සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සෑහෙන කාලෙකට පස්සෙ ලියල :D

නලීන් ද සිල්ව විදුසරට ලියන එක නැවැත්තුවට පස්සෙ සෑහෙන කාලෙකිං විද්‍යාව ගැන ලිපියක් ලියල :D :D

වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ
මෙරට තරම් පඬියන් සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිවෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට හේතුවාදීන්. එහෙත් හේතුව කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ. හේතුඵලවාදය ගැන නමට අහල තියෙනව විතරයි. ඔවුන්ට පටිච්චසමුප්පදාය යමක් ඇත්නම් තවත් යමක් ඇත, යමක් නැත්නම් තවත් යමක් නැත යන අර්ථයෙන් තේරෙන්නෙ නැහැ. පටිච්චසමුප්පදාය හේතුඵලවාදයක් මිස හේතුවාදයක් නො වෙයි. එහි හේතුව හා ඵලය එකට හටගන්නේ. හේතුව නිසා ඵලය හටගන්නවා නො වෙයි. චතුරාර්ය සත්‍යය වුණත් ඇතැමුන් විග්‍රහ කරන්නේ හේතුවාදයක් ලෙස. එහෙත් එහි ඇත්තේ දුඃඛ සත්‍යය, සමුදය සත්‍යය මිසක් දුක හා දුකට හේතුව නො වෙයි. සමුදය සත්‍යය දුඃඛ සත්‍යය සමග ම ඇතිවන්නක්. බුදුන් වහන්සේ හේතුවාදි නො වෙයි. චතුරාර්ය සත්‍යය හේතුවාදයක් වී ඇත්තේ පැරණි බමුණන් හා නවීන සුදු බමුණන් අතින්.

නිව්ටන් නම් හේතුවාදියෙක්. මෙරට ඉන්නෙත් කසිකබල් හේතුවාදීන්. නිව්ටන් අඩුම තරමෙන් උද්ගමනය කරන ලද වියුක්ත නිරීක්‍ෂණවලට වියුක්ත හේතු කිව්වා. එනම් වියුක්ත කතන්දර ගෙතුවා. වෙනත් වචනවලින් කිව්වොත් වියුක්ත කතා අනපෝහනය (ඇබ්ඩක්ෂන්) කළා. බටහිර විද්‍යාඥයන් කරන්නෙ එහෙම වියුක්ත නිරීක්‍ෂණවලට වියුක්ත කතන්දර අනපෝහනය කරන එකයි. මේ සමහර කතන්දර ඇතැම් විට යම් ප්‍රමාණයකට හරියනවා. හරියනවා කියන්නෙ හරි කියන එක නො වෙයි. යමක් යම් අර්ථයකින් වැඩ කරනවා යන අදහස යමක් හරියනවා කියන්නෙන් ගෙන දෙනවා.

වියුක්ත කතන්දරවලින් වියුක්ත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයකට තේරුම් කරනවා. එවිට ඒවාට ප්‍රවාද කියලා කියනවා. බටහිර විද්‍යාවෙ කෙරෙන්නෙ වියුක්ත කතන්දරවලින් අපෝහනය කෙරුණු ඇතැම් වියුක්ත නිගමන සංයුක්ත නිරීක්‍ෂණ සමග සංසන්දනය කිරීම. එය ක්‍රම විරෝධීයි. එහෙත් ඉන්පසු ඒ සංයුක්ත නිරීක්‍ෂණ තේරුම් කර දෙන්නේ ය යන පදනමේ සිට ඊනියා ප්‍රවාදය හරි කියලා කියනවා. කොහොමටත් යමකින් තවත් දෙයක් ගම්‍ය වෙනවා කියන එකෙන් දෙවැන්නෙන් පළමුවැන්න ගම්‍ය වෙනවා කියලා කියන්න බැහැ.

මෙහෙ ඉන්න කසිකබල් හේතුවාදීන්ට එහෙම කතන්දර ගොතන්න බැහැ. ඔවුන්ට පුළුවන් බටහිරයන් ගෙතූ/ගොතන කතන්දර කිසිම තේරුමක් නැතිව පුනරුච්චාරණය කිරීම පමණයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණයත් තරමක් හරිගිය කතන්දරයක් පමණයි. එයත් අනෙක් ප්‍රවාද වගේ ම පට්ටපල් බොරුවක්. එයත් හිතළුවක්, තරමක් හරිගිය හිතළුවක් පමණයි. ඒ හරිගියා කියලා කියන්නෙත් වියුක්ත නිගමන හා සංයුක්ත නිරීක්‍ෂණ සංසන්දනය කරමින්.

හේතුව කියන එකත් වියුක්ත කතන්දරයක් පමණයි. හැකිනම් පඬියකු හේතුව කියන්නෙ මොකක් ද කියලා තේරුම් කරන්න. යමකට පස්සෙ තවත් යමක් වෙනවා නම් පළමුවැන්න දෙවැන්නෙ හේතුව කියනවා. හේතුව කියන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. තවත් සමහර වෙලාවට කියනවා යමක් තවත් යමක් නිසා ඇති වෙනවා කියලා. ගුරුත්වාකර්ෂණය නිසා පොල් ගෙඩි වැටෙනවා කියනවා. ඒකෙ තේරුම මොකක් ද? ගුරුත්වාකර්ෂණ බලය පොල් ගෙඩිය මත හැම තිස්සෙම ක්‍රියා කරනවා. ඒත් ඒක පොළොවට ඇද වැටෙන්නෙ නැහැ. ඒ බටහිර විද්‍යාඥයන්ට අනුව නටුව අනෙක් පැත්තට බලයක් යොදන නිසා. ඒ නටුවෙන් ඇති කෙරෙන බලය ඉවත් කළහොත් නැත්නම් දුර්වල වුවහොත් පොල් ගෙඩිය බිමට වැටෙනවා. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා කියලා කියනවා.

ඒ ඇතැමුන් ගුරුත්වාකර්ෂණය තේරුම් ගන්නා විධිය. සමහරුන්ට ගුරුත්වාකර්ෂණය ඒ විධියටවත් තේරුම් ගන්න බැහැ. ඔවුන් හේතුවාදීන්ටත් එහා ගිහින්. ඔවුන් කියන්නේ වැටීම යනු ගුරුත්වාකර්ෂණය කියා. ඔවුන්ට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර වෙනසක් නැහැ. වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා එහෙමත් නැත්නම් වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කියා ඔවුන් කියන්නේ නැහැ. ඒක නිව්ටන්ගෙ කීමක් ලෙසයි ඔවුන් සලකන්නෙ. ඔවුන්ට අනුව වැටීම ගුරුත්වාකර්ෂණයයි. වැටීම හා ගුරුත්වාකර්ෂණය පර්යාය පදයි.

වැටීමට හේතුව ගුරුත්වාකර්ෂණය කීවත් මෙලෝ මිනිහෙක් ගුරුත්වාකර්ෂණය දැකලා නැහැ. නිව්ටන්වත් දැකලා නැහැ. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා! ඒ කොහොම වෙතත් වැටීම කියන්නෙ ඊනියා ගුරුත්වාකර්ෂණය නොවෙයි. වැටීම කාටත් පේනවා. පොල් වැටෙනවා, මිනිසුන් ඇද වැටෙනවා ආදිය පේනවා. ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම තේරුම් කරන්න කියමින් නිව්ටන් ගොතපු කතාවක් පමණයි. එහෙමත් නැත්නම් නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීමට හේතුව.

ඒත් අද අපට උගන්වන හැටියට සමහරුන්ට හිතෙනවා ඇති ගුරුත්වාකර්ෂණය කියන්නෙ වැටීම කියලා. අපේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඒ තරමට ම දුර්වලයි. මේ පඬියන් නොදන්නා දෙයක් තියෙනවා. වැටෙන්නට තවත් හේතුවක් අයින්ස්ටයින් කියලා තියෙනවා. ඒ තමයි ඊනියා අවකාශ කාල වක්‍රතාව. දැන් කවුරුන් හරි කියනව ද වැටෙනවා කියන්නෙ අවකාශ කාල වක්‍රතාව කියලා. එහෙම කියන්නවත් පෙළඹෙන්නෙ නැත්තෙ අවකාශ කාල වක්‍රතාව කියන්නෙ මොකක් ද කියන එකවත් තේරෙන්නෙ නැති නිසා ද?

පඬියකු කියන්න පුළුවන් අවකාශ වක්‍රතාව කියන්නෙ ගුරුත්වාකර්ෂණයෙ ම වර්ධනයක් කියලා. ඒක මුළුමනින් ම වැරදියි. නිව්ටන් හා අයින්ස්ටයින් කිව්වෙ දෙකක්. ඔවුන්ගෙ සංකල්ප එකිනෙකට වෙනස්. ඒ සංකල්පීය පද්ධති දෙක අහසට පොළොව වගෙයි. වැටෙනවා කියන එකට බටහිර විද්‍යාවෙ ඒ විධියට ඊනියා හේතු දෙකක් තියෙනවා. ඒ ඊනියා හේතු මිසක් වැටීම නො වෙයි. මෙරට පඬියන් එසේ පඬියන් වීමේ හේතුව මොකක් ද?

http://www1.kalaya.org/2017/05/blog-post_26.html
 
  • Like
Reactions: TheRockSays

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    සමහරු නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ ඒවා පංචෙන්ද්‍රිය ගෝචර නැහැ කියලා!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    හොඳ ඔළුවක් ඒකට ගරු කරනවා. හැබැයි සංවරකමයි අධ්‍යාත්මික දියුණුවයි නම් බිංදුවයි. වචනයක් වචනයක් ගානේ තියෙන්නෙ වෛරයයි ක්‍රොධයයි. මෙහෙම ලිපි ලියන්න ගිහින් පපුවෙ අමාරුවක් නොහැදුනොත් තමා පුදුමෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ ඔළුවක් ඒකට ගරු කරනවා. හැබැයි සංවරකමයි අධ්‍යාත්මික දියුණුවයි නම් බිංදුවයි. වචනයක් වචනයක් ගානේ තියෙන්නෙ වෛරයයි ක්‍රොධයයි. මෙහෙම ලිපි ලියන්න ගිහින් පපුවෙ අමාරුවක් නොහැදුනොත් තමා පුදුමෙ.

    හැසිරීමෙ අවුලක් නම් තියෙනව තමා ඒ වුනාට කියන එ්ව ඇත්ත :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ"

    දැන් අපි මොකද කරන්න ඕනේ.?
    මේ දෙකම විශ්වස කරන්නද.?
    දෙකම අවිශ්වාස කරන්නද.?

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "ගුරුත්වාකර්ෂණය විශ්වාස කරන අතරෙ බුදුහාමුදුරුවන් දැකපු දෙවියන්, සසර ආදිය විශ්වාස කරන්නෙ නැහැ"

    දැන් අපි මොකද කරන්න ඕනේ.?
    මේ දෙකම විශ්වස කරන්නද.?
    දෙකම අවිශ්වාස කරන්නද.?

    ඒක ඉතිං තමං තීරණය කරන්න :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නලින්ද සිල්වා එහෙම වැටෙන්න හේතුව හොයාගෙනද තියෙන්නෙ :oo: අර මින්ස්සු අඩුමගානේ වැටෙන එක සතුටුදායක විදිහකට පැහැදිලි කරලා තියෙනව හරි හෝ වැරදි විදිහකට. මෙයා නිකන් අනුන්ගේ ඒවගේ ඇද හොය හොය ඉන්නව විතරනෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් නලින්ද සිල්වා එහෙම වැටෙන්න හේතුව හොයාගෙනද තියෙන්නෙ :oo: අර මින්ස්සු අඩුමගානේ වැටෙන එක සතුටුදායක විදිහකට පැහැදිලි කරලා තියෙනව හරි හෝ වැරදි විදිහකට. මෙයා නිකන් අනුන්ගේ ඒවගේ ඇද හොය හොය ඉන්නව විතරනෙ.

    නෑ නලීන්ද සිල්වා කියන්නෙ ඒ නිව්ටන් ගොතපු පට්ටපල් බොරු කතන්දරෙන් වැඩ ගන්න ඒක අදහන්න එපා කියල :yes: :yes:
    හරියට නිව්ටන්ගෙ සමීකරණෙ පාවිච්චි කල්ල සෙනසුරුට වඩා ගේ ගාව තියෙන කලු ගල් වලිං බලපෑම් වෙනව කියනව වගේ ඒව කියන්න එපා කියල මං දැකල තියෙනව මේකෙ එහෙම කියල තියෙනව :baffled: :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    හැසිරීමෙ අවුලක් නම් තියෙනව තමා ඒ වුනාට කියන එ්ව ඇත්ත :yes: :yes:

    ඔව් කියලා තියෙන ගොඩක් ඒවා ඇත්ත( අර පටිච්චසමුප්පදාය ගැන කිව්ව කොටසට මම 100% එකඟ නෑ)

    ඒත් බන් ඔය කියලා තියෙන දෙයින් උබ අලුත් දෙයක් ඉගෙන ගත්තද? උබ කලින් නොදැන ඉඳපු දෙයක්ද ඔය කියලා තියෙන්නෙ?

    7-8 වසර වගෙ පොඩි එකෙක් උනත් ඕකට් උත්තරේ දන්නවනෙ බන්. අපි කෑම කන්නෙ බඩගින්න නිසානේ. අපි කෑම කන්න වෙනත් හේතු තියන්න පුළුවන්. බඩගින්න එන්නත් වෙනත් හේතු තියෙන්න පුළුවන්. ඒත් කෑම කන එකට "බඩගින්න" කියලා කවුරුත් කියන්නෙ නෑනේ.

    මගේ අදහස නම් අපි දන්න දෙයක් හර බර වචන දාලා නොපෙනෙන දුෂ්ඨයෙක්ව හිතින් මවාගෙන ඌට බැන බැන අපි දන්න දෙයක් නැවත නැවතත් අපිටම කියන දෙයක්.

    උඹ පොඩ්ඩක් මිනිස්සු එක්ක ඕක ගැන කතා කල්ල බලපංකො ලංකාවෙ බහුතරය වැටෙන එකට තමා ගුරුත්වාකර්ශනය කියන්නෙ. නලීන් ගුරුත්වාකර්ශණය බොරු කියද්දි හේතුවාදියො එහෙනං බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න කිව්ව. ඒකෙන්ම තේරෙනවනෙ මිනිස්සු ගුරුත්වාකර්ශණය කියන්නෙ වැටෙන එකට කියල. නොපෙනෙන දුශ්ඨයෙක් නෙමේ ඉන්න දුශ්ඨයෙක්ව මේ විවේචනය කරන්නෙ :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    උඹ පොඩ්ඩක් මිනිස්සු එක්ක ඕක ගැන කතා කල්ල බලපංකො ලංකාවෙ බහුතරය වැටෙන එකට තමා ගුරුත්වාකර්ශනය කියන්නෙ. නලීන් ගුරුත්වාකර්ශණය බොරු කියද්දි හේතුවාදියො එහෙනං බිල්ඩිමක් උඩට ගිහිං පැනල බලන්න කිව්ව. ඒකෙන්ම තේරෙනවනෙ මිනිස්සු ගුරුත්වාකර්ශණය කියන්නෙ වැටෙන එකට කියල. නොපෙනෙන දුශ්ඨයෙක් නෙමේ ඉන්න දුශ්ඨයෙක්ව මේ විවේචනය කරන්නෙ :yes: :yes:

    හේතුවාදියො කවුද?:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක ඉතිං තමං තීරණය කරන්න :yes: :yes:

    හොඳම දේ තමාම කතාවක් ගොතාගෙන එka හරි කිය0 ඉන්න එක තමා...:yes:
    වෙන විකල්පයක් නෑ....
    මොකද තමාගේ මනසෙන් බාහිරව තියන කිසිම අටමගලක් නිරපේක්ෂව නිර්වචනය කරන්න කාටවත් බෑ...
    එහෙම බලාගෙන ගියාම මේ ලෝකේ කිසි තේරුමක් නෑ...
    කවුරුහරි ඊනියා පඬියෙක් , ඊනියා false vacuum එකෙක් generate කරලා ඊනියා ආලෝකේ වේගෙන් මේ ඊනියා විශ්වය විනාශ කරලා දාන්න ඕනේ....

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හේතුවාදියො කවුද?:baffled::baffled:

    කාලෝ ෆොන්සේකා :yes: :yes:
    ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල :yes: :yes:
    මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො :( :(
    ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි :yes: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    හොඳම දේ තමාම කතාවක් ගොතාගෙන එka හරි කිය0 ඉන්න එක තමා...:yes:
    වෙන විකල්පයක් නෑ....
    මොකද තමාගේ මනසෙන් බාහිරව තියන කිසිම අටමගලක් නිරපේක්ෂව නිර්වචනය කරන්න කාටවත් බෑ...
    එහෙම බලාගෙන ගියාම මේ ලෝකේ කිසි තේරුමක් නෑ...
    කවුරුහරි ඊනියා පඬියෙක් , ඊනියා false vacuum එකෙක් generate කරලා ඊනියා ආලෝකේ වේගෙන් මේ ඊනියා විශ්වය විනාශ කරලා දාන්න ඕනේ....

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලෝ ෆොන්සේකා :yes: :yes:
    ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල :yes: :yes:
    මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො :( :(
    ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි :yes: :yes:

    :lol::lol: සිරාවට?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol: සිරාවට?

    හරියටම ප්ලේන්ද රොකට් ද මතක නෑ ඔය වගේ මොකක් හරි යන්නෙ කොහොමද කියල අහල තියෙනව :yes: :yes:
    හොඳම එක කොකා කෝල පෙප්සි ප්‍රශ්නෙ :baffled: :baffled:
    paradigm shift වලට කවුරු හරි එකෙක් අහල පෙප්සි හදන්න ගත්ත එකත් paradigm shift එකක්ද කියල නලීන්ද සිල්ව තාම ඒකට බයිනව දැන් අවුරුදු ගානක් ඕක අහල :sorry: :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    කාලෝ ෆොන්සේකා :yes: :yes:
    ගුරුත්වාකර්ශණය බොරු නං ප්ලේන් යන්නෙ කොහොමද අහල :yes: :yes:
    මහාචාර්යවරු එහෙම නං සාමාන්‍ය ජනයා ගැන හිතාගනිංකො :( :(
    ඉතිං නලීන්ද සිල්වා ඒ උගන්නන බොරු විවේචනය කරන එක හොඳයි :yes: :yes:

    මන්දා බන් ඕක නම් ඕනම පොඩි එකෙක් දන්නවා.

    මේව මේ පෞද්ගලික කෝන්තරනෙ බන්. මෙහෙම ආටිකල් ලියාගෙන ටීවී වල මරගන්න දෙයක් නෑනෙ.