සමාධි බුදුපිළිම වහන්සේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිත නිවන තෙනක්

    b3.jpg
     
    Last edited:
    • Like
    Reactions: **cut and great ace

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    "ලක්‌දිව අනුරාධපුරයේ ඇති බුදුපිළිමය මා තුළ අමුතු ගැඹුරු හැඟීමක්‌ ජනිත කළේය. ඒ පිළිමයෙහි පින්තූරයක්‌ වර්ෂ ගණනක්‌ම මගේ සහායකයෙකු හැටියට තබාගෙන සිටිමි. (The Discovery at India 220 පිට) මේ ප්‍රකාශය කරන්නේ කෝටි සියයකට වැඩි ජනතාවකගේ අසහාය නායකයා වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයකු යෑයි ලෝකයා පිළිගත් ශ්‍රී ජවහර්ලාල් නේරු තුමාය. අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සිය රටත් ජාතියත් මෙහෙයවීමේදී සිර ගෙයි ලගින්නට වූ එතුමාට එහිදී පූර්ණ මානසික සැනසීමත් චිත්ත ඒකාග්‍රතාවක්‌ නොසැලෙන වීර්ය පිරි අධිෂ්ඨානයත් ගෙන දුන්නේ බුදු රුවක්‌ බව ලෝ පුරා ප්‍රසිද්ධය. රාජ්‍ය නායකයකු ලෙස ලංකාවට පැමිණි වෙලේ අනුරාධපුර ශුද්ධ භූමියට ගොස්‌ මහමෙව්නා උයනේ වැඩසිටිනා සමාධි පිළිම වහන්සේ සිය දෙනතින් දැක දෝතින් නමස්‌කාර කර ආපසු සිය රට යන ගමනේදී සමාධි පිළිම වහන්සේගේ රිදියෙන් කළ අනුරුවක්‌ ගෙන ගිය බවත් එය එතුමාගේ කාමරයේ සදා පූජනීය වන්දනා මාන සඳහා යොමුව තිබූ බවත් ලෝ ප්‍රකටය.

    ප්‍රකට භාරත පුත්‍රයකු වූ නේරුතුමාගේ අධ්‍යාත්මයම වෙනස්‌ කළ මේ පිළිම වහන්සේ වනාහි අනෙකක්‌ නොව අනුරාධපුර ශුද්ධ නගරයේ මහමෙව්නා උයනේ වැඩ සිටින ඇතැම් විචාරකයන් ලක්‌දිව පළමුවන සමාධි බුද්ධ ප්‍රතිමාවයයි සලකන තනි කළු ගලින් නෙළු ධ්‍යාන මුද්‍රාවෙන් නිරූපිත දෙස්‌ විදෙස්‌ ප්‍රකට බොහෝ උගතුන් විද්‍යාධරයන් ලොව ශේ්‍රෂ්ඨතම බුද්ධ ප්‍රතිමාව යෑයි සළකන සමාධි බුදු පිළිම වහන්සේය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනුරාධපුර ශුද්ධ භූමියට ඇතුළු වූ ඔබ ථූපාරාමය අසලින් දිවෙන මාවතේ ඉදිරියට ගමන් කර, ලංකාරාමයට යාමට පෙර හමුවන අභයගිරි ස්‌ථූපයට යන මංසන්ධියෙන් හැරී අභයගිරි දාගැබ පසු කර කුට්‌ටම් පොකුණ දෙසට යද්දී හමුවන නිසංසල වන උයනේදී ඈත තියාම සිත් නෙත් පහන් කරන පුදුම වශීකෘත බලයකින් හෙබි බුද්ධ ප්‍රතිමාවක්‌ දකිනු ඇත. එය පෙර පර සෑම කලා විශාරදයන්ගේම නොමද සැලකිල්ලට හා ගෞරවයට පාත්‍ර වූ අතීත ශ්‍රීවිභූතිය හා සාමයික පුනර්ජීවනය මොනවට විදහාපාන ලංකාවේ පළමුවන ධ්‍යාන මුද්‍රාව නිරුපිත පිළිම වහන්සේ යෑයි බොහෝ අය සලකනු ලබන සමාධි පිළිම වහන්සේ වන්නේය.

    තනි කළුගලින් නෙළු සමාධි පිළිම වහන්සේ හිඳි පිළිම වහන්සේ නමකි. විරාසන ක්‍රමයට අයත් ආසනයක්‌ මත ධ්‍යාන හෙවත් සමාධි මුද්‍රාවෙන් නෙලා ඇති මේ පිළිම වහන්සේගේ උස අඩි 7 අඟල් 9 කි. දෙදන අතර පළල අඩි 7 කි. සෘජු උඩුකය සහිතව ත්‍රිකෝණාගාර හැඩයට නෙළා ඇති මේ පිළිම වහන්සේගේ දකුණු පාදය වම් පාදය මත සිරිපතුල පෙනෙන සේ නෙලා ඇති අතර දෙපා මත තැබූ වම් අත්ල මත දකුණු අත පිහිටවා ඇත. නිර්මාණ ශිල්පියාගේ අදහස වී තිබුණේ මේ පිළිම වහන්සේ මගින් සම්මා සම්බුදු රජුන් මහා කරුණා සමාපත්තියෙන් ධ්‍යානයට සමවැදී සිsටින අයුරු නිරූපණය කිරීම නම් සිය නෙතින් පිළිම වහන්සේ දුටු ලොව අග්‍රගන්‍ය පුද්ගලයන් සියල්ල අපේ ඒ ශ්‍රේෂ්ඨ කලාකරුවාට හිමි උසස්‌ම සම්මානය දී ඇත්තේ මේ ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධ ප්‍රතිමාව යෑයි නම් කරමිනි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කළබලකාරී නොදැමුණු සිතක්‌ වුව සමාධි පිළිම වහන්සේ දුටු සැනින් දැමුණ නිවුණ සිතක්‌ ඇති කරන්නට තරම් සමත් උපශාන්ත පෙනුමක්‌ නිතැතින්ම පිළිම වහන්සේ වෙතින් පෙන්නුම් කරන අතර ඒ උප ශාන්ත ගුණය තිව්ර කිරීමට යොදා ඇති රවුම් මුහුණ අඩවන් වූ දෙනෙත මද සිනහවත් ඇදී තොල් සඟල සැබවින්ම සමත් වේ. මේ වනවිට සංරක්‍ෂණය කර තිබුණද පිළිම වහන්සේ සොයා ගන්නා විට (1886) එය බිම පතිතව නාසිකාව බිඳී තිබූ බව සඳහන්ය. බිඳුන නාසිකාව ඩොලමයිට්‌ මාබල් යොදා ප්‍රතිසංස්‌කරණය කර ඇති අතර විමසිලිමත් ලෙස බලන්නෙකුට ඒ බව අද වුවත් දැකගත හැකිය. පිළිම වහන්සේගෙන් දිස්‌වන උපශාන්ත ගුණය උන්වහන්සේගේ වීතරාගී බවත් නිවුණ කරුණා සීතල හදත් මැනවින් ප්‍රකට කෙරේ. මේ සංකලනය මෙතරම් ඉහළ අන්දමින් ඉස්‌මතු= කර පෙන්වීමට කලා ශිල්පියා සතුව මොන තරම් නම් කුසලතාවක්‌ දක්‍ෂතාවක්‌ ඉවසීමක්‌ හා ලතෙත් බවක්‌ තිබෙන්නට ඇත්දැයි අපට සිතා ගැනීමට හැකිය.

    ලක්‌දිව බොහෝ පිළිමවල බුදු සිරුරට සිවුරක්‌ අන්දවා රැළි මගින් එය ඉලිප්පී යන ආකාරයට දක්‌වා ඇතත් සමාධි පිළිම වහන්සේ නිර්මාණය කිරීමේදී කලා ශිල්පියා දකුණු උරහිස නිරාවරණය කර තබන අතර වම් උර දරා සිටින සිවුර පෙන්නා ඇත්තේ සිහින් රේඛාවකින් දිය රෙදි කඩක්‌ ඇඟට ඇලී ගිය ආකාරයටය. එමගින් ශිල්පියාගේ අරමුණ වූ බුද්ධ දේහය හැඩය මනාව ඉස්‌මතුව පෙනේ. ඉතාම විමසිල්ලෙන් බලන්නෙකුට චීවරයේ රැලි කීපයක්‌ දැක ගන්නට හැකිවන අතර චීවරයේ පෙරවීම අනුව මෙය ඉන්දියාවේ ගුප්ත කලාව හා සමගාමීව යන බව කලා විශාරදයන් දරන මතය වේ. බුදු සිරසට සිරස්‌පතක්‌ උෂ්නිෂ්‍යක්‌ එක්‌ නොකරණ කලාකරුවා ඉතා ක්‍රමානුකූළ හා සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් බුදු සිරස බොකුටු හිසකේ රැලිවලින් ඔප් නංවා ඇත.

    වර්තමානයේ සමාධි පිළිම වහන්සේ වැඩ හිඳිනා තැන හතරැස්‌ කොටුවක්‌ සේ සකස්‌ කළ ගල් බැම්මක්‌ දැකිය හැකි වේ.

    බොහෝ වියතුන් අදහස්‌ කරන්නේ මේ සතරැස්‌ කොටුව තුළ බෝධියක්‌ රෝපනය කර තිබෙන්නට ඇති බවයි. පිළිමය වටා ඇති ගල් කණු දෙස බැලීමෙන් මේ පිළිම වහන්සේට සෙවන දුන් ශෛලමය ආවරණයක්‌ තිබෙන්නට ඇතැයිද අනුමාන කරන්නෝ බොහෝය. මේ සීමාව තුළම තවත් මෙවැනි පිළිම වහන්සේ නමක්‌ තිබූ බවට අනුමාන කළ හැකි ප්‍රතිමාවක කොටසක්‌ හමුවීමෙන් පෙනීයන්නේ. මේ ස්‌ථානයේ බෝධි ඝරයක්‌ තිබූ බවත් ඒ වටා පිළිම වහන්සේලා සිව්නමකගේ ප්‍රතිමා ඉදිකර තිබූ බවත්ය. බෞද්ධ ඉතිහාසයේ සඳහන් පරිදි අභයගිරි පාර්වශය මහා විහාර පාර්වශය. ගමන් ගත් මගට යම් තරමකින් වෙනස්‌ මගක ගමන් ගත් භික්‍ෂු පරපුරක්‌ වැඩ විසූ කේන්ද්‍රස්‌ථානයක්‌ වන අතර අභයගිරි මහ දාගැබට ආසන්නව පවතින මේ බෝධිය සුවිශේෂ සැලකිලි ලැබූ බෝධීන් වහන්සේ නමක්‌ වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    සමාධි පිළිම වහන්සේ අයත් කාලය කුමක්‌ද යන්න ගැන විවිධ උගතුන් අතර විවිධ මත ඇති බව පෙනේ. සමහර උගතුන් සඳහන් කරන්නේ මේ පිළිම වහන්සේ නම් මහා වංශයේ දේවානම් පියතිස්‌ස රාජ්‍යය සමයේ නිර්මාණය කළැයි සඳහන් උරුසිලා පිළිමය විය හැකි බවය. එසේ වුවොත් ඒ ක්‍රි. ව. 3-4 වන සියවස්‌වලට අයත් විය හැකිය. අපේ රටේ සිටි සුප්‍රසිද්ධ පුරාවිද්‍යා විද්වතකු වූ සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වී තිබුණේ ද මේ 3-4 වන සියවස්‌වලට අයත් එකක්‌ බවය. නමුත් ආනන්ද කුමාරස්‌වාමි චාල්ස්‌ ගොඩකුඹුර වැනි වියතුන්ගේ අදහස වුයේ මේ පිළිම වහන්සේ 3-4 වන සියවස්‌වලට බොහෝ කලකට පෙර නිර්මාණය කරන ලද්දක්‌ බවය.

    බෞද්ධ ඉතිහාසයට අනුව ලක්‌දිව පළමුවරට ඉදිවූ ස්‌ථූපය වන්නේ අභයගිරි දාගැබටත් මහා සෑය නමින් අපි දන්නා රුවන්මැලි සෑයටත් අතර පිහිටුවා ඇති ථූපාරාම චෛත්‍යය මහා වංශයේ සඳහන් උරුසිලා පිළිමය මේ සමාධි පිළිම වහන්සේ යෑයි සැලකුවහොත් මේ පිළිමය මුලින්ම තිබී ඇත්තේ ථූපාරාමය විහාර මළුවේය. මහා වංශයට අනුව ඒ පිළිමය 1 වන ජෙට්‌ඨතිස්‌ස රජතුමා විසින් තමා කරවූ පැදුන්තිස්‌ස නම් විහාරයට ගෙන ගොස්‌ ඇත. ඉන්පසුව රජ පැමිණි මහසෙන් රජතුමා එය අභයගිරි විහාරයට ගෙන ගොස්‌ ඇත. ධාතුසේන රජතුමා ද මේ පිළිම වහන්සේට පිළිමගෙයක්‌ කළ බව සඳහන්ව ඇත.

    මේ ලිපියේ අප මුලින්ම සඳහන් කළ පාහියන් නම් බෞද්ධ මහා ස්‌ථවිරයාණන් වහන්සේ ලක්‌දිවට පැමිණි වේලේ. අභයගිරි විහාරස්‌ථානයේ වසර 2 ක කාලයක්‌ නැවතී ධර්මය හැදෑරූ බව සඳහන් ය. උන්වහන්සේ සිය දේශගවේෂණ සටහන්වල අභයගිරි විහාරභූමියෙහි තිබූ අලංකාර ශෛලමය පිළිම වහන්සේ නමක්‌ ගැන කරන සටහන මේ සමාධි පිළිම වහන්සේ යෑයි බොහෝ උගතුන්ගේ මතය වේ.

    මොනාලීසා චිත්‍රය ගැන කතා කරන විට බොහෝදෙනා එය අගය කරන්නේ ඒ චිත්‍රයෙහි ඇඳි කාන්තා රුව බලන්නාගේ සිතැඟි අනුව දර්ශනයක්‌ මවා දෙන බවයි. නරඹන්නා මොනාලිසා මද සිනා පාන්නේ යෑයි සිතා බැලුවහොත් ඒ ආකාරයටද මිලින වූ නෙතින් හා වතින් යුතුව සිටින්නේ යෑයි උපකල්පනය කළ විට ඒ ආකාරයෙන්ද, හැඩීමට ආසන්න යෑයි සිතා බැලූ විට ඒ ආකාරයෙන්ද යනුවෙන් උචිත පරිදි දර්ශනයක්‌ ලබාදෙන බවයි. සැබවින්ම මේ අන්දමට චිත්‍රයක්‌ නිමයුම දක්‍ෂකමකි. සත්‍ය කතාව නම් සිංහල බෞද්ධයා ඕනෑම අතකට ඇඳිය හැකි තෙළිතුඩකින් විවිධ අනුරූප හා භාවයන් මවන වර්ණ සංයෝජනයකින් නැවත නැවත මකා දමා අවසාන නිමයුම කරා යා හැකි චිත්‍ර වැනි පහසු මාධ්‍යයකින් නොව හිත් පිත් නැති මහා කළු ගලකින්, එක තද හෝ නොනිසි හෝ අපරික්‍ෂාකාරී සේම නොඉවසිලි ගල් කටු පහරකින් සියල්ල සම්පූර්ණයෙන් ම විනාශ විය හැකි තත්ත්වයක්‌ ඇති ප්‍රතිමා නිමයුමේදී පවා මේ අපූරු දස්‌කම කළේ දියුණු යෑයි කියා ගන්නා ග්‍රහලෝක තරණය කිරීම සෙල්ලමක්‌ තරමට පහසු යෑයි කියනා බටහිර ජාතීන් විලි වසා ගැනීමට කොළ අතුවල පිහිට පැතූ යුගයේදීය.

    මහමෙව්නා උයනේ වැඩ හිඳිනා සමාධි පිළිම වහන්සේ නිම වූදා සිට මේ දක්‌වා දෑසින් දැක දොහොතින් වන්දනා කළ ප්‍රමාණය කෝටි සංඛ්‍යාතය. පිළිම වහන්සේ නැමදීමේදී ඉදිරිපසින්, දකුණු පසින් හා වම් පසින් නැරඹිය හැක. එසේ තුන් පැත්තකින් සමාධි පිළිම වහන්සේ නැරඹූ බෞද්ධ දර්ශනය පමණක්‌ නොව සංවේදී මානුෂික හැඟීම් ග්‍රහණය කරගෙන නොසඟවා එළිදැක්‌විය හැකි උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන්ගේ අදහස වන්නේ කුමක්‌ද? මේ එසේ ගොනු වූ පොදු මහජන මතයයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පිළිම වහන්සේ ඉදිරිපිට සිට නරඹන්නේ නම් ධ්‍යානයට සමවැදී මහා කරුණා ගුණය ලොව වෙත මුදාහරින මහා කාරුණිකයාණන් වහන්සේ දැකිය හැකි අතර එයින් නිරූපණය වන්නේ සංසාරයෙන් මිදීමේ උත්සාහය දකුණු පැත්තේ සිට බලන්නෙකුට දිස්‌ වන්නේ මුහුණේ ඇඳී ඇති මඳ සිනහවක ස්‌වරුපය පෙනේ. ඒ සංසාරයේ පෙරුම් පුරා ලැබූ විමුක්‌තියේ ඵලයයි. වම්පස සිට බැලූවිට පෙනී යනු ඇත්තේ මුහුණේ ඇඳී ඇති දුඃ�ත ස්‌වභාවයයි. ඒ භවය පුරා සංසාරයේ ඇවිදින විට නිතැනින්ම විඳින්නට සිදු වන්නෙමු. දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ ප්‍රති චූර්නියයි උගතුන් බුද්ධිමතුන් ප්‍රාමාණිකයන් මේ පොදු අදහස අනුව මෙවැනි හැඟීම් ත්‍රිත්වයක්‌ පල කරනා ලොව ඇති අසම සම මහා කලා නිsර්මාණය වන්නේ මහමෙව්නාවේ වැඩ සිටින සමාධි බුදු පිළිම වහන්සේය.

    බෞද්ධයන් හැටියට අපට බුදු පිළිම වහන්සේ නමක්‌ නැමදීමෙන් අත්කර ගත හැක්‌කේ සිතට සහනයක්‌ නිවුන බවක්‌ කුසලයක්‌ හා සංසාරික විමුක්‌තියක බලාපොරොත්තුවක්‌ පමණක්‌ද, කොහෙත්ම නැත. මේ සියල්ලටම වඩා බුද්ධ අනුගාමිකයන් හැටියට තමන් විසින් අවබෝධ කටයුතු උසස්‌ අධ්‍යාත්මික ලෝකයක වටිනාකම ගැන නිතර සිහි කිරීමක්‌ එමගින් නිතැතින්ම සිදු වන්නේය. ලෝ ප්‍රකට දාර්ශනිකයකු වූ ජර්මන් ජාතික කවුන්ට්‌ හර්මන් කිංස්‌ලිගේ මේ වියත් කියමනට නෙත යොමන්න. "බටහිර ජාතීන්ට තවමත් අත්පත් කර ගැනීමට නොහැකි වූ දෙයක්‌ පෙරදිග ජාතීන් විසින් අත්පත් කර ගෙන තිබේ. එනම් දේවත්වයෙහි දෘෂ්‍යමාන නිරූපණයයි. ඒ අතින් බුදුරජුන්ගේ පිළිමයට වඩා ප්‍රතාපවත් දෙයක්‌ මේ ලෝකයෙහි මම නොදකිමි. එය දෘෂ්‍යමාන ලෝකයෙහි දක්‌නට ඇති අධ්‍යාත්මිකත්වය පිළිබඳ පරිපූර්ණම ප්‍රතිමූර්තියයි.

    ජීවිතයේ එක්‌වරක්‌ හෝ අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි බුදු පිළිම වහන්සේ දුටු අයෙක්‌ නිතැතින්ම කරනු ලබන එක ක්‍රියාවක්‌ විය හැක්‌කේ. ඒ පිළිම වහන්සේට සදාකල් තම හදවතේ පිළිම ගෙයක්‌ තනා පූජා කිරීම විය හැක. ඉඩ ලද විටෙක පැහැබර කාලගුණික තත්ත්වයක්‌ ඇති දිනෙක අරුනළු නැගෙන හිමිදිරි යාමයක යමක්‌ හඳුනා ගත හැකි නොහැකි කාල පරාසයක මදක්‌ ඈතින් සිට ඉදිරිපසින් වම්පසින් හෝ දකුණු පසින් ධ්‍යානයට සමවැදී සිsටින මහා කාරුණිකයාණන් වහන්සේගේ අනුරුව දැකගන්න බුදු බැතියෙන් යුතුව නමදින්න උත්සාහ ගන්න. ලොව්තුරු සුවය යනු කුමක්‌දැයි ඔබට වැටහී යනු ඇත.
    s.u
    divaina


    kamathinam rep ekak dila yanna
     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචෝ අන්තර්ගතය හොඳයි.... :)

    ඒත් මේ thread එකේ topic එකට දාලා තියෙන emoticon එකනම් හරි නෑ වගේ නේද?

    5.gif
    සමාධි බුදුපිළිම වහන්සේ
    නමත් එක්ක ලොකු නොගැලපීමක් තියෙනවා.... :no:

    හිතට කිසිම පහන් හැඟුමක් එන්නේ නෑනේ....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මචෝ අන්තර්ගතය හොඳයි.... :)

    ඒත් මේ thread එකේ topic එකට දාලා තියෙන emoticon එකනම් හරි නෑ වගේ නේද?

    නමත් එක්ක ලොකු නොගැලපීමක් තියෙනවා.... :no:
    හිතට කිසිම පහන් හැඟුමක් එන්නේ නෑනේ....

    machan wenas karanney kohomada ? kiyaladenawada
     
    • Like
    Reactions: Santa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පෝස්ට් එකේ යටම වම් පැත්තේ
    edit.gif
    button එකට ගිහින් එකේ Go Advanced කියන එකට යන්න...එකේ ඇති emoticon එක වෙනස් කරන්න තැනක්....
    <post icons kiyala ekak>


    thx thx thx hod namakuth ehenam kiyanna balanna
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මචෝ අන්තර්ගතය හොඳයි.... :)

    ඒත් මේ thread එකේ topic එකට දාලා තියෙන emoticon එකනම් හරි නෑ වගේ නේද?

    නමත් එක්ක ලොකු නොගැලපීමක් තියෙනවා.... :no:

    හිතට කිසිම පහන් හැඟුමක් එන්නේ නෑනේ....

    ඔව් මචන්! මම හිතුවෙත් නිකං තරහෙන් කියන දෙයක් කියලා! :nerd:

    Good Post mcn!