සසුන කන කද පනුවෝ
පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.
සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්රය ගන්නද?
බුදු හාමුදුරුවෝ
ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.
සිඟන්නා දානේ පාත්රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්රය රැගෙන ආපසු බුද්ධ ප්රතිමාව අසලට පැමිණේ.
සිඟන්නා: බුදු හාමුදුරුවනේ බඩ නම් පිරුණා. පාත්තරේ හෝදන්න වතුර තමයි නැත්තේ...
බුදු හාමුදුරුවෝ: ( ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පිංවත මම එය සෝදාගන්නම්.
පාත්රය මල් අසුන මත තබන සිඟන්නා පිටවී යයි. පසුදාත් මේ ලෙසටම පැමිණ මෙයම සිදු කරයි.
පූර්වාපර සන්ධි ගැලපුම: එදා සිඟන්නා නම් මෙදා සිරි සමන්තභද්ර, , කිරිබත්ගොඩ ඥානානන්ද, වටරැක විජිත ආදි උදවියයි
පානදුරේ නගරයේ සිඟමන් යදින මනුස්සයෙක් සිටියාලු. ඔහු තරමක් දුරට මානසික අවුල් සහගතව සිටි කෙනෙක්ලු. මේ මනුස්සයා පානදුර නගරයේ ඔර්ලෝසු කණුව ඉදිරිපිට ඇති මංසන්දියේ ඉදිකර ඇති බුද්ධ ප්රතිමාව අසලට දිවා කාලයේ පැමිණ මෙසේ කියන්නේලු.
සිඟන්නා: බුදු හාමුදුරුවනේ.... දවස් ගානක් කෑවේ නෑ. හරිම බඩගිනියි. මං මේ දානේ පාත්රය ගන්නද?
බුදු හාමුදුරුවෝ
ඒ සිඟන්නාම කටහඬ මාරු කරමින්) කමක් නෑ පින්වත, මේ දානය රැගෙන ගොස් ආහාරයට ගන්න.සිඟන්නා දානේ පාත්රය රැගෙන පසෙකට ගොස් එය කුස පුරා වලඳයි. ඉන් අනතුරුව ඉඳුල් පාත්රය රැගෙන ආපසු බුද්ධ ප්රතිමාව අසලට පැමිණේ.