සම්බුද්ධ_රජ_මාලීගාව

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාලිගාවල් වලින් වෙන්නේ සසරට තවත් ඇලීමක් වෙන එක විතරයි සහෝදරවරුනි. විහාරස්ථානයක් තියෙන්නේ සංඝයාවහන්සේලාට වාසය කරන්න සහ ප්රිතග්ජන මිනිස්සුන්ට ගිහින් වන්දනාමාන කරන්න මිසක් මිනිස්සුන්ට ගිහින් නරඹන්න නෙවෙයි. මේක තවත් නිකායක ආරම්භයක් වගෙයි.
    අපි බෞද්ධ කියාගන්නා අපේ මිනිස්සුන්ගෙන් 99.999% ක්‌ම අඩුම තරමේ පෝයටවත් පන්සලකට යන්නේ නැති තරම්. ඒ තියා තමුන්ගේ ගෙදර තියෙන බුදු පිළිමේ ඉස්සරහ මලක් පහනක් හඳුන්කූරක් පූජා කරන්නේ නැති තරම්. එහෙව් කාලෙක මොනමහරි විදිහකට බුදු දහමට කැමැත්තක් ගොව්රවයක් තියෙන තරුණ පරපුර හරිම අඩුයි. ආඩම්බරයි උඹල ගැන. එත් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ සහෝදරයා මහමෙව්නාවෙන් පතුරුවල හරින්නේ නිර්මල බුද්ධ දේශනාව නෙවෙයි. කිරිබත්ගොඩ ස්වාමින්වහන්සේගේ බුද්ධියට ගෝචර වෙන්න සකසගත්තු දහමක්. ඔයාල යන්නේ වැරදි පාරක සහෝදරයා. මහමෙව්නාවට ගියහම හිතට හරිම සැනසීමක් දැනෙනවා කියල මීට කලින් සහෝදරයෙක් කියල තිබුන. ඒ දැනෙන සැනසීම දැනෙන්නේ ඔයාලගේ ඇසට සහ කනට නේද කියල පොඩ්ඩක් හිතල බලන්න . නිහඬතාවය නිසා කනට සැනසීමක් ඇති. ලස්සනට ගොඩනගාපු පරිසරයක් නිසා ඇසට සැනසීමක් ඇති. ඒ දැනෙන සැනසීම බුදුදහම තුලින් දැනෙන සැනසීමට ගොඩක් වෙනස් සහෝදරවරුනි. රේරුකානේ ස්වාමින්වහන්සේ ලියපු පොත් කියවල බලන්න. නියම ධර්මාවබෝධය ලබන්න උත්සහ කරන්න.

    බුදුරජානන් වහන්සේගේ සද්ධර්මය ගිහි ජීවිතය සාර්ථක කරගන දේශනා කරපු දහමක් නෙවෙයි. ගිහිජිවිතයෙන් මිදිලා 4 අපායෙන් මිදිලා සංසාරෙන් එතෙරවෙන්න දේශනා කරපු දහමක්. වර්තමානයේ ගරුතර සංඝරත්නය ගිහි ජීවිතය සාර්ථක කරගන්න කාලීන ධර්මදේශනා පවත්වනවා මිසක් සංසාරෙන් එතරවෙන දහම් දෙසන්නේ නැති තරම්. දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවනින් සැනසෙන කියලයි ප්‍රාර්ථනාව එයාලගේ. එත් සහෝදරවරුනි අමාමහ නිවනින් සැනසෙන්නනම් බලාපොරොත්තුව මොන කෙහෙල් මලකටද දෙව් මිනිස් සැප ප්‍රර්ථනා කරන්නේ කියන එකයි ප්‍රශ්නේ. මමත්වය වපුරාගෙන තමන්ගැන පම්පෝරි ගහන උන්දලා අතරේ කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින් වහන්සේත් එක සංඝයාවහන්සේ නමක් විතරයි. වෙනසකට තියෙන්නේ පෙර සංසාරේ කරපු පිනකට පිරිවර සම්පත්තිය/සැප සම්පත් විඳීමට වාසනාව ලබල තියෙන එක විතරයි. එත් බුද්ධ දේශනාව විකුර්ති කරලා කරගන්න පවනම් සුළුපටු නැහැ. උඹල යන්නේ වැරදි පාරක. ප්‍රඥාව මෙහෙයවල නියම ශ්‍රී සද්ධර්මය සොයාගන්න උත්සහ කරන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකුනේ මේකේ බුද්ධ ප්‍රතිමා හදල තියෙන්නේ ගැහැණු වගේ නේ..

    මේක හදපු පොන්නයෝ හිතන ඉන්නේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කියලද ?


    :angry::angry::angry:

    :yes::yes::yes::baffled::baffled::baffled:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    යකුනේ මේකේ බුද්ධ ප්‍රතිමා හදල තියෙන්නේ ගැහැණු වගේ නේ..

    මේක හදපු පොන්නයෝ හිතන ඉන්නේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කියලද ?


    :angry::angry::angry:

    යමෙකු යම් දෙයක් රැස්කරන්නේද, එය එම කෙනා අරගෙන යනු ලැබේ. වෙන කෙනෙක් අරගෙන යන්නේ නැත. වැඩි දුරටත් පව් රැස්කර ගැනීමට පෙර, පහත සදහන් දෙය කියවන්න.

    “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්රිතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්රුතිමාවක් හෝ චිත්රවයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රවතිමාව ඒ චිත්රිය ඒ පුද්ගලයාගේ ප්රාතිමාව ලෙසත්, චිත්රයය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්රමතිමාවක් හෝ චිත්රයයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රපතිමාව , ඒ චිත්රවය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්රචතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්රනතිමාවක්ම බුද්ධ ප්රැතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්රේතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්රිතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බුද්ධ ධර්මය වාද කීරීමට යෝදාගන්න එපා.
    ඇයි සමහරුන් තුල මෙපමන වෛරයක්. ලීයා ඇතිදේ මතින් පෙනීයති. යකුනේ, පොන්XXX යන අසබ්‍ය වචන වලින් බෞද්ධයන්ව අමතා ඇත.

    මෙතුමන්ලා පුරුදු කරණ දෙය මෙතුමන්ලාට එපමන හිතකාරී නැති වගයි පෙනී යන්නේ.

    මහමෙව්නාවට යන කවුරුත් මෙතුමන්ලාට ප්‍රති ප්‍රහාර එල්ල කර නැත. මෙය කොපමන අගය කල යුතුද.

    හුගක් අය මට private message කරලා තිබ්බා තවත් post දමන්න එපා කියලා, මෙහි සිටින කිහිප දෙනෙක් අනවසරයෙන් පව් පුරවා ගන්නා බැවින්.

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කිරිබත්ගොඩ හිමියන් නිවැරදිව ථෙරවාදි බුදු දහම දේශනා කරනවා නම් උතුම් නිවන් මග විකෘති නොකොට, තම මත ප්‍රකාශයෙන් තොරව, කතෝලික සභා මෙන් බෝධි ඥාන සභා ආදියෙන් සාසනය විනාස නොකරන්නේ නම් කිසිවෙකුගෙන් විවේචන නො එනු ඇත..

    මහමෙව්නාවට යන කවුරුත් මෙතුමන්ලාට ප්‍රති ප්‍රහාර එල්ල කර නැත. මෙය කොපමන අගය කල යුතුද.


    මෙය වාද කිරීමක් හෝ ප්‍රතිප්‍රහාර එල්ල කිරිමක් නොවේ.සත්‍යය කුමක් දැයි හේතු කාරණා සහිතව ඔප්පු කිරීමයි...
    හුදු බොළඳ කාරණා මිස සත්‍යය යටපත් කිරීමට සමත් කිසිම කරුණක් මහමෙව්නා අනුගාමිකයන්ගෙන් ඉදිරිපත් නොවීම ඔව්න් සතු ධර්ම දැනුම මනාව පෙන්වයි..
    මෙය පුදුමයක් නොවේ..අගය කල යුත්තක්ද නොවේ.අනුකම්පා කළ යුත්තකි.
    ගුරුවරයා වැරදි මග දෙසන්නේ නම් උඹලා හරි මග යන්නේ කොහොමද?


    මේ මහමෙව්නා ප්‍රකාශනයෙන් කතෝලික කුමන්ත්‍රණයක් බව කදිමට හෙළි වේ..



    ~DOWNLOAD~

    පල්ලියේ කුමන්ත්‍රණය සඟවන්න හැදුවත් මේ ප්‍රකාශනයෙන් එය එළියට පනී.

    :: පිරිත් පැන් බඩේ ගෑම
    :: ළමයි බෞතිස්ම කිරිම
    :: විවාහයකදි ශ්ලෝක කියවා ප්‍රතිඥා දීම
    :: රෝස පෙතිවලින් මනාල යුවල නැහැවීම
    :: ළමයින්ට කේන්දර නොසෑදිම
    :: මතක බණ,පාංසකුලය නොදීම

    උඹලට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි සරණයි!!!


    බුද්ධ ධර්මය කියවා තේරුම් ගෙන හරි වැරැද්ද තෝරා ගැනීමට ප්‍රඥාව පහල වේවා !!!

    මේව ලියන්නේ අපිට ඇති අමාරුවකටවත්, වෛරයකටවත්,උඹල මහමෙව්නාවට යනවට ඉරිසියාවෙවත්, මහ මෙව්නාවෙන් උඹලව හලල ගමේ පන්සලට යවන්නවත් නෙමේ...

    මහමෙව්නාව කුමක්දැයි සහ නියම බුදු දහම මොකක්දැයි කියල උඹලට තේරුම් කරල දෙන්න..
    මෙයින් පොතක් ඩවුන්ලෝඩ් කරල කියවල බලපල්ල අපි මෙච්චර කියනවට...
    http://www.ogatharana.org/


     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සසුන වනසන මිත්‍යා බලවේග

    පසුගිය ජුලි 26 වැනි බ්‍රහස්‌පතින්දා "දිවයින" පුවත්පතෙහි 08 පිටුවෙහි ඉතා වැදගත් ලිපියක්‌ පළවිය. එහි සිරස්‌තලය වූයේ "සිරිවර්ධනලා ගස්‌ බැඳීමෙන් පමණක්‌ බෞද්ධ විරෝධී ක්‍රියාන්විතය නිෂ්ක්‍රීය කළ හැකිද?(http://epaper.divaina.com/index.php.../701-saturday-16-july-2011/1-default-category) යන්නයි. ලිපිය කියවීමටත් පෙර නෙත් යොමු වූයේ ලිපිය කෙලවරටය. ඊට හේතුව එහි රචකයා කවුරුන්දැයි හඳුනා ගැනීමයි. නම ලියෑවී තිබුණේ චමිල ලියනගේ නමිනි. නම කියවුනු සැනින් සතුටක්‌ මෙන්ම කනගාටුවක්‌ද ඇති විණි. සතුටට හේතුව බෞද්ධ සමාජය තුළ අභීතව අදහස්‌ පළ කරන තරුණයකු (මා සිතන පරිදි ඔහු තරුණයෙකි) සිටීම ගැනය. එහෙත් දුකට හේතු වූයේ අදාළ ලිපිය කෙලවර භික්‍ෂුන් වහන්සේ නමකගේ නමක්‌ නොලියවීමයි. මන්දයත් මෙකී නිර්භය අදහස්‌ සමාජය බලාපොරොත්තුවන්නේ බොහෝ විට භික්‍ෂුවකගෙන් වනු නිසාය.

    කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. චමිල සාකච්ඡාවට ලක්‌කරන ප්‍රස්‌තුතය වත්මන් සමාජයේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ හොඳම කටගැස්‌මය. අනිකුත් බොහෝ මාධ්‍ය වලට තලුමර මරා සපා කෑ හැකි අදාළ ප්‍රශ්නය චමිල දකින්නේ නවමු ආකාරයකින්ය. පසුගියදා වඳුරඹදී ඇතිවූ සිදුවීම මුල් ප්‍රශ්නය සේ පෙනුනද චමිල ඒ හා බැඳුණු මාධ්‍ය තුළින් පවා නොදුටු කරුණු රැසක්‌ විවරණය කරයි. වත්මන් ලාංකීය ආගමික පරිසරය කෙරෙහි සමස්‌ත ගිහි සමාජය මෙසේ පූර්ණ අවධානයකින් පසුවේ නම් කෙතරම් අගනේද? එහෙත් අවාසනාවට ගිහි නොව පැවිදි සමාජය පවා සමස්‌තයක්‌ ලෙස එසේ අවධානයකින් පසු නොවන කල ගිහි සමාජය ගැන කතා කවරේද? (වාසනාවට චමිල වැන්නවුන් ද අපි අතර සිටී)

    ඔහුගේ අදාළ ලිපියෙහි සමස්‌ත සාරාංශය තුළ ඇත්තේ බුදු දහමට හානි කරන්නේ වඳුරඹ සිරිවර්ධනලා පමණක්‌ නොව එවන් "සිරිවර්ධනලා (ගිහි පැවිදි) රැසක්‌ අප අතර සිටින බවයි. ඒ අනුව එක්‌ සිරිවර්ධනයකු පමණක්‌ ගස්‌ බැඳීමෙන් සමස්‌ත ගැටලුවට නිසි විසඳුමක්‌ නොවන බවමය.

    චමිලගේ අදහසට අපද දැතම ඔසවමි. එහෙත් වඳුරඹ සිරිවර්ධනට එරෙහිව බොදු බලසේනා නම් සංවිධානය ගෙන ගිය සටන මොහොතකට හෝ අපි හෑල්ලු නොකරමු. මන්දයත් අද චමිලලා පවා මෙවන් ලිපියක්‌ ලියන්නට පෙළඹවූයේ ඔවුන් ගත් පියවරෙහි ඵලයක්‌ ලෙසිනි. එපමණකුදු නොව උත්තරීතර මල්වතු මහනාහිමියන්ට ජනපතිතුමා වෙත (අනෙක්‌ මහනාහිමිවරුන් තවමත් එවැනි ඉල්ලීමක්‌ කළ බවක්‌ වාර්තාවී නොමැත) ලිපියක්‌ යවන්නට සිත් පහළ වන්නේද එහි ඵලයක්‌ ලෙසිනි. තවත් එවන් විරෝධී ක්‍රියාවල නිරතවන තවත් ගිහි පැවිදි සිරිවර්ධනලා සිය ඔලුව පමණක්‌ හෝ සඟවා ගැනීමට කුරුබිල සොයන්නේද ඔවුන්ගේ උත්සාහයේ ඵලයක්‌ ලෙසිනි.

    එහෙත් චමිල ගොඩනඟන තර්කය ඉතා සාධාරණය. බුදුසමය හා ශාසනය වැනසීම සඳහා ක්‍රියාත්මක දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සිරිවර්ධනලා රැසකි. ඔවුන්ගෙන් ඇතැමෙක්‌ සසුන තුළද ඇතමෙකු සසුනෙන් පිටද සැරිසරති. වඩාත් භයානක සසුන තුළ සැරිසරන වැඩකාරයන්ය.

    2005 වසරෙන් එපිට අප රටේ ක්‍රියාත්මක බෞද්ධ විරෝධී බලවේග අපට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිව තිබුණා. මන්දයත් ඔවුන් බොහෝ විට ක්‍රියාත්මක වූයේ අන්‍යාගමිකම සහිත බෞද්ධ විරෝධී බලවේග ලෙසිනි. එහෙත් 2005 න් පසු තත්ත්වය ඉතා භයංකර වෙනසකට ලක්‌ව තිබුණා. බෞද්ධ නාම ගෝත්‍ර වාසගම් පමණක්‌ නොව බෞද්ධ දර්ශනයද උපයෝගී කර ගනිමින් ඉතා සියුම් ලෙස බලවේග ක්‍රියාත්මක වන්නට වීමයි. ඔවුහු විටෙක සුපැහැදිලි බෞද්ධ ගිහියෝ වූහ. විටෙක සුපැහැදිලි පැවිද්දොa වූහ. මේ දෙපිරිසම වඩාත් භයානක චරිතම වූහ. ජන වහරෙන් කියන්නේ නම් බුදු දහමේ ඉහඳ පණුවෝ වූහ. දහම හා සසුන තුළ රැඳෙන බව පෙන්වමින් ඒ දෙකම වසන්නට පටන් ගත්හ. ඔවුන් පෙනී සිටියේ අමුතු නම් වලින් නොව බෞද්ධයන් හා ඉතා හුරු පුරුදු ලෝකෝත්තර වචනය වරදවා තේරුම් නොගනු මැනවි) වචන වලිනි. විටෙක සෝවාන් වූහ. විටෙක අනාගාමී වූහ. විටෙක මෛත්‍රි බුදුන් වූහ. බුදුන් උපන් දේශය වෙනස්‌ කළහ. විටෙක පටිච්ච සමුප්පාදය ත්‍රිලක්‍ෂණය (චමිලගේ ලිපියෙහි සිවුර වෙනස්‌ කළ හැටි දැක්‌වූවා සේ) වැනි ලොවුතුරු වදන් සඳහා නව අර්ථ කථන ගෙනහැර දැක්‌වූහ.

    සමස්‌තය කෙතරම් දැයි ගතහොත් බෞද්ධයා අන්දමන්ද වූහ. බෞද්ධයා පමණක්‌ නොව මෙරට උගත් ධර්මධර භික්‍ෂූන් පවා නිරුත්තර වූහ. මුල් බුදුසමය උගත් ඇතැම් විදුදරුවන් අපට වැරදුනාවත්දොaයි විපිළිසර වූහ. එසේ වත්දී ඉහත කී උන් පාලුගෙයි වළං බින්දහ. කෙසේ හෝ මෙකී සියලු ආගමික ව්‍යාකූල තත්ත්වය මැද අප 2600 සම්බුද්ධත්ව ජයන්තිය උත්සව ශ්‍රීයෙන් සැමරුවෙමු. ඒ දවසකින් දෙකකින් නොව වසරක්‌ පුරාමය. උපදේශක සභා පත්කෙරිණි. කමිටුද, අනු කමිටුද, අනු අනු කමිටුද, ශාඛා ප්‍රශාඛාද බිහිවිනි. රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් මුදල්ද පොම්ප කෙරිණි. පන්සලක්‌ පාසා චක්‍රලේඛ නිකුත් කෙරිණි. ඒවායේ වගන්ති බොහෝය.

    ඔය අතරතුර උත්තරීතර කමිටුව වටිනා යෝජනාවක්‌ ගෙන ආවේය. ඒ ඉරිදා උදේවරුව හා පොහෝය දින ටියුෂන් නතර කරමු. දරුවන්ට දහම් පාසලට පන්සලට යන්නට ඉඩ හරිමු යනුවෙනි. යෝජනාවට අප දන්නා තරමින් කැබිනට්‌ටුව දක්‌වාම ගියේය. දැන් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය සමරා අවසන්ය. එහෙත් ඉරිදා ටියුෂන්, පොහෝදා ටියුෂන් එසේම ඇත. දහම් පාසල්හි ඉහළ ශේ්‍රණිවල දරුවන්නම් නැත.

    උත්තරීතර කමිටුව සුවසේ සැනසෙති. වගකිවයුතු රාජ්‍යතාන්ත්‍රිකයෝ සුවසේ හිඳිති. ඒ අතරතුර ජනාධිපතිපතිතුමන් අස්‌ගිරි විහාරයේ 700 සැමරුමේදී මහ සඟරුවනින් බැගෑපත් ආයාචනයක්‌ද කරයි. "හාමුදුරුවනේ අපේ දරු පැටවු ටික හදාලා දෙන්න, හාමුදුරුවන්ට වැඩේ අමාරු නැත. ප්‍රශ්නය ඇත්තේ හදන්න දරුපැටවුන් පන්සලට ගෙන්න ගන්නේ කෙසේද යන්නයි. ඉරිදා වරුවවත් හෝ ටියුෂන් නතර කර හාමුදුරුවනේ දැන්වත් මේ ළමයින් ටික හදල දෙන්න යෑයි එතුමන් කීවානම් කෙතරම් අගනේද?

    2500 බුද්ධ ජයන්තිය අවසානයේ අප උරුම කර ගත් වටිනා දායාද දෙකක්‌ ඇත. එනම් ත්‍රිපිටකය නැවත මුද්‍රණය හා වෙසක්‌ පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක්‌ කර ගැනීමයි. එහෙත් 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරූ අපට තව අවුරුදු 10 කින් ඊළඟ පරපුරට පෙන්නන්න යමක්‌ ඉතිරිව තිබේද? ඇත්නම් ඇත්තේ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පමණි. (කිරම විමලජෝති හිමියන් ස්‌වශක්‌තියෙන් පිහිටවූ)

    සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ මොහොතක මෙරට ශාසන සෝධනයක්‌ ඇති කර දුර්මතධාරීන් දුරුකරන්නට ලැබුණු මහඟු අවස්‌ථාවකි. එහෙත් දුර්මත සමාජ පද්ධතිය කරා වැඩියෙන්ම සම්ප්‍රේෂණය වූයේ මේ කාලවකවානුවේදීය.

    සම්බුද්ධත්aව ජයන්තිය සමරා මොහොතකින් එවන් සිදුවීම් අහඹුවක්‌ ලෙස සැලකිය නොහැකිය. තවද ඒවා පතුරවන සබ්බග්ගීන්ගේ අතීත තොරතුරු හාරා බලන කල ඔවුන් මූලබීජය ඉතා සැක සහිතය. ලාංකීය ථෙරවාදී බුදුසමය හා අපේ ශාසනය සුපිරිසිදු කර ගන්න තිබූ කදිම අවස්‌ථාවක්‌ ශාසන භාරධාරීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පැහැර හැරියා යෑයි යන්න මතු පරපුරෙන් නැගෙන අනාගත චෝදනාවෙන් නම් අපට කිසිදිනෙක ගැලවිය නොහැකි වනු ඇත.

    වඳුරඹ සිරිවර්ධන යනු එක්‌ හුදු පුද්ගල චරිතයක්‌ පමණක්‌ නොවේ. ඔහු වටා අප සමාජ පද්ධතියෙහි අප නොසිතන බොහෝ ක්‍ෂෙත්‍රවල අඩුපාඩු විහිදවූ බලවේග අදෘශ්‍යමානව ඇත. මීට කදිම නිදසුනක්‌ පවසමි. මතුගම ප්‍රදේශයේ වෙසෙන අති ඉන්ද්‍රිය බල ලාභියයි කියා ගන්නා කෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ කරන්නට ගිය ආගමික මිත්‍යා මෙහෙයක්‌ අපද මැදිහත්ව වැළැක්‌වූ කල්හී ඊට එරෙහිව බලපෑම් කරන්නට කතා කළ අයවලුන් අතර නම් දැරූ විනිසුරුවරුවෝද නීතිඥයෝද, නියෝජ්‍ය පොලිස්‌පතිවරයෝද වූහ. (සාක්‍ෂි ඇත) එසේනම් සිරිවර්ධන යනු හුදකලා එක්‌ චරිතයක්‌ වන්නේ කෙසේද?

    සියල්ල එසේය. චමිල මහමෙවුනාව ගැන පැවසුවාසේම මතු දිනක අපට ත්‍රිපිටකයට මහා වංශයටද ආයුබෝවන් කියන්නට සිදුවනු ඇත. මන්ද දැන් ජනප්‍රිය වදන බුදුන් උපන් දේශය ගැනය. මෙතෙක්‌ අදහස වූ දඹදිව ජම්බුද්වීපය හෙවත් ඉන්දියාව නොව ලංකාවය. මහමෙව්නාව ගැන අසන ප්‍රශ්නයේදී ව්‍යාකූල වන දරුවන්ගෙන් මතු යම් දිනෙක බුදුන් උපන් දේශය කොහේදැයි අසුවහොත් කරකවා අත්හැරියාසේ දැනෙනු ඇත.

    අපේ ත්‍රිපිටකය හා ඉතිහාසය (මහාවංශය) මතු යම් දිනෙක උපදින පරපුරෙහි කාලකණ්‌නි සැකයකට බඳුන් වුවහොත් අභිමානවත් ලෙස ලෝකයට කියා පාන්නට ඉතිරිවන්නේ කුමක්‌ද? මෙකී මිසදිටුවන් අර අදින්නේ මේ සැකය ඇති කරවන්නට නොවේද? සියල්ල එසේ වෙද්දී බහුතර සංඝ සමාජය විසින්ද අවධානයට ගතයුතු වැදගත් කරුණක්‌ වේ. එනම් අප අතරම ඇති අනවරත තරගයෙන් අප ඈත්වී භික්‍ෂුව සතුව ඇති සසුන් බර වගකීම වහා වටහා ගත යුතු කාලය එළඹ ඇත. අද අපේ බොහෝ පන්සල් අතර ඇත්තේ තරගයකි. ලක්‌දිව උසම පිළිමය, මහතම පිළිමය, දිගම පිළිමය, උසම චෛත්‍යය, උසම ගණ්‌ඨාව, උසම වාහල්කඩ ආදී වශයෙන් ලොකුම දේ කරන්නට ගොස්‌ අහිංසක බොදුවන් තව තවත් පෙලන්නට පටන්ගෙන ඇත. ඒ මදිවාට පෙරහැරද තරගයකි. පෙරහැරක අගනාකම මනින්නේ අලි ඇතුන් ගණනිනි. අලියකුගේ වටිනාකම හැටපන්දහසකි. බිල වැටෙන්නේ අමාරුවෙන් යමක්‌ උපයාගත් අපේම අහිංසක බෞද්ධයකුගේ පොකැට්‌ටුවටය. අද බොහෝ බොදුවන්ට පන්සල් දකින විට දුවන්නට සිත් දී හමාරය. එපමණක්‌ නොව දහම් පාසල් අතරද තරගයකි. හොඳම දහම් පාසල, ජනප්‍රිය දහම් පාසල, දක්‍ෂතම දහම් පාසල, තෑගි දෙන දහම් පාසල ආදී විවිධ කරුණු ඔස්‌සේ දහම් පාසල් වෙන්වී හමාරය. ප්‍රතිඵල භයානකය. මන්ද දහම් පාසල් හෙවනේ රැඳෙන්න අපේම බොදු දරුවන් කුඩා කල සිටම ඊර්ෂ්‍යාව තරහව වෛරය හදවතට ළංකරගෙන හමාරය.

    චමිලගේ ලිපිය තුළින් පැහැදිලි කරන ලද කරුණු සහ අපගේ මෙම ලිපිය තුළින් ගෙන හැර දැක්‌වූ මෙකී කරුණු කෙරෙහි වගකිව යුතු කාගේ කාගේත් කාරුණික අවධානය යොමු වුවහොත් එය අනාගත ශාසනාභිවෘද්ධියට හේතු වනු නොඅනුමානය.

    ශාස්‌ත්‍රවේදී, පූජණීය ගොම්බද්දල දමිත හිමි

    http://www.divaina.com/2012/08/04/feature02.html


    http://dharmanidhaana.wordpress.com/author/dhramachareepirisa/
     
    Last edited: