කඩේ යන්න වගේ වැඩ වලටනං සුපිරි වාහනේ.
මම දන්න කෙනෙක් ඉන්නව කඩයක් කරන. මිනිහ පිටකොටුවෙ ගිහින් ලොරියක බඩු පටෝගෙන එනව...
හැබැයි ඉතිං ඕකෙ නැගල කිලෝමීටර් 20ක විතර දුරක්, ට්‍රැෆික් එකේ කොළඹ යනව කියන්නෙ වෙනම වහක්....
චිකේයිය....
මම පදින්නෙ මැනුවල් වාහන විතරයි...
හපොයි...
අපේ ලොකු මාම වැඩ කරේ ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකේ.
ඉස්සර ඉ.බෝඩ් එකට තිබුණ ලයිට් කනු ගෙනියන කොළ පාට පතරංග බූම් ට්‍රක් එකක් එලවන එක තමයි එයාගෙ ජොබ් එක...
දවසක් ගෙදරට නෑදෑ කට්ටියක් ආව. එයාල ආවෙ වෑන් එකක. මොකක් හරි හේතුවකට ලොකු මාමට අර වෑන් එක නවත්තල තිබුණ තැනින් අයින් කරන්න සෙට්වුණා...
මිනිහ ගිහින් වාහනේට නැගල, ටිකක් එහෙට මෙහෙට ඇඹරිලා,
"හපෝ මට බෑ ඒක එළවන්න"
කියාගෙන ආපහු හැරිල ආව...
වෑන් එක ඔටෝ ගියර්.....