සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    සල්ලි_වලට_ළමයි හදන ලංකාවේ පිරිමි

    පිරිමියාගෙ වරදින් දරුවො නෑති කාන්තාවට සල්ලිවලට දරුවො හදන පිරිසක්


    කිරි සිහිනයේ වාසනාව ලැබීමට හැමෝටම වරම් නැත අපූරු වූ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක අග්‍රඵලය ලබන්නට දෙපාර්ශ්වයම අවැසි දේ සැපිරිය යුතුය. හැමදාම වෙන්නාක්‌ මෙන් මේ ප්‍රශ්නයේද ඇඟිල්ල දිගුවන්නේ ගැහැනියටය. අපේ පරම්පරාවේ කොයින්ද වඳ පිරිමි පිරිමි කවද්ද වඳ වුණේ… එකී මෙකී නොකී හණමිටි කතා මැද්දේ හරි වැරැද්ද සොයා ගන්න නූතන වෛද්‍ය විද්‍යාව පිහිට වන්නේය අපේ කතාව ඒ ගැන නොවේ අපේ කතාව මල් පිපුණාට ඵල නොදරන පිරිමි ගස්‌ ගැනය.

    අද කාලෙ ළමයි නැති කපල් වල ගොඩ හරියකගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ පිරිමි කෙනාගේ. ඔය ප්‍රශ්න ගැන කවුරුවත් හූම් කියන්නෙ නෑ. ගොඩක්‌ ගෑනු අය තමන්ගෙ ප්‍රශ්නයක්‌ නැති බව දැනගෙනත් මනුස්‌සයට අවනම්බු කරන්න බෑ කියල කට වහගෙන ඉන්නවා. අපි ඉතින් මෙහෙම කපල්වලට තමයි වැඩිහරියක්‌ උදවු කරන්නෙ

    කිරි හීනෙ කලින් කියූ කතාවෙ තවත් එක කොටසකි මෙය. මේ කතාව සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත. තවත් විටක ඉන්දීය චිත්‍රපටයක ජවනිකාවක්‌ යෑයි සිතෙනු ඇත. එහෙත් සත්‍යය හැමවිටම ප්‍රබන්ධයට වඩා විස්‌මය ජනකය. දරුවෙක්‌ නැති වුණාම ඒ කපල් එක මාර විදියට වැටෙනවා විශේෂයෙන්ම ගෑනු කෙනා නැන්දම්මාගෙන් වටපිටාවෙ මිනිස්‌සුන්ගෙන් කුණු කතා අහල හෙම්බත් වෙලා ඉන්නෙ.

    එක වෙලාවක්‌ එනව දරුවෙක්‌ වෙනුවෙන් ඕනෙම දෙයක්‌ කරනව කියන තැනට එන අන්න ඒක තමයි අපේ වෙලාව

    ඔහු සිය කතාව කියාගෙන යයි. මේ හාදයාත් මට හඳුන්වා දුන්නේ කලින් කතාවට ඔත්තුව දුන් වීදි මිතුරියමය නම ගම අලගිය මුලගිය තැන් කිසිවකුට හෙළි නොකරන පොරොන්දුව පිට ඔහු මා හා කතාවට එක්‌විය.

    ඉතින් කොහොමද කට්‌ටියව හොයා ගන්නෙ මම කිව්වෙ මේ වගේ දේකට කැමැති වෙන කට්‌ටිය…

    ඒවට ක්‍රම සහ විධි තියෙනවා අපි අපේ කට්‌ටියව යවනව ක්‌ලිනික්‌වලට. ඔහොම ඉඳල හෙමිහිට සබ්ජෙක්‌ට්‌ එකට ගැළපෙන කෙනෙක්‌ ගානට අල්ල ගන්නව. අනිත් එක ඔය ලොකු ලොකු පවුල්වල මිනිසුන්ට ඔය කතා ඒ තරම් දේවල් නෙවෙයි. සමහර ගෙවල්වල ඉන්න ළමයි දෙන්නගෙන් එක්‌කෙනෙක්‌ ඒ ගෙදර මනුස්‌සයගෙ නොවෙයි. ඒ මනුස්‌සයගෙ ඇත්ත ළමයි තව ගෙදරක. POOL PARTY වල නම් චිට්‌ එකක්‌ උඩ දාල තෝරගන්න එක්‌කෙනා එක්‌ක රෑ ගෙවන බැඳපු කපල් ඉන්න රටක්‌ මේක.

    “හරි කෙනෙක්‌ව සොයා ගත්ත කියමුකො කොහොමද මේ ගනුදෙනුව වෙන්නෙ”

    අපි අල්ලගත්ත කෙනාට ෆොන් නම්බර් එක දෙන්නෙ. ඊළඟට ගනුදෙනුව වෙන්නෙ ෆොන් එකෙන්. ගනුදෙනුව කතා කරගත්තට පස්‌සෙ පිරිමි ළමයෙක්‌ව තෝරගන්න පුළුවන් ෆොටෝවලින්. ඒ කිවුවෙ දෙන්නගේ ශරීරාංගවලට, හමේ පාටට ගැළපෙන කෙනෙක්‌ව තෝර ගන්න පුළුවන්. මුලින්ම ඇඩ්වාන්ස්‌ එකක්‌ ඊසි කෑෂ් කරන්න ඕන. ඊට පස්‌සෙ පිරිමි ළමය ඒ ගොල්ලො කියන තැනට එනව. ඊට පස්‌සෙ සාමාන්‍ය විදියට ඒ කස්‌ටමර්ල පිරිමි කෙනාව තමන්ගෙ වාහනේකින් තමාගෙ තැනකට එක්‌ක යනව. ගෙනියන්නෙ ඇස්‌ බැඳල. නැග්ග තැනටම ආපහු ගෙනත් දානකම්ම ඇස්‌ වහල තියෙන්නෙ. ඒ නැති ප්‍රශ්න ඇතිවෙන එක නැති කරන්න. වැඩේ කෙරුණට පස්‌සෙ ඉතුරු සල්ලි ටික ඊෂි කෑෂ් කරනවා. වැඩේ කෙරුනට පස්‌සෙ කිවුවෙ ළමයෙක්‌ හම්බ වෙන්නම කියල දැන ගත්තම දවස්‌ ගාන හරියට බලල යන නිසා ගොඩක්‌ වෙලාවට හරියනව. මේක අපේ ජොබ් එක. ඒක නිසා අපි වැඩේ ෆුල් සීක්‍රට්‌ විදියට කරනවා. වෙන වෙන වැඩ කරන්නෙ නෑ.

    කොහොමද පිරිමි කට්‌ටියව සොයා ගන්නෙ…

    මේ මොනව අහනවද මන්ද? අතට සල්ලියි ගෑනු කෙනෙක්‌ගෙ පහසයි. මේක ඩබල් චාන්ස්‌ එකක්‌නෙ. අනෙක මේක කවුරුවත් පර්මනට්‌ ජොබ් එකක්‌ විදියට කරන්නෙ නෑ මේක පාර්ට්‌ ටයිම් ජොබ් එකක්‌

    කට්‌ටිය බය නැද්ද ලෙඩ හැදෙයි කියල….

    අපේ කොල්ලො සෙට්‌ එකට නම් ලෙඩ නෑ. දරුවෙක්‌ නැති වුණාම ඒ වැටෙන වැටිල්ලට ඔය මොන කෙහෙල්මලක්‌වත් ගණන් ගන්නෙ නෑ. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මේක අපේ සෙට්‌ එකට වෙච්ච වැඩක්‌ නම් නොවෙයි. එක පාරක්‌ ඇමරිකාවෙ සුද්දියෙක්‌ මෙහේ එකෙක්‌ගෙන් ළමයෙක්‌ හදාගෙන. මනුස්‌සයත් එක්‌ක කතා කරල හදාගෙන තියෙන්නෙ. අපේ පාටට උන් මාර කැමැතියි. අපේ රටෙන් ළමයි අරන් හදාගන්නෙත් ඒකයි.

    උන්ට ඕව ඒ හැටි ගාණක්‌ නෑ….

    මේ වැඩවලට සම්බන්ධ වෙන කට්‌ටිය ලිංගික ශ්‍රමිකයො විදියට වැඩ කරනවද

    අපේ සෙට්‌ එකේ නම් එහෙම කරන උන් නෑ ලෙඩ හැදුනොත් ජොබ් එක නෑ අනිත් එක දරුවෙක්‌ හදාගන්න බලා ඉන්න ගෑනියෙක්‌ට ලෙඩක්‌ දෙන එක පවක්‌ මේක වැරැද්දක්‌ වත් අපරාධයක්‌වත් නොවෙයිනෙ.

    ඔවුන්ගේ කතාවේ හරි වැරැද්ද තෝරා ගැනීම ඔබ සතුය. සමහර සිදුවීම්වල හරි වැරැද්දක්‌ නැත ඇත්තේ අදාළ සිද්ධිය පමණකි. දරුවා කාගෙද නොව කාගෙ වුණත් දරුවෙකි ජාතකය කුමක්‌ වුවත් මිනිසෙක්‌ව උපත ලද සියල්ලෝම මනුෂ්‍යයෝය.

    මධුෂානි කොඩිතුවක්‌කු

    උපුටා ගෑනීම ඉරිදා දිවයින පුවත්පතින්
     
    • Like
    Reactions: somalal

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    A fake story. පට්ට කෙබර . ස්වයං ආතල් එක ගැනීම සඳහා ගොතා ලියපු එකක්. අද කාලේ ස්පර්ම් බෑන්ක්ස් තියනවා. ලීගල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    A fake story. පට්ට කෙබර . ස්වයං ආතල් එක ගැනීම සඳහා ගොතා ලියපු එකක්. අද කාලේ ස්පර්ම් බෑන්ක්ස් තියනවා. ලීගල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    උබ දන්නවද ඒකට යන ගාන?ලක්ෂ තුන පනිනවා.කවුද දන්නේ මේ ක්‍රමේ ඊට වඩා ලාභද කියලා..:D
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    උබ දන්නවද ඒකට යන ගාන?ලක්ෂ තුන පනිනවා.කවුද දන්නේ මේ ක්‍රමේ ඊට වඩා ලාභද කියලා..:D


    :yes:Ape un danne hama ekatama fake fake kiyanna thama.car keys uda dala thamange ganu wena unta eka rayakata denna puluwannam me wage deyakata denna bari moko.:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    Jada madhya ban. Lingikathwaya market karala salli hoyana aya.
    Badu tikak athulata daaganna mona ganida ban pita yanne? Galapena kenekgen sperms aran athula ganna puluwan neh. As badala geniyana katha munge article eka lassana karanna dapu kali.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    A fake story. පට්ට කෙබර . ස්වයං ආතල් එක ගැනීම සඳහා ගොතා ලියපු එකක්. අද කාලේ ස්පර්ම් බෑන්ක්ස් තියනවා. ලීගල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

    Aniwa meka kawruhari gobbayek liyapu fake ekak. dan 99% sunday newspapers wala yanne me wage fake articles. moda sinhalu hithanne atta kiyala.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔක බොරු කතාවක් බං ආතල් එකට කොල්ලෙක් ගෙන්න ගන්න එක නම් ඇත්ත වෙන්න පුළුවන් ඒත් ලමයෙක් හදන්න බෑ බං එක දවසක් වැඩේ කරලා ඔක හොදටම දන්නවා ඇතිනේ මේකේ ඉන්න බැදපු ලමයි හදපු උන් සමහර විට මාස ගනන් එකතු වෙලත් ලමයි හදන්න බැරි වෙනවා සරු දෙමාපිය යුවලකටත්:yes: ඉතින් මුන් කොහොමද එක රැයින් ලමයි හදන්නේ:baffled::baffled::baffled:
     
    Last edited: