සතුන්ගේ ජීවිතය බේරාදුන් මහින්ද හාමුදුරු&

JavaSE

Active member
  • Nov 16, 2011
    488
    38
    28
    සතුන්ගේ ජීවිතය බේරාදුන් මහින්ද හාමුදුරු&

    සතුන්ගේ ජීවිතය බේරාදුන් මහින්ද හාමුදුරුවෝ සහ මහින්ද ජනාධිපතිතුමා
    navam-perahera-president-mahinda-gangaramaya.jpg

    පෙනෙන මානයෙන් ඔබ්බට ගොස් තවදුරටත් සිතා බැලිය යුතු කාරණා කිහිපයක්ම අප ඉදිරියට පැමිණ ඇත.

    බැලූ බැල්මට සුළුවට පෙනෙන මුත් ඒවායේ අරුත අප සිතනවාටත් වඩා ගැඹුරට කිඳා බසින බැව් වැටහී යාමට බොහෝ දුරට කල්පනා කිරීමක් අවශ්‍යවන්නේ නැත.

    මේ කාරණා අතරින් වඩාත් සංවේදී කාරණය වන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි සත්ව ඝාතන බිලි පූජාව නවත්වා දැමීම ය. ආගමික මුහුණුවරක් සමඟ පවතින මේ සත්ව ඝාතනයට එකහෙළා විරුද්ධවීම, එකී ආගම්හි පුද සිරිත්වලට විරුද්ධවීමක් ලෙස හුවා දක්වන්නට උත්සාහ ගත් පිරිස් ද අප අතර වූහ.

    මුලධර්මවාදී විශ්වාසයක් වුව ද අහිංසක සතුන් මරා දෙවියන් යැදීමට විරුද්ධවීම ආගමකට විරුද්ධව යාමක් ලෙස ඉස්මතු වුවහොත් එය අනපේක්ෂිත ගැටුමකට ද මුල පිරීමක් වනු ඇත.

    එහෙයින් විවිධ ජන කොටස්, විවිධ ඇදහිලි සහ විශ්වාස, විවිධ පුද සිරිත් සහ වත්පිළිවෙත් වලින් සමන්විත සංකීර්ණ සමාජ පද්ධතියක එවැනි අතපෙවීමක් කළ යුත්තේ ප්‍රවේශමිනි. හැඟීම් බරව නොව ප්‍රඥාවන්තව ය.

    ශිෂ්ට සමාජයක මෙවැනි බිලි පූජා සංස්කෘතියකට පැවතිය නොහැකි නමුත් 21 වැනි සිය වසේ වුව ද මූලධර්මවාදී සංකල්ප තවමත් තැනින් තැන හෝ ශේෂව පවතී.

    සතුන්ගේ ජීවිතය වෙනුවෙන් හඬ නඟන්නන් මෙන් ම බිලි පූජාව වෙනුවෙන් හඬ නඟන්නන් ද පසුගිය කාලයේ දක්නට ලැබුණේ එබැවිනි. මේ පරස්පරය දුර දිග යන ගැටුමකට අවශ්‍ය පසුබිම සකසන්නකි.

    මෙවන් අවස්ථාවලදී හැඟීම්වලට වඩා ප්‍රඥාව පෙරට ගත යුතු යැයි ඉහත සඳහන් කෙළේ එය සැලකිල්ලට ගෙන ය.

    එදා ප්‍රඥාව ස්පර්ශ කොට සතුන් දඩයම් කිරීමෙන් දේවානම්පියතිස්ස රජු නැවැත්වූයේ මහින්ද හාමුදුරුවෝ ය. අද සත්ව ඝාතනයෙන් සතුන් බේරා ගත්තේ මහින්ද ජනාධිපතිතුමා ය.

    මේ අතර තවදුරටත් සිතා බැලිය යුතු සිද්ධියක් අත් විඳින්නට අපට හැකි විය. එනම් කපිලවස්තු පුරයෙන් වඩමවන ලද සර්වඥ ධාතු ප්‍රදර්ශනයයි.

    මේ වැඩමවීම, බුදුන් වැඩම කළා හා සමාන ලෙස බෞද්ධයෝ සලකති. අනන්ත අප්‍රමාණ භක්තිය ද ඒ හා මුසුවන බුද්ධාලම්භන ප්‍රීතිය ද මිස සැබෑ බෞද්ධයන්ට අන් යමක් සිහිපත් වන්නේ නැත. එබැවින් බෞද්ධයෝ ලක්ෂ ගණනින් ධාතු වන්දනාවට එක්වෙති. පෙළ ගැසෙති.

    එහෙත් දේශපාලන බලය පිළිබඳ කෑදර සිතිවිල්ල මිසක අන් යමක් හිස් කබල ඇතුළෙහි නොමැති ඇතැම් දේශපාලකයන් ධාතු වැඩමවීම දෙස බලන්නේ ද දේශපාලන කෑදරකමින් කිලුටු වූ සිත් ඇතුව ය. මෙයින් මතුවන ප්‍රබෝධය දරාගත නොහැකි තරමට ඊර්ෂ්‍යාවෙන් බර වූ කුහක සිත් ඇතුව ය.

    එවැනි කුහක දේශපාලකයන්ට නොපෙනෙන සුවිශේෂී සිදුවීමක් මේ සර්වඥ ධාතු වැඩමවීමට සමගාමීව සිදුවිය.

    එනම් සර්වඥ ධාතු වහන්සේලා මේ ලක් බිමෙහි වැඩ සිටින තෙක් කිසිදු සත්ව හිංසාවක් නොකරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටීම ය.

    මේ ඉල්ලීමට සවන්දුන් මූලධර්මවාදී ආගමික පූජකවරයා සතුන් ඝාතනය කිරීමේ බිලි පූජාව වහාම නවත්වා දැමූවේය.

    සැබැවින් ම ධාතුන් වහන්සේ වැඩම කිරීමේ මහා ආනිශංසය ලැබුණේ ජීවිතය ලැබුණු ඒ අහිංසක සතුන්ට ය. උන්ට කතා කළ හැකිවී නම් තම දිවි ගලවා දුන් නායකයා ගැන පවසන වදන් මෙහි අමුතුවෙන් සටහන් කළ යුතු නොවේ. ඒවා ඔබට සිතාගත හැකි ය.

    තවදුරටත් සිතා බැලිය යුතු කාරණාවක් තිබේ. එනම් පවතින නියංසායෙන් පීඩනයට පත්ව සිටින ගොවීන්ට හදිසි සහන රැසක් ලබාදීමට ජනාධිපතිතුමා පියවර ගැනීම ය.

    දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ගොවීන්ට මෙවැනි සහන දුන් බවත් ඒ සඳහා උපක්‍රමයක් ලෙස නියඟය ගෙන්වා ගත් බවත් පවසමින් අර දේශපාලකයන් විසින් ප්‍රකාශ නිකුත් කළොත් ඒ ගැන විශ්මයට පත්විය යුතු නොවේ.

    එහෙත් ජනතාව දේශපාලකයනට වඩා බුද්ධිමත් ය. ඔවුන්ගේ සරසවිය ජීවිතයයි. ජීවිතයේ දුක් ගැහැට ඔවුන් ජයගත් පාඨමාලාය. ඒ සඳහා උදව් කළ අය ඔවුහු හොඳින් දනිති.

    මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයෙන් ද ජනතාවගේ මේ පුළුල් විඥානය තවත් වරක් ප්‍රදර්ශනය වනු නිසැක ය.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බිලිපුජාව නැවැත්වුවේ ඇත්තටම සත්ව කරුණාව නිසාද නැත්නම් මිනිස්සු තරහා වී ජන්ද ටික අඩුවෙන නිසාද?