සති දෙකෙන් උසස් පෙළ ලීවෙමි

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ


    ඉතිං එහෙනං හන්තාන හීනෙ ගොඩද?මං මිෂන් එක වින් කරාද?එක අතකින් මං දිනුම් ඒත් මං පරාදයි බං.ඒ මොන හරුපයක්ද බොල කියල හිතෙනව ඇති උබලට.ඒ කිව්වෙ බං ඔය රිසාල්ට් එකට මම පේරා පිසිකල් නං සිලෙක්ට් වෙයි බොහෝ විට බෝට්ටුවකින් හරි.ඒත් මචං computer science නං හීනයක්ම තමා :( මොකද මං ඉන්න දිස්ත්‍රික්කෙ Z එක 0.9 න් වගේ ඉදන් පිසිකල් අහුවෙනව ඒත් computer science වලට 1.53 වත් ඕන.මම පේර යුනියට පට්ට ආසයි තමයි.ඒත් මචං මම ආස දේ අතඇරල අකමැති බැරි මගුලක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ.පේරා ඇර ලංකාවෙ වෙන කිසිම රජයේ කැම්පස් එකකට යන්න කිසිම ආසවක්වත් අදහසක්වත් නැති හින්ද‍ ඒවගේම වයසත් යන හින්ද ගෙදර අයගේත් අදහස පරිදි මම කලින් හිතං හිටියා වගේම ස්ලිට් එකට යනව.හැබැයි මොකක් හරි කරුමෙකට කට් ඕෆ් මාක් එහෙ මෙහෙ වෙලා මට බෝට්ටුවකින් හරි computer science සිලෙක්ට් වෙයි කියල බලාපොරොත්තු තියාගන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් පේරා යනවා.

    ඉතිං එලකිරි සහෝදරවරුනි උබල ඔක්කොටම ස්තූතියි.මොකද මේ පාරත් අතාඇරල ෆේල් වෙන්න හිටිය මට මේ රිසාල්ට් එකට හරි යන්න උබල හැමෝගෙම කමෙන්ට් ලොකු හයියක් උණා.ඒ වගේම උබල මගෙ ත්‍රෙඩ් වලට මහන්සිවෙලා දාපු කමෙන්ට් වලට රිප්ලයි එකක්වත් දාන්න මට වෙලාවක් තිබ්බෙ නෑ ඒකට සමාවෙයල්ලා.(රෙප් නං දෙන්න දන්නෙත් නෑ)CoolMan88 සහෝදරයා වෙනමම ත්‍රෙඩ් එකක් පවා දාල තිබ්බ මට උදව් කරන්න.උබල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන්නැතුව කරපු ඒ උදව් ඒ එලකිරි සහෝදරත්වය කවදාවත් අමතක වෙන්නෑ මචං උබල ඔක්කොටම ස්තූතියි.

    එක අතකිං බැලුවම ලෝකෙ අමාරුම විභාගයක් කියල කියන ලංකාවේ A/L ඒකෙත් අමාරුම ගණිත විශය ධාරාවෙන් සති දෙකෙන් කරල මේ වගේ රිසාල්ට් එකක් දාගත්ත එකත් මැජික් එකක් වගේ තමා....(පසුබිම් සංගීතය මරුකතරට දිය පොදක් ඉසින්නට....සිත නිවන කතා....:D :D)

    හැබැයි මට කෙසේවෙතත් අර කෙල්ල නං ඩෙන්ටල් ෆැකල්ටිම සිලෙක්ට් වෙයි.මොකද මගෙ phy mcq 41 ක් තියනව.මට ඒ පිනම මදිද බොලව්....:D :lol: :D

    අවසාන වශයෙන් දන්න එකෙක් මට මේක කියහන්කො ස්ලිට් එකේ Bsc එක කරල Msc එක කරන්න පේරා එන්න පුලුවන්ද???

    IS @ ගූගල් ස්ට්‍රීට් වීව් එකේ ගලහ පාර දිගේ ගොස් මාකස් හෝල් එක අසලින් පේන හන්තාන දිහා බලාගෙන....:( :( :(

    එල කොල්ලො සිරාවටම සතුටුයි මාත් උබ වගේම එකෙක් තමයි සෙකන්ඩ් ශයි එක ගොඩ දැම්මෙ මාස 2ක් විතර වැඩ කරල අඩුම තරමේ මට 1 වෙනි MCQ එකවත් ගහන්න බෑ මුලදි.. ඒත් බන් මන් එක වැරැද්දක් කලා ආස නැති විශයකට කැම්පස් ආවා ..ඇවිත් මාසෙන් මට එපාම උණා බන්.. මාත් මේ intake එකට ස්ලිටී එනව බන් .. පොඩි කාලෙ ඉදන් පැෂන් එක තියෙන දේ තොරගත්තෙ නැති එක දුකයි ..අවුලක් නැ බන් නැති උණ සේරම එකින් එක ආයි ගන්නව.. අවුරුදු 4 එකට වරෙන් නැත්නම් curtin කරපන් ...
     
