සර්වඥ_ධාතුන්_පරිනිර්වාණය_දැනගමු ... :)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    සර්වඥ_ධාතුන්_පරිනිර්වාණය_දැනගමු ... :)

    387531_183364278424142_100002517127366_356185_1850969874_n.jpg


    බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 5000ක් ඉක්ම වූ පසු එළබෙන වෙසක් පුර පසළොස්වක දින දෙවි ලොව,ඹබ ලොව,මනු ලොව වැඩ වස්නා වූ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැග බුද්ධගයාවේ වජිරාසනය මතට වැඩම කරනු ලැබ වජිරාසනය ද පොලව දෙබෑ කරගෙන අහසට පැන නැග වජිරාසනය මත බුදුන්වහන්සේගේ බුද්ධ ශරීරය නිර්මාණය වී බුදු රැස් ලොව පුරා විහිදී ගොස් බුද්ධත්වයෙන් පසු බුදුන්වහන්සේ යමා මහා පෙළහැර පෑ අවස්ථාවේ මෙන් සැනින් බුදු සිරුර ගිනි ජාලාවකින් වැසී ගොස් සියලු සර්වඥ ධාතුන් වහන්සේලා අළු,දුවිලි කිසිවක් ඉතිරි නොවී නොපෙනී යයි.එය සර්වඥ ධාතුන් පරිනිර්වාණය නම් වේ.

    අප ජීවත් වන්නේ මහා භද්‍ර කල්පය තුලය.අනාගතයේ මෛත්‍රී බුදුන් පහල වීම තුලින් එය සම්පුර්ණ වේ.ගෞතම බුදුන් වහන්සේගේ සාසනය අවුරුදු 5000 ක් ගිය කල පංච සීල ප්‍රතිපදාව අත්හැරීම නිසා ධර්මය පිරිහීම ආරම්භ වේ.එම නිසා මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වී පරමායුෂ දස වසර දක්වා අඩුවේ.නැවත පංච ශීල ප්‍රතිපදාවේ යෙදීමෙන් අසංකය දක්වා ක්‍රමයෙන් ආයුෂ වැඩී නැවත අසූ දහස (80000) දක්වා පරමායුෂ වූ කල්හි මෛත්‍රී බුදුන් බුදුවන කාලය ලෙස දැක්වේ.
    අපගේ බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ චෛත්‍යයන් වර්ග තුනක් සදහන් වෙනවා.

    ශාරීරික චෛත්‍යය
    පාරිභෝගික චෛත්‍යය
    උද්දේසික චෛත්‍යය

    සම්බුදු ශරීරයෙන් ඉතිරිවූ ධාතූන් සමුහය ශාරීරික චෛත්‍යය යි. උන්වහන්සේ පරිභෝග කළ පා-සිවුරු ආදී වස්තූන් හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද, බෝධීන් වහන්සේගේ ශාඛාවන්ද පාරිභෝගික චෛත්‍යය යි. උන්වහන්සේ උදෙසා වැදුම් පිදුම් කරන ප්‍රතිමා වහන්සේලා උද්දේසික චෛත්‍යය යි.

    ශාරීරික චෛත්‍යය හෙවත් සර්වඥ ධාතූන් වහන්සේලා.

    අප‍ගේ සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුලුල්ලේ සියළු දෙවියන්ටත් මිනිසුන්ටත් මේ සසරෙන් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළා. ඒ තමයි මේ ලෝකයේ ඇති, මේ ලොව මෙතෙක් ඇතිවුන ස්වර්ණමය යුගය. කෝටි සංඛ්‍යාත පින්වත් දෙවියන් මිනිසුන් මේ සසරෙන් නිදහස්වීමේ වාසනාව උදාකරගත්තා. මෙහෙම වසර 45ක් ගෙවී යද්දී 80 වසක් ආයු වළදා, මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනි බුදුරජුන්ගේ පිරිණිවීම සටහන් කරමින් ,දෙවිමිනිස් ලොව කම්පා කරවමින් වෙසක් පුන්පොහෝ දිනයක මල්ල රජදරුවන්ගේ උපවර්ථන සල් වනයේදී අපගේ බුදු පියාණන් අනුපාදිශේෂ පර්ණිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළා.
    රහතන් වහන්සේලා ප්‍රමුඛ දෙවිමිනිසුන් සදුන් දර සෑයක තබා ගෞතම සම්බුදු ශරීරය ආදාහනය කලා. පිරිණිවී ගිය බුදුරජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සුසැදි සම්බුදු ශරීරය ආදාහනය කරනවිට, ඒ ශරීරයේ සම් මස් නහර කිසිවක් ඉතිරි නොවී , අළු හෝ ඉතිරි නො‍වී කපුරු පිච්චූ තැනක මෙන් දැවී ගියා. සමහර අස්ථි ධාතූන් කැබලි විසිරී හා නොවිසිරී ඒකගණව පැවතුනා.

    නොවිසිරුණ (වෙන් නොවූ ලොකු අසථි ) ධාතූන් සත් නමක්(7) ඉතිරිවුණා.

    දළදා වහන්සේලා සතර නම.
    අකු ධාතූන් (උරහිස් ඇට) දෙනම.
    ලලාට (නළල් තලය) ධාතූන් වහන්සේ.

    යන මේ ධතූන් වහන්සේලා ඉතිරිවුනා.

    විසිරුණ ධාතූන් වහන්සේලා ගෙන් මහා ධාතූන් ප්‍රමාණයෙන් මුං පියලි තරම් වුනා. මධ්‍යම පුමාණයේ ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් වී ඇට තරම් වුනා. කුඩා ධාතූන් වහන්සේලා ප්‍රමාණයෙන් අබ ඇට තරම් වුනා. ඒ වගේම ඒ විසිරුණ ධාතූන් වර්ණයෙන්ද වෙනස් වුනා.

    මහා ධාතූන් රත් පැහැයක් ගන්නවා.
    මධ්‍යම ධාතූන් මදක් රත් පැහැයක් ගන්නවා.
    කුඩා ධාතූන් මුතු ඇට මෙන් පැහැයක් ගන්නවා.

    මෙසේ ඉතිරිවූ ධාතූන් ගෙන් මහා ධාතූන් නැළි දහයක්, මධ්‍යම ධාතූන් නැළි දහයක් ද, කුඩා ධාතූන් නැළි දෙළොසක්ද වුනා.

    මේ සියළු ධාතූන් වහන්සේලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය මෙලොවින් අතුරුදහන් වෙන මොහොතේ දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැනට ඉර්ධියෙන් වැඩම කර දෙතිස් මහා පුරුෂ ලකුණින් යුතු සම්බුදු ශරීරය වරක් මැවී සුලු මොහොතන් ආර්ය සත්‍ය දේශණාකර දෙවි බඹුන් හඩා වැ‍ටෙද්දී අළු හෝ දැලි හෝ ඉතිරි නොවී සම්පූර්ණයෙන්ම දැවී ගොස් ධාතු පරිනිර්වාණය සිදුවන බව ඉතිහාසයේ සදහන් වෙනවා.



    :):):)
    උපුටා ගැනීම : http://banapotha.blogspot.com එකෙන්