අයියලා තුන් දෙනෙක් ඉන්නවා. වැඩේ කියන්නේ උන් හිතන් ඉන්නේ අපි තාම පොඩි එවුන් කියලා. හැමදේම ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න එනවා. මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් මම අයියලාට කියන්නේ නෑ. කිව්වොත් මට කැමති විදිහට කරන්න වෙන්නේ නෑ. එගොල්ලොන්ට කැමති විදිහට තමයි වැඩේ වෙන්නේ. යාලුවෝ වගේ ෆිට් එකක් නෑ. යාළුවොත් එක්ක නම් ඉතින් ඕනි තුප්පහි වැඩකට අතගහන්න පුළුවන්නේ. අයියලා එක්ක එහෙම බෑ නෙව. අයියා කියන ගෞරවේ තියෙනවා ඉතින්. 
