සිංහලයා_ගෙට_වෙලා

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සිංහලයා_ගෙට_වෙලා

    [FONT=&quot]සිංහලයා ගෙට වෙලා.....[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]දැරිවියන් ගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]ගෙට වීම[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]සවනතට තරමක් නුහුරු විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත-වාරිත නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇදෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නාන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බොන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විටෙක නීච වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවත් විටෙක කිපෙන නව ගහෙයෝ ය. ඇගේ සියළු දෙනික කටයුතු කොට උඩ ය[/FONT][FONT=&quot]……. [/FONT][FONT=&quot]ඒ ගෙට වූ දැරිවිය යි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සාමාන්ය තත්ත්ව යටෙත් දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාෂිකව [/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගෙට වෙති[/FONT][FONT=&quot]'. [/FONT][FONT=&quot]ර‍ටේ සියළු ආයතන වල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේවකෙයෝ නිවාඩු යති. බැංකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කායාල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොබොති. නොනාති. ජාතියම ගෙට වේති. සූර්යා ගේ දෙක මාරු වනතුරු බලා සිටිති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනේ අනිච්ඡං....![/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේ ඵකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිඹුරුපත් සැකෙසමින් පවතින්නේ ආසියාවේ ආශ්චයය බවට පත් වීමට ය. ඊට කළින් මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජාතිය වනසන මිථ්යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට [/FONT][FONT=&quot]brain wash [/FONT][FONT=&quot]එකක් වුවමනාය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැතෙහොත් සියළු ආශ්චයයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොවැළක්විය හැකිය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඡෝතිෂය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වත් සිංලහයන් තරම් ඡෝතිෂය අදහන්නේ නැත.ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ඡෝතිෂය විශ්වාස කරන්නේත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කම-කමඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. දැන් කාලයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෝකයටම ඔප්පු කොට තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්න්ලු. දැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එළවළු පළතුරු යවන්නේ ලංකාවේනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙන්නේත් ඒ නැක තේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වහන්සේලා ත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සම්පූර්ණ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවෙය් රහස කිම[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ වෙන කිසිවක් නොව නැකතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහණ කිරීම නිසාය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන් දේශපාලකෙයො පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමන් අපල නැතිවේ ලු.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාගයක් ලබා දුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රාශියන් මේෂ රාශියට සංකමණය වන්න් ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉෂ්ට කරගත්තොත් ඔවුන්ග් ජීවිත කිරියන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය. ඔවුන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන විධියට වතුර නාගන්ට වත් කැමති නැත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔවුන්ට සල්ලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුදල් වලින් හිඟයක් නැත.නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලාගන ය. සත්යට ඉඩක් නැත. [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සත්යය ජයගනී[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]යන්න ද දඹදිවින් පාත් වූ බමුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතයක් විනා බුදු දහෙම් සඳහන් නොවන්නකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ලාංකිකයා සියවස් ගණනාවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. [/FONT][FONT=&quot]99%[/FONT][FONT=&quot]ක්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වූයේ බුදු බණ නාමෙයන් වූ සම්පපලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධර්මවාදී බලෙව්ග විසින් සූක්ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහෙම් නාමෙයන් පැවිදිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා සඟරුවට පිදෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යාග-හෝම කරති. වස