සම්බුද්ධත්ව ජයන්තිය
2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය කියල අපි මේ වෙසක් සැමරුවට ගොඩක් අය දන්නෙ නැතුව ඇති මේ වචනෙ අර්ථය මොකක්ද කියල. අනික සම්බුද්ධත්ව ජයන්තිය විතරමද මේ 2011 අවුරුද්දෙ තියෙන්නෙ කියල. නෑ තවත් වටිනා කම්කින් යුත් බුද්ධ ජයන්ති දෙකක් මේ 2011 වසර තුල තියෙනව. ඒ කියන්නෙ අපි ගොඩාක් පිං කරල තියෙනව. මේ ඊයෙ මට ලැබුනු ඊමේල් එකක්. මමත් මේ විස්තර දැනගත්තෙ ඒකෙන්. බලන්නකො හොදද කියල.
නමෝ බුද්ධාය !
2600 වසර, සැමරීමට අසිරිමත් ත්‍රිවිධ ජයන්තියකි !
පින්වත් ස්වාමීන් වහන්ස,
සැදැහැවත් පින්වත්නි,
පින්වත් දරුවනි,
ලෝකයෙහි ඉතා කලාතුරකින් උදාවන දුර්ලභ අවස්ථාවක් අපට උදා වී තිබේ. එනම් අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ පරම ශ්‍රේෂ්ඨ වූ ජයන්ති තුනක් සමරන්නට අවස්ථාව ලැබීමයි…!
♦♦ අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය තිස්පස් (2635) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී ලූම්බිණී සල් උයනෙහිදී මනුලොව උපන් සේක.
♦♦ අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී නේරංජරා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණෙහිදී වජ්රාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.
♦♦ අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර ඇසළ පුන් පොහෝ දිනකදී බරණැස ඉසිපතන මිගදායෙහිදී දස සහස්‍රී ලෝක ධාතුව කම්පා කරවමින් දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් මතු කරමින් උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ සේක.
♦♦ අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර ඇසළ පුන් පොහෝ දිනකදී බරණැස ඉසිපතන මිගදායෙහිදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවට සවන්දුන් පස්වග භික්ෂූන් වහන්සේලා අතුරින් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේ උතුම් දහම් ඇස පහළ කරගත් සේක. ඒ මොහොතේම භාග්‍යවතුන් වහන්සේගෙන් ඒහිභික්ෂු පැවිදි උපසම්පදාව ලද සේක. ඒ අනුව ආර්ය සංඝයා ද පහළ විය.
♦♦ අප භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන්ගේ දුක් දොම්නස් නිවාලමින් අමා දම්වැසි වස්සවා භව සයුරෙන් ලෝ සතුන් එතෙර කරවා අසිරිමත් බුද්ධකෘත්‍යය සම්පූර්ණ කොට මින් දෙදහස් පන්සිය පනස්පස් (2555) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී කුසිනාරායෙහි උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පා වදාළ සේක.
මේ අනුව 2600 වැනි වසර සමරන සුවිශේෂී ජයන්ති තුනක් මෙම වසරේදී උදාවේ.
එනම් අප භාග්‍යවතුන් වහන්සේගේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මෙම වෙසක් පුන් පොහොයට යෙදී තිබේ.
එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ 2600 වැනි ශ්‍රී ධර්මචක්ර ජයන්තිය මෙම ඇසළ පුන් පොහොයට යෙදී තිබේ.
එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ 2600 වැනි ආර්යශ්‍රාවක ජයන්තිය මෙම ඇසළ පුන් පොහොයට යෙදී තිබේ.
ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට නමස්කාර වේවා!
ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී ධර්මචක්ර ජයන්තියට නමස්කාර වේවා!
ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී ආර්යශ්‍රාවක ජයන්තියට නමස්කාර වේවා!
සම්මා සම්බුද්ධෝ භගවා! ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ! සුපටිපන්නෝ සාවක සංඝෝ!
අපටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනය දෙව් මිනිස් ලෝකයෙන් අතුරුදහන් වෙන්නට පෙර ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වී මේ බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!
නමෝ බුද්ධාය !
මේ වසරේ වෙසක් පුන් පොහෝ දිනට අප භාග්‍යවතුන් වහන්සේ ගේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදේ
මෙම වසරේ ඇසළ පුන් පොහෝ දිනට අප භාග්‍යවතුන් වහන්සේ ගේ 2600 වැනි ශ්‍රී ධර්මචක්ර ජයන්තිය යෙදේ..
මේ මම කලින් දාපු පෝස්ට්
බුදුන්ගේ මනරම් සිතුවිලි
http://www.elakiri.com/forum/showthr...0#post10276310
බුදු දහම
http://www.elakiri.com/forum/showthr...7#post10276097
ධාතූන් වහන්සේලා
http://www.elakiri.com/forum/showthr...7#post10214647
ලක්මවගේ පුත්තු
http://www.elakiri.com/forum/showthr...7#post10268617
කෑම
http://www.elakiri.com/forum/showthread.php?p=10277911#post10277911
ලක්මවගේ පුත්තු
http://www.elakiri.com/forum/showthread.php?p=10268617#post10268617