ස්කූටරය

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඕකෙ සිමෙන්ති ඇදපු ඩයල් එහෙමත් ඉන්නවා කිසි ගින්නක් නැතුව .

    ලඟදි සෙට් වුනා ගෑනියෙක් ,කකුල් දෙක දෙපැත්තට දාගෙන මයි යන්නෙ බැලන්ස් එකට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    බම්ප්
    (y) (y)
    (y)(y)
    (y)(y)
    අපේ සීයා ගාව ඉස්සර තිබ්බා ස්කූටර් එකක්.. එක ස්ටාර්ට් කරාම කිලෝමීටර් 10ක් 12ක් දුරට ඇහෙනවා සද්දේ... ඒ කාලේ එකට කිවේ පොට පොට යන්තරේ කියලා. ඒ දවස් වල ස්කූටර් වැඩිය දකින්න නෑ.

    2012 අපේ දිහා තිබ්බා ඩියෝ එකක. එකේ එන්ජින් එක නම් හරියට තෙල් බීවා රුපියල් 300ක් පෙට්‍රල් ගහලා කිලොමීටර් 20ක් වත් යන්න බෑ. වෙලාවකට හිතුනා හොන්ඩා එකෙන් 3500cc mini ඇන්ජිමක් මේකට වැරදිලා හයි කරලා ද කියලා 😂
    300තෙල් වලින් 20km :eek::lol:
    BUMP BRO....
    (y)(y)
    UP BRO....
    (y)(y)
    Good Post Bro....
    (y)(y)
    (y)(y)
    (y)(y)
    මාරයට අත වනන රෝද දෙකේ මාරයා :lol:
    රෝද පොඩි නිසා වංගු ගන්නකොට විසිවෙනව. සමහර උං වංගු නමනව ස්ටෑන්ඩ් එක බිම වදින ගානට. උංගෙ හැකියාවද, ගොං කමද කියල හිතාගන්න බෑ.:lol:
    අපේ එකෙක් හෝටලයක් කරා, මුල්ම තැන පොඩි කඩ කෑල්ලක් කෑම හදන්න ඉඩ මදි. මිනිහා ගෙදර කෑම හදලා කඩේට ගෙනාවෙ ස්කූටරේ, කෑම හදන්න ඕනේ ගෑස් බිත්තර ඇද්දෙත් ඒකෙමයි (පිටි/සීනිත් ඇද්දද මන්දා).
    හරි මනුස්සයා අතේ සුපිරියට වැඩ ගන්න පුලුවන් වාහනයක්, ටිපිකල් ගංකබර සිංහලු අතේ මරාගෙන මැරෙන මරාලයක්.
    ඉස්සර තැපැල් නයින්ටියෙන් ගත්ත වගේ වැඩ ගන්න පුලුවන්. හොඳ ලැගේජ් ස්පේස් එකකුත් තියෙනවනෙ. අපේ කඩයක් කරන කෙනෙක් කොටුවෙන් තොගේට බඩු ගේනව ගේන බඩු ගොඩ දැක්කම බය හිතෙනව
    ඕකෙ සිමෙන්ති ඇදපු ඩයල් එහෙමත් ඉන්නවා කිසි ගින්නක් නැතුව .

    ලඟදි සෙට් වුනා ගෑනියෙක් ,කකුල් දෙක දෙපැත්තට දාගෙන මයි යන්නෙ බැලන්ස් එකට
    හොඳට බර දාල අදිනව.

    ගෑනු කකුල් දාගෙන යනව කියන්නෙ කොයි වෙලේ බ්‍රේක් කරයිද දන්නෑ. මමනං ඉස්සර කරත් ලේලන්ඩ් බස් එකක් ඉස්සර කරනව කියල හිතං හොඳට ඉඩ තියල ඉස්සර කරන්නෙ.
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ස්කූටරය හරි අපූරු හුරැබුහුටි වාහනයක්. මම මුලින්ම ස්කූටරේ හදුනගත්තෙ පිටිපස්සෙ රෝදයක් හයිකරල තියෙන ත්‍රීවීල් එකක පෙනුම තියෙන බයික් එකක් විදිහට. මම පොඩිකාලෙ ගොඩක්ම ඔය වාහනේ පදිනව දැකල තියෙන්නෙ සරම අඳින අංකල්ල. හැබැයි දැන්නං
    වෙස්ප සහ බජාජ් වර්ගයෙ පරණ ස්කූටර් කොන්ඩෙ රැවුල වවාගත්ත හිපි ස්ටයිල් එකේ තරුණ පිරිසගෙ ග්‍රහනයට ලක්වෙලයි තියෙන්නෙ. දැන් ඒව මඤ්ඤොක්ක කොළේ හැඩේ තියෙන ස්ටිකර් වලින් වගේම වෙෙවර්ණ පාටවල් වලින් හැඩ වෙලා අලුත්ම පෙනුමකින් සමාජගතවෙලා තියෙනව.

    වෙස්ප යුගයට පස්සෙ 2007 2008 කාල වකවානුව වෙනකොට තවත් හරි අපූරු බයිසිකලයක් කරලියට එනව. ක්ලච් ගියර් වගේ පදින්නාට පැදවීම සංකීර්ණ වෙන විදිහෙ ගැජට් මුකුත් නැතුව බ්‍රේක් සහ ඇක්සලරේටරයකින් විතරක් සමන්විත මේ ස්කූටරය බජාජ් ක්‍රිස්ටල් කියන නමින් තමයි එන්නෙ. අපි හරි අමාරුවෙන් අනුන්ගෙ බයික් වලින් ටොකු කකා බයික් පදින්න පුරුදුවෙන කාලෙ මගේ යාලුවෙක් ඔය බයික්එක ගැන කතාව කිවුවෙ මෙහෙමයි. "මම බයික් එකක් පැද්ද මචං ඒක පදින්න හෙන ලේසියි ඇක්සලේට් කරපු ගමං නිකම්ම යනව. රු 100 පෙට්‍රල් ගහල සෑහෙන වෙලා පැද්ද"
    හැබැයි මොකක් හරි අහේතුවකට ඔය ස්කූටරේ මිනිස්සු අතරට ගියේ හරිම අඩුවෙන්.

    ඊට ටික කාලෙකට පස්සෙ TVS එකෙන් ස්කූටි පෙප් කියල ස්කූටර් වර්ගයක් එළියට දානව. ඔතනින් පස්සෙ ලංකාවෙ ස්කූටර් වල ස්වර්ණමය යුගය පටංගන්නව වගේම ලංකාවෙ පාරවල් වලට කණකොකා හඬන්න පටන්ගන්නවා. ඒකට හේතුව ලංකාවෙ කාන්තාවන් පෙප් එකේ ආගමනයත් එක්ක ස්කූටරානුමස්ථක වෙන්න පටන්ගන්න එක.
    ස්කූටි පෙප් එක කොච්චර ජනප්‍රිය වෙනවද කිවුවොත් ස්කූටරේ කියන වචනය කාන්තා පාර්ෂවයට පොෂ් මදි නිසා හොන්ඩ ඩියෝ එකටත් ස්කූටිය කියන වචනය ආමන්ත්‍රනය සඳහා යොදාගන්නව.

    ඒවගේම තමංගෙ ස්කූටරේට ගැලපෙන පාටින් පාට කරල ස්ට්‍රේට් කරපු කොන්ඩ, භාග හෙල්මට්, ජැකට්, තුන්කාලෙ කලිසං, බෝතල් අඩි සන්ග්ලාසස්, සයිඩ් බෑග් වගේ බයික් පදින කාන්තාවන්ට අනිවාර්යය විලාසිතා අද වෙනකොට බිහිවෙලා තියෙනව.

    අද කාලෙ වෙනකොට ඒකටම හරියන්න බාල වයස්කාර තරුණ පිරිසකුත් ස්කූටර් සංස්කෘතියට හැඩගැහිල තියෙනව. තොරං වගේ සරසපු ස්කූටර් වල නැගල ෆුල් ෆේස් හෙල්මට්, ගොගල්ස්, හුලඟෙ යන ජැකට් දාගෙන අලි එලවන නලාව ගහගෙන පැත්තට වාඩිවෙලා ස්කූටර් පදින එක තමයි මේ අයගෙ සංතෝසෙ.

    මොන මොන විලාසිතා කරත් ගැහැනු, පිරිමි දෙපාර්ශවයටම මගහරුනු එක දෙයක් තියෙනව ඒ තමයි නිවැරදි පුහුණුව.
    මේ නූල දාන්නත් හේතුව එළකිරි නූලක දැකපු ස්කූටර් පදින කාන්තාවක් බයික් එක පාරහරහා දාන වීඩියෝවක්.

    මගෙනං අදහස ස්කූටරය ගොඩක් වටින්නෙ සුලු ව්‍යාපාර කරන අයට. බඩුමුට්ටු දාගෙන යන්න හොඳ ඉඩක් තියෙනව, තව කෙනෙකුගෙ උදවුවක් නැතුව තනියම උණත් බර පටවගෙන පහසුවෙන් යන්න පුලුවන්. මොන වාහනේ පාවිච්චි කරත් තමුංගෙ අවශ්‍යතාව දැනගෙන, හරි පුහුණුවක් ඇතුව වාහන පාවිච්චිය තමයි හොඳම ක්‍රමය..

    ස්කූටර් ගැන මොනවහරි අත්දැකීමක් තියෙනවනං අපිටත් දැනගන්න මෙතන කොටන්න....
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Scooter එක balance කරගන්න එක සාමාන්‍ය ct100 වගේ bike එකකට වඩා ටිකක් අමාරුයි. ඒත් පට්ට.
     
    • Like
    Reactions: PHBhagya

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    මමත් බොහොම දුක් මහන්සියෙන් ගත්තෙ ඉස්සෙල්ලම වාහනේ විදිහට ‍Honda Dio එකක් තමා. ගෙදර බඩු ටික ගේන්න එහෙම කිසි කරදරයක් නැහැ. තෙලුත් කරනවා. දැනට අවුරුදු 6 කට වැඩියි. වෙලාවට සර්විස් එක කළාම ඇති. දෙන්නත් එක්ක ඇඳුම් බෑග් එක එහෙම ඉස්සරහින් තියාගෙන ට්‍රැවල් එකක් එහෙම යනවා කිලෝමීටර් 300 ක විතර. ඒත් අවුලක් නැහැ. මට නම් ස්කූටරේ කියන්නෙ නැතුවම බැරි දෙයක් වගේ දැන්.
     

    prasad bapeb

    Junior member
  • Oct 16, 2009
    25
    38
    13
    rathnapura
    ඒ අඩේ කොල්ලෝ ඉස්කුටි පදින කොට කෙල්ලෝ වගේ අප්පා 🤣
    තනි පඩියෙන් ජීවත් වෙන රජයේ සේවකයෙකුට ඉතින් ගෙදර වැඩටිකට හරියන්න ගන්න තියෙන්නේ ඔයි වගේ වාහනයක් තමා ඉතින්. ආශ්චර්ය නේ...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ස්කූටර් කියන්නේ පවුලේ වාහනයක්.
    ගෙදර ඉන්න අයියා නංගි අම්මා තාත්තා ඔක්කොටම පදින්න පුලුවන්...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අපේ එකෙක් හෝටලයක් කරා, මුල්ම තැන පොඩි කඩ කෑල්ලක් කෑම හදන්න ඉඩ මදි. මිනිහා ගෙදර කෑම හදලා කඩේට ගෙනාවෙ ස්කූටරේ, කෑම හදන්න ඕනේ ගෑස් බිත්තර ඇද්දෙත් ඒකෙමයි (පිටි/සීනිත් ඇද්දද මන්දා).
    හරි මනුස්සයා අතේ සුපිරියට වැඩ ගන්න පුලුවන් වාහනයක්, ටිපිකල් ගංකබර සිංහලු අතේ මරාගෙන මැරෙන මරාලයක්.
    ඕකෙ සිමෙන්ති ඇදපු ඩයල් එහෙමත් ඉන්නවා කිසි ගින්නක් නැතුව .

    ලඟදි සෙට් වුනා ගෑනියෙක් ,කකුල් දෙක දෙපැත්තට දාගෙන මයි යන්නෙ බැලන්ස් එකට

    අපේ ගෙදර එකක් තියනවා අර ආණ්ඩුවෙන් 50000ට දීපු එකක්, ගේමක් නැතුව සිමෙන්ති 2ක් දාගෙන යන්න පුලුවන්, ඉස්සරහ එකයි පස්සෙ සීට් එක උඩ එකයි. හොඳට පුරුදු උනාම ට්‍රේල් බයික් එක වගේ තමයි ඕන මඩ පාරක ගල් පාරක ජෙට් එක වගේ ගියෑකි. මගේ ලඟ කලින් TW200 එකක් තිබ්බා ඒකට වඩා ගල් ගොඩවල් වල මේකෙන් ගිහින් තියනවා
    ගැනිටත් පදින්න පුලුවන් නිසා මේක ලේසයි. හැබැයි මේ අටමගලෙ ගෑස් ටැංකිය තියන්න බැහැ ඉස්සරහින් ඒක නිසා හෙන ගේමක් දෙන්න වෙනවා ගෑස් ටැංකිය අරන් යන්න උනාම

    ගමේ ගෙදර ත්‍රීවීල් එකක් තියනවා ගිය සතියෙ ගෙදර ගිහින් ඒක පැදල පැදල මෙහෙ ඇවිත් ස්කූටිය ගත්තා, ත්‍රීවිල් එකේ පුරුද්දට ක්ලච් එක කියලා ඇල්ලුව බ්‍රේක් එක තව පොඩ්ඩෙන් දත් ටික නෑ
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් scooter එකක් ලක්ෂ 4 1/2 witara වෙනවා නේද. මමත් ගන්න හිතාගෙන ඉන්නේ. ඇයි බන් town එකට පොඩි වැඩ වලට වාහනේ ගියාම මුළු කාලේ ඉවරයි.පාර්ක් කරන්න තැනක් නැතුව සමහරක් තැන් වල පාර්ක් කරලා කිලෝමීටරයක් witara painuth ගහිල්ල tieyenawa. කොහොමද ඉස්සරහට මේවගේ මිල අඩු weida.
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මට අවුරුද්ද හරියට මතක නෑ එක්දාස් නමසිය හැත්ත ගණන් වල Lambretta vega කියලා ඉතාලි ස්කුටරයක් අවා. බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක රු 2200.00 වගේ මතක. අපි මේකට කිව්වේ මදුරුවා kiyala. අර පස්සේ ආපු චැලි එකේ හැඩය. ගුගල් එකේ සර්ච් කලාම බලන්න පුළුවන්.