ජිංතක ජිල්ලබකිට;21338165 said:සිරිධම්මට පිස්සු! එච්චරයි. ඔය යකාව හොඳ දොස්තරෙක් ගාවට ගෙනියපල්ලා.
ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:
රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.
සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. බුදු සසුනේ සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හඳුන්වනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හඳුන්වනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ ආනන්‌ද වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:
එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.
එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියී.
තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ අසෙඛ සූත්‍රයේ රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන් සහ ප්‍රඥාස්කන්ධයෙන් පමණක් නොව විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන්ද සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියී.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බ්‍රාහ්‌මණ වග්ගයේ දහඅට වන ගාථාව:
අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං
දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා:
නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.
රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියී.
සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යාමාන වෙනවා.
LINK
මුලින්ම මේ දෙසනාව අහන්න වෙනවා කමෙන්ට් කරන්න කලින් අනිවා බොරුකාරයෙක්නම් හිලිකර යුතුවෙනවා. බොරුව නිරුවත් කර පෙන්විය යුතු වෙන්වා






තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන. 
මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව.
එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්. 
