සසර කෙටි කරගන්න....
භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගේ පොත් සහ ධර්ම දේශනා නිවන හා භාවනාව අරමුණු කරගෙන දේශනා කරන ලද ඒවා වෙයි. වර්තමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා තම ජනප්‍රියත්වය අඩුවෙය යන බියෙන් ගැඹුරු ධර්ම කරුණු දේශනා කිරීමට පැකිලේද්දී, උන්වහන්සේ එම කරුණු මනාව දේශනා කරන්නට යෙදී ඇත. උන්වහන්සේ විසින් රචිත පොත් මුදලට විකිණීමක් සිදු නොකෙරෙන අතර දායක පින්වතුන්ගේ ආධාරය මත ධර්ම ග්රන්ථ මුද්‍රණ භාරය මගින් මුද්‍රණය කෙරෙන පොත් නොමිලයේ බෙදා දීම සිදු කෙරේ. උන්වහන්සේගේ නිහැඬියාව නිසාම බොහෝ දෙනෙක් උන්වහන්සේ ගැන නොදනිති. එම පොත් සහ ධර්ම දේශනා ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙම සබැඳුමට පිවිසෙන්න.
http://www.seeingthroughthenet.net/sin/home.php
෴ උතුම් ධර්ම දානය උදෙසා මෙය අන් අය අතරෙත් බෙදා හරින්න (Share). ෴
ධර්මයේ හැසිරෙන අපි හැමෝටම ඕනෙ මේ සසර කෙටි කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් කලයුතු නොකලයුතු දේවල් බොහෝමයි. ඒ වෙනුවෙන් වර්තමාන යතිවරයන් වහන්සේලා විශේෂ කර්තව්‍යක් කරනු ලබයි. ඒ අතරින් රේරුකානේ චන්දවිමල හාමුදරුවො ප්‍රධානයි. මට රේරුකානේ හාමුදරුවන් ගැන දැනුවත් කරපු එලකිරියෙ ඉන්නෙ Gstar සහෝදරයට මම කරන කුසලයක් පිනක් ගානේ පිං සිද්ධ වෙන්න ඕනෙ. නැත්නම් අදත් මම අපායට යන්න පාර කපාගන්නවා. එදා ඒ ලිපියෙන පටන්ගත්තු ගමන තාමත් රේරුකානේ හාමුදරුවන්ගෙ පොත් කියවනවා. ඊට පස්සෙ නාඋයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ බන අහනවා. ඉතින් අද මම මූනු පොතේ දැක්ක තවත් භාවනයෝගී ස්වාමීන්වහන්සේ නමක් ගැන. ඉතින් හොදම දේ එලකිරිය නිසා පලවෙනි බන පදය ඩවුන්ලෝඩ් කරල අහන ගමන් මේ දාන්නෙ. ඉතින් ප්‍රසිද්ද වෙන්න හිතාගෙන වත් වෙනත් ලාබ ප්‍රෙයෝජන ලබාගැනීමේ පරමාර්ථයෙන්වත් නෙවෙයි මේ ටික දාන්නෙ. කට්ටියට පුදුම හිතෙයි මුස්ලිම් වරුන්ට විරුද්ධව කෑගහන වෛයිරස් මොකද එකපාරටම නිවනට යන්න හදන්නෙ කියල. ඒක ගැන පැහැදිලි කරන්න බෑ. මොකද හැමගෙම හිත් එක වගේ නොවන නිසා. රටක් ජාතියක් ඉතුරුවෙන්නත් එපැයි නිවන් තියා අඩුමගානේ අපායට නොයා වත් ඉන්න.
ඉතින් පිං කැමති හැමෝම පුලු පුලුවන් විදියට කියවන්න. අහන්න. හැමෝ අතරෙම බෙදාහරින්න. හැබැයි ධර්මයට කැමති අය අතරේ පමනක්.
තුරුණුවන් සරණයි!