සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජිංතක ජිල්ලබකිට;21338165 said:
    සිරිධම්මට පිස්සු! එච්චරයි. ඔය යකාව හොඳ දොස්තරෙක් ගාවට ගෙනියපල්ලා.




    ඉහත වීඩියෝවේ විනාඩි 50යි, තත්පර 37න් පමණ ඉදිරියට ආසන්නයේ පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා මෙසේ පවසනවා:

    රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ.

    සිරිධම්ම පොඩ්ඩා රහතන් වහන්සේලාට කිසිම සීලයක් නැතැයි කීවද රහතන් වහන්සේලා යනු සීලයෙන් පිරුණු උතුම් පුද්ගලයින්. බුදු සසුනේ සෝවාන්, සෝවාන් වීමට පිළිපන්, සකෘදාගාමී, සකෘදාගාමී වීමට පිළිපන්, අනාගාමී, අනාගාමී වීමට පිළිපන් සහ රහත් වීමට පිළිපන් හික්මෙන පුද්ගලයින් හත් දෙනා සෙඛ යැයි හඳුන්වනවා. රහතන් වහන්සේලා අසෙඛ යැයි හඳුන්වනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ තික නිපාතයේ දුතිය පණ්ණාසකයේ ආනන්‌ද වග්ගයේ තතිය සූත්‍රයේ මෙසේ සඳහන්ව තිබෙනවා:

    එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මහානාම සැහැරජු අත්හි ගෙණ එකත්පසෙකට නෙරැ මහානාම සැහැරජුට තෙල කීහ: මහානාමයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂශීලයෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂසමාධියෙකු දු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් ශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේ විසින් අශෛක්‍ෂප්‍රඥායෙකුදු වදාරණ ලදී.

    එම සූත්‍රයට අනුව රහතන් වහන්සේලාට ප්‍රඥාවක් පමණක් නොව සීලයක්ද තිබෙනවා, සමාධියක්ද තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍රයට අනුව දැකිය හැකියී.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ තතිය පණ්ණාසකයේ ඵාසුවිහාර වග්ගයේ අසෙඛ සූත්‍රයේ රහතන් වහන්සේලා සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන් සහ ප්‍රඥාස්කන්ධයෙන් පමණක් නොව විමුක්තිස්කන්ධයෙන් සහ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන්ද සමන්විත බව දැක්වෙනවා. එබඳු සූත්‍ර තවත් තිබෙනවා. රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව එම සූත්‍ර වලට අනුවත් දැකිය හැකියී.

    පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බ්‍රාහ්‌මණ වග්ගයේ දහඅට වන ගාථාව:

    අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සුතං
    දන්තං අන්තිමසාරීරං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං

    එහි සිංහල පරිවර්තනය මෙසේ දැක්වෙනවා:

    නොකිපෙන (ධුතාඞ්ග) ව්‍රතයෙන් යුක්ත වූ ශීලයෙන් පරිපූර්ණ වූ (තෘෂ්ණා ස්නෙහයෙන්) තෙත් නොවූ දැමුනාවූ (භව කෙළවර සිටි හෙයින්) අන්තිම ආත්මභාවයෙන් යුත් ඒ ක්ෂීණාස්‍රවයා බ්‍රාහ්මණයෙකි යී මම කියමි.

    රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම සාවද්‍ය කථාවක් බව ධම්මපදපාළියේ එන එම ගාථාවට අනුවත් දැකිය හැකියී.

    සිරිධම්ම පොඩ්ඩාගේ "රහතුන්ට පවතින්නේ සුපිරි ප්‍රඥාවක් විතරයි. රහතුන්ට සීලයක් නෑ. කිසිම සීලයක් නෑ." යන කථාවෙන් පොඩ්ඩාගේම වරදවා ගැනීම විද්‍යාමාන වෙනවා.


    LINK

    මුලින්ම මේ දෙසනාව අහන්න වෙනවා කමෙන්ට් කරන්න කලින් අනිවා බොරුකාරයෙක්නම් හිලිකර යුතුවෙනවා. බොරුව නිරුවත් කර පෙන්විය යුතු වෙන්වා :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තව දෙයක් කිසිවකු හරි සිටිනවාද එලකිරියේ මොහුන්ගේ අශ්‍රමයට ගිය? එතනදි යම් අවැඩක් සිදුවෙනවා දැකලා තියෙනවාද?

    හරියට අර යොහොවා සාක්ශිකරුවන් දෙවියන් වහහන්සෙව විකුනන් කනවා වගෙයි? මම නම් එසෙම තැන් වලට ගියා ඔය ලෙඩ සුව වෙනවා කියන ගිහින් බලන් හිටියා හොදට රගපානවා වැඩේ කියන්නේ අර සුව වුනු අයව අයෙත් මිලග ජුජාවලට එන්නේ නැහැ එහෙම තමයි ආවොත් වැඩේ මාට්ට්යි
    :D
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනට මම මෙතුමාගේ බන අසමින් සිටිනවා එනෙක් පැත්තෙන් අභය හිමිගේ බනත් එක්ක නමුත් දැනටනම් කිසිදු ගැටලුකාරි තැන් මට නම් හමුවි නැහැ එතුමා මතුකරන මතය තමයි හරි නමුත් කියනකොට කියන්න ආමාරුයි ඔය කරුන එකයි මේ පටලැවිල්ල... නමුත් ඔනැම විරුද්ධමතද අහන්න ගවෙශනය කරන්න අපි සුදානම්

    බොරුවක් නම් එය එතුමාගේ ඉගැන්විමත් එක්ක ඔප්පුකර යුතුයි සටන්කරනවා නම් සටන් කරන්න ඔනැ ඔහුගේ මතවාදය ඉගැන්විම් එක්ක බුද්ධ වචනයෙන්
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Meya Wenama Nikayak Hadanna wage yanne mata nan Penne... Wate inna Ayage Mole hodatama Hodala Tiyenne.. Aith Eya kiyana deyakin thorawa Wena Deyak Wishwasa Nokarana Gaanatama Path karala tiyenne... Hariyata Nikan Kudu Gahuwa Wage..
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හාමුදුරු නමක් ඉන්නව..හොඳට ඉගෙන ගන්නවා..කැම්පස් යනවා..විද්‍යා උපාධි හදාරනවා. එම දනුමයි බුදුදහමයි උපයෝගී කරගෙන වෙනස් ආකාරයකට බණ දේශනා කරල මාධ්‍ය තුල සහ මිනිස්සු අතර සෑහෙන්න ජනප්‍රිය වෙනවා. :D:love:

    ජනප්‍රියත්වය තුල ලැබෙන වරප්‍රසාද කිව යුතු නැත. හිටපු ගමන් ෆොටෝස් වගයක් ලීක් වෙනවා.:oo::baffled:

    කොල්ලෙක් එක්ක සිවුරු ගලවන් පිස්සු නටන සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපෙන අෂිශ්ඨ විදියකට හැසිරී ඇති එම හාමුදුරුවන්ගේ අවිනය සහ වැදි බණ හැමෝම දැන ගන්නවා.:frown::angry::no:

    ජනප්‍රියත්වය ගිලිහෙනවා වරප්‍රසාද අහිමිව යනවා.:(:sorry: තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන. :yes:

    කෙටි නිහැඬියාවකින් පසු තමන්ගේ උගත් කම සහ තාර්කික හැකියාව (කෛරාටික කම ) උපයෝගී කරගෙන කන්න ඕන උනාම කබර ගොයා තල ගොයා කරගන්නව වගේ බුදු දහම තමන්ට ඕන විදියට වෙනස් කරනවා තර්කයෙන්. :cool:

    හරිම සරලයි..ලේසි..රටේ බහුතරයක් බෞද්ධ උනාට ගැඹුරු දැනුමක් කාට වත් නැහැ..ඒක නිසා හරිම ලේසියෙන් මිනිස්සු කට්ටියක් බ්‍රේන් වොශ් කරල තමන්ගේ උපාසකයො බවට පත් කරගන්නව. :rofl:මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව. :rolleyes: එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්. :love::love:

    ඔන්න දැන් අර හාමුදුරුවන්ගෙ ගේම් එක ගොඩ.නැති උන සියල්ල ආපහු ලැබුන තිබුනටත් වඩා වැඩියෙන්.
    11.gif

    ලේසියෙන් නිවන් දකින්න යන මිනිස්සු මේ හාමුඩුරුවො ලඟට වෙලා සසර දික් කරගනිමින් එහෙයියන් සේ වාසය කරනව. ඔච්චරයි කතන්දරේ.. රහත් ද නැද්ද කියල උඹලම තීරනය කරගනින්...

    ඔය කිව්වෙ සිරිධම්ම ජාතකය. :rolleyes:

    ජීවිතයේ වැටීම් වලදි මිනිස්සු නැගිටින්න ඕන විදිය කියල දෙන..මොරාල් එක හදන ස්ටෝරියක් විදියට ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි මෙයාගෙන් බුදු දහම ඉගෙන ගන්න බෑ.. :P
    මේක නම් හොද අදහසක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රහත්වෙලා ද කියලනම් දන්නෙ නෑ, හැබැයි මොකක් හරි වෙලා.

    රහත්වෙලාද දන්නෙනම් නෑ පහුගිය දවසක මල්වතු මහානායක හාමුදුරුවො ලඟ දණින්වැටිල සමාව ගත්ත රූපවාහිනියෙ පෙන්නුව මොනවහරි වදාරපු අවටියල් ටෝක් එකක් සම්බන්ධව, මහ නායක හාමුදුරුවො තව එක වතාවක් ඔයවගේ දෙයක් කලොත් නිකායෙන් නෙරපනව කිව්ව කටින් සමාවගත්තට බැහැ ලිඛිතව දෙන්න කියල ලියුමක අත්සන් ගත්ත. මම හිතුවෙ ඒ වෙලාවෙ ප්‍රාතිහාර්ය පාල පොළව ගුගුරුවල මහ පොලොව කම්පාවෙයි කියල. එහෙම මොකුත් වුනේ නැහැනේ...

     
    Last edited:
    Oct 3, 2008
    1,723
    437
    0
    මෙන්න හේතු කියනවා. :D

    රහත්වෙලාද දන්නෙනම් නෑ පහුගිය දවසක මල්වතු මහානායක හාමුදුරුවො ලඟ දණින්වැටිල සමාව ගත්ත රූපවාහිනියෙ පෙන්නුව මොනවහරි වදාරපු අවටියල් ටෝක් එකක් සම්බන්ධව, මහ නායක හාමුදුරුවො තව එක වතාවක් ඔයවගේ දෙයක් කලොත් නිකායෙන් නෙරපනව කිව්ව කටින් සමාවගත්තට බැහැ ලිඛිතව දෙන්න කියල ලියුමක අත්සන් ගත්ත. මම හිතුවෙ ඒ වෙලාවෙ ප්‍රාතිහාර්ය පාල පොළව ගුගුරුවල මහ පොලොව කම්පාවෙයි කියල. එහෙම මොකුත් වුනේ නැහැනේ...

    Meke hitiya samantha baddage abiththa kollo mewa dakke naa wage yanne dan. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    AI Ban ubala Rahath welada nadda hoyanne, apita adala nathi deyak ne. Mata nam a hamuduruwonge bana godak hodai. hodata therenawa.