සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා

Jude1991

Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා

    "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා"

    මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ...
    මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්..

    " දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.."

    සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු..

    ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද?

    "සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්..

    තව ප්‍රශ්ණයක්..
    දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ??

    හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා..

    ඉතිං,
    අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා...

    ආයිත් සැරයක් කවදහරි
    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..


    උපුටා ගත්තේ-http://www.sinhalaya.com/nimnaya/index.php?topic=9321.0
     
    Last edited:

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    munta pissuda:confused::confused::confused:
    chrome%25202012-12-24%252017-36-26-21.jpg
     
    • Like
    Reactions: 577

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    eththa mehema dewal hoya hoya share karapan.

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.


    +8 magen menna..

    oya sudda kiyana unta tiyenne mole newe kapati kama. ekane south africa walata une. poddak wisin goda denek palanaya kale. kalu minisunge hith durwala karala..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    තව දෙයක් එකතු කරන්න කැමති,කැවුම් ටික දවසක් යනකොට කැවුම් වල වර්දනය වෙන Penicillium notatumකියන දිලිරය මගින් පෙනිසිලින් හැදෙනවා යුද බිමෙදි තුවාල උනාම පරන උන කැවුමක් තුවාලයට තියලා බැද ගත්තම,ප්‍රති ජිවක තියෙන නිසා තුවාලය වැඩි වෙන එක වලකිනවා
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තව දෙයක් එකතු කරන්න කැමති,කැවුම් ටික දවසක් යනකොට කැවුම් වල වර්දනය වෙන Penicillium notatumකියන දිලිරය මගින් පෙනිසිලින් හැදෙනවා යුද බිමෙදි තුවාල උනාම පරන උන කැවුමක් තුවාලයට තියලා බැද ගත්තම,ප්‍රති ජිවක තියෙන නිසා තුවාලය වැඩි වෙන එක වලකිනවා

    මමත් මේ කතාව නම් අහලා තියෙනවා
     

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    තව දෙයක් එකතු කරන්න කැමති,කැවුම් ටික දවසක් යනකොට කැවුම් වල වර්දනය වෙන Penicillium notatumකියන දිලිරය මගින් පෙනිසිලින් හැදෙනවා යුද බිමෙදි තුවාල උනාම පරන උන කැවුමක් තුවාලයට තියලා බැද ගත්තම,ප්‍රති ජිවක තියෙන නිසා තුවාලය වැඩි වෙන එක වලකිනවා
    TFH :):)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒ යුරෝපා කරයෙන් ආව මංකොල්ල කාරයො වගේම...
    මෙහෙම කියලා ස්වයංවින්දනයක් ගන්න සිංහල නොවෙන කට්ටිය දන්නෙත් නෑ නියම හේතුව....
    අනුන්ගෙ දෙයක් අල්ල ගන්න විතරනෙ දන්නෙ