ස්ටාලින් satis නැල්ලු...

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
    🙄
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔක්කොම කියෙව්වා නම් උඹ නියම වහලෙක් බං. දැන් ඉල්ලනවා නෙමේනෙ. අවුරුදු කීපයකින් හරි වැඩේ වෙන විදිහට ලිඛිතව දෙන දෙයක් දුන්නා නම් ඉවරනේ.
    උඹ අද ඌ කියපු එක ඇහුවද? හිරු news බලපන්. ඌට එක සැරේ ඕනලු... 😂😂😂
     

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    උඹ අද ඌ කියපු එක ඇහුවද? හිරු news බලපන්. ඌට එක සැරේ ඕනලු... 😂😂😂
    5000ක් 10000ක් වැඩි කරලා ඉතුරු ටික ගන්න ආයෙ හිඟාකන්න වෙන සීන් එකක් තියෙන්නෙ. කලින් ඉඳන් ඔහොමනෙ ඇන්දුවෙ. කල් ගියාට අවුලක් නෑ හරියට ඕනෙ කියල මුං කියන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: vito and ESL

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    5000ක් 10000ක් වැඩි කරලා ඉතුරු ටික ගන්න ආයෙ හිඟාකන්න වෙන සීන් එකක් තියෙන්නෙ. කලින් ඉඳන් ඔහොමනෙ ඇන්දුවෙ. කල් ගියාට අවුලක් නෑ හරියට ඕනෙ කියල මුං කියන්නෙ.
    වැඩක් නෑ බං.. දෙයක් තේරුම් ගන්නත් මිනිහෙක්ට ලාවට හරි මොළයක් තියෙන්න ඕනෙ..

    අන්ධභාවයෙන් ඉන්න උන්ට කොච්චර දේවල් පෙන්නල දෙන්න හැදුවත් ඵලක්, ප්‍රයෝජනයක් නෑ..

    එහෙම මිනිස්සු එක්ක කතා කරන්න නාස්ති කරන කාළයත් අපරාදෙ!
     
    • Like
    Reactions: Sahanviz

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේ වෙලාවෙ පාරට බහින එකනම් හරි නෑ තමයි.

    ඒත් බං;
    1. මේ මිනිස්සු ඉල්ලන්නෙ පඩි වැඩි කිරීමක් නෙමෙයි. අවුරුදු 12ක් තිස්සෙ තමන්ට හිමි වෙන්න තිබුණ, ඒත් පාලකයො දුන්නෙ නැති වැටුපයි ඉල්ලන්නෙ (වැටුප් විශමතා)..

    2. ලංකාවෙ ආණ්ඩු කවද්ද උද්ගෝෂණ/ අරගල නොකර සාකච්චා මාර්ගෙන් ඉල්ලපු ගමන් ඕවගේ දේවල් දුන්නෙ?
    මොකද මේ මිනිස්සු අරගල කරන්න පාරට බහින්න කලින් සාකච්චා කරල ඕව ඉල්ලුවනෙ.. එතකොටත් එක දිගටම ආණ්ඩුව මේ ප්‍රශ්ණෙ ඇදගෙන ගිය එකනෙ කරේ.. අන්තිමට බැරිම තැනනෙ ඔය ඔහොම කරන්න ගත්තෙ..

    ප.ලි:
    මමනම් දකින්නෙ, ඔය ප්‍රශ්නෙදි ගුරුවරුන්ට බනින්නෙ හුඟක්ම මේ ප්‍රශ්නෙ ගැන හරියට නොදන්න අය කියලයි..
    ඒ හැමෝම වගේ "වැටුප් විශමතාව = වැටුප් වැඩි කිරීමට ඉල්ලුම් කිරීම" කියලයි හිතන් ඉන්නෙ.

    මාත් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නෙ ගැන හරියට දැනන් හිටියෙ නෑ. ඒත් හරියට හොයල බැලුවම ඒ මිනිස්සු ඇත්තටම පවු..
    anik rajaye sewakayontath wetup wishamatha thiye.
     

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    වැඩක් නෑ බං.. දෙයක් තේරුම් ගන්නත් මිනිහෙක්ට ලාවට හරි මොළයක් තියෙන්න ඕනෙ..

    අන්ධභාවයෙන් ඉන්න උන්ට කොච්චර දේවල් පෙන්නල දෙන්න හැදුවත් ඵලක්, ප්‍රයෝජනයක් නෑ..

    එහෙම මිනිස්සු එක්ක කතා කරන්න නාස්ති කරන කාළයත් අපරාදෙ!
    ඒක නං ඇත්ත 😒
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,026
    113
    Salary nam asadaranayi me welawe illana eka. Tikak rational widihata hithanna one... TAX walin kelawenne duppath minihata ayeth
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අනික් රාජ්‍ය සේවක වැටුප් එක්ක සංශෝදනයක් කලානම් හොඳයි
    නැත්තම් ඊලඟට තව සෙට් එකක් එළියට බහිනවා ඕකට විරුද්ධව
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ජේවීපීයට කතිරේ ගහපු කෙනෙක් හැටියට මගේ පෞද්ගලික මතයනම් දැන්වත් ජේවීපී එක ගුරු සටනින් ඉවත් විය යුතුය යන්නයි.මේක නෙමේ වෙලාව සටන් කරන්න .අනික මේක රට අස්ථාවර කරන දේශපාලන කුමන්ත්‍රණයක ස්වරූපයක් දැන් දැන් පේන්න තියනවා... තවදුරටත් වැඩ වර්ජනය කරන ගුරුවරුන් අස් කර උසස්පෙළ පංති සදහා කැම්පස්වල 3/4 වසර වල සිසුන්ද සාමාන්ය පෙළ සහ ඉන් පහල පන්ති සදහා උසස්පෙළ සමත් ලමුන්ටද zoom තාක්ෂණය හරහා මසක පුහුණුවීමක් ලබා දී ගුරු පත්වීම් ලබා දෙන ලෙස සැර්ගෙන් ඉල්ලා සිටිමි..විදුහල්පති තනතුරු සදහා උපාධිදාරි හමුදා නිලදාරීන් යෙදවිය හැකියි.. :yes:
     
    • Like
    Reactions: ESL

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    ඔව් නේ. මටත් දැන් තමයි තේරුනේ. අවුරුදු 24ක් තිස්සේ අහිමි වෙච්ච එක ඉල්ලන්න හොඳම වෙලාව මේක. ඕක පිටින් දාලා චන්ද ටිකක්වත් නම්ම ගන්න බැරියැ.
    අනික් එවුන් ප්‍රශ්නෙ ගැන කතා කරනව. මේක ජන්ද ගැන කතා කරනව.

    ඔය 225ටම තැපැල් ගාස්තුව විදියට 350000ක් වසරකට දෙනව. ඒ කියන්නෙ එක්කෙනෙකුට මාසෙකට 29200ක් වගෙ. බහුතර ගුරුවරුන්ගෙ මාසික පඩිය 30000 ක් වගේ. මන්ත්‍රීවරයෙක්ගෙ අනික් දීමනා ගැන කියන්න ඕන නැහෙනෙ. හිටපු විගනකාදිපති කිව්වා ඇමතියෙක් නඩත්තු කරන්න මාසෙකට කෝටි 3.5 ක් ඕන කියල.

    උන් ටික උන්ගෙ දීමනාවල් වත් අඩු කරල(රට ගැන හිතල ) පරිත්‍යාගයක් කරන්න සූදාන්ම් නෑ. දැක්ක නේද පිය්ල් නිශාන්ත/ එස් බි දිසානායක කියපුව.

    මේ රටේ සමහර කම්කරුවො ගන්නව ගුරුවරුන්ට වඩා පඩි. ඒක නිසා ගුරුවරුන්ගෙ පඩිය වඩි කල යුතුයි. නමුත් එයට මේ වෙලාව නෙවි. මට හිතාගන්න බැරි ඇය් මේ වෙලවෙ වුර්තිය ක්රියමර්ගයට ගියේ කියල.

    සමහර විට මහින්දගෙ සුපුරුදු කොන්ඩොම් තියරියට අහු උන නිසාද දන්නෙ නෑ. මහින්ද චන්දෙ අරන් අන්තිම අය වැයේදි කිව්වනෙ ගුරුවරුන්ට පඩි වැඩි කරන්නෙ නෑ, ඕන නම් පාර්ට් ටය්ම් වෙන වැඩක් කරන්න කියල
     
    • Like
    Reactions: errors

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සියයට අනූවක් විතර වෙළෙඳ ව්‍යාපාර අඩපණ වෙලා. ව්‍යාපාර සිද්ධ වෙන්නේ නැතුව රජයට ලැබෙන බදු සල්ලි අඩුවෙලා. සල්ලි අඩු වෙච්ච වෙලා ආවේ රජයේ සේවකයෝ පඩි වැඩි කරගන්න හදනවා කියන්නේ පිස්සු විකාර වැඩක්.
    මේ වෙලාවේ රජයේ සේවකයන්ගෙ පඩි වැඩි වෙන්න ඕනි නෑ නමුත් ෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ

    සෞඛ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා අනිත් සේවයට වාර්තා නොකරන රජයේ සේවකයන්ගේ පඩි බාගයක්වත් අඩු කරන්ඩ ඕනේ.

    එහෙම නොකළොත් මේ රට අපායක් වෙනවා. වරහන් ඇතුලෙ දේශපාලඥයෝ ඇතුළත්ව
    වරහන් ඇතුලේ නෙමේ. එලියෙන් එන්න ඕන
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණ සැලසුම් වගේ දේවල් ඇරුණාම ඉතිරි

    1.පෙර පාසල් අධ්‍යාපනය ද්විතීක අධ්‍යාපන මුදල් අයකරගන්නා ආකාරයට ්‍රතිසංස්කරණය වෙන්න ඕන

    එතකොට දුප්පත් අයට ිෂ්‍යත්ව ඉල්ලුම් කරලා පූර්ණ කාලීන ඔහු මධ්‍යම පාන්තිකයන්ට ්ධකාලීන හිෂ්‍යත්ව වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද කාලේ ගොඩක් මුදල් තියෙන මිනිස්සු ේ වගේ ශිෂ්‍යත්වය වැඩසටහන් වලට ඉල්ලුම් කරන්න වශ්‍ය නැති මට්ටමට ඔවුන්ට මුදල් ලැබෙනවා.
    මෙහෙම කර රජයට ලොකු මුදලක් ඉතුරු කරගන්න පුලුවන්. සහ ගුරුවරුන්ට ලැබෙන ආදායමෙන් පඩි වැඩි කරන්න සහ පාසල් නඩත්තු වැනි දේවල් කරන්න පුළුවන්.

    2. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම මුදල් අයකිරීම මත කරන්න ඕන

    සෑම විද්‍යාල පාඨමාලාවක් ම රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන් විදියට පාඨමාලා කාලය වෙනස් වෙන්න ඕන. විශ්වවිද්‍යාලෙ වලට යන්නේ අවුරුදු විස්සෙන් එහා ළමයි එයාලා ඉගෙන ගන්න ගමන් රැකියා කරන්න පුරුදු වුණොත් දැන් වගේ ආණ්ඩුවෙන් පිනට පඩි ගන්න රස්සාවල් බලාපොරොත්තු වෙන්නේ නෑ.


    දැන් මේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ නොමිලේම ඉගෙන ගෙන ආණ්ඩුවේම රස්සාවක් කරලා අඩුවෙන් වැඩ කරලා පඩිත් වැඩියෙන් හම්බු ක ලැබිලා ිශ්‍රාම ගියයින් පස්සේ ආණ්ඩුවෙන්ම විශ්‍රාම වැටුප් ලැබිලා ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන්න.

    දැන් වෙන්නේ රටේ සමස්ත පුද්ගලික අංශයේ ඉඳන් සුළු කම්කරුවා දක්වාම මහන්සියෙන් උපයන මුදල් වලින් ලබා ගන්නා බදු මුදල් රජයේ සේවකයන්ගේ පඩි සහ දේශපාලනඥයින්ගේ සුඛ විහරණයට යන එක.