"සර් ..වෙඩි තියලා දාමු."
Wasantha Siri Watagoda
May 27 at 7:13 PM
අපේ සත්තුවත්තේ වැඩිපුරම ඉන්නේ මුවෝනේ.
අනිත් සත්තු වගේ නෙවෙයි උං ඉන්නේ එලිමහනේ නිදහසේ.
ඉතිං මුවෝ හිතන් ඉන්නේ උන්ටම ගිය සත්තුවත්ත වගේ හෙන ලෙවල් එකෙං., සිංහ සෙයියාවෙන්.
ඌරන්ටත් පොඩි නිදහසක් තිබ්බට , උංගේ කිසි කොලිටියක් නැති හින්දා උං හිටියේ ගාල් කරලා.
ඕම ඉන්නකොට පිස්සු ඩබල් වෙච්ච ඌරෝ දෙතුන් දෙනෙක් එලියට පැනලා , මුවෝ දෙතුන් දෙනෙක්ට කොටලා මරලා .
දැං මුවන්ට මල පැනලා උං ඌරු කොටුවට පැනලා , ගේම ඉල්ලනවා .
වෙච්ච වැරැද්දට සමාව ඉල්ලලා ඌරු වරිගේ අය ප්‍රසිද්ධ නිවේදනයකුත් නිකුත් කලා.
ඒ වුනාට මුව වරිගේ අය සෙකන්ඩ් වෙන්ඩ කැමතිම නෑ.
එයාලා කියන්නෙම අර කඩු වගේ තියෙන ඌරන්ගේ දල කපා අරිනකල් , ගේම අතාරින්නෙම නෑ කියලා.
දැං පුල් කචල්.
සත්තුවත්තේ සභාපතිටත් හෙන මංඥං.
එයා සත්තු බලා ගන්න අය කැඳවුවා.
"සර් ..වෙඩි තියලා දාමු."
එකෙක් කීවා.
" තමුසෙලාට ඌරන්ට වෙඩි තියන්ඩ කීවොත් මුවන්ට තියයි, මුවන්ට තියන්ඩ කීවොත් කොහෙවත් ඉන්න හාවෙකුට තියයි, අන්තිමට අර සත්ත උටන්නලාගෙං අහ ගන්ඩ වෙන්නේ මට...ඒක හරි යන් නෑ.."
ඕම ඕම එක එක යෝජනා එනවා , එකක්වත් සභාපතිට පිට් වෙන් නෑ.
"සර්..කූඩුවේ ඉන්න සිංහයා නිදහස් කරලා අතෙන්ඩ බස්සමු.."
අන්තිමට සිංහයා බලා ගන්න එකා කීවා.
" ඒකනං ටිකක් ගති.එතෝට අපිට කැත නාමයක් එන්නෙත් නෑ..හැබැයි සිංහයා නිදහස් කරන්ඩනං ජනාධිපතිතුමාගෙන්ම අහලා ඉන්ඩ වෙයි.මොකද එතුමා ඇරුනම ලංකාවටම ඉන්න අනිත් සිංහයානේ අපේ එකා..?"
ඒම කියලා සභාපති වහාම ජනාධිපතිතුමාට කතා කරලා, විස්තරේ කියලා තමංගේ අන්තිම තීරනයට අවසර ඉල්ලුවා.
"ඈ ඕයි..ඔය වලිය අස්සට සිංහයා යවලා..උට ඔය වල් ඌරු තඩියෙක් හරි කොටලා මැරුනනං ඒම , ඔය සත්තු වත්තට එන එවුංට සිංහයා කියලා පෙන්නන්ඩ හිතාන ඉන්නේ මොකාද?"
"ඇයි සර් ඉන්නේ.. එන එවුංට බලා ගන්ඩ සර්ගේ පින්තූරයක් සිංහ කූඩුවේ ගහලා තියන්නං..."
"තමුසෙනං මරු පොරක් ඕයි...කලිං දැනං හිටියනං අර වෙලාවේ මහින්දට නොදී අගමැතිකම මං දෙන්නේ තමුසෙට.."
ජනාධිපතිතුමා හිනා වෙලා කීවා.
"ඒනං උතුමානනී, සිංහයා නිදහස් කරන්ඩද?"
"පිස්සුද ඕයි..මං මේ කරන විහිලු අපේ උසාවියත් දන්නකොට තමුසෙට තේරෙන් නැද්ද?"
"එතෝට අපි මොකද කරන්ඩ ඕනෑ සර්..?"
" සිංහයා ඕමම කූඩුවේ තියා ගන්නවා....මේ...උරුලෑවෙක් කාරිය නැද්ද තමුසෙලාගේ කූඩුවල?"
"එකෙක් ඉන්නවා සර්...බෙහෙතට වගේ තියාන.."
"වහාම ඌව නිදහස් කරලා අර සීන් එකට යවනවා.."
..........
ටික වෙලාවකිං ජනාධිපතිතුමා ගෙන් සභාපතිට කෝල් එකකි.
"මොකද තත්වේ?"
"එල කිරි සර්..අරකගේ ගන්දස්තාරේ උහුල ගන්ඩ බැරුව ඌරෝ ටික පැන්නා පැනිල්ලක්...උං ටික දැං අර කිඹුල්ලු ඉන්න වලේ හොම්බ ඔබාන ඉන්නවා. මුවෝ ටික ගිහිං අර කොටියා ඉන්න වලට පැනලා හැංගිලා ඉන්නවා..
අපේත් හතර දෙනෙක්ට සිහිය නැති වුනා.
අර උරුලෑවා නං තාම ඌරු කොටුවට වෙලා ඌරු දතක් සූප්පු කර කර පාරම් බබා ඉන්නවා..අපිට තාම සුවර් නෑ..මේකා සූප්පු කරන්නේ ඌරු දලයක්ද, මුවෙක්ගේ වෘෂන කෝෂයක් ද, ඒමත් නැත්තං සර්ම මේට එවපු වශී බන්ධනයක් ද කියලා.
මොනා වුනත් වැඩේ නැඟලා යනවා .
සර් ගේ මොලේ තමා මොලේ..!"