    • Like
    Reactions: Tharaka25

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    sathi 2n mcq 41 :shocked::shocked:.:yes::yes:
    niyamai bn,uba hodata weda karanam gemak nehuwa pera yanda thibuna.

    ඇත්තටම මචං මට පිසික්ස් ඉස්සර ඉදන් ටිකක් පුලුවන් බං ගිය පාරත් B එක පිසික්ස්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    එල කොල්ලො සිරාවටම සතුටුයි මාත් උබ වගේම එකෙක් තමයි සෙකන්ඩ් ශයි එක ගොඩ දැම්මෙ මාස 2ක් විතර වැඩ කරල අඩුම තරමේ මට 1 වෙනි MCQ එකවත් ගහන්න බෑ මුලදි.. ඒත් බන් මන් එක වැරැද්දක් කලා ආස නැති විශයකට කැම්පස් ආවා ..ඇවිත් මාසෙන් මට එපාම උණා බන්.. මාත් මේ intake එකට ස්ලිටී එනව බන් .. පොඩි කාලෙ ඉදන් පැෂන් එක තියෙන දේ තොරගත්තෙ නැති එක දුකයි ..අවුලක් නැ බන් නැති උණ සේරම එකින් එක ආයි ගන්නව.. අවුරුදු 4 එකට වරෙන් නැත්නම් curtin කරපන් ...


    අනිවා බං අකමැති එකක් ඉගෙනගෙන තේරුමක් නෑනෙ...අවුරුදු හතරෙ එක කරන්න එන්න ඉන්නෙ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හම්මට අයියා ඩෙන්ටල් ෆැකල්ටිද?? ඔව් ඔව් ඒකි එයි මේපාර බොහෝවිට
    මම ෆැකල්ටියේ හිටියේ 97-2002 කාලේ බං......
    දැන් පාස් අවුට් වෙලත් අවුරුදු 14ක්......:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ කලින් කරගත්තනන් කියල හිතෙන ඒවා ගොඩක් තියෙනවා බන් :( ගණන් ගන්න එපා උඹේ උපරිම උත්සාහේ දැම්ම කියල හරි සතුටු වෙන්න පුළුවන්නෙ ;)

    මේ අත්දැකීම පාඩමකට අරගෙන ඉස්සරහට එන හැම වැඩකදීම උපරිම උත්සාහේ දාන්න. වරදින්නේ නෑ උඹට :)
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උබ කොහෙද බන් ඉන්නේ?යකෝ පික 41ක් කියන්නේ උබට A තියෙයි අනිවා...
    ඒක කියන්න බෑ බන් දැන් කාලෙ මට chema MCQ 42 ඒක B , P6 40 ක් හෝ 39 ක් තිබුණා ඒක C ... C ආපු විදිය තාමත් මට පශ්ණයක් @ පට්ට දුකක් මොකද මට හොදටම පුළුවන් කම තිබ්බෙ p6...
     

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ඒක කියන්න බෑ බන් දැන් කාලෙ මට chema MCQ 42 ඒක B , P6 40 ක් හෝ 39 ක් තිබුණා ඒක C ... C ආපු විදිය තාමත් මට පශ්ණයක් @ පට්ට දුකක් මොකද මට හොදටම පුළුවන් කම තිබ්බෙ p6...

    අඩෝ පික 40 තිබිලා C ද?recorrection දාලා බැලුවේ නැද්ද?:oo:බයෝ වගේ නම් mcq වලින් result එකක් කියන්ට බැ...:no::no:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම මුලින් කලේ මැත්ස්, මාසයක් කරලා සයන්ස් කරන්න ගත්තා... ඒත් ඉස්කෝලෙන් කිවුවා ක්රිකට් ගහනවා නම් සයන්ස් කරන්න දෙන්න බෑ කොමර්ස් කරන්න කියලා... ඊට පස්සේ කොමර්ස් කලා..

    ඉස්කෝලේ පැමිනීම 8% ක්ලාස් ගියෙත් යලට මහට... අන්තිම මාසේ තමයි හිතට බය ආවේ ෆේල් උනොත් වස ලැජ්ජාවනේද කියලා... ඉතින් පාඩම් කලා...

    Business Studies - "A"
    Econ - "C"
    Accounts - "F"

    Accounts ගොඩදාගන්න බැරි වුනා බන්... :(:(:(:(