ස්වයංරැකියා (Offline)

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Wallapatta.jpg


    දැන්ම ඇරඹුවොත් තව වසර හත අටකින් ඔබ ලක්ෂපතියකු කරවන වල්ලපට්ට වගාව
    ලෝකයේ ඉහළම මිල ගණන්වලට විකිණෙන පැරීසියේ නිපදවෙන සුපිරි සුවඳ විලවුන් සඳහා භාවිතා කරන, කාලයක් තිස්සේ හොර පාරවල් හරහා පිටරටට ඇදීගිය අපේ රටට ආවේණික ඉතා වටිනා ශාක සම්පතක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වූයේ මේ මෑතක ඉතා අහම්බෙනි. වල්ලාපට්ටා නමින් ගම්මුන් අතරේ හැඳින්වෙන පහත රට තෙත් කලාපයේ වැවෙන මෙම ශාකය පිළිබඳව කතා බහ නැවත අලුත් වූයේ මේ ඊයේ පෙරේදා කාටත් හොරෙන් නැව් ගත කරන්නට සූදානම් කර තිබූ රුපියල් කෝටි විස්සක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 13,489ක වල්ලාපට්ටා තොගයක් නීතියට හසුවීමත් සමගය. මෙම ශාක කොටස්වලට විදේශීය වෙළෙඳ ‍පොළේ පවතින අති ඉහළ සුපිරි ලංසුව නිසාම, මෙම ශාකය ගැන තොරතුරු විමසීම සඳහා කා තුළත් ඇති වී තිබෙන්නේ දැඩි උනන්දුවකි. එසේම මේ ආකාරයට මෙතරම් කාලයක් තිස්සේ හොර රහසේ පිටරට ඇදීගිය අපට හිමි ධන සම්භාරය ආරක්ෂා කරගනිමින්, එය විශේෂිත අපනයන ශාකයක් ලෙස රට තුළ ව්‍යාප්ත කරවීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අවශ්‍ය නීතිරීති රජය සම්පාදනය කරමින් සිටී. ගෙවත්තේම වල්ලාපට්ටා වගා කර ගත හැකි නම් තව වසර හය හතකදී එමගින් මහා ධන නිධානයක් පාදා ගැනීමේ අවස්ථාව ඔබටත් හිමිකර ගත හැකිය. ඒ මෙම ශාකයේ කොටස් කිලෝවකට ඇමෙරිකානු ඩොලර් අට දහසකට (ශ්‍රී ලංකා රුපියල් දශ ලක්ෂ හතළිස් දහසකට) වැඩි මුදලක් වශයෙනි.
    Thymicyalaceae ශාක කුලයට අයත් Gyrinops Walla නම් අපේ රටට ආවේණික වූ මෙම ශාකයේ තවත් ප්‍රභේද ඉන්දියාව, තායිලන්තය වැනි රටවල ද තිබේ. පහත රට තෙත් කලාපයේ කිසිදු සාත්තුවකින් තොරව ඉතා සරුවට වැවෙන මෙම ශාකය අඩි 15-20ක් පමණ උසට පඳුරු ලෙස පවතින්නකි.
    අපේ පැරැන්නෝ ලණු ඇඹරීම, බුලත් පන්දලම්, ඉනි වැටවල් බැදීම, කිතුල් මල් ගැටගැසීම වැනි කටයුතුවලට මෙම ගසේ පට්ටා භාවිතා කර තිබේ. අදද ගම්වල මෙවැනි කටයුතුවලට මෙම පට්ටා යොදා ගනී. නමුත් මේ වන විට බොහෝ ප්‍රදේශවල සරුවට වැවී තිබූ වල්ලාපට්ටා යායවල් අතුරුදන්ව ගොස් ඇත්තේ මේ ආකාරයට හොර රහසේ ඒවා පිටරටවලට ඇදීයන නිසා වන්නට පිළිවන. අවුරුදු 8-10ක් පමණ ගත වන විට පරිණත ශාකයක් බවට පත්වන මෙහි කඳේ ‍පොත්තට ඇතුළතින් හටගන්නා කළු පැහැති රෙසිනයක් නිසා මෙහි වටිනාකම මේ තරමකට වැඩිවී තිබේ. වල්ලාපට්ටා ශාකයේම හටගන්නා එක්තරා දිලීර වර්ගයකට ප්‍රතිවිරුද්ධව උත්පාදනය වන මෙම රෙසිනය කඳ තුළ තැන්පත් වෙයි. අද විදේශීය වෙළෙඳ ‍පොළේ මෙම ශාක තෙල් කිලෝවක් ඇමෙරිකානු ඩොලර් හැට දහසක් (ශ්‍රී ලංකා රුපියල් හැත්තෑඅට ලක්ෂයක්) පමණ වන බව පැවැසෙයි. එසේම අද වන විට ද මෙම ශාක කොටස් කිලෝ එකක් ලංකාවේදී ලක්ෂ 150කට පමණ හොර රහසේ අලෙවි වන බවට ද තොරතුරු හෙළි වී තිබේ. මෙය මෙරටට පැමිණ සිටින ඉන්දියානුවන් ගේ ද සහයෙන් කාලයක් තිස්සේ පැවැති ජාවාරමක් බව ද හෙළි වී ඇත. මෙම ශාකය පවතින්නේ මුල්වලින් හටගත් පැළ රැසක් සහිත පඳුරු වශයෙනි.
    මෙම මුල්වලින් හටගන්නා පැළවලින් අලුත් පඳුරු බෝකර ගත හැකිය. එසේම කලාතුරකින් අතු ද පැළවෙන බව කියැවෙයි. එසේම එහි හටගන්නා ඇටවලින් ද පැළ බෝකරගත හැකිය. මේ වන විටත් තායිලන්තය වැනි රටවල ගම් ආශ්‍රිතව කෙරෙන වන වගා ව්‍යාපෘති ලෙසින්, සේම ගෙවතු වගාවන් ලෙස ද වල්ලාපට්ටා වලම තවත් ප්‍රභේදයක් වන Aqularia ශාකය වගා කෙරෙයි. නමුත් මෙම රටවල මෙම ශාක පරිණත වී එහි කඳේ අදාළ කොටස් නිර්මාණය වීමට වැඩි කාලයක් ගත වන බවද කියැවේ. එම රටවලට සාපේක්ෂව අප රටේ දී මෙම ශාකය ස්වභාවිකවම ඉතා ඉක්මණින් පරිණත ශාකයක් බවට පත්වන බවත් සොයාගෙන තිබේ. ලංකාවේ පවතින තෙත් කලාපීය මුඩු ඉඩම්වල මෙම ශාකය වවා ව්‍යාප්ත කරගතහොත් එමගින් විශාල ධන සම්භාරයක් උපයාගත හැකිය. අපේ අනෙක් ආර්ථික බෝග වන තේ, ‍පොල්, රබර්වලට පවා වැඩි විදේශ විනිමයක් උපයා දිය හැකි මෙම ශාක කොටස් විශේෂ අපනයනය කිරීමට අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන රජය මැදිහත් වී ඉතා නුදුරේදීම ක්‍රියාවට නංවනු නොඅනුමානය. එබැවින්ම ස්වභාවිකව කැලෑ ආශ්‍රිතව පවතින ශාක සම්පත නිම වූ පසු එය වගාවක් ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුත්තක් බවට පත්වේ. එබැවින් දැන් දැන්ම මෙම ශාකය ඔබගේ ගෘහාශ්‍රිත වගාවක් බවට පත් කර ගැනීමට උනන්දු වීම ඉතා හොඳය. එමෙන්ම දැනට ආරම්භ කරන වගාවන් මෝරන කාලය වන විට එනම් තවත් වසර හත අටකදී මේවායේ මිල ද තවත් ඉහළ යනු ඒකාන්තය. එබැවින් මේ දිනවල ඔබගේ නිවස ආශ්‍රිතව ඔබට හැකි ප්‍රමාණයෙන් වල්ලාපට්ටා වගාවක් ඇරඹීම තවත් වසර හත අටක් ඇවෑමෙන් නිසැක ලෙසම ඔබ ලක්ෂපතියකු, කෝටිපතියකු කරවීමට හේතුවක් වනු ඇත.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංගිරිය, අඩවි වන නිලධාරී එච්.එම්.ඒ.බි. හේරත් මහතාට අපගේ ස්තූතිය

    Code:
    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=10626:2013-05-29-05-53-37&catid=58:urumaya&Itemid=80
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    වැල් ඇකුවා වල PHOTO එකක් නැද්ද :confused:
    දැන් වවන් නැහැ මචන්. වෙද මහත්තුරුන්ගෙන් බීජ අරන් ට්‍රයි එකක් දියන්
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචං තව විස්තර ටිකක් කියපන්..කොහොමද කොහෙන්ද කරන්න පුළුවන්?
    පැල හොයන්න අමාරුයි මචන්. අනුරාධපුරේ වගේ හොයන්න ඕන.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Walla patta plant eka gana research karanna government eken bara deela thiyenne peradeniya university eke professor kenekuta, Name eka hoyala kiyannam, Wadidura details professor gen dana ganna puluwan.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Walla patta Srilanka wea pahatha rata wet zone eke pahasuwen vavena bava soyagena thiyenawa. Aka nisa Srilanka wea southern province wala mea plant eka pahasuwen soya ganna puluwan. Rathnapura area eketh thiyenawa.
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Walla patta Srilanka wea pahatha rata wet zone eke pahasuwen vavena bava soyagena thiyenawa. Aka nisa Srilanka wea southern province wala mea plant eka pahasuwen soya ganna puluwan. Rathnapura area eketh thiyenawa.

    වැව් ගාව තියෙනවා එකසිය ගානට හැදිලා ;)
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඕකෙන් වෙන්නෙ මචන් ලංකාවෙ තියෙන වතුර ටිකටත් කෙල වෙන එක තමා. හැම එකාම ඕවා ගලෝලා පිට රට යවන්න පටන් ගත්තම වැව් වල එහෙම වතුර බොන්න බැරි වේවි ඉස්සරාට.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Walla patta plant eka gana research karanna government eken bara deela thiyenne peradeniya university eke professor kenekuta, Name eka hoyala kiyannam, Wadidura details professor gen dana ganna puluwan.

    Dr. Upul Subasinghe
    Senior Lecturer in Forest and Forest Plantation Management and Natural Resource Modelling in the Department of Forestry and Environmental Science, University of Sri Jayewardenepura, Sri Lanka

    E-mail:[email protected]
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    VAW AYINE NAM ADESAKA PLANTS VAVANNA PULUWAN . KUBUK wage plants.
    ඔව් ඔව් ඔය ගස් කපන උන් මෙන්න කියලා කුඹුක්ම වවයි. වෙලාවට ඕක ලක්ෂ ගනන් වලට විකුනන්න නම් වැක්සීන් ගහලා අවුරුදු 8ක් මහන්සි වෙන්න ඕන. නැත්තම් මිනිස්සු පිස්සුවෙන් වගේ කැලෑ අස්සේ දුවලා ඕවා කපයි.
     
    Jun 19, 2013
    20
    1
    0
    බිම්මල් ගැන දැම්මොත් ගොඩක් හොදයි
    එහෙම නැත්නම් ඒ වාගේ දෙයක් ගැන දන්න එවුන් කියපන් කොල්ලනෙ.............හොද ත්‍රෙඩ් එකක්