මේක දැකපු ගමන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා ලියපු "මහරජ ගැමුණු" පොත මතක් උනා..ඒකෙන් උපුටා ගත් කොටසක් මේ..රත්නමාලී මහා සෑය ගොඩනැගීම ගැන අනාගත වාක්‍යයක් කොටපු සෙල් ලිපිය, එළාරට හම්බවෙන මොහොත මේ...
"[FONT="]වනරොදින් වැසී ඇති මුත් ඉතා පැහැදිලිව උසට උසේ පෙනෙන මහා සෙල් ටැඹ ඔහු විසින් දක්නා ලද්දේය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]එළාරට මොහොතකට හැඟුණේ තමන් එය දුටුවා නොව එය විසින් තමන් දකිනු ලැබුවේය ලෙසිනි[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඒ දෙස මොහොතක් අසු පිටම සිට බලා සිටි එළාර අනතුරුව අසු පිටින් බැස ඒ කරා ළඟාවීමට උත්සාහ කළේය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඊට බාධා කළ විවිධ වල්පඳුරු සහ වැල් වර්ග ඔහු සිය අසිපතින් සිඳ දැමුවේය[/FONT][FONT="]. [/FONT][FONT="].සෙල් ටැඹ අසලට වන්නට එබඳු බාධාවන් නොවීය[/FONT][FONT="]. [/FONT][FONT="]එහි වටේටම කදිම ඉඩකඩක් විය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]සෙල් ටැඹ එළාර සිතුවාටත් වඩා දැවැන්ත එකක් විය[/FONT][FONT="]. [/FONT][FONT="]මුලින්ම ඔහු එහි පහළ සිට ඉහළම ස්ථානය දෙස බැලුවේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ දීර්ඝ උසට ඉහළින් ඔහුට පෙනුණේ නිල් වියනක්[/FONT][FONT="] [/FONT][FONT="]බඳු ආකාශයයි[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]සෙල් ටැඹේ පහළ කොටස පැරැණි බ්රාහ්මීය අක්ෂර ගණනාවකින් සමන්විත විය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]එළාර බ්රාහ්මීය අක්ෂර කියවන්නට පමණක් නොව ලියන්නටද දැන සිටියේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අක්ෂර එකතුවී සෑදෙන වචනයක වාච්‍ය අර්ථය පමණක් නොව [/FONT][FONT="]�[/FONT][FONT="]වනිතාර්ථයන්ද දැන සිටියේය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]එහෙත් මේ තමාට කියවන්නට සිදුවී තිබෙන්නේ කුමක්ද[/FONT][FONT="]?
"[/FONT][FONT="]මෙතැන රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුණුපුරු දෙවන පිය ගාමණී අබය නම් මහ රජුට ඉඩහසර පිණිස දෙවන පිය තිස්ස මහ රජු වන මම සීමා මායිම් සළකුණු කළෙමි[/FONT][FONT="]..."[/FONT][FONT="]
[/FONT][FONT="]එළාර රඡ්ජුරුවෝ සසළ වූහ[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඔහුගේ මතකය එක්වරටම ඇදී ගියේ මීට වසර විසිපහකට පමණ පෙර තම රාජ භාණ්ඩාගාරයේ තිබී භට්ටාරට හමුවූ රන්පත වෙතටය[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]එහිද ලියා තිබුණේ මෙයමය[/FONT][FONT="]..."".[/FONT]
පොත කියවල නැති අයට ඕන නම් කියන්න...මගේ ජීවිත කාලය තුල මං කියවපු හොදම පොත තමයි මේක...
(btw tfs..repped)