ලෝකය තුල යුද්ධයෙන් තොරව සතුටින් සාමකාමීව මිනිසා ජීවත් වූ කාලයේ තිබේදැයි පවා සිතා ගත නොහැකිය.තම භූමිය විශාල කරගැනීමට සමහර ජාතීන් යුද වැදුනහ.තවත් පිරිසක් යුද වැදුනේ ධනධාන්‍යයෙන් පිරී ඉතිරීගිය රටවල් කොල්ල කෑමටය.ඒ අතර තවත් ජාතියක් සිය ආගම ව්‍යාප්ත කිරීමට යුද වැදුණි.මෑත කාලයේ බලවත් ජාතීන් සිය අධිරාජ්‍යය විශාල කරගැනීමට සහ තම රටවලට අමුද්‍රව්‍ය ලබාගැනීමට යුද වැදුණි.ඉන්පසු බලවත් ජාතීන්ගේ ග්රහණයෙන් නිදහස් වීමට දුර්වල රටවල් සටන් කලහ.බලවත් රටවල තෙල් අවශ්‍යතා නිසා පසුකාලයේදී ලොව විවිධ රටවල අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කෙරිණි.21 වන සියවසේදී ලොව සිදුවූ සහ සිදුවෙමින් පවතින ප්‍රධානතම අවි ගැටුම් / යුද්ධ කිහිපයක් පහත දැක්වේ.
ඇෆ්ගන් යුද්ධය 2001
ඉරාක යුද්ධය 2003 - 2011
සුඩාන යුද්ධය 2003 - 2009
ජෝර්ජියා-රුසියා යුද්ධය 2008
ශ්‍රී ලංකාවේ සිව්වන ඊළාම් යුද්ධය 2006 - 2009
සිරියානු සිවිල් යුද්ධය 2012 සිට
ඉරාක සිවිල් යුද්ධය 2014 සිට
යුක්රේන සිවිල් යුද්ධය 2014 සිට
ඉරාක යුද්ධය 2003 - 2011
සුඩාන යුද්ධය 2003 - 2009
ජෝර්ජියා-රුසියා යුද්ධය 2008
ශ්‍රී ලංකාවේ සිව්වන ඊළාම් යුද්ධය 2006 - 2009
සිරියානු සිවිල් යුද්ධය 2012 සිට
ඉරාක සිවිල් යුද්ධය 2014 සිට
යුක්රේන සිවිල් යුද්ධය 2014 සිට
War Clashes යනු ඉහත දැක්වූ යුද්ධ වලින් වැඩිම අවධානය දිනාගත් ඇෆ්ගන් යුද්ධය,ඉරාක යුද්ධය,ඉරාක සිවිල් යුද්ධය,සිරියානු සිවිල් යුද්ධය,යුක්රේන සිවිල් යුද්ධය ආදියේ සංග්රාම භූමිය තුලදී ලබාගත් දර්ශන ඇතුලත් යූටියුබ් චැනලයකි.මෙහි එන බොහෝ දර්ශන සංග්රාම භූමිය තුලදී ජීවිතය පවා පරදුවට තබමින් පටිගත කල ඒවාය.බොහෝදෙනා යුද බිමක් දකින්නේ බොහෝවිට නූතත වීඩියෝ ක්‍රීඩා ඔස්සේ පමණි.නමුත් යථාර්තය ඊට බොහෝ වෙනස්ය.සතුරෙක් මරා දැමීම වීඩියෝ ක්‍රීඩාවලදී මෙන් එක් වෙඩි පහරකින් සිදුකිරීම සැබෑ සටන් බිමකදී සිදුවන්නේ කලාතුරකිනි.වෙඩි පහර කමින් පසුනොබැස සටන් කිරීමක් සැබෑ සෙබලෙකුට කල නොහැක්කකි.එවැනි වීරයන් සිටින්නේ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩාවල පමණක් බව මෙහි දැක්වෙන වීඩියෝ පට නැරඹීමෙන් ඔබටම පැහැදිලිවේවි.
ඇෆ්ගන් යුද්ධය
ඉරාක යුද්ධය 2003
සිරියානු සිවිල් යුද්ධය 2012
යුක්රේන සිවිල් යුද්ධය 2014
ශ්‍රී ලංකාව යනු කුරිරු ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව සටන් වැදුණු රටක් බව බොහෝදෙනාට මෙන්ම වත්මන් රජයේ සමහරුන්ටද අමතකය.සමහරුන්ට අනුව අපේ හමුදා සටන් වැදුණේ ඔවුන්ගේ සහෝදරයන්ටම එරෙහිවයි.කිසිදා යුද බිමකට පය නොගැසූ කෙලෙහි ගුණ නොදත් සමහරක්, අපගේ රණවිරුවන්ගේ කැපකිරීම් තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැත.
Source:Youtube.com/War Clashes
-HarshaLulzSec-



