හැට ගනන් වල හිටපු දේශපාලකයන් චන්ද කෙරුවේ තමන්ගේ ඉඩ කඩම් විකුනමින්. එහෙම නැත්නම් පයින් ගෙන් ගෙට ගොසින්.බණ්ඩාරණායක මැති තුමා තමන්ගේ ගෙදර පවා උගස් කරලා 56 චන්දය කරා.මේ ඩී.ඒ රජපක්ෂලා, සෝමවීරලා, , දරුවන්, තමන්ගේ පවුල ලෙස සැලකුවේ මේ රටේ ජනතාව. ඒක නිසා තමන්ගේ පෞද්ගලික මුදල් පවා වියදම් කරා.
තමන්ගේ ලමයින් වෙනුවෙන් ඉතිරි කෙරුවේ නෑ.මොකද ඒ අයට ඊට වඩා ලොකු පවුලක් , ලොකු වගකීමක් තිබුනා.අද ඉන්න හොර ඇමතිවරු තමන්ගේ ලමයින් වෙනුවෙන් දේශපාලනය කරන්නේ, තමන්ගේ පවුල වෙනුවෙන් කරන්නේ, දේශපාලනය තුලින් වත්කම් රැස්කරනවා, ජනතාව තමන්ගේ හතුරන් ලෙසයි මුන් දකින්නේ.මුන් මේ රට දියුණු කරන්නේ නෑ. රට කාලා තමන් දියුණු වෙනවා.මේක අපි වෙනස් කල යුතුමයි.බණ්ඩාරනායක යුගයේ දේශපාලකයන්, සේනානයක යුගයේ දේශපාලකයන් යලිත් අපි බිහි කරමු.හොර ඇමතිවරුන්ගෙන් මිදෙමු.