සබ්භාසව සූත්‍රය -11

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සබ්භාසව සූත්‍රය -11

    මග හැරිය යුතු දේ මග නොහැරියහොත්....


    Ftr%20(5).jpg

    බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්‌ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා. මේවා ධර්මානුකූලව දැකීමට ඔබ අදක්‍ෂ නම්, මේවා හේතුවෙන් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙන්න පුළුවන්. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙන්න පුළුවන්.

    පිංවත් ඔබ මිථ්‍යාදෘෂ්ටිකභාවයට, අශ්‍රද්ධාවට අදාළ කථාවන්, දේශනයන්, පතපොත, ස්‌ථාන ආදිය මගහැර යන්න. පිංවත් ඔබ අතීතයට සිත යොමුකොට බලන්න, මගහැර යායුතු තැන් මගහැර නොයැම නිසා අතීතයේ ඔබ මොන තරම් නැති ආශ්‍රවයන් ඇති කොටගෙන තිබෙනවාද කියලා. මේ දැක්‌ම තුළ සිටිමින් වර්තමානයේ මග හැර යායුතු තැන් හඳුනාගැනීමට ඔබ දක්‍ෂවෙන්න.

    ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතාට, කාන්තාව කියන්නේ මගහැර යායුතු ධර්මතාවයක්‌මයි. අද දවසේ ඉපදුන දැරියක්‌ තනිවම සිටින ස්‌ථානයක, උපසම්පදා භික්‍ෂුවකට රාත්‍රිය ගතකිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කර තිබෙනවා. අද ඉපදුණු දැරියකගේවත් ශරීරය ස්‌පර්ශ කිරීම උපසම්පදා භික්‍ෂුවකට විනය විරෝධී ක්‍රියාවක්‌ වෙනවා. උපසම්පදා භික්‍ෂුවකට තමන්ගේ අම්මාට කන්න බොන්න දෙන්න කෙනෙක්‌ නැතිනම්, ඒ අම්මාව පෝෂණය කිරීමට බුදුරජාණන්වහන්සේ අවසර දෙනවා. නමුත් අම්මාගෙ ශරීරය ස්‌පර්ශ කිරීම විනය විරෝධී ක්‍රියාවක්‌ වෙනවා. කුඩා දැරියකගේවත් හිසට අතතබා ආශිර්වාද කිරීම විනය විරෝධී ක්‍රියාවක්‌ වෙනවා.

    සුදින්න කියන උපසම්පදා භික්‍ෂුව බොහොම හොඳින් ශීලයට ගරුකරමින් ජීවත්වුණ උපසම්පදා භික්‍ෂුවක්‌. නමුත්, තම ගිහි කාලයේ බිරිඳගේ බලකිරීමක්‌, පෙළඹවීමක්‌ නිසා ඇය සමග සුදින්න භික්‍ෂුව කාමයෙහි හැසිරීමේ වරද සිදුකරගන්නවා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ කැලය තුළදීයි. දෙවියන් තමයි මේ සිද්ධිය දකින්නේ. දෙවියන් හඬමින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්ස සුදින්න භික්‍ෂුව උතුම් උපසම්පදාව කිළිටි කළා, කෙළෙසුවාය කියලා. බුදුරජාණන් වහන්සේ සුදින්න භික්‍ෂුව කැඳවලා මේ සිද්ධියේ ඇත්ත නැත්ත විමසනවා. එවිට සුදින්න භික්‍ෂුව පිළිගන්නවා තමන් ගිහි කාලයේ බිරිඳගේ පෙළඹවීම මත, කාමයේ වරදවා හැසිරීමක්‌ සිදුකළ බව. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'තුච්ජ පුරුෂය, හිස්‌ පුරුෂය, ඔබ ඔබේ පුරුෂ ලිංගය ගිනි අඟුරු වළකට දැම්මා නම් පිච්චීමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. ඔබ ඔබේ පුරුෂ ලිංගය, නයෙක්‌ සිටින තුඹසකට දැම්මා නම්, නයා දෂ්ට කිරීමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. ඔබ තියුණු මුවහත ඇති සැතක්‌ අරගෙන ඔබේ පුරුෂ ලිංගය කපා දැම්මා නම් රුධිරය ගලායැමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. නමුත් ඔබ මේ කරගත් පාපක්‍රියාවෙන් ඔබ කල්ප ගණනාවක නිරයේ දුකක්‌ උරුමකරගත්තා' ය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත උපමාවන්ගෙන් පිංවත් ඔබට තේරුම් ගන්න පුළුවන්, කාමය වරදවා හැසිරීමේ වරදට අදාළව සකස්‌වෙන විපාකයන්ගේ රුදුරුභාවය. මේ විපාකයන්ගේ රුදුරුභාවය නිසාමයි, ස්‌ත්‍රිය යනු මගහැර යායුතු ආශ්‍රවයක්‌ ලෙස දේශනා කරන්නේ. එසේ නොවුණහොත් ඔබ ස්‌ත්‍රී පක්‍ෂය, පුරුෂ පක්‍ෂය නිසාම නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කර ගන්නවා.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කොට දෙන කාමච්ජන්දයන් වැඩෙන ස්‌ථාන, කාමච්ජන්දයන් වැඩෙන සිතුවිලි මගහැර යන්නය කියලා. ඉන්ද්‍රිය අසංවරභාවයට පත්කරන මොන තරම් දේවල් සමාජය තුළ තිබෙනවාද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාම ලෝකයේ ජීවත්වෙන සත්වයා කියන්නේ, ඉරියව් කයක්‌ය කියලා. කාම ලෝකයේ ජීවත්වන සත්වයන්ගෙන් අනුන් තුළ, වඩාත්ම ඉන්ද්‍රිය අසංවරභාවය ඇතිකරන ඉරියව් කයක්‌ පිහිටලා තිබෙන්නේ, සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන දිව්‍යාංගනාවන්ට. දිව්‍යාංගනාවන්ගේ ඉරියව් කය තුළ රිද්මය, ලාලිත්‍යය, ප්‍රභාශ්වරය හොඳින් ප්‍රකටව පෙනෙනවා. දිව්‍යාංගනාවන්ගේ අලංකෘත ඉරියව් නිසා දෙවිවරු අප්‍රමාණව නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවා.

    බුදුරජාණන්වහන්සේ වේදියකපච්ච නමැති කන්දේ වැඩසිටිනකොට, සක්‍රයාගේ නියමයෙන්, පන්සිළු දිව්‍යපුත් මුළු වේදිකාපව්වම ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණෙන්නේ තමන්ගේ බේළුව පාණ්‌ඩු වීණාව අරගෙනයි. පින්සිළු දෙවියා මේ දවස්‌වල සිටින්නේ දැඩි විරහා වේදනාවකින්. පන්සිළු දෙවියා තම ආදරවන්තියගේ වෙනස්‌වීමෙන්, අසරණභාවකට පත්ව සිටින මොහොතකයි බුදුරජාණන්වහන්සේ බැහැදකින්න පැමිණියේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පන්සිළු දෙවියා තම විරහා වේදනාව, ගීතමය ස්‌වභාවයෙන්, වීණාවේ සංගීතයන් සමගින් ගායනා කළා. සක්‌කපඤ්හ සූත්‍රයට අදාළව පන්සිළු දෙවියා ගායනා කළ එක්‌ ගී පදයක්‌ මෙහි සටහන් තබනවා.

    'ළහිරු රැස්‌ සෙයින් බබලන, සිරුර කැළුම් ඇත්තී, සොබනා අඟපසඟ ඇත්තී, මට සතුට දෙන්නී, සොඳුර, සොසුලුවනට සුළඟ සේද, පිපාසිතයිනට පැන් සේද, රහතුනට දහම් සේද, ඔබ මට ප්‍රියය සොඳුර'

    බුදුරජාණන් වහන්සේ මේ විරහා වේදනාවෙන් පෙළෙන, පන්සිළු දෙවියාගේ සංගීතය මුසු ගායනයට නිහඬව සවන්දී, ගායනය අවසානයේදී පන්සිළු දෙවියාට දේශනා කරනවා 'පන්සිළු, ඔබේ වීණාවේ තත් හඬ, ඔබගේ ගී හඬ සමගද, ඔබගේ ගී හඬ, ඔබගේ වීණාවේ තත් හඬ සමගද හොඳින් ගැලපෙනවා' කියලා 'පන්සිළු, ඔබේ තත් හඬ, ගී හඬ නොයික්‌මේ. ඔබගේ ගී හඬ තත් හඬ නොයික්‌මේ' කියලා. දිව්‍ය සංගීතය සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රයක්‌ පිංවත් ඔබට ඉහත සක්‌කපඤ්හ සූත්‍රයෙන් ලබාගන්න පුළුවන්. ඉහත කාරණාවෙන් පිංවත් ඔබට පැහැදිලිවෙනවා, සශ්‍රික දිව්‍යතලවල ජීවත්වෙන දෙවියන් දිව්‍යාංගනාවන් පවා, කාමච්ජන්දයන් හේතුවෙන්, ආදරය විරහව හේතුවෙන් නැති ආශ්‍රවයන් ඇති කරගන්න ආකාරය.

    පිංවත් ඔබ මොහොතක්‌ කල්පනා කරලා බලන්නකෝ, මනුෂ්‍ය සමාජයේ ආදරය, විරහව නිසා, කාමයන්ගේ ආශ්වාදයන් නිසා, මේ ධර්මතාවයන් මගහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසා පිංවත් ඔබ විවාහ බිඳවැටීම්, දික්‌කසාද, සියදිවිනසාගැනීම්, පළිගැනීම් හේතුවෙන් මොනතරම් නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවාද. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවාද කියලා.

    ඉදිරිපත් කිරීම ඉන
    ඉන්ද්‍රජිත් සුබසිංහ
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා


    එහෙම මඟ ඇරලා ඉන්න ඕන එකෙක් නම් මටත් මේ ෆෝරමේදී හම්බවෙලා තියෙනවා.පුදුම වදයක් ඒ නිවටයා.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ධර්ම ශ්‍රවනයෙන් ලැබෙන සතුට වෙන කිසි දෙයකට සම කල නොහැකි, වෙන කිසි දෙයකින් ඒ සතුට ලැද නොහැකියි..
    බොහොම පින්

    මේ කරගත්තාවු පින් ඒ අමා නිවන අවබොධ කරගැනීම සදහාම හේතු වසනා වේවා....