මම පොඩි කාලෙ ඉදන් හෙන හීනයක් මවන් හිටියා සුපිරි ගිටාරිස්ට්/සින්ගර් කෙනෙක් වෙලා සුපිරි බෑන්ඩ්(Rock/metal) එකක ප්ලේ කරනවා කියල.. දැන් අවුරුදු 10ක් විතර ට්‍රයි කරාට පස්සෙ තේරෙනවා කොලඹට ඈත පැත්තක ඉපදිලා කනෙක්ශන් , සල්ලි මොකුත් නැතුව ඒක කරන එක මොන තරන් අමාරුද කියලා.. ඉතින් යූටියුබ් එකට වීඩියෝ එකක් දාගෙන පාඩුවෙ ඉන්නවා දැන්... අනිත් වැදගත්ම දේ මාකටින් බැරි එක තමා..
උඹ ඔහොම කිව්වාහම මට මන් ගැනත් මතක් උනා පොඩි කාරණාවකට.
ඉස්කොලෙ 4 වසරෙදි තාරකා විද්‍යාව උණ උච්ඡතම වෙලා මම පොත් ගෙනත් කියෙව්වා.
සමවයසෙ වගෙම මට වඩා වැඩි වයසෙ උන්ට සාපෙක්ෂව මට ඒ වයසෙදි හොඳ දැනුමක් තිබ්බා .
එත් ඉතිං අපෙ ගෙවල් වල අයටවත් ,මට උගන්වපු අයටවත් ඒ දෙ ගැන අවබොධයක් තිබ්බෙ නැහැ .
ඉතිං ඒ ආසාව එහෙම්මම යට වෙලා ගියා .
තව එහෙම යට වෙච්ච කොච්චර හැකියාවන් මට තිබ්බාද ?
හොඳට සින්දු කියන්න පුළුවන් මට ,චිත්‍ර අඳින්න පුළුවන් පොඩි වයසෙදි .
එත් අවාසනාවකට ගොඩක් දේවල් යටපත් උනා.
නෙට් එක තියෙන නිසා ආස දෙවල් ගොඩක් ගැන බලනවා ඉගෙන ගන්නවා.
එත් ඉතිං දැන් ඉන්න වයසත් එක්ක ගොඩක් ඉන්ට්‍රස්ට් එක අඩුයි ඒ පොඩි වයසෙ ඉන්ට්‍රස්ට් එකට සාපෙක්ෂව