සැපක් විදිමුද? සැප යනු කුමක්ද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    සැපක් විදිමුද? සැප යනු කුමක්ද?

    අමරදේවයන්ගේ මියුරු හඩින් ............

    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ
    සැප දුක සමබර වේ
    මේ........ ජීවන කතරේ
    මේ ජීවන කතරේ......
    සැප දුක සමබර වේ


    ඉතින් මේ ලෝකේ අපි ගත කරන ජීවිතේ සැප දුක දෙකම තියෙනවා. අපි මෙහෙම පොඩ්ඩක් කල්පනා කරමු

    කාන්තාරයක් අසල නගරෙක ගොවියෙක් සිටිනවා. ඉතින් මේ ගොවියා බොහොම මහන්සියෙන් සීමිත වතුර ටික කළමනාකරගෙන ගොවිතැන් කරනවා. වැස්ස දවසට මේ ගොවියා තරම් සතුටු වෙන කෙනෙක් නැහැ. මේ ගොවියා කල්පනා කරන්නේ වතුර තිබ්බනම් ජීවිතේ කොච්චර සුන්දරද කියල. හීනෙනුත් කල්පනා කරන්නේ වතුර ගැන.

    අපි හිතමු විලක් අසල ගොවියෙක් ජීවත් වෙනවා කියල. ඒ ප්‍රදේශයට අඩුවක් නැතිව වැස්ස ලැබෙනවා. මේ ගොවියාට වතුර කියන එක සාමාන්‍ය දෙයක්. වතුර තිබ්බ කියල අමුතු දෙයක් සැපක් නැහැ.

    ඒ නිසා යමක් දුර්ලබවිම වීම, නොලැබීයාම නිසා හටගන්නා දුක නිසා සිතේ ඇතිවන සංකල්පයක් තමයි සැප කියන්නේ. අනිත් පැත්තෙන් දුකක් අර්ත දෑක්වෙන්නේ නැතිනම් සැපක් නැහැ. සල්ලි තියෙන මිනිහට සල්ලි කියන්නේ... එක දෙයක් විතරයි.

    ලංකාවේ ජීවත් වෙනකොට හිතුන පිටරට ගිහාම ගෙයක් දොරක් හදාගෙන, වහනයක් අරගෙන හොද රස්සාවක් කරලා හොදින් ජීවත් වෙන්න් පුළුවන් කියල. මොකද ලංකාවේ එක ලබාගැනීම සාපෙක්ෂව අමාරු දෙයක් නිසා. පිටරට ගිහාම ඔය ගෙවල් ලැබුනහම ඒවා සාමාන්‍ය දේවල් වෙනවා. දැන් හිත කරදර වෙනවා වෙන වෙන දේවල්වලට ලංකාව නියමයි. ලස්සනයි. අපරාදේ කියල, නෑදෑයන් දෙමව්පියන් එක්ක හොද ජීවිතයක් ගත කරන්න පුලුවන්නම් කියල. මේක තමයි සිතේ ස්වබාවය. අපි නැති දේ ගැනම වදවෙනවා. ඒ නිසා දුකක් හටගන්නවා. ඒ දේ ලැබුනහම එක සාමාන්‍ය දෙයක් වෙනවා. නැතුව සැපක් නෙවි.

    අපි කැමති දිවිය ලෝකේ යන්නද? මේ ලෝකේ ඉන්නද? මේ ලෝකේ ඉදල දුක් විදින්නේ මොකටද? දිවිය ලෝකේ ගිහිල්ල සුරංගනාවෝ වටකරගෙන, ප්‍රනීත කෑම කල, දිව්‍ය මන්දිරවල ඉන්නවනේ. සමහරු පතන්නේ දිවිය ලෝකේ යන්නනේ.

    එත් දිවිය ලෝකේ ගියාම අපිට ඒ හැම දෙයක් ම සාමාන්‍ය දේවල් වෙනවා. සැපක් ලෙස දැනෙන්නේ නැහැ. එතකොට හිත වෙහෙසෙන්නේ දිවිය ලෝකේ අපිට නොලැබුණු දෙයක් ගැන. ඒ නිසා දිවිය ලෝකේ ගිහිල්ල "සැප වීදිනවා" කියන දේ අර්ථයක් නැහැ.

    ඒ නිසා ලෝකේ සැප කියල දෙයක් නැහැ. දුක නිසා හටගන්නා ප්‍රතිපලයක් තමයි සැප. දුක නැතිනම් අමුතුවෙන් සැපක් නැහැ. යමෙක් මෙලොව සැප විදිනවා කියන එක හෝ දිවිය ලෝකේ හෝ ගිහිල්ල "සැප විදිනවා" හෝ "සැප" යන දේ කියන එක තේරුමක් තියෙන දෙයක් ද? සැප කියන්නේ මායාවක්. දුක නිසා ඇතිවන ප්‍රතිපලයක්. දිවිය ලෝකේ දුක් දෙන දෙයක් නැතිනම් එතන සැපක් නැහැ.

    බින්ගු පුතාට ඊයේ පෙරේද හිතට ආපු දෙයක් ලිව්වේ. කට්ටියගේ අදහස් දක්වන්න.

    (තමුන්ගේ විශ්වාසයන්ට අනුව දිවිය ලෝකේ තියෙන්නත් පුළුවන් නොතිතිබෙන්නත් පුළුවන්. සංකල්පයක් විදියට සැප කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරේ)

     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    සමහර දිවිය ලෝක අවුරුදු ලක්ෂ ගනම් තියෙනවලු. එත් අවුරුදු 2-3 ගිහාම මේ මොන කරුමයක්ද කියල හිතේවි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    "සැප" ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද?:nerd:

    හරිම වචනයක් නැද්ද මන්ද

    Happiness, gladness or joy is a mental or emotional state of well-being defined by positive or pleasant emotions ranging from contentment to intense joy. A variety of biological, psychological, religious and philosophical approaches have striven to define happiness and identify its sources.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සමහර දිවිය ලෝක අවුරුදු ලක්ෂ ගනම් තියෙනවලු. එත් අවුරුදු 2-3 ගිහාම මේ මොන කරුමයක්ද කියල හිතේවි.
    බයියෙක් කියන්නෙ නිකංයෑ :lol:
    ඔය හැමදේම සාපේක්ෂයි. ඒ ලෝකෙ දවසක් අපිට අවුරුදු ලක්ෂයක් වුනාට එහෙ ඉන්න එකාට ඒක එක දවසක් විතරයි.

    සමහර දිව්‍යෙලා්ක වලට බුදුන් පිරිනිවන් පාලා තාම දවස් කීපයයිලු.

    Twin Paradox ගැන එහෙම අහලා වත් තියනවනං ඕක තේරුම් ගන්න පුලුවන් බයියො :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    පැටියා;19096739 said:
    බයියෙක් කියන්නෙ නිකංයෑ :lol:
    ඔය හැමදේම සාපේක්ෂයි. ඒ ලෝකෙ දවසක් අපිට අවුරුදු ලක්ෂයක් වුනාට එහෙ ඉන්න එකාට ඒක එක දවසක් විතරයි.

    සමහර දිව්‍යෙලා්ක වලට බුදුන් පිරිනිවන් පාලා තාම දවස් කීපයයිලු.

    Twin Paradox ගැන එහෙම අහලා වත් තියනවනං ඕක තේරුම් ගන්න පුලුවන් බයියො :P

    මේ වගේ ටෝයියෝ ඉන්නකොට තමයි එළකිරියේ සැපක් දැනේනේ. නැතිනම් එළකිරියත් සාමාන්‍ය දෙයක් . :rofl::rofl::P