!! සැගවුණු අමුත්තෝ !!

!! සැගවුණු අමුත්තෝ !!

සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවින් මහෝපකාරී වෙයි. කටුස්සෝ තම සිටින ස්ථානය අනුව වර්ණය වෙනස්කැර ගැනීමට සමත්කම් දක්වති. බොහෝ සත්තු තම ශරීර වර්ණයට ගැලපෙන ස්ථානය සොය සැගැවී සිටිති. ඇතැම් සත්තු අවට පරිසර පද්ධතියට ආවේණික වෙති. ඔවුන්ට උපතින්ම එම පරිසර පද්ධතියේ වර්ණයම ලැබී ඇත. බොහෝ විට මෙවැනි සතුන් පරිසරයෙන් වෙනකැර හඳුනාගැනීම අතිශය අසීරු කාර්යයකි.

පහත දැක්වෙන්නෙ එවැනි සතුන්ගේ ඡායාරූප කිහිපයක්. බලන්න ඔබට පහසුවෙන් ඔවුන්ව හදුනගන්න පුළුවන්ද කියල. :yes:


animals-1.jpg



මේ දිවිමකුළුවා තමන්ගේ ශරීර වර්ණයට ගැලපෙන ස්ථානයක් සැගැවීම සොයාගෙන තිබේ.


animals-2.jpg



මැඩගස්කර් දූපත්වල සිටින මේ උරගයන් විශේෂය මුහුදු වෙරළ ආසන්න ගල්පරමත ජීවත් වෙයි. ඔවුන්ගේ ශරීර වර්ණය එහි ගල්පරවල වර්ණයට බොහෝ සෙයින් සමානය.


0.jpg



වනාන්තරයේ සැරිසරන විට හොඳින් පෙනෙන් ජිරාෆයන් අතරින් මේ ජිරාෆයා සැගැවී සිටින්නේ අපූරු ආකාරයකිනි.


animals-4.jpg



බස්සන් තම පැටවනු බිහිකිරීම සඳහා තෝරාගන්නේ තම ශරීරවර්ණයට ගැලපෙන කඳන් සහිත ගස් බෙන බව මෙයින් පැහැදිලි වේ.


animals-5.jpg



මෙම අත්ත මත හූනකු සිටින බව හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ.


animals-6.jpg



මේ කුඩා කෘමියා තම වර්ණයට සුදුසු කඳක්මත වසා සිටින විට හඳුනාගැනීම අපහසුය.


animals-7.jpg



මේ කටුසු විශේෂය පරිසරයට සුදුසු ලෙස වර්ණය වෙනස් කැරගෙන ඇත.


animals-8.jpg



කොළ රොඩු අතර සිටින සර්පයා පහසුවෙන් දර්ශනය වන්නේ නැත.


animals-9.jpg



පේර කොල අතර සිටින පේර කොළයා සත්ත්වයකු ද යන්න ගැටළුවක් වන තරමටම අනුවර්තනය වී තිබේ.


animals-10.jpg



කොළ රොඩු අතර සිටින සළඹයා හඳුනාගන්නට ටිකවේලාවක් බලා සිටින්නට සිදුවේ.


animals-11.jpg



මේ දළඹු විශේෂය තමන්ට පෝෂණය සපයන ශාක පත‍්‍රයට ගැලපෙන ආකාරයටම අනුවර්ථනය වී තිබේ.


animals-12.jpg



ගල් පර අතර සිටින මේ හූණා සහ පාෂාණ මතුපිට වෙන්කැර ගැනීම අපහසු කාර්යයකි.


animals-13.jpg



තම පරිසරයේ බහුලව හමුවන ශාක පත‍්‍ර විශේෂයක ඇති දම්පැහැය මේ ගෙම්බාගේ ආරක්ෂාවට මහෝපකාරීවෙයි.


animals-14.jpg



දිරාගිය කොළයත් මේ සතාත් වෙනකැර හඳුනාගැනීම අපහසු කාර්යයකි.


animals-15.jpg



මෙම කඳෙහි ගස්ගෙම්බකු සිටින බව හඳුනාගැනීම අතිශය අසීරුය.


animals-16.jpg



මේ සත්ත්වයාගේ ශරීරය සැකසී ඇත්තේ දිරාගිය කොළයක හැඩයට බැවින් ඔවුන් දිරාගිය පත‍්‍ර ඇති ගස් වඩාත් පි‍්‍රයකරයි.


animals-17.jpg



බිම වැටුණු දිරාගිය ශාකපත‍්‍රයක් නොව වන්දෙකි.



animals-18.jpg



සර්පයෙක් සැගවී සිටින අයුරු.


animals-19.jpg



මේ බස්සන් දෙදෙනා තම ශරීරයට ගැලපෙන ගසක් තෝරාගෙන විවේකයෙන් සිටින ආකාරය.


animals-20.jpg



කුඩා කෘමියෙක් පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇති ආකාරය.


animals-21.jpg



දිරාගිය කොළ අතර එක් කෘමියෙක් සිටියි.


animals-22.jpg



මෙම පෘෂ්ඨයේ වසා සිටින සලබයා පරිසරයෙන් මනාව ආරක්ෂාකරීවේ.


animals-23.jpg



ගසේ කඳේ පැහැයටම සිටින සලබයා.


animals-24.jpg



මේ කුඩා සත්ත්වයා ද වඩාත් පි‍්‍රය කරන්නේ තම වර්ණයෙන්ම යුතු ශාක කඳන් මත ජීවත්වීමටයි.


animals-25.jpg



මේ කුරුළු ජෝඩුව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ශාක අතු දෙකක් මෙනි.


animals-26.jpg



දිරාගිය පත‍්‍රයක් නොව සතෙකි.



Source :- lankadeepa.lk


මේ තියෙන්නේ සත්තු ගැන දැම්ම තව ත්‍රෙඩ් දෙකක්. :yes:

...ලොව සුදු සත්තු...
විනිවිද පේන සත්තු දැකලා තියෙනවද...


බලලා නිකන් යන්න එපා , අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙන යන්න. :D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා උනත් වැදගත් තොරතුරු ටිකක් අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි.. !!:yes:
     
    එල එල:D:D..
    thanks...:D
    thanks..:)
    සැගවුනු අමුත්තෝ කිව්වම මං හිතුවා අවුරුදු උත්සවයක් කියලා
    Happy4.gif
    Happy4.gif

    මොනවා උනත් වැදගත් තොරතුරු ටිකක් අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි.. !!:yes:
    ගොඩක් ස්තූතියි..:yes:
     
    • Like
    Reactions: Kasunrock619

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඔයා ඔය වගේ අමුතු සත්තු ගැන ගොඩාක් උනන්දුයි වගේ
    හොද පෝසට් එකක්
    රෙප් පස්සෙ දෙන්නම්
     
    thanks :)
    :)
    kalin thread ekaka dakka ... anyway thanks for sharing :)
    :)
    ඔයා ඔය වගේ අමුතු සත්තු ගැන ගොඩාක් උනන්දුයි වගේ
    හොද පෝසට් එකක්
    රෙප් පස්සෙ දෙන්නම්
    thanks :)
    good post bro...
    Rep denna bahalu...
    It's ok..thanks :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to Tyra Dee again
    ane rep denna widihak nalune :/
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆට්ට හොද ත්‍රෙඩ් එකක්
    රෙප් ලගදි දුන්නා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    You must spread some Reputation around before giving it to Tyra Dee again
    ane rep denna widihak nalune :/