සතුට තවරා දුකද දී වෙන්වීම
අපේ මිතුරියකගේ අවු 3ක් වයසේ දූ සිඟිත්තියට පුංචි තෑගි කීපයක් දීලා සෑහෙන වෙලාවක් හුරතල් කරලා යන්න ලෑස්ති වුනාම ගොත ගහමින් සැරෙන් වගේ අහපු දෙයක් ගැන මම තාමත් හිතනවා.
ඇයි ඔයා යන්නෙ?-මට වැඩ තියනවනේ පැටියෝ...
මොකටද ඔයා ආවෙ?-ඔයාවයි අම්මියි බලන්නනේ පුතේ..
එහෙනං මොකටද මේ තෑගි?- ඒ මම ඔයාට ආදරේ නිසානේ..
සේරම කලේ ඔයාට හිතුන හින්දා නේ?.-ඔව් පැටියෝ..ඇයි
දැං ඔයා ගියාම මට දුකයිනේ..!ඒත් මම යන්නම ඕනනේ පුතේ..
යන්න, යන්න..... ඉතිං... යන්න........!.
තව හිතකට ලං වෙලා ඒ හිත රිදවන්න-වෙන්වෙලා යන්න අපට අයිතියක් තියනවද?
ඇයි අපි තව කෙනෙකුට ළං වෙන්නෙ,ආදරය නිසා, ලස්සන නිසා,දඟකාර නිසා....විවිධ නම් වලින්හේතු ගොඩක් කියන්න පුළුවන්.ඒත් පළවෙනි හේතුව ආත්මාර්ථකාමීත්වය.
ඉතිං අපි යම් යම් අය හමුවෙලා සතුටු සාමීචියේ යෙදිලා වෙන්වෙනවා.ඒ කියන්නෙ සතුට වගේම නොහිතාම දුකක් දීලා.

මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ?