ජිම් එහෙමත් වහල හින්ද පහුගිය කාලේ මම මගේ දූවිලි වැදිලා තිබ්බ රොවින් මැසින් එක පිහිදාල එකේ වැඩ කොලා සතියට දවස් 3ක් විතර මිනිත්තු 30ක් . එක දවසක් ඕක ආපහු අකුලන්න යනකොට වැලමිට වැදුනා බිත්තියේ ඒ වෙලාවේ නම් එච්චර වේදනවක් දැනුනේ නෑ, පස්සේ වැලමිට යට පැත්තෙන් රිදෙන්න ගත්තා. දන්නවනේ ඉතිං ඕක ඇරිලා යයි කියල ගනන් ගත්තේ නෑ. ඔය අල්ලපනල්ලේ අපේ ෆ්‍රිජ් එකට කෙලවෙලා අලුත් එකක් ගෙනාපු වෙලාවේ ඒක ගේ ඇතුලට ගන්න දොර අල්ලන් ඉන්න වුනා, ඒ වෙලාවේ ෆ්‍රිජ් එක ඇඟට පටි වලින් බැඳං ආපු එක කොල්ලෙක්ට බැලන්ස් නැතුව ගිහින් මගේ අත උඩට ( වැලමිටට ඉහලින් තියෙන මසල් එකට ) උගෙන් සෑහෙන වේට් එකක් ආවා. ඊට පස්සේ ඉඳල වේදනාව එන්න එන්න වැඩිවුනා, මුලු වැලමිට වටේමත් වැලමිටේ ඉඳලා යන මසලුත් රිදෙනවා. අන්තිමට තේ කෝප්පෙවත් උස්සල ගන්න බැරි තත්වයක් ආවා. කොරොනා නිසා මෙහේ ඉස්පිරිතාල වලට යන්න මගේ කැමැත්තක් තිබ්බේ නෑ. පරන සිද්ධාලේප කුප්පියක් තිබිලා හොයන් ගෑවා. Bengay කියල බාම් එකක් මගේ සුරූපි බිරිඳ ගෙනැත් දුන්න නිසා එකත් ගෑවා. ම්හු! වේදනාව එහෙමමයි, ගාපු වෙලාවට අඩුවෙනවා.
ඉස්පිරිතාලෙට ඇපොයින්ට්මන්ට් එකක් දාලා තේ එකක් හදන්න යන වෙලාවේ මගේ චක්කු සම්පස්සයට අසුවුනා, කවුන්ට ටොප් එක උඩ තිබ්බ මගේ බ්ලෙන්ඩරය! Blendtek එක එලියට ඇදල තිබ්බා මගේ පින්වත් බිරිඳ. මීට අවුරුදු 3කට කලින් මගේ බ්ලඩ් ප්‍රෙසර් පොඩ්ඩක් වැඩියි කියලා මගේ PCP ඇහුව බේත් ගන්නවද මාසෙකින් අඩුකොරල පෙන්නනවද ඩයට් එක චේන්ජ් කොරලා කියලා. මම දෙවැනි ඔප්ශන් එක ඇරං ඔය බ්ලෙන්ඩරේට රටේ නැති එවා ගොඩාක් දාල හදපු ස්මූතියක් (යූ ටියුබ් ස්මූති කාරයින්ගේ ඔක්කොම ස්මූති එකට අනලා හදපු මගේම බොස්ටන්-සිරි ලාන්කීය රෙසිපියක්) සති දෙකක් බීල ගිහින් චෙක් කොලා බ්ලඩ් ප්‍රෙසර් + blood test. කියන්න සතුටුයි පින්වතුනි, මගේ ප්‍රෙසර්+test results බලපු නර්ස්ගේ ඇස් දෙක උඩ ගියා! ( Wow! You have achieved the golden standard!, whatever you are doing keep doing it! කියපි)
ඉතින් පරන බ්ලෙන්ඩරේ දැක්කම මට ස්මූතියක් හදන්න ආසාවක් ආවා, මගේ ප්‍රිය බිරින්දෑ එයාගේ උදෑසන ඕට්මීල් එක රසවත් කරන්න දාන ස්ට්‍රෝබෙරීස්, බ්ලූබෙරීස්, සහ දහවල් සැලඩ් එකට දාන්න ගෙනාපු නිවිති ෆ්‍රිජ් එකේ තිබ්බා. කෙසෙල් ගෙඩියක්, ඇපල් ගෙඩියක්, කැරට ගෙඩි 2ක්, දෙහි බෑයක්, නාරං වැනි පොඩි දොඩම් ගෙඩි 4ක්සහ (mandarins) ෆ්‍රෝසන් මැන්ගෝ චන්ක්ස් ටික්කකුත් තිබිලා දැම්ම, කුරුඳු කුඩු ටිකක් කහ කුඩු ටිකක්, Vitamin C කුඩු තේ හැඳි බාගයක් සහ කවුන්ට ටොප් එක උඩ වේලි වේලි තිබ්බ තඩි සුදු ලූනු ගෙඩියකුත් දැම්ම, ඔය ටික උඩට මෙහේ තියෙන කැශු සහ ආමන්ඩ් කිරි කෝප්ප් 1.5 කුත් දාල ස්මූතියක් හැදුව. හදල ඕක 3න් පාරකට වගේ බිව්ව. තේ බිව්වෙත් නෑ, ඒ හින්ද සීනි වැටුනෙත් නෑ ඇඟට. කිසිම ඝන ආහාරයක් වැටුනෙත් නෑ.
පසුවදා උදෑසන ඇහැරුනා, මට තේරුනා අතේ අමාරුව ඉතා පොඩි තැනකට ලෝකලයිස් වෙලා කියලා. වෙනදා වගේ අත උස්සන්න බැරි වේදනාවක් නෑ. මසල් වල වේදනාවකුත් නෑ. පොඩි වේදනාවක් එන්නේ, පින්පොයින්ට් කරන්න පුලුවන් වේදනාව එන තැන. කොහොම හරි මට කියන්න ඕනේ වුනේ මේ වෙලා තියෙන්නේ පටක ප්‍රදාහයක් (tissue inflammation). මගේ ස්මූතියේ අඩංගු යම් ද්‍රව්‍යක් (හෝ ද්‍රව්‍ය කීපයක් ?) නිසා එක රැයින් ඒ ප්‍රදාහය නැතිවුනා. ඒක හරියටම මොකක්ද කියන්න මම දන්නේ නෑ. බොහෝ වෙලාවට සුදු ලූනු වෙන්නත් පුලුවන්. කොහොම නමුත් ඊටපස්සේ මම මගේ බොස්ටන්-ලන්කන් ස්මූතියට අවශ්‍ය අඩුම කුඩුම අරන් ආයිත් ස්මූති වැඩේට බැස්සා. දවස් දෙකෙන් ඒ තියෙන වේදනාවත් සෑහෙන්න අඩුවුනා. සීනි සම්පුරණයෙන්ම අයින් කලා. මේක කාට හරි හදිස්සියකදි ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් නිසායි මෙහෙම ටයිප් කලේ.
අනිත් එක අපි ගන්න මාංසමය සහ ප්‍රෝසෙස් කරපු ආහාර, සහ සීනි නිසා ප්‍රදාහය දිගටම පවතින්න පුලුවන් කියන එකත් තේරෙනවා ඇති. සමහර විට මට ඔටෝ ඉමියුන් කන්ඩිශන් එකක් තියෙනවද දන්නේ නෑ. කොහොම නමුත් පුලුවන් තරම් ප්‍රෝසෙස් කරපු ආහාර සහ සීනි වලින් වැලකෙන තරමට ඇඟට හොඳයි කියලා නැවතත් මටම ඔප්පු වුනා. මින් පසු කරපු යූ ටියුබ් සර්ච් එකේ අතුරු පලයක් විදියට සීනි වෙනුවට ගන්න පුලුවන් නව ද්‍රව්‍යකුත් හම්බුනා. ස්ටිවියා වගේ නෙවෙයි ඊට වඩා හොඳයි කියල හුඟාක් කීටො ඩයට් කාරයෝ රෙකමන්ඩ් කරන එකක් - Lakanto monk fruit extract (දැන් ඉතින් කීටො ඩයට් කරන අය අවි අමෝරාගෙන එන්න එපා, ඔව් කෙසෙල්, ඇපල්, දොඩම්, බෙරීස් වලත් සීනි තමයි තියෙන්නේ, නමුත් කොහොම හරි මගේ inflammation අඩුවුනා. ) මගේ බොස්ටන් -සිරිලන්කන් ස්මූති රෙසිපිය දාන්නම් ආයේ වෙලාවක් හම්බුනොත්. ඒකේ කිසිම රසක් නම් නෑ. හරි අමාරුයි බොන්න. අයිස් කැටත් ස්මූතියට දාල ක්‍රශ් කලාම රස දැනෙන්නේ නෑ. ෆ්ලාස්ක් එකට දාල තියාගෙන බොන්න ඕනේ දවස පුරා. ප්‍රතිපල ඉස්තරම්.
අවවාදයයි! විසේස මෙඩිකල් කන්ඩිසං තිබෙන ජනී ජනයා මෙඩිකල් ඇඩ්වයිස් එකකින් තොරව මේ කිසිවක් අනුභව කොරන්න හෝ බොන්න යන්න එපා!.