩක් නෑ..
    මේ තත්වෙට පත්වෙන්ඩ අැත්තටම හේතු වුණේ මොකක්ද කියල හොයල බලන්ඩ ඕන..

    :yes::yes: එක නම් ඇත්ත ලෝකෙම ඉන්න සරණාගතයන්ට අනුකම්පා කරන අය,තමන්ගේ රටේ මිනිහෙක් අමාරුවේ වැටුණම දාහක් පඬි talk දෙන්න එනවා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    Ubala maha pakku ban. :( uba original ekak wenna puluwan, kage hari fake ekak wenna puluwan, uba nikan aathal ekak denna kik ekata bite ekata joke ekta danawa wenna puluwan mehema katha. un daruwek hithala heduwa nowennath puluwan. namuth un unta puluwan akarayen a daruwawa hadaganna hithan inna athi. ubath daruwekge thaththek wenna hithapu hari una hari dawasata ayemath me kiyana ewwa mathak karala balapan.

    ඉතින් දැන් ඔය උන්ට පුලුවන් විදිහට තමයි හදාගෙන තියෙන්නේ දුක් නොවී ඉදහල්ල එහෙනම්.
    පුලුවන් විදිහට කරල වැඩක් නෑ ළමයෙක් කියන්නේ ජීවිතයක්. හරියට තමන්ටවත් ජීවත් වෙන්න බැරි නම් ළමයි හදල උන්ට දුක් දෙන එක පවක්, ඕකට කියන්නේ හරිහමන් අද්‍යාපනයක් නැති එක.

    බලපන් වෙන රටවල් වල මිනිස්සු කොච්චර ජීවිත් ප්ලෑන් කරනවද කියල. අපේ රටවල් වල උන් ළමයි හදන්නේ බල්ලෝ බලල්ලු හදනව වගේ, ඔහේ ජීවත් වෙන්න ප්ලෑන් එකක්ට නෙමේ. ඉදින් මිනිස්සු මැරෙන්නෙත් බල්ලෝ බලල්ලු වගේ මේ රටවල් වල
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මම ඕක දකිනකොට බත් කකා බන් හිටියෙ. කටවල් 5ක් වත් කාල හිටියේ නෑ. බත් එක පැත්තකින් දැම්මා තාම කන්න හිතක් නෑ. හිරිකිතක් අප්පිරියාවක් මට නෑ, අර අම්මගෙ ඇඬිල්ල තාම කන්දෙකේ දෝංකාර දෙනවා. උන් බඩගින්නෙ ඉන්දැද්දි අපි බඩ පුරව ගන්නවා කියලා හිතෙනකොට කන්න හිතෙන්නෙත් නෑ.

    uba hitha hoda ekek wage:D
    theruwan sarani
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    ඉතින් දැන් ඔය උන්ට පුලුවන් විදිහට තමයි හදාගෙන තියෙන්නේ දුක් නොවී ඉදහල්ල එහෙනම්.
    පුලුවන් විදිහට කරල වැඩක් නෑ ළමයෙක් කියන්නේ ජීවිතයක්. හරියට තමන්ටවත් ජීවත් වෙන්න බැරි නම් ළමයි හදල උන්ට දුක් දෙන එක පවක්, ඕකට කියන්නේ හරිහමන් අද්‍යාපනයක් නැති එක.

    බලපන් වෙන රටවල් වල මිනිස්සු කොච්චර ජීවිත් ප්ලෑන් කරනවද කියල. අපේ රටවල් වල උන් ළමයි හදන්නේ බල්ලෝ බලල්ලු හදනව වගේ, ඔහේ ජීවත් වෙන්න ප්ලෑන් එකක්ට නෙමේ. ඉදින් මිනිස්සු මැරෙන්නෙත් බල්ලෝ බලල්ලු වගේ මේ රටවල් වල
    එහෙමම හිතන්න එපා බන්. අපේ ලෙවල් එකෙන් බැලුවම, අපිට මේක, හුදෙක් රාගය වෙනුවෙන් ආත්මාර්ථකාමී කමට, නූගත් කමට වගේ දේවල් වලට කොටු කරන්න පුළුවන්. ඒක ඇත්ත, මම ඒකට එකඟයි. දුප්පත් පෝසත් පැත්තකින් තිබ්බොත් අපි හැමෝම තම වර්ගයා බෝකරනවනෙ.

    මගේ යාළුවෙක් ඉස්සර මන්තරේ වගේ කියවපු එකක් තමයි, කාර් එකක් නැතුව බබාලා හදලා වයිෆ්ට කරදර්යි කියපු එක. ඌ කාර් එකක් ගත්තට පස්සෙ තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් උනේ. ඒ ඌගෙ ලෙවල් එක. කොච්චර මිනිස්සු සල්ලි මදි නිසා කසාදේ පස්සට දානවද? ඒ ලෙවල් එකේ හැටි බන්. මේ මිනිස්සුන්ට කසාද බඳින්න රෙජිස්ට්‍රේෂන් වලට සල්ලි තිබ්බනම් එච්චරයි. බයින්ඩින්ග් කම්බියක් රවුම් කරලා හරි අතට දාගනියි. ඒකයි මේ අයගෙ දුප්පත් අහිංසක ලෙවල් එක. මේ මිනිස්සුන්ගෙ පරම්පරා ගානක්ම ඉපදෙන්න ඇත්තෙ ගෙදර හාල් හුණ්ඩුවක් නැති අවස්ථාවල් වල වෙන්න පුළුවන්. අපි හොස්පිට්ල් වල පැකේජස් වලට යන ගනන් හිතුවට, මේ මිනිස්සු ගෙදර හාල් මල්ල පිරිලද කියලවත් හිතන්නෙ නැතුව තමයි එහෙම දේවල් කරන්නේ. ඕවා හිත හිත හිටියානම් මේ මිනිස්සුන්ගෙ පවුල්වල පරම්පරාවක් නැති වෙන්න තිබ්බා.

    uba hitha hoda ekek wage:D
    theruwan sarani

    :dull::no:
     
    • Like
    Reactions: Nu1Dnk

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,898
    113
    Dubai

    ගෙදරට දොරක්වත් නැතිනම් ඇයි ළමයි හැදුවේ. ඉන්න එවුන්ටත් කන්න නැතිකොට තව අලුතින් උපදින එවුන්ට කන්න දෙන්නේ මොනවද?

    උඹ ඔය අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ උඹේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්. ඒ අය හරියට උත්තර දෙයි. මේ මිනිස්සු අඩු අධ්‍යාපනයක් තියෙන අමාරුවෙන් එදා වේල හොයා ගන්න අය. ඒ එදා වේලත් හොයා ගන්නේ සැප පහසු ඒසී කරපු කාමරවල ඉදලා නෙවෙයි. එක වේලක් හොයා ගන්න නොවිදිනා දුකක් විදිනවා. උපත් පාලනයක් කර ගන්න හොස්පිටල් එකකට බස් එකේ යන්න තරම්වත් මේ මිනිස්සුන්ට වත්කමක් නෑ. ඒ වගේ දේකට වඩා මේ මිනිස්සුන්ට බඩ වියත වටිනවා. මොකක් හරි පලනයකින් දරුවෝ හදන එක නවත්තන්න උත්සාහා කරත් අහම්බෙන් හරි මේ දරුවා බඩට අවාත් ඒ බඩට ආව දරුවාව නැති කරන්නේ නැතුව පුළුවන් විදියකට මේ දරුවෝ ලෝකෙට බිහි කරපු එකටත් මේ අම්මට අපි ස්තූති කරන්න ඕන. මොකද මේ කාලේ දරුවෝ බඩේදිම නැති කරන, ඉපදුන ගමන් මරන, වැසිකිලි වලවල් වලට දාන, දරුවෝ පාරේ දාලා යන කාලයක්. ඉතින් එහෙම කාලයක මේ අම්මා මනුස්සකම අතින් අති පොහොසත්. මොන යාන වාහන සුපිරි ගෙයක් දොරක් ධනයක් නැති උනත් මේ දුප්පත් මිනිස්සුන්ට ඒ දරුවෝ සම්පතක්. උඹේ අම්මයි තාත්තයිත් උඹ හිතන විදියටම ඔහොම හිතලා තිබුනා නම් අද උඹත් මේ ලෝකේ නෑ කියලා හිතා ගනින්. මේ අහිංසක මිනිස්සු ගාව තියෙන මනුස්සකම උඹලා වගේ එව්න් ගාව නෑ.. අන්න ඒකයි වෙනස