සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,605
    10,173
    113
    උඹ ඔහොම කිව්වාහම මට මන් ගැනත් මතක් උනා පොඩි කාරණාවකට.
    ඉස්කොලෙ 4 වසරෙදි තාරකා විද්‍යාව උණ උච්ඡතම වෙලා මම පොත් ගෙනත් කියෙව්වා.
    සමවයසෙ වගෙම මට වඩා වැඩි වයසෙ උන්ට සාපෙක්ෂව මට ඒ වයසෙදි හොඳ දැනුමක් තිබ්බා .
    එත් ඉතිං අපෙ ගෙවල් වල අයටවත් ,මට උගන්වපු අයටවත් ඒ දෙ ගැන අවබොධයක් තිබ්බෙ නැහැ .
    ඉතිං ඒ ආසාව එහෙම්මම යට වෙලා ගියා .

    තව එහෙම යට වෙච්ච කොච්චර හැකියාවන් මට තිබ්බාද ?
    හොඳට සින්දු කියන්න පුළුවන් මට ,චිත්‍ර අඳින්න පුළුවන් පොඩි වයසෙදි .
    එත් අවාසනාවකට ගොඩක් දේවල් යටපත් උනා.

    නෙට් එක තියෙන නිසා ආස දෙවල් ගොඩක් ගැන බලනවා ඉගෙන ගන්නවා.
    එත් ඉතිං දැන් ඉන්න වයසත් එක්ක ගොඩක් ඉන්ට්‍රස්ට් එක අඩුයි ඒ පොඩි වයසෙ ඉන්ට්‍රස්ට් එකට සාපෙක්ෂව
    මගෙ ජාතියෙ පොරක් තමා, 1 වසරෙ ඉදන් අහස බලනව, විදුසර පත්තරේ ගන්නව, ඩිස්කවරි එකේ බලනව , ඒදවසවල පොත් තිබුනෙත් නෑ ඒ ගැන ! esa එකේ bulletin කියල මැගසින් එකක් තිබුන ඒකෙ ෆොටෝස් බලනව , වෙන එකෙක් එක්ක කතා කලත් ඉවර වෙන්නෙ ඇස්ට්‍රො වලින් ! මට තනියම එන්න පුලුවන් මට්ට්මට ආවට එතනින් එහාට මොකක්ද පාත් එක කියල හොයාගන්න බැරි උනා ඊට පස්සෙ එහෙම්ම ඒක යට ගියා . අපරාදෙ ! මේක රිප්ලයි එක දැකල ඉස්ස්‍රර මතක් උන නිසා කිව්වෙ !
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    1630353474400.png
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    235930464_4151645018268089_2905001967594368846_n.jpg

    ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.
    ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?
    එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?
    මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

    සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.
    • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.
    • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා
    • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.
    • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.
    • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.
    ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.
    සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?
    දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ?
    🙂

    26/8/2021 ,
    Shani
    පසු වදන :
    • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.
    • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති
    • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

    දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි
    • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin
    මටත් ඕක අනන්තවත් හිතිලා තියන දෙයක්...සල්ලි නැතිම නම් දියුනුවෙන්න දැවිල්ලක් තියනවා නම් එක එකා කියන දේවල් අහන්නේ නැතුව බල්ලෝ මරල හරි සල්ලි හොයපන්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Machan bandarawela,kandy, kurunegala waling metal bands hitiya.

    Issara practice karanna place ekakwath na. Thiyena than waling denneth na sadde wadi kiyai thawa rate nathi hethu . Awurudu 10k guitar play karanawa kiyanne hoda talent ekak athi.

    Brother marketing karanna dan thamai puluwan. Metal ahanawanam dannawa athine drummer kenek naththam program hari karala band ekak hadala danna, one man project ekak widihata. Man meka kiyanna hethuwa connection na / dura palathaka inne kiyana eka adala wen na Metal walata kiyala kiyanna. Try ekak denna brother aniwa puluwan. YouTube video dana ekama hodai. Digatama karanna. Elakiri eke kattiyatath ahanna share karanna links.
    වායෝ එකේ බේසා, ගල්ගමුවේ.
    චතුර and චමර රනවක video එක බලන්න. රොක් music නම් එක සිංදු වෙන් ලෝකේ හෙල්ලියෑකි.
     
    • Love
    Reactions: fallend

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    eeka thama thama dakina widiha. Mole tiyena kenekta business karanna job eken ayin wenna onema na. Habayi job karana godak unge idea eka kawada hari business 1k karana eka .. ekawada hari dawasa kadawath enne na .. ;P

    Job karana gaman supiri business form karapu kattiya kochchara innawada. Ona resource tikai clear path ekai one.

    Me dawas walanam path eka patta awl.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇඩ්‍රස් නැති වෙලා සල්ලි කාරයො වෙච්ච උනුත්‌ ඉන්නවා.
    උදා : Shanthi Plastic අයිති එකා‌.
    Elcardo අයිති‌ බුවා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    උඹ ඔහොම කිව්වාහම මට මන් ගැනත් මතක් උනා පොඩි කාරණාවකට.
    ඉස්කොලෙ 4 වසරෙදි තාරකා විද්‍යාව උණ උච්ඡතම වෙලා මම පොත් ගෙනත් කියෙව්වා.
    සමවයසෙ වගෙම මට වඩා වැඩි වයසෙ උන්ට සාපෙක්ෂව මට ඒ වයසෙදි හොඳ දැනුමක් තිබ්බා .
    එත් ඉතිං අපෙ ගෙවල් වල අයටවත් ,මට උගන්වපු අයටවත් ඒ දෙ ගැන අවබොධයක් තිබ්බෙ නැහැ .
    ඉතිං ඒ ආසාව එහෙම්මම යට වෙලා ගියා .

    තව එහෙම යට වෙච්ච කොච්චර හැකියාවන් මට තිබ්බාද ?
    හොඳට සින්දු කියන්න පුළුවන් මට ,චිත්‍ර අඳින්න පුළුවන් පොඩි වයසෙදි .
    එත් අවාසනාවකට ගොඩක් දේවල් යටපත් උනා.

    නෙට් එක තියෙන නිසා ආස දෙවල් ගොඩක් ගැන බලනවා ඉගෙන ගන්නවා.
    එත් ඉතිං දැන් ඉන්න වයසත් එක්ක ගොඩක් ඉන්ට්‍රස්ට් එක අඩුයි ඒ පොඩි වයසෙ ඉන්ට්‍රස්ට් එකට සාපෙක්ෂව
    ඔය වගේ උණවල් වලට රට මේක නෙමෙයි..ඇමරිකාව
     
    • Love
    Reactions: BruceWayne92

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    Mama Kalin Wada karapu Company Eke Owner Indian (Gujarathi) Dan Middle East wala Biliyana pathiyek.. api company ekata aawa gaman apita HR eken genihin apita deepu inspiration kathawe kiwwe Boss A kaale London wala Taxi Driver keneklu Passe Eyage Self Uthsaahayen thamailu mehema diyunu une kiyalaa...
    mata ethakota hithuna deyak thamai Mu India we Taxi Driver kenek widiyata Hitiyanam Thaama ehema ma wenna athi...
    Awa gana kawuth kiyanne naha...
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මම පොඩි කාලෙ ඉදන් හෙන හීනයක් මවන් හිටියා සුපිරි ගිටාරිස්ට්/සින්ගර් කෙනෙක් වෙලා සුපිරි බෑන්ඩ්(Rock/metal) එකක ප්ලේ කරනවා කියල.. දැන් අවුරුදු 10ක් විතර ට්‍රයි කරාට පස්සෙ තේරෙනවා කොලඹට ඈත පැත්තක ඉපදිලා කනෙක්ශන් , සල්ලි මොකුත් නැතුව ඒක කරන එක මොන තරන් අමාරුද කියලා.. ඉතින් යූටියුබ් එකට වීඩියෝ එකක් දාගෙන පාඩුවෙ ඉන්නවා දැන්... අනිත් වැදගත්ම දේ මාකටින් බැරි එක තමා..

    පොඩිම තැනකින් පටන් ගත්ත ගිටාරිස්ට් කෙනෙක්
    Be positive mchn
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවෙ විතරක් නෙමෙ ලොකෙ කොහෙත් ගොඩක් ඇත්තම කතාව ඕක.
    බිස්නස් වගෙම ඉගෙනීම කියන කාරණාවෙදිත් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලැබෙන සපොර්ට් එක ටිකක් හරි බලපානවා.
    අද කාලෙ නම් ළමයා කැම්පස් ඉවරවෙනකන්වත් දෙමාපියො පස්සෙන්ම ඉන්න ඔනි.

    උදා : මගෙ ඉස්කොලෙ ශිෂ්‍යත්ව කාලෙ මන් ටියුෂන් ගියෙ නැහැ .4 වෙනියාට වැඩිම ලකුණ මට
    දෙවෙනි සහ පළවෙනි ලකුණු ගත්ත දෙපලම ඉස්කොලෙ වාර විභාග වලදි මට වැඩිය පස්සෙන් හිටියෙ.
    එත් ශිෂ්‍යත්වෙදි උන් දෙන්නා ගෙදරටත් ගුරුවරු ගෙනත් ඉගැන්වීමක් ලබාපු දෙන්නෙක් .
    ඒ කාලෙ ගෙදරට ගුරුවරයෙක් ගෙනත් උගන්වනව කියන්නෙ ටිකක් ලොකු දෙයක් .

    ඉතිං ඔය අයිලන්ඩ් රැන්ක්ස් දාන උන්ගෙත් විභාග වලදි ටොප් ප්‍රෆොම් කරන උන්ගෙත් නොකී කතාව ඕක.

    ව්‍යවසායකත්වය ගත්තොත් ටිකක් හරි ලෝක මට්ටමෙ ජෙනුවින් උදාහරණය අදටත් මම කියන්නෙ චීනෙ ජැක් මා විතරයි .
    ඔව් බන් අපි හිඟ නොකා හිඟා කාලා B.Sc එක කරා.

    ඊටපස්සෙ බඳින්න ගෙවල් දොරවල් හදාගන්න ඔට්ටු වෙන්න ඕනෙ.

    ඊටපස්සෙ M.Sc කරන්න සල්ලි වෙලාව හොයාගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ. අපි ඒකට වෙලාව දානවා කියන්නෙ ආදායම නැති කරගන්නවා කියන එක.

    මම දන්න පොඩි උන් ඉන්නවා බන් දැන් Phd ත් කරලා. පස්සෙ ඉතින් බලනකොට උන්ට ඉතින් පවුල් වලින් සෑහෙන සපෝර්ට් එකක් තියෙනවා. බඳින එව්වා ගෙවල් ඔක්කොම ලැබෙනවා. වැඩ කරලා දෙන්න සර්වන්ට්ලා ඉන්නවා. අම්මලා තාත්තලාගේ කන්ටැක්ට්ස් තියෙනවා. උන් බිස්නස් එකක් පටන් ගත්තත් ඕන තරම් ඉන්නවා උදව් කරන්න. වෙන මොනා නැතත් උන්ගේ අම්මලා තාත්තලා දන්නවා පාත් එකවත් පෙන්වන්න.

    B.Sc කාලෙ උනත් සමහර ලෙක්චර්ලා හිටියා ඒ වගේ පවුල් වලින් ආපු උන්ට මාර විදිහට සපෝර්ට් කරන. මම දන්න උන් ඉන්නවා තමුන් ඇහැටවත් දැකපු නැති ප්‍රොෆාලාගෙන් අඳුරන ලෙක්චර්ලා හරහා රෙකමන්ඩේශන් ගත්තු.

    දැන් නම් හිතන් ඉන්නෙ නැති දේවල් ගැන දුක්වෙලා වැඩක් නෑ. අපේ Speed එකෙන් තමයි යන්න වෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    Me kathawa atta dan balanna
    IT nemeyi nam degree ekak witarak
    wadak naha
    degree ekayi cimayi godak entry level balanawa(lankawe company wala)
    salli thiyena un dekama complete karanawa graduate weddima.
    unta patta chances
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඉතාමත් වැදගත් ලිපියක් !!!! මෙය සාකච්චා කලයුතුම , නමුත් වැඩිය කතා නොකරන මාතෘකාවක් !

    මෙතැනදී තවත් දෙයක් සදහන් කරන්න කැමතියි. ආර්ථික සක්තියෙන් හා දැනුමෙන් පිරි පවුලක ළමයෙක් හැදෙන කාලේදී ඔවුන්ගේ පවුල් පසුබිම නිසා ඔවුනට අම්මගේ , තාත්තගේ නැතිනම් පවුලේ වෙන කෙනෙක්ගේ සම්බන්ද තාවය උඩ විවිද ක්ෂේස්ත්‍ර වල ඉන්න මිනිසුන්ගේ ඇසුර ලැබෙනවා . අඩුගානේ ඒ මිනිස්සු කතා බහ කරන මාතෘකා හරි ඇහෙනවා. එම තොරතුරු නිසා ඔවුනට ලෝකේ දිග, පළල ගැන හොද අවබෝදයක් පුංචි කාලෙම ලැබෙනවා. ඒ දැනුම පසුකාලීනව ඉතා වැදගත් වෙනවා.

    කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :

    කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!
    ඒත් ඒ නිදහස් අධ්‍යාපනයට පුළුවන් ඉස්සරහට ගොඩ යන පරම්පරාවක් ඇති කරන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔව් බන් අපි හිඟ නොකා හිඟා කාලා B.Sc එක කරා.

    ඊටපස්සෙ බඳින්න ගෙවල් දොරවල් හදාගන්න ඔට්ටු වෙන්න ඕනෙ.

    ඊටපස්සෙ M.Sc කරන්න සල්ලි වෙලාව හොයාගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ. අපි ඒකට වෙලාව දානවා කියන්නෙ ආදායම නැති කරගන්නවා කියන එක.

    මම දන්න පොඩි උන් ඉන්නවා බන් දැන් Phd ත් කරලා. පස්සෙ ඉතින් බලනකොට උන්ට ඉතින් පවුල් වලින් සෑහෙන සපෝර්ට් එකක් තියෙනවා. බඳින එව්වා ගෙවල් ඔක්කොම ලැබෙනවා. වැඩ කරලා දෙන්න සර්වන්ට්ලා ඉන්නවා. අම්මලා තාත්තලාගේ කන්ටැක්ට්ස් තියෙනවා. උන් බිස්නස් එකක් පටන් ගත්තත් ඕන තරම් ඉන්නවා උදව් කරන්න. වෙන මොනා නැතත් උන්ගේ අම්මලා තාත්තලා දන්නවා පාත් එකවත් පෙන්වන්න.

    B.Sc කාලෙ උනත් සමහර ලෙක්චර්ලා හිටියා ඒ වගේ පවුල් වලින් ආපු උන්ට මාර විදිහට සපෝර්ට් කරන. මම දන්න උන් ඉන්නවා තමුන් ඇහැටවත් දැකපු නැති ප්‍රොෆාලාගෙන් අඳුරන ලෙක්චර්ලා හරහා රෙකමන්ඩේශන් ගත්තු.

    දැන් නම් හිතන් ඉන්නෙ නැති දේවල් ගැන දුක්වෙලා වැඩක් නෑ. අපේ Speed එකෙන් තමයි යන්න වෙන්නෙ.
    අඩුවයසෙන් ගේම ගහනවා නම් අනිවා ඌ ෆැමිලි බැකින් එකෙන්ම තමා .
    නැත්තම් ජෙනුවින් විදියට ගෙමක් ගහද්දි වයසත් යනවා පරිනත වෙන්නත් වෙනවා .

    දැන් උඹෙ ළමයාට ඔනි නම් පුළුවන් උඹට පී එච්ඩී එකක් කරවන්න අඩු වයසෙන් .
    උඹ වැඩෙ දන්න නිසා .