සයිටම් ප්‍රශ්ණය..
අධ්‍යාපනය මුදලට විකිණිමේ කිසිම වරදක් මම දකින්නෙ නෑ.
අපි හැමෝම ටියුෂන් පන්ති වලින් අධ්‍යාපනය මිලදී ගෙන, විභාග පාස් වෙලා තියෙනව..
ඒත් විකුනන්නෙ අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන සහතිකයනම්??
සයිටම් වල තියෙන්නෙ මුදලට අධ්‍යාපනය විකිනීම වෙනුවට මුදලට සහතිකය විකිනීම නිසා ඇති වූ අහිතකර තත්වයක්..
ඒක හරියට ඒ ලෙවල් භෞතික විද්‍යා ගුරුවරයා, ශිෂ්‍යයාට රජයෙන් පවත්වන විභායගේ ෆිසික්ස් පේපර් එක සමත් වීමට අවශ්‍ය භෞතික විද්‍යාව මුදලට විකුනනව වෙනුවට යම්කිසි ඉගැන්වීමකින් පසු ටියුෂන් පන්තිය ඇතුලෙම විභාගයක් තියල ලමය ෆිසික්ස් පාස් කියනව වගේ වැඩක්.
සයිටම් වැසියයුතු නෑ.
සයිටම් රජයට පවරාගතයුතුත් නෑ
සයිටම් එකට වෛද්‍ය විද්‍යාව විකුනන්න කියල, රජයේ ආයතනයකින් විභාග ටික තිබ්බනම් හෝ, වෙනත් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක ඇෆිලියේටඩ් වර්ගයේ උපාධියක් දුන්නනම් මෙතන ගැටළුවක් නෑ.
ප්‍රධානම දේ.. ඉගැන්වීම සහ විභාගය ආයතන දෙකකින් සිදුවියයුතුයි.