සක්විති දොස්තර
ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?
ලක්ශාන් අබේනායක කියන්නේ මධ්‍යම පාන්තික සෙන්ට් ජෝස්ෆ් එකට ගොස් වෛද්‍යවරයෙකු වූ කෙනෙක්. එවැනි කෙනෙක් පවා සිතන්නේ බටහිර ලෝකයෙත් ලංකාවේ වගේ දොස්තරකම වන්දනා කරන වෘත්තියක් කියා. එහෙව් එකේ පීඩිතයන් පිලිබඳ කුමන කතාද .
දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා. සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු. දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම පියා වගේ හඩු සරමක් නොවෙයි දොස්තර මහත්තයා ඇඳන් ඉන්නේ. දොස්තර මහත්තයා සරණපාලගේ පියාව ගනන් ගන්නේ නැතිව මූණ දිහාවත් නොබලා බේතක් ලියලා දෙනවා. එතකොට සරණපාලගේ පියා හාමුදුරුවන්ට අට පිරිකරක් දෙනෙවා වගේ දෝතින් දොස්තරට සල්ලි දෙනවා. ඩිස්පැන්සරියෙන් එලියට ආවම සරණපාල දකිනවා දොස්තර මහත්තයාදේ අළුත්ම දිලිසෙන කාර් එක. ඒවගේ කාර් එකක් සරණපාල කවදාවත් දැකලා නෑ. මේ නිසා දොස්තර යනු සක්දෙවි කෙනෙක් කියා තමයි සරණපාල හිතන්නේ. ඔහු දැක්කා තම පියාගේ බයාදු මුහුණ සහ දොස්තර මහතාගේ තේජස් මූණ. තම පියා ඔහු ඉදිරියේ පරාජිතයෙක් වෙලා.
කුඩා කාලයේ සිටම සරණපාල ආස දොස්තර කෙනෙක් වෙන්න. දෙමාපියනුත් ඔහුට නිතරම කියන්නේ " පුතේ උඹ මහන්සි වෙලා පාඩම් කරලා දොස්තර කෙනෙක් වෙලා මේ නරකාදියෙන් ගොඩ වෙයං කියලා. මේ නිසා සරණපාලයා යාලුවෙක් ආශ්‍රය කරන්නේ නෑ , ගමනක් බිමනක් යන්නේ නෑ , ක්‍රීඩාවක් කරන්නේ නෑ කොයි වෙලාවෙත් පාඩම , සහ කට පාඩම. සරණපාල ගේ ඒකායන බලාපොරොත්තුව උසස් පෙල සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න. ඒක තමයි එකම හීනය. ඔහු දිවා රෑ නොබලා කටපාඩම් කරලා විභාගය සමත් වෙලා දොස්තර කෙනෙක් වෙනවා.
දැන් සරණපාල හිතන්නේ තමන් සක්විති පදවියට පත් උනා කියලා. සරණපාල දැන් තමන් ගෙන් බේත් ගන්න එන මිනිස්සුන් ගෙන් වැඳීම බලා පොරොත්තු වෙනවා . සරණපාලයා දැන් යන්නේ අඩි දෙකක් උඩින්. වෙනත් රැකියා කරන අය කිසිවෙකු ගනන් ගන්නේ නෑ. "උන් කවුද මම දොස්තර කෙනෙක්" මෙහෙම තමයි සරණපාලයා දැන් හිතන්නේ. සරණපාලලා කැමති නෑ තව වෛද්‍ය විද්‍යාල ඇවිල්ලා අළුතින් වෛද්‍යවරු බිහි වෙනවට. ජනතාවගේ සෞඛ්‍යට කෙල උනාට සරණපාලලාට කමක් නෑ. අළුතින් වෛද්‍ය විද්‍යාල ඇති කරන්න හැදුවොත් සරණපාලලා ඒවට විරුද්ද වෙනවා. ඒවගේම හොඳ ගතිගුණ තියන වෛද්‍යවරයන්වත් අවුස්සලා ස්ට්‍රයික් කරවනවා. අළුතින් වෛද්‍යවරු බිහි උනාම තමන්ට තියන ගරුත්වය නැතිවෙයි කියලා සරණපාලලා බයයි.
ඒ වගේම සරණපාල හිතනවා බටහිර රටවලත් මේ විදියට දොස්තර කිව්වම මිනිසුන් වඳිනවා කියලා. සරණපාල පීඩිතයෙක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි. නර්ස්ලා දොස්තරගේ මුල් නම කියලා කතා කරන්නේ. ඒකට දොස්තරලා ස්ට්‍රයික් කරන්නේ නෑ. ක්ලිනික් එකේ කක්කුස්සිය හෝදන පුද්ගලයාගේ වාහනය නවත්වන්නෙත් දොස්තර වාහනය නවත්වන පාකිං එකේ. ඒත් සරණපාලලා මේ කතා විශ්වාස කරන්නේ නෑ. ආකල්පමය වශයෙන් සහ ආර්ථිකව සංවර්ධනය වූ රටවල වෛද්‍ය උපාධිය තිබෙන සමහරු GP හෙවත් පවුල් වෛද්‍යවරයෙකු නොවී පරියේෂණ අංශ වල සේවය කරනවා. සමහරු වෙනත් ප්‍රතිකාරාත්මක අංශ වල සේවය කරනවා. සරණපාල වන්දනා කරන පවුල් වෛද්‍යවරු හෙවත් GP කෙනෙකු රෝගියෙක් බලලා පැයට $ 30 වැනි මුදලක් ලබා ගන්න විට වෛද්‍ය උපාධිය තිබෙන කයිරෝප්රැක්ටර් පැයට $ 120 ද වෛද්‍ය මනෝ චිකිත්සකයන් $ 150 - 200 දක්වාද දන්ත චිකිත්සකයන් $ 200 - 500 දක්වාද ලබා ගන්නවා.
පෘතුවිරාජ් ප්‍රනාන්දු කියන්නේ ඉහල පන්තියක රෝයල් හෝ සෙන්ට් තෝමස් එකට ගිහින් රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගන ගෙන දොස්තර උපාධිය ලබාගෙන පිටරට ගිහින් අලින් පිලිබඳව පරියේෂණ පී.එච්.ඩී එකක් ලබාගෙන GP කෙනෙකු හැටියට වැඩ නොකර අලින් පිලිබඳව පරියේෂණ කරමින් ඉන්නවා. පෘතුවිරාජ් ප්‍රනාන්දුලා වගේ අයට දොස්තරකම සක්විති පදවියක් නොවෙයි. ඔහුගේ දෙමාපියන් නෑදෑසනුහරේ බාගයක් දොස්තරලා. ඌ පීඩිතයෙකු නොවුනු නිසා ඌට GP කම මරාගෙන මැරෙන්නට අවශ්‍ය දෙයක් නොවෙයි. ඒත් සරණපාලලාට අනුව පෘතුවිරාජ් ප්‍රනාන්දු පරාජිතයෙක්. සරණපාලලා පෘතුවිරාජ් ප්රනාන්දුලාට කිණ්ඩිය දානවා. හේතුව පීඩිතයන් ලෙස ජීවත් වූ සරණපාලලාට මේක තේරුම් ගන්න බෑ. ඔවුන් ගේ විශ්වයේ අධිපති අර කුඩා කාලයේ දැක්ක දොස්තර ඉමේජ් එක.
මම බටහිරට ආ මුල් කාලයේ නිව්ෆවුන්ඩ්ලන්තයෙන් මට ආරාධනා කරනවා එහෙ ඇවිත් තාවකාලික රෙජිස්ට්‍රේශන් එක යටතේ GP ලෙස සේවය කරන්න එන්න කියලා. ඔවුන් ගුවන් ගමන් ටිකට් එකත් දෙනවා. ඒත් මම ඒක අත් හැරලා යෝක් විශ්ව විද්‍යාලයට යනවා මගේ ප්‍රියතම විෂය මනෝ විද්‍යාව හදාරන්න , එම විෂය ප්‍රගුණ කරන්න. මම වගේ බොහෝ වෛද්‍යවරු මට බටහිර ලෝකයේ හමු වෙනවා GP කම අත් ඇරලා විශ්ව විද්‍යාල වල පරියේෂණ කරන වෙනත් විශේෂ වූ ප්‍රතිකාරාත්මක සේවා වල යෙදෙන. නමුත් සරණපාලලාට මේක තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ GP කෙනෙකු නොවෙයි නම් ඔහු මිනිසෙකු නොවෙයි කියලා.දොස්තර කෙනෙක් වෙලා පන්තිය අතික්‍රමණය කලත් සරණපාලලා හිතින් තවමත් දුප්පත්. තවමත් පීඩිතයෝ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
උපුටා ගැනීම : http://transyl2014.blogspot.com