ඉන්දරේ ඔයාසල්ලිකාරයන්ට විතරක් ටයිටැනික් බලන්න යන්න හදපු සම්බැරීනය හදපු එකාට හොඳ වැඩේ..දැක්කා නේද සල්ලි වැඩි කමට නූතන ඇමරිකන් ලිබරල් ධනවාදය කරපින්නාගත් සල්ලිකාරයෝ තුන් දෙනෙක් කරගත්ත හරියක්.මේවා සල්ලි පොදි බැඳගෙන "එක" වෙන්න දඟලන කොයි සල්ලිකාරයටත් හොඳ පාඩම්.. .කොච්චර සල්ලි තිබ්බත් මුන් තරම් ගොන්නු තුන් දෙනෙක් මේ ලොකේවත් නෑ.මටනම් පොඩ්ඩක්වත් දුක නෑ ඔකුන් තුන්දෙනා මලොත්..වල් බල්ලෝ තුන් දෙනෙක්..
ඇයි යකෝ..මේ ලොකේ කීදෙනෙක් තමන්ගේ ඔපරේෂන් එකට සල්ලි මදිවෙලා මැරෙනවා ඇද්ද ? සල්ලි උන්ට දීලා මැරියල්ලකෝ..
මේ ලොකේ කීදෙනෙක් කන්න බොන්න නැතිව මන්දපොෂණේ හැදිලා මැරෙනවා ඇද්ද ? ඇයි යකෝ එහෙම එවුන්ට කෑම වේලක් දීලා මැරියල්ලකෝ...
ඔය සල්ලිකාර පරයෝම හදපු විස රසායනික පොහොර දාපු කෑම ගිලලා පිළිකා හැදිලා විඳවන එවුන්ට අලුතින් බෙහෙතක් හොයාගන්න සල්ලි වියදම් කරලා මැරියල්ලකෝ..
කොල්ලෙක්ට කෙල්ලෙක්ට අලුතින් රස්සාවක් හොයලා දීලා මැරියල්ලකෝ ඉන්ටවිව් එන එවුන්ගේ රැවුල් ගහේ ඉඳන් මනින්නේ නැතුව..
ඔය සල්ලිකාර පරයන්ගේ අවි සමාගම්වලින් ප්‍රමෝට් කරන යුද්ධවලට අහු වෙලා කොඳු කැඩිලා අතපය වෙන්වෙච්ච සොල්දාදුවන්ට ක්ලෝන තාක්ෂණයකින් හරි අලුතින් අත පය සෙට් කරන්න / ස්නායු හදවන්න විද්‍යාත්මක පරීක්ෂණ කරවලා ඒවාට වියදම් කරලා මැරියල්ලකෝ..
ළමයෙක් හදාගන්න සල්ලි නැතුව විඳවන පවුල් වලට & දුප්පත් පවුල්වලට සල්ලි දීලා මැරියල්ලකෝ..
ව්‍යාපාරයක් කරගන්න විදිහක් නැතුව ඉන්න කොල්ලෙක්ට බිස්නස් එකක් හදලා දීලා මැරියල්ලකෝ..
කසාදයක් කරගන්න සල්ලි නැතිව විඳවන කපල් වලට කසාද කරලා දීල මැරියල්ලකෝ..
ආණ්ඩුවක් නියම කරපු අවම පඩියම හොය හොයා දෙන්නේ නැතිව තමන්ගේ සේවකයන්ට හොඳ වැටුපක් ගෙවලා උන්ගේ ජීවිතත් පෝසත් කරලා මැරියල්ලකෝ ...
මේ ලොකේ කී දෙනෙක් ඉගෙනගන්න සල්ලි නැතිව කුඩ්ඩෝ අපරාදකාරයෝ හිඟන්නෝ වෙලා මැරෙනකම් ජීවත්වෙනවා ඇද්ද ? උන්ට සල්ලි දීලා මැරියල්ලකෝ..
කාත් කවුරුවත් නැතිව බෙහෙතක් හේතක් වත් නැතුව අනාථ නිවාස වල අසරණ වෙලා මැරෙන නාකින්ව රැකබලාගන්න වැඩපිලිවෙලක් හදලා මැරියල්ලකෝ..
එහෙම පින් අතේ වැඩක් කලානම් මේ විදිහට මහපොලොව යට තියන අපායට ශෝට් කට් වලින් යන්නේ නැතිව අඩුම තරමින් වලකජ්ජ ගැහුවයින් පස්සේ සල්ලිකාර තොපිලාට පින් දෙන්නවත් මොකෙක් හරි එකෙක් මේ ලොකේ ඉතුරු වෙයි..මෙහෙම පිනක් කරලා ලබන සතුට ටයිටැනික් 100ක් දැක්කත් හඳවල් 100ක් ඇල්ලුවත් ලබන්න බෑ ආයුබෝවන්..
ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...


