ස්පීඩ් ඩ්රාෆ්ට් ද, ෆිනෑන්ස් ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,248
    1
    101,084
    113
    34
    Kalutara
    ස්පීඩ් ඩ්රාෆ්ට් ද, ෆිනෑන්ස් ද?

    මට ඕන මගේ නමට ෆිනෑන්ස් දාල නැති අත්පිට මුදලට ගත්ත මගේ වාහනේ විකුනන්නේ නැතුව ඒකට ෆිනෑන්ස් එකක් හෝ ස්පීඩ් ඩ්රාෆ්ට් එකක් දාල වාහනේ වටිනාකමට සාපේක්ෂව ෆිනෑන්ස් කම්පැනියෙන් දෙන වටිනාකමක් ගන්න.

    මේකට මට ලාභ ස්පීඩ් ඩ්රාෆ්ට් එකක් දාන එකද ෆිනෑන්ස් එකක් දාන එකද? :oo:

    කොහොමත් මට ලැබෙන ගාන මාස 8කින් වගේ ගෙවල ඉවර කරන්න පුළුවන්.
    ඒ වගේම වාහනේ දැන් මාකට් ප්‍රයිස් එක ලක්ෂ 30ක් වගේ නම් මට කීයක් වගේ උපරිම ගන්න පුලුවන්ද? :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාන්න. හැබැයි මේ හේතු ගැන හිතන්න.
    හේතුව තමයි කෙටිකලකින් ගෙවන එක තමන්ගේ අරමුණ වීම. ඒ මාස අට තුළදී ඩ්‍රාෆ්ට් එකේ පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුළුවන්. ඒ වගේම මාස 8 ට කලින් එකපාර යම්කිසි මුදලක් ගෙවලා ඒක මුළු මුදලෙන් අඩු කරගන පොලී වාරිකය අඩු කර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අද ඩ්‍රාෆ්ට් එක අරන් ලබන මාසය වෙනකොට තමන්ගේ අතට රුපියල් ලක්ෂයක් ලැබුනොත් ඒ ලක්ෂය ගෙවලා මුළු මුදලෙන් ඒක අඩු කරගන පොලී වාරිකය අඩු කරගන්න පුළුවන්.

    ඩ්‍රාෆ්ට් එක දාන එකේ අවාසිය තමයි සාමාන්‍ය ලීස් එකකට වැඩිය පොලිය වැඩිපුර ගෙවීමට වීම. නමුත් තමන්ට මුළු මුදල අඩු කරගන්න පුළුවන් වීම තමයි මෙතනදි වැදගත් වෙන්නේ. ඒ නිසා විටින් විට ගෙවලා මුලු මුදල අඩු කරගන්න බලාපොරොත්තු වෙනවනම්. ඒ වගේම මාස 8 කියන කාලෙට කලින් උනත් ඉඩක් ලැබුනොත් මුදල ගෙවලා ගනුදෙනුව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවනම් ඩ්‍රාෆ්ට් එක ප්‍රයෝජනවත්.
     
    • Like
    Reactions: DangerMan119

    ගොඩක් ලීසින් කම්පැනි වලින් දැන් ස්පීඩ් ඩ්රාෆ්ට් අයින් කරලා, මහා බැංකුවෙන් දීපු ඔඩර්ස්ලු. මම ගියා බලන්න,. සියපත එකේ විතරයි ඩ්රාෆ්ට් දෙන්නේ. අන්තිමේ බලද්දී ඒකෙ පොලිය ලක්ෂ 3 පැනල ලක්ෂ 22කට. මම CDB එකට සෙට් වුනා ලීසිං එකක් විදිහට. ලක්ෂ 2 ගානක් විතරයි ගෙවන්න තියෙන්නේ.