සර්පයින්ගේ ලෝකය-4
පිඹුරෙක් විසින් ඉත්තෑවෙක් ගිල දැමුව හොත් ඌට කුමන ඉරණමක් අත්වේද කියා අමුතුවෙන් කිවයුතු නොවේ.නමුත් බඩගින්නේ සිටින පිඹුරෙක් එවැනි ගොදුරක් පවා තම ආහාරය කරගන්නා අවස්ථා තිබේ.නමුත් එහි අවසන් ප්‍රතිඵලය මාරාන්තිකය.පහත දැක්වෙන පිඹුරා දකුණු අප්‍රිකාවේ ජීවත්වූවෙකි.ඌ ආහාරය කරගත් ඉත්තෑවෙක් නිසා සතියකට පමණ පසු මියගොස් තිබිණි.
විශ්වාස කලත් නැතත් පිඹුරන් සමහර අවස්ථාවල ඉත්තෑවන් ආහාරය කරගන්නා බව හෙළිව තිබේ.
ඉත්තෑවාගේ කූරු නිසා පිඹුරාගේ අභ්‍යන්තර කොටස්වලට තුවාල සිදුව තිබෙන අයුරු
ආහාර මාර්ගයේ තිබෙන ඉත්තෑ කූරු ඉවත්කරන අයුරු
පිඹුරාගේ දිග මීටර් 3.9ක් විය.
මෙය බොහෝදෙනා තුල කුතුහලය ඇතිකරන ප්රශ්නයකි.ඊට පිළිතුරක් සොයාගැනීම අපහසුව ඇත්තේ එවැනි සිද්ධියක් සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි නොමැති නිසාය.පිඹුරන් විසින් මිනිසුන්ව ගිල දැමූබව කියන ඡායාරූප අන්තර්ජාලයේ සැරිසැරුවද ඉන් බොහොමයක් සත්‍යය යැයි පිළිගැනීමට පවා අසීරුය.ඇන්කොන්ඩාට වැඩුණු මිනිසෙක් ගිල දැමිය නොහැක්කේ ඇයි නැතිනම් ඉතා අසීරු වන්නේ ඇයි?
ඇනකොන්ඩා යනු පෘථිවිය මත ජීවත්වන විශාලතම සර්පයා වුවද ඌ අඩි 22කට වඩා දිගින් වැඩිවන්නේ ඉතා කලාතුරකින් බව කියවේ.එසේම මිනිසෙක් ගිල දැමීමට තරම් විශාල ඇනකොඩාවන් ඉතා දුර්ලභය.සාමාන්‍යයෙන් ඇනකොන්ඩාවෙක් තම ගොදුර ලෙස තෝරාගන්නේ උගේ බරින් 30% පමණ සතෙක්ය.මේවන තෙක් දැක තිබෙන විශාලතම ඇනකොන්ඩාවා අඩි 29ක් දිග රාත්තල් 550ක් බර එකෙකි.එවැන්නෙකුට නම් වැඩුණු මිනිසෙක් ගොදුර කරගත හැකිවුවද එතරම් විශාල ඇනකොන්ඩාවන් දුර්ලභය.
මිනිසෙක් මරාගත් ඇනකොන්ඩාවෙකුට ඔහුගේ හිස ගිල දැමීම අසීරු නොවුවද මිනිසෙක්ගේ උරහිස් පළලින් වැඩි නිසා පෙර නොවූවිරූ තරම් තම හනු ඈත්කිරීම ඌට සිදුවේ.නමුත් ඇනකොඩාවෙක් සාමාන්‍යයෙන් ගොදුරු කරගන්නේ මිනිස් උරහිසක පළලට වඩා කුඩා සතුන්ය.එනම් කුඩා ක්ෂීරපායින්,කැස්බෑවන්,මුවන් සහ සමහර අවස්ථාවල ජගුවාර් නම් දිවියන්ය.
ඇනකොන්ඩාවෙක් තම ගොදුර මරාදමන්නේ හුස්ම හිරකිරීමෙන්ය.ඒ සඳහා ඌ තම ශරීරය ගොදුර වටා වෙළා ක්‍රමයෙන් එම වෙළුම් තද කරයි.ගොදුර කුඩා නම් ඌට පහසුවෙන් පාලනය කරගත හැකිය.නමුත් ගොදුර විශාලවන විට යෙදිය යුතු ආයාසයද වැඩිවේ.ගොදුර ආශ්වාස කරන මොහොතක් පාසාම ඌ තම දරණය තද කරනු ලැබේ.
ඇනකොන්ඩාවෙක්ගේ දත් පිහිටා ඇත්තේ පසුපසට ආනතවයි.එනම් ගොදුර මුඛය තුලට යොමුකරන ලෙසයි.උගේ දත්වලට හසුවන දෙයකට බේරී යාම අසීරුවන්නේද ඒ නිසාය.පිඹුරන් විශ රහිත සර්පයින් වුවද මිනිසෙක්ගේ බාහුවක් වැනි දෙයක් උන්ගේ හනු අතර හිර වුවහොත් දරුණු තුවාල සිදුවිය හැකිය.
පිඹුරන් ඕනෑම සතෙක් ගිල දමන්නේ ඔවුන්ගේ හිස පටන් ගෙනය.මිනිසෙක් ගිල දැමීමද ඊට සමාන වියයුතුය.නමුත් මිනිසෙක් යනු ඇනකොන්ඩාට විශාල ප්‍රමාණයේ ගොදුරකි.මිනිසෙක් එවැනි සර්පයෙකුට අසුවූවිට වෙනත් ගොදුරකට වඩා දිවිබේරා ගැනීමට දැඩි සටනක් දෙනවා සිකුරුය.දැඩි ප්රතිවිරෝධය හමුවේ මිනිසා වෙළීමට දරන වෑයම නොනවත්වා සිදුකරනවා වෙනුවට ඌ ගොදුර අතහැර දැමීම බොහෝවිට සිදුවිය හැකිය.
කරීනා ඔලිආනි නම් කිමිදුම්කාරිය සහ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් සොචි විසින් බ්‍රසීලයේදී ජලය යට පිහිටි ගුහාවක සිටි දැවැන්ත ඇනකොන්ඩාවෙක් සොයාගැනීමට සමත්විය.2015 වසරේදී ඔවුන් විසින් ඡායාරූප ගතකල මේ දැවැන්තයා කි.ග්රෑ.400 පමණ වෙතැයි ඔලිආනි පැවසීය.
ගොදුරක් සොයාගත් ඇනකොන්ඩාවෙක්
ඉන්දියානු පිඹුරෙක් සොයායෑම
ඇමෙරිකානු ස්වභාවවිද්යාඥයෙක් සහ වනජීවී වැඩසටහන් නිර්මාණකරුවෙක් වන පෝල් රොසොලි නැමැත්තා සිය කැමැත්තෙන් ඇනකොන්ඩාවෙක්ගේ ගොදුරක් වීමට ඉදිරිපත්වූයේ ඩිස්කවරි නාලිකාවේ විකාශනය වූ eaten alive වැඩසටහන වෙනුවෙන්ය.නමුත් ඇනකොන්ඩා විසින් ඔහුගේ හිස ගිල දැමීම ආරම්භ කිරීමත් සමග ඔහුගේ කණ්ඩායම කැඳවා දිවිගලවා ගන්නට ඔහු පියවර ගැනීම නිසා ප්‍රේක්ෂකයන්ගේ අවමානයට ලක්වන්නට ඔහුට සිදුවිය.
2014 වසරේ දෙසැම්බර් මස විකාශය වූ මෙම වැඩසටහන වෙනුවෙන් මිනිසෙක් ගිල දැමිය හැකි තරම් ඇනකොන්ඩාවෙක් සොයාගැනීම පහසු නොවීය.පෝල් සහ ඔහුගේ කණ්ඩායම ඒ වෙනුවෙන් බ්‍රසීලයේ ඇමසන් ගංගාව අවට දින 60ක් තරම් කාලයක් සංචාරය කලේය.අවසානයේදී ඔහු සෙවූ තරම් විශාල ඇනකොන්ඩාවෙක් හමුවිය.ඌගේ දරණයට හසුවූ පෝල් මිනිසුන් පස්දෙනෙක්ගේ සහායෙන් බේරාගන්නා විට ඔහුගේ එක් ඉලඇටයක් කැඩී තිබූ බව කියවේ.
මෙම වැඩසටහනට එහි නිර්මාපකයන් සූදානම් වී තිබෙන්නේ වසර දෙකක කාලයක් පටන්ය.ඔවුන්ගේ අරමුණ වූයේ පෝල්,ඇනකොන්ඩාගේ ආහාර වීම නොව ඔහුට හුස්ම ගැනීම අපහසුවන තුරු වැඩසටහන රූගත කිරීමයි.ඇනකොන්ඩාවෙක්ගේ දත් තියුණුය,ඒවා මුඛය ඇතුලට නැවී තිබේ.ඒ නිසා ගොදුරට පැන යාම අපහසුය.බොහෝවිට ඔවුන්ගේ දඬයම් කිරීම සිදුවන්නේ ජලයේය.ගොදුර බවට පත්වන සතා වටා දරණ ගසා ගෙන ඌ ජලය තුල ගිල්වා හුස්ම ගැනීමට අවස්ථාව නොදී මරණයට පත්කිරීම සිදුකරයි.ආහාරයට ගැනීමට පෙර දරණය තව තවත් උග්‍ර කරමින් සතාගේ අස්ථි බිදදැමීමද සිදුකෙරේ.එවිට පහසුවෙන් ගොදුර ගිලදැමිය හැකිය.ඇනකොන්ඩා ගැහැණු සතුන් ,පිරිමි සතුන්ට වඩා විශාලය.මෙම වැඩසටහනට යොදාගත්තේද ඇනකොන්ඩා ගැහැණු සතෙකි.උන් තම ගොදුර මත යොදන බලය ටොන් නමයක් බර බස් රථයක් ඔබේ පපුව උඩින් තැබුවා හා සමාන බව කියවේ.නමුත් ඇනකොන්ඩාවෙක් මිනිසෙකුට පහර දෙන්නේ ඉතාම කලාතුරකිනි.
වැඩසටහන වෙනුවෙන්ම ඔවුන් ශක්තිමත් කාබන් ෆයිබර් ඇඳුමක් නිර්මාණය කරන ලදි.එම ඇඳුමට යොදාගත් අමුද්රව්යට ඇනකොන්ඩාගේ ජීරක යුෂ මගින් හානියක් සිදුනොවේ.මෙම ඇඳුමේ කැමරාවක් සහ සන්නිවේදනය සඳහා මක්රෝෆෝනයක් ඇතුලු උපකරණද ඇතුලත්විය.කණ්ඩායම සමග සිටි වෛද්‍යවරු ඔහුට ලබාදුන් කැප්සියුලයක් ඔස්සේ ඔහුගේ ශරීර ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ලදි.ඔහුට ඇනකොන්ඩාගේ හිරකිරීම හමුවේ හුස්ම ගැනීමට අපහසුවක් සිදුවීම වැලැක්වීමට ඔක්සිජන් සැපයුම්ද පිටතින් ලබාදී තිබිණි.එය පැය තුනකට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයීය.තවත් මාර්ගයක් ඔස්සේ ඔහුගේ ප්‍රශ්වාස වාතය පිටකිරීම සිදුකෙරිණි.
මිනිසෙක් ගිලීමට තරම් විශාල ඇනකොන්ඩාවෙක් ඔවුන්ට හමුවූයේ පේරු රාජ්‍යයේ ඇමසන් වනාන්තරයෙනි.රොසොලිගේ ඇඳුමේ ඌරු රුධිරය ආලේප කරන ලදි.නමුත් ඇනකොන්ඩා ගොදුරක් යැයි සිතා ඔහුට පහරදුන්නේ නැත.ඒ නිසා ඔහුට බිමදිගා වී ඇනකොන්ඩාට පොළඹවා ගැනීමට සිදුවිය.
ඇනකොන්ඩාට දිගින් දිගට කරදර කිරීම හමුවේ ඊට ප්‍රතිචාර ලෙස ඌ පෝල්ව වෙලන්නට පටන්ගත් අතර දරණය ක්‍රමයෙන් දැඩිකරන්නට විය.ඉන්පසු ඌ පෝල්ගේ හිස දෙසට විත් ගිල දැමීම ඇරඹීය.තමන්ව වෙළා දැමූවිට පෝල්ට අවට සිදුවන දෑ සම්බන්ධව දැනගත හැකි එකම ක්‍රමය වූයේ ඇඳුමේ තිබූ තාක්ෂණික උපකරණයි.ඒවා මගින් පිටත සිටින ඔහුගේ කණ්ඩායම තොරතුරු ලබාදුන්හ.පිරිස අතර ඔහුගේ භාර්යාවද විය.
සිද්ධියෙන් මාස කිහිපයක් යනතුරු ඔහු පුර්ණ සුවය නොලැබූ බව කියවේ.නමුත් බොහෝ ප්‍රේක්ෂකයන් සිතා සිටි දේ වූ ඇනකොන්ඩාවෙක් විසින් මිනිසෙක් ආහාරය කරගැනීම දැකගත නොහැකිවීම නිසා දැඩි ලෙස පෝල් රොසොලිව විවේචනය කරන ලදි.නමුත් ඔහු කියා සිටියේ එම වැඩසටහනේ අරමුණ ප්‍රේක්ෂකයා පුදුමයට පත්කිරීම බවයි.වැඩසටහනෙන් පසුව ඔහුට මරණ තර්ජන පවා ඊමේල් ඔස්සේ ලැබුණු බව පෝල් විසින් හෙළිකරන ලදි.සත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටින පිරිස්වල දැඩි දෝෂාරෝපණයන්ට ලක්වන්නටද ඔහුට සිදුවිය.
පෝල් රොසොලි යනු ස්වභාවවිද්යාඥයෙක්,කතෘවරයෙක් සහ සම්මාන ලාභී වන ජීවී චිත්‍රපට නිර්මාණකරුවෙක් වේ.ඔහු බටහිර ඇමසන් වනාන්තරය සම්බන්ධව විශේෂඥයෙකි.ඔහු එම ප්‍රදේශය දශකයක පමණ සිට අධ්‍යයනය කරන්නෙකි.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි හැදී වැඩුණු ඔහු යෞවන කාලයේ පටන් ඇමසන් වනයේ සංචාරය කරන්නෙකි.ඔහුගේ වැඩිම ආකර්ෂණය දිනාගත්තේ කොළපැහැති ඇනකොන්ඩා වැනි දැවැන්ත සර්පයින්ය.ඔහු විසින් රචිත නවතම ග්‍රන්ථය වන Mother of God ඔස්සේ ඔහු හෙළිකරන්නේ ලෝකයෙන් සැඟවුණු ඇමසන් වනයේ දුරබැහැර ප්‍රදේශ සම්බන්ධවයි.
* සියලුම ඇනකොන්ඩාවන් අර්ධ ජලවාසී ,ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් කිමිදෙමින් ගතකරන සෙමින් ජලය ගලාබසින දියපාරවල්වල ජීවත්වන සර්පයින්ය.ඔවුන්ගේ විශේෂ හතරම හොඳ පිහිනුම්කරුවන්ය.
*මොවුන්ට ගොඩබිම තුල සිත් සේ හැසිරීමට නොහැකි මුත් ජලයේදී ඉතා වේගවත් චලන දැක්විය හැකිය.ඔවුන්ගේ ඇස් සහ නාස් පුඩු හිසේ ඉහළින්ම පිහිටා තිබේ.
*ඇන්කොන්ඩාගේ ගොදුරු වන්නේ මුවන්,කැස්බෑවන්,කුරුල්ලන්,කැපිබරා,ඌරා ආදී සතුන්ය.ඔවුන් නොගැඹුරු දියේ අර්ධවශයෙන් ගිලීපසුවේ.ගොදුර ළඟට පැමිණි වහාම ඔවුන් ක්ෂණිකව පහර දෙයි.ඉන්පසු ගොදුර වටා දරණ ගසා එම සතා හුස්ම ගැනීම අවසන්වන තෙක්ම දරණය දැඩිකරයි.
*විශේෂ නාමය Eunectes murinusය.
*ලොව සිටින බරින් වැඩිම සර්ප විශේෂය ලෙස සලකන්නේ මොවුන්ය.ඔවුන්ගේ බර කි.ග්රෑ. 227ක් දක්වා වැඩිවේ.දැනට හමුවී තිබෙන දිගම කොළපැහැ ඇනකොන්ඩා අඩි 29ක් හෙවත් මීටර් 8.8ක් දිගය.නමුත් ලොව සිටින දිග සර්පයා වන ජාලාකාර පිඹුරාට වඩා ඌ දිගින් අඩුය.
*මෙම ඇනකොන්ඩාවන්ගේ විෂ්කම්භය අඟල් 12කට වඩා වැඩිය.
*සුලභවම හමුවන ඇනකොන්ඩා වන්නේ මෙම විශේෂයයි.
*මොවුන්ගේ ගැහැණු සතා,පිරිමි සතාට වඩා බොහෝ විශාලය.
*මොවුන් ජීවත්වන්නේ දකුණු ඇමෙරිකාවේ ගුවානා,කොළොම්බියාව,වෙනිසිවුලාව,පේරු,ඉක්වදෝරය,බොලිවියාව,බ්‍රසීලය සහ ට්‍රිනිඩෑඩ්,ටොබැගෝ යන රටවලය.
*විශේෂ නාමය Eunectes notaeusය.
*මෙම විශේෂය කොළ පැහැති ඇනකොන්ඩාට වඩා කුඩාය.මොවුන්ගේ සාමාන්‍යය දිග අඩි 11 සිට 14ක් වේ.සාමාන්‍යය බර කි.ග්රෑ. 25 සිට 35 දක්වා වේ.නමුත් මෙම වර්ගයටද විශාලව වර්ධනය විය හැකිය.ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලය.
*මොවුන්ගේ වර්ණ පරාසය කහ පැහැයේ සිට ලා කොළ පැහැය තෙක් විහිදේ.උන්ගේ කළු හෝ දුඹුරු පැහැ අණ්ඩ සහ වයිරම් දැකිය හැක.
*කහපැහැ ඇනකොන්ඩාවන් දකුණු බ්‍රසීලය,නැගෙනහිර බොලිවියාව,පැරගුවේ සහ ආර්ජන්ටිනාව යන රටවල ව්‍යාප්තව පවතියි.
*විශේෂ නාමය Eunectes deschauenseeiය.
*කහ පැහැති ඇනකොන්ඩාට සමාන දිගකින් සහ බරකින් යුක්තය.
*මොවුන්ගේ දේහය දුඹුරු පාටය.විශාල අඳුරු ලප තිබේ.
*මෙම විශේෂය දුර්ලභය.මොවුන් උතුරු බ්‍රසීලයේ සහ ප්‍රංශ ගයානාවේ ජීවත්වේ.
*විශේෂ නාමය Eunectes beniensisය.
*මොවුන් අඩි 13ක් දක්වා වර්ධනය වේ.
*මෙම විශේෂය බොලීවියාවෙන් පමණක් හමුවී තිබේ.
*දුඹුරු පැහැ සිරුරේ කළු ලප තිබේ.
*මෙම විශේෂය සොයාගෙන ඇත්තේ 2002 වසරේය.තවමත් එතරම් පර්යේෂණ සිදුවී නොමැත.
-HarshaLulzSec-
පිඹුරෙක්ගේ අවසානය

2015 ජූනි 14 දා දකුණු අප්‍රිකාවේ KwaZulu-Natal ප්‍රදේශයේ බයිසිකල් පැදීමේ නිරතවූවෙකුට මෙම පිඹුරා දක්නට ලැබී තිබේ.
ඌ ගිල දමා තිබුණේ කුමක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත.එම ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් පවා විශ්වාස කලේ පිඹුරා ඉම්පාලා සතෙක්ගේ පැටවෙක් වැනි කුඩා සතෙක් ගිලදමා ඇතැයි සිතාය.
ඉන් සතියකට පමණ පසුව ජූනි 20 දා වනජීවී නිලධාරීන්ට පිඹුරා හමුවන විට ඌ මියගොස් සිටියේය.ඔවුන් පිඹුරා කපා බැලූ විට කි.ග්රෑ.13.8ක් බර ඉත්තෑවෙක් ඌගේ උදරයේ මියගොස් සිටියේය.
විශ්වාස කලත් නැතත් පිඹුරන් සමහර අවස්ථාවල ඉත්තෑවන් ආහාරය කරගන්නා බව හෙළිව තිබේ.
ඉත්තෑවාගේ කූරු නිසා පිඹුරාගේ අභ්‍යන්තර කොටස්වලට තුවාල සිදුව තිබෙන අයුරු
නමුත් ඉත්තෑවා ගිල දැමීම නිසා මෙම මරණය සිදුවූබව පිළිනොගැනේ.බොහෝවිට ඌ ඉත්තෑවා ගොදුරු කරගත් පසු උසකින් වැටී ඉත්තෑ කූරු වලින් තුවාල සිදුවන්නට ඇතැයි වනජීවී නිලධාරීන් විශ්වාස කරයි.
ආහාර මාර්ගයේ තිබෙන ඉත්තෑ කූරු ඉවත්කරන අයුරු
පිඹුරාගේ දිග මීටර් 3.9ක් විය.
ලොව විශාලතම සර්පයා වන ඇනකොන්ඩාට මිනිසෙක්ව ගිල දැමිය හැකිද?
මෙය බොහෝදෙනා තුල කුතුහලය ඇතිකරන ප්රශ්නයකි.ඊට පිළිතුරක් සොයාගැනීම අපහසුව ඇත්තේ එවැනි සිද්ධියක් සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි නොමැති නිසාය.පිඹුරන් විසින් මිනිසුන්ව ගිල දැමූබව කියන ඡායාරූප අන්තර්ජාලයේ සැරිසැරුවද ඉන් බොහොමයක් සත්‍යය යැයි පිළිගැනීමට පවා අසීරුය.ඇන්කොන්ඩාට වැඩුණු මිනිසෙක් ගිල දැමිය නොහැක්කේ ඇයි නැතිනම් ඉතා අසීරු වන්නේ ඇයි?
ප්‍රමාණය
ඇනකොන්ඩා යනු පෘථිවිය මත ජීවත්වන විශාලතම සර්පයා වුවද ඌ අඩි 22කට වඩා දිගින් වැඩිවන්නේ ඉතා කලාතුරකින් බව කියවේ.එසේම මිනිසෙක් ගිල දැමීමට තරම් විශාල ඇනකොඩාවන් ඉතා දුර්ලභය.සාමාන්‍යයෙන් ඇනකොන්ඩාවෙක් තම ගොදුර ලෙස තෝරාගන්නේ උගේ බරින් 30% පමණ සතෙක්ය.මේවන තෙක් දැක තිබෙන විශාලතම ඇනකොන්ඩාවා අඩි 29ක් දිග රාත්තල් 550ක් බර එකෙකි.එවැන්නෙකුට නම් වැඩුණු මිනිසෙක් ගොදුර කරගත හැකිවුවද එතරම් විශාල ඇනකොන්ඩාවන් දුර්ලභය.
කොළ පැහැති ඇනකොන්ඩාවෙක්ගේ ගොදුරක් වූ කිඹුලෙක්
මිනිසෙක්ගේ උරහිස් පළල් වීම
මිනිසෙක් මරාගත් ඇනකොන්ඩාවෙකුට ඔහුගේ හිස ගිල දැමීම අසීරු නොවුවද මිනිසෙක්ගේ උරහිස් පළලින් වැඩි නිසා පෙර නොවූවිරූ තරම් තම හනු ඈත්කිරීම ඌට සිදුවේ.නමුත් ඇනකොඩාවෙක් සාමාන්‍යයෙන් ගොදුරු කරගන්නේ මිනිස් උරහිසක පළලට වඩා කුඩා සතුන්ය.එනම් කුඩා ක්ෂීරපායින්,කැස්බෑවන්,මුවන් සහ සමහර අවස්ථාවල ජගුවාර් නම් දිවියන්ය.
හිරකීරීම
ඇනකොන්ඩාවෙක් තම ගොදුර මරාදමන්නේ හුස්ම හිරකිරීමෙන්ය.ඒ සඳහා ඌ තම ශරීරය ගොදුර වටා වෙළා ක්‍රමයෙන් එම වෙළුම් තද කරයි.ගොදුර කුඩා නම් ඌට පහසුවෙන් පාලනය කරගත හැකිය.නමුත් ගොදුර විශාලවන විට යෙදිය යුතු ආයාසයද වැඩිවේ.ගොදුර ආශ්වාස කරන මොහොතක් පාසාම ඌ තම දරණය තද කරනු ලැබේ.
දත්
ඇනකොන්ඩාවෙක්ගේ දත් පිහිටා ඇත්තේ පසුපසට ආනතවයි.එනම් ගොදුර මුඛය තුලට යොමුකරන ලෙසයි.උගේ දත්වලට හසුවන දෙයකට බේරී යාම අසීරුවන්නේද ඒ නිසාය.පිඹුරන් විශ රහිත සර්පයින් වුවද මිනිසෙක්ගේ බාහුවක් වැනි දෙයක් උන්ගේ හනු අතර හිර වුවහොත් දරුණු තුවාල සිදුවිය හැකිය.
පළමුව හිස
පිඹුරන් ඕනෑම සතෙක් ගිල දමන්නේ ඔවුන්ගේ හිස පටන් ගෙනය.මිනිසෙක් ගිල දැමීමද ඊට සමාන වියයුතුය.නමුත් මිනිසෙක් යනු ඇනකොන්ඩාට විශාල ප්‍රමාණයේ ගොදුරකි.මිනිසෙක් එවැනි සර්පයෙකුට අසුවූවිට වෙනත් ගොදුරකට වඩා දිවිබේරා ගැනීමට දැඩි සටනක් දෙනවා සිකුරුය.දැඩි ප්රතිවිරෝධය හමුවේ මිනිසා වෙළීමට දරන වෑයම නොනවත්වා සිදුකරනවා වෙනුවට ඌ ගොදුර අතහැර දැමීම බොහෝවිට සිදුවිය හැකිය.
බ්‍රසීලයේ ගංගාවක යාත්‍රා කරමින් සිටි ධීවරයන් පිරිසකට හමුවූ දැවැන්ත ඇනකොඩාවෙක්.ඌ එතරම් විශාලව පෙනෙන්නේ ගොදුරක් ගිල දමා සිටින නිසාය.
කරීනා ඔලිආනි නම් කිමිදුම්කාරිය සහ ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් සොචි විසින් බ්‍රසීලයේදී ජලය යට පිහිටි ගුහාවක සිටි දැවැන්ත ඇනකොන්ඩාවෙක් සොයාගැනීමට සමත්විය.2015 වසරේදී ඔවුන් විසින් ඡායාරූප ගතකල මේ දැවැන්තයා කි.ග්රෑ.400 පමණ වෙතැයි ඔලිආනි පැවසීය.
ගොදුරක් සොයාගත් ඇනකොන්ඩාවෙක්
ඉන්දියානු පිඹුරෙක් සොයායෑම
ඇනකොන්ඩාට බිලිවීම - ඩිස්කවරි නාලිකාවේ eaten alive වැඩසටහන
ඇමෙරිකානු ස්වභාවවිද්යාඥයෙක් සහ වනජීවී වැඩසටහන් නිර්මාණකරුවෙක් වන පෝල් රොසොලි නැමැත්තා සිය කැමැත්තෙන් ඇනකොන්ඩාවෙක්ගේ ගොදුරක් වීමට ඉදිරිපත්වූයේ ඩිස්කවරි නාලිකාවේ විකාශනය වූ eaten alive වැඩසටහන වෙනුවෙන්ය.නමුත් ඇනකොන්ඩා විසින් ඔහුගේ හිස ගිල දැමීම ආරම්භ කිරීමත් සමග ඔහුගේ කණ්ඩායම කැඳවා දිවිගලවා ගන්නට ඔහු පියවර ගැනීම නිසා ප්‍රේක්ෂකයන්ගේ අවමානයට ලක්වන්නට ඔහුට සිදුවිය.
2014 වසරේ දෙසැම්බර් මස විකාශය වූ මෙම වැඩසටහන වෙනුවෙන් මිනිසෙක් ගිල දැමිය හැකි තරම් ඇනකොන්ඩාවෙක් සොයාගැනීම පහසු නොවීය.පෝල් සහ ඔහුගේ කණ්ඩායම ඒ වෙනුවෙන් බ්‍රසීලයේ ඇමසන් ගංගාව අවට දින 60ක් තරම් කාලයක් සංචාරය කලේය.අවසානයේදී ඔහු සෙවූ තරම් විශාල ඇනකොන්ඩාවෙක් හමුවිය.ඌගේ දරණයට හසුවූ පෝල් මිනිසුන් පස්දෙනෙක්ගේ සහායෙන් බේරාගන්නා විට ඔහුගේ එක් ඉලඇටයක් කැඩී තිබූ බව කියවේ.
වැඩසටහන වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කල ඇඳුම
ඇඳුම පරීක්ෂාවට ලක්කිරීම
Snake Suit Underwater Testing
Snake Suit Pressure Test
Snake Suit Acid and Bite Testing
Eaten Alive Armored Snake Suit Breakdown
මෙම වැඩසටහනට එහි නිර්මාපකයන් සූදානම් වී තිබෙන්නේ වසර දෙකක කාලයක් පටන්ය.ඔවුන්ගේ අරමුණ වූයේ පෝල්,ඇනකොන්ඩාගේ ආහාර වීම නොව ඔහුට හුස්ම ගැනීම අපහසුවන තුරු වැඩසටහන රූගත කිරීමයි.ඇනකොන්ඩාවෙක්ගේ දත් තියුණුය,ඒවා මුඛය ඇතුලට නැවී තිබේ.ඒ නිසා ගොදුරට පැන යාම අපහසුය.බොහෝවිට ඔවුන්ගේ දඬයම් කිරීම සිදුවන්නේ ජලයේය.ගොදුර බවට පත්වන සතා වටා දරණ ගසා ගෙන ඌ ජලය තුල ගිල්වා හුස්ම ගැනීමට අවස්ථාව නොදී මරණයට පත්කිරීම සිදුකරයි.ආහාරයට ගැනීමට පෙර දරණය තව තවත් උග්‍ර කරමින් සතාගේ අස්ථි බිදදැමීමද සිදුකෙරේ.එවිට පහසුවෙන් ගොදුර ගිලදැමිය හැකිය.ඇනකොන්ඩා ගැහැණු සතුන් ,පිරිමි සතුන්ට වඩා විශාලය.මෙම වැඩසටහනට යොදාගත්තේද ඇනකොන්ඩා ගැහැණු සතෙකි.උන් තම ගොදුර මත යොදන බලය ටොන් නමයක් බර බස් රථයක් ඔබේ පපුව උඩින් තැබුවා හා සමාන බව කියවේ.නමුත් ඇනකොන්ඩාවෙක් මිනිසෙකුට පහර දෙන්නේ ඉතාම කලාතුරකිනි.
විශේෂිත ඇඳුම් කට්ටලය
වැඩසටහන වෙනුවෙන්ම ඔවුන් ශක්තිමත් කාබන් ෆයිබර් ඇඳුමක් නිර්මාණය කරන ලදි.එම ඇඳුමට යොදාගත් අමුද්රව්යට ඇනකොන්ඩාගේ ජීරක යුෂ මගින් හානියක් සිදුනොවේ.මෙම ඇඳුමේ කැමරාවක් සහ සන්නිවේදනය සඳහා මක්රෝෆෝනයක් ඇතුලු උපකරණද ඇතුලත්විය.කණ්ඩායම සමග සිටි වෛද්‍යවරු ඔහුට ලබාදුන් කැප්සියුලයක් ඔස්සේ ඔහුගේ ශරීර ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ලදි.ඔහුට ඇනකොන්ඩාගේ හිරකිරීම හමුවේ හුස්ම ගැනීමට අපහසුවක් සිදුවීම වැලැක්වීමට ඔක්සිජන් සැපයුම්ද පිටතින් ලබාදී තිබිණි.එය පැය තුනකට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයීය.තවත් මාර්ගයක් ඔස්සේ ඔහුගේ ප්‍රශ්වාස වාතය පිටකිරීම සිදුකෙරිණි.
Paul Rosolie ඇතුලු කණ්ඩායම ඇමසන් වනාන්තරය තුල
මිනිසෙක් ගිල දැමීමට තරම් විශාල ඇනකොන්ඩාවෙක් සොයා ගැනීමට පෝල් ඇතුලු පිරිසට මාස දෙකක් පමණ කාලයක් ගතවූ බව කියවේ.
ඔවුන් සොයාගත් දැවැන්තයා
මෙම දැවැන්ත ඇනකොන්ඩා අඩි 20ක් දිගකින් යුක්තය
ඌ ගැහැණු සතෙකි
කොළපැහැති දැවැන්ත ඇනකොන්ඩා
තමන් සොයාගත් දැවැන්තයා කැමරාව ඉදිරියට ගෙන විත්
බිහිසුණු පෙනුමක් සහිත ඇන්කොන්ඩාගේ හිස
කොළපැහැති ඇනකොන්ඩා ලොව බරින් වැඩිම සර්පයා වේ
පිඹුරෙක් ගේ මුඛයට හසුවන දෙයක් යළි මුදා ගැනීම ඉතා අසීරුය.
දැවැන්තයාගේ බරින් කොටසක් මිතුරෙක් සම්ග බෙදාගෙන
දැවැන්තයාගේ තරම හිතාගන්න පුළුවන් ද
අඩි 20 දිග ඇනකොන්ඩා සහ අඩි 5 අඟල් 9 උස පෝල්
ඇනකොන්ඩාගේ දැවැන්ත හිස
මෙවැනි ඇනකොන්ඩාවෙක් හා තනිවම සටන් කිරීම ඉතා අසීරුය
ඇනකොන්ඩාගේ තරම පැහැදිලිවම පෙන්වන ඡායාරූපයක්
මිනිසෙක් ගිලීමට තරම් විශාල ඇනකොන්ඩාවෙක් ඔවුන්ට හමුවූයේ පේරු රාජ්‍යයේ ඇමසන් වනාන්තරයෙනි.රොසොලිගේ ඇඳුමේ ඌරු රුධිරය ආලේප කරන ලදි.නමුත් ඇනකොන්ඩා ගොදුරක් යැයි සිතා ඔහුට පහරදුන්නේ නැත.ඒ නිසා ඔහුට බිමදිගා වී ඇනකොන්ඩාට පොළඹවා ගැනීමට සිදුවිය.
ආරක්ෂිත ඇඳුම අදින පෝල්
සියල්ල සූදානම්
ඇනකොන්ඩා දෙසට ගමන් කරන පෝල්
ඔහු යන්නේ ඇනකොන්ඩාගේ ආහාරය බවට පත්වන්නටද
ඇනකොන්ඩාට දිගින් දිගට කරදර කිරීම හමුවේ ඊට ප්‍රතිචාර ලෙස ඌ පෝල්ව වෙලන්නට පටන්ගත් අතර දරණය ක්‍රමයෙන් දැඩිකරන්නට විය.ඉන්පසු ඌ පෝල්ගේ හිස දෙසට විත් ගිල දැමීම ඇරඹීය.තමන්ව වෙළා දැමූවිට පෝල්ට අවට සිදුවන දෑ සම්බන්ධව දැනගත හැකි එකම ක්‍රමය වූයේ ඇඳුමේ තිබූ තාක්ෂණික උපකරණයි.ඒවා මගින් පිටත සිටින ඔහුගේ කණ්ඩායම තොරතුරු ලබාදුන්හ.පිරිස අතර ඔහුගේ භාර්යාවද විය.
ඇනකොන්ඩා අසලට පැමිණීම
නමුත් ඌ පෝල්ට පහට දුන්නේ නැත.
ඇනකොන්ඩා තමන්ට පහරදීම සඳහා පොළඹවා ගැනීමට ඔහුට සිදුවිය
ඔහු බිම දිගාවී සර්පයා කෝප ගැන්වීමට උත්සාහ කරයි.
ඌ පළමුව පහර දුන්නේ ඔහුගේ අතකටය
ඉන්පසු ඌ පෝල්ව වෙළා දැමීම අරඹයි.
ඌ දරණය ක්‍රමයෙන් දැඩි කරයි.
ඇනකොන්ඩා පෝල්ගේ හිස ගිල දමන්නට උත්සාහ කරන අයුරු
ඇනකොන්ඩා පෝල්ව ගිල දැමීම අරඹන අයුරු
එම අවස්ථාවේදී ඔහු උදව් ඉල්ලා සිටියි.ඔහුව ගලවා ගැනීම අනෙක් පිරිස දිව එයි.
ඇනකොන්ඩා ඔහුගෙන් ඉවත් කරන අයුරු
වම්පස:ඇන්කොන්ඩාගේ දත්වල හසුවූ හෙල්මටය පෙන්වන පෝල් දකුණුපස:ඇනකොන්ඩාගේ තෙරපීම හමුවේ ඔහුගේ අතකට සිදුවන් තිබෙන තුවාල
සිද්ධියෙන් මාස කිහිපයක් යනතුරු ඔහු පුර්ණ සුවය නොලැබූ බව කියවේ.නමුත් බොහෝ ප්‍රේක්ෂකයන් සිතා සිටි දේ වූ ඇනකොන්ඩාවෙක් විසින් මිනිසෙක් ආහාරය කරගැනීම දැකගත නොහැකිවීම නිසා දැඩි ලෙස පෝල් රොසොලිව විවේචනය කරන ලදි.නමුත් ඔහු කියා සිටියේ එම වැඩසටහනේ අරමුණ ප්‍රේක්ෂකයා පුදුමයට පත්කිරීම බවයි.වැඩසටහනෙන් පසුව ඔහුට මරණ තර්ජන පවා ඊමේල් ඔස්සේ ලැබුණු බව පෝල් විසින් හෙළිකරන ලදි.සත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටින පිරිස්වල දැඩි දෝෂාරෝපණයන්ට ලක්වන්නටද ඔහුට සිදුවිය.
Eaten Alive සම්පුර්ණ වැඩසටහන
පෝල් රොසොලි ගැන
පෝල් රොසොලි යනු ස්වභාවවිද්යාඥයෙක්,කතෘවරයෙක් සහ සම්මාන ලාභී වන ජීවී චිත්‍රපට නිර්මාණකරුවෙක් වේ.ඔහු බටහිර ඇමසන් වනාන්තරය සම්බන්ධව විශේෂඥයෙකි.ඔහු එම ප්‍රදේශය දශකයක පමණ සිට අධ්‍යයනය කරන්නෙකි.ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි හැදී වැඩුණු ඔහු යෞවන කාලයේ පටන් ඇමසන් වනයේ සංචාරය කරන්නෙකි.ඔහුගේ වැඩිම ආකර්ෂණය දිනාගත්තේ කොළපැහැති ඇනකොන්ඩා වැනි දැවැන්ත සර්පයින්ය.ඔහු විසින් රචිත නවතම ග්‍රන්ථය වන Mother of God ඔස්සේ ඔහු හෙළිකරන්නේ ලෝකයෙන් සැඟවුණු ඇමසන් වනයේ දුරබැහැර ප්‍රදේශ සම්බන්ධවයි.
පෝල් සහ ඔහුගේ බිරිද ගෞරි
ඇනකොන්ඩා ගැන කරුණු කිහිපයක්
* සියලුම ඇනකොන්ඩාවන් අර්ධ ජලවාසී ,ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් කිමිදෙමින් ගතකරන සෙමින් ජලය ගලාබසින දියපාරවල්වල ජීවත්වන සර්පයින්ය.ඔවුන්ගේ විශේෂ හතරම හොඳ පිහිනුම්කරුවන්ය.
*මොවුන්ට ගොඩබිම තුල සිත් සේ හැසිරීමට නොහැකි මුත් ජලයේදී ඉතා වේගවත් චලන දැක්විය හැකිය.ඔවුන්ගේ ඇස් සහ නාස් පුඩු හිසේ ඉහළින්ම පිහිටා තිබේ.
*ඇන්කොන්ඩාගේ ගොදුරු වන්නේ මුවන්,කැස්බෑවන්,කුරුල්ලන්,කැපිබරා,ඌරා ආදී සතුන්ය.ඔවුන් නොගැඹුරු දියේ අර්ධවශයෙන් ගිලීපසුවේ.ගොදුර ළඟට පැමිණි වහාම ඔවුන් ක්ෂණිකව පහර දෙයි.ඉන්පසු ගොදුර වටා දරණ ගසා එම සතා හුස්ම ගැනීම අවසන්වන තෙක්ම දරණය දැඩිකරයි.
පහත දැක්වෙන්නේ දැනට සොයාගෙන ඇති ඇනකොන්ඩා විශේෂ හතරයි.
කොළපැහැති ඇන්කොන්ඩා
*විශේෂ නාමය Eunectes murinusය.
*ලොව සිටින බරින් වැඩිම සර්ප විශේෂය ලෙස සලකන්නේ මොවුන්ය.ඔවුන්ගේ බර කි.ග්රෑ. 227ක් දක්වා වැඩිවේ.දැනට හමුවී තිබෙන දිගම කොළපැහැ ඇනකොන්ඩා අඩි 29ක් හෙවත් මීටර් 8.8ක් දිගය.නමුත් ලොව සිටින දිග සර්පයා වන ජාලාකාර පිඹුරාට වඩා ඌ දිගින් අඩුය.
*මෙම ඇනකොන්ඩාවන්ගේ විෂ්කම්භය අඟල් 12කට වඩා වැඩිය.
*සුලභවම හමුවන ඇනකොන්ඩා වන්නේ මෙම විශේෂයයි.
*මොවුන්ගේ ගැහැණු සතා,පිරිමි සතාට වඩා බොහෝ විශාලය.
*මොවුන් ජීවත්වන්නේ දකුණු ඇමෙරිකාවේ ගුවානා,කොළොම්බියාව,වෙනිසිවුලාව,පේරු,ඉක්වදෝරය,බොලිවියාව,බ්‍රසීලය සහ ට්‍රිනිඩෑඩ්,ටොබැගෝ යන රටවලය.
කහපැහැති ඇනකොන්ඩා
*විශේෂ නාමය Eunectes notaeusය.
*මෙම විශේෂය කොළ පැහැති ඇනකොන්ඩාට වඩා කුඩාය.මොවුන්ගේ සාමාන්‍යය දිග අඩි 11 සිට 14ක් වේ.සාමාන්‍යය බර කි.ග්රෑ. 25 සිට 35 දක්වා වේ.නමුත් මෙම වර්ගයටද විශාලව වර්ධනය විය හැකිය.ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලය.
*මොවුන්ගේ වර්ණ පරාසය කහ පැහැයේ සිට ලා කොළ පැහැය තෙක් විහිදේ.උන්ගේ කළු හෝ දුඹුරු පැහැ අණ්ඩ සහ වයිරම් දැකිය හැක.
*කහපැහැ ඇනකොන්ඩාවන් දකුණු බ්‍රසීලය,නැගෙනහිර බොලිවියාව,පැරගුවේ සහ ආර්ජන්ටිනාව යන රටවල ව්‍යාප්තව පවතියි.
අඳුරු ලප සහිත ඇනකොන්ඩා
*විශේෂ නාමය Eunectes deschauenseeiය.
*කහ පැහැති ඇනකොන්ඩාට සමාන දිගකින් සහ බරකින් යුක්තය.
*මොවුන්ගේ දේහය දුඹුරු පාටය.විශාල අඳුරු ලප තිබේ.
*මෙම විශේෂය දුර්ලභය.මොවුන් උතුරු බ්‍රසීලයේ සහ ප්‍රංශ ගයානාවේ ජීවත්වේ.
බොලීවියානු ඇනකොන්ඩා