ඕකේ විද්‍යාව අවිද්‍යාව නම් දන්නෙ නෑ. මම අදුරන කෙනෙක්ට මේවගේ සීන් එකක් උනා. එයාට වයස අවුරුදු 50ක් විතර ගෑනුකෙනෙක්. මෙයාට එක පාරටම වෙව්ලලා සිහින් නැති වෙලා. ඉස්පිරිතාලේත් ගිහින් ඉදලා. දොස්තරලත් කිසිම ලෙඩක් නැ කියලා. ඊට පස්සේ මෙයට තේරිලා මොකක් හරි දෙයක් ඇග ඇතුලේ වෙනවා කියලා. ඊට පස්සේ මෙයා පන්සල් ගිය වෙලාවකත් ඇග වෙව්ලලා වැටිලා. මෙයාට පන්සලෙන් එලියට ආවට පස්සේ අවුලක් නෑලු. ඉතින් මේක මානසික ප්‍රශ්නයක් කියන්නත් බෑනේ. ඊට පස්සේ මෙයාව ගෙදර ළමයි ටීක දේවාලයකට එක්කගෙන ගිහින්. එතනට ගිහින් ඉද්දි මෙයාට මෙයාගේ ඇග කොන්ට්‍රෝල් නැති වෙලා. මෙයාගේ අත දගලනවලු ආවේශ වෙලා වගේ. ඒත් මෙයා කියනවා මම දගලන්නෙ නැ කියලා. ඒ වීඩීයෝ එක බැලුවම මටත් පිස්සු වගේ බන්. අපි පාඩූවේ ඉද්දි අත දගලනවා ආවේශ වෙලා වගේ. මේ ගෑනු කෙනා දේවාලේ කෙනාට කියනවා ," අනේ මගේ අත පය නටනවා, මොකක් හරි කරන්න කියලා". ඉතින් එවෙලෙත් මෙයාගේ ඇග රත්වෙලා මෙයාව ඇදගෙන වැටිලා. ඊට පස්සෙ මෙයාට සිහිය ඇවිත් මළ ගිය ආත්මයක් කියලා කෙනෙක්කතා කරලා. ඒ කෙනා ගෑනූ කෙනෙක්. මෙයා කියපු විස්තර අනුව ඒ ගෑනු කෙනා වෙද නෝනා කෙනෙක්. එයා මැරිලා ගොඩක් කල්. එයාට වෙදකම ,පරම්පරාවේ කෙනෙක්ට දෙන්න බැරි වෙලා. ඒ කෙනා මෙයාව හොයාගෙන ඇවිත් වෙද කම් කරන්න වරමක් දෙන්න හදලා. ගොඩක් වෙලාවට බහුතරයක් අය වරම් ඉල්ලලානේ ගන්නේ. ඒත් මේක ඒ කෙනා බලෙන් දෙන වරමක්. කොහොම හරි මේ කෙනාට සිහිය ආවට පස්සේ වෙදකම් කරපු කෙනෙක් හිටියද කියලා විස්තර අහලා. මෙයා එහෙම කෙනෙක් ගැන දැනගෙන ඉදලත් නැ. ඊට පස්සේ ඒ කපුවගේ කීමට මෙයා එයාලගේ ඥති කෙනෙක්ගෙන් විස්තර අහලා. බලනකොට මෙයාගේ ආච්චිගේ ලොකු සහෝදරියෙක්ට වෙදකම් ශාස්ත්‍රය දැනගෙන ඉදලා. එයා තනිකඩව ඉදලා අවුරුදු 45කදි විතර වයසකදි නැති වෙලා. ඉතින් මෙයා ගැන මේ ගෑනු කෙනා දැනගෙන ඉදලත් නැ. කොහොම හරි ඒ ආත්මේ ,මේ කෙනාව හොයාගෙන ඇවිත්.
මට තියන ප්රශ්නය තමයි, මේ ගෑනු කෙනා වෙදකම් කරපු මැරිච්ච ආච්චිව මීට කලින් දකලත් නැ,දන්නෙත් නැ, අහලා තිබිලත් නැ. එහෙම තත්ත්වෙකදිත් , අර ආච්චි මෙයාවම හොයාගෙන ඇවිත් බලෙන් වෙද වරමක් දෙන්න හදලා.
අන්තිමට මේ කෙනාට වරම ගන්න උනා. එයා අදටත් සල්ලි නොගෙන බෙහෙත් කරනවා. හැබැයි මහාපරිමාණෙන් නෙමෙයි. මේක අරගත්තෙත් කරදරයක් වෙයි කියන බයට. මෙයාට කාගේහරි ලෙඩක් තියනවා නම් හොදට දැනවා. මෙයාගේ දැන් අගවල් වෙව්ලන්නෙත් නැ. කොහොම හරි ඒ අව්විගේ ආත්මෙට නිදහස් වෙන්න පිංකම් එහෙමත් කරා.
දැන් නම් අවුලක් නැතුව ඉන්නවා. මෙයා දේවාල අටවගෙනත් නැ. හැබැයි බුදු පහනට අමතරව එලියේ පහන් කණුවක් හ්දලා වෙනම පහනක් පත්තු කරනවා.
උබ කියන සිද්දියෙදිත් ඒ කෙනාට වරමක් වගේ දෙයක් ලැබිලා තියෙන්න පුළුවන්. ඒවා ලැබුනම ඒ අය ආවේශ වෙන්නෙම නැ. මට කියන්න තියෙන්නෙ මේවා විශ්වාස කරලත් බැ, නොකරත් බැ. කොහොම හරි මේව ඇත්ත උනත් දේවාල පස්සේ ,කපුවෝ පස්සේ නොයන තරමට හොදයි. හැබැයි ඉතින් මේවා විද්‍යාවට අනුව මානසික ලෙඩ. ඒ නිසා කෝකටත් උබේ යාළුවාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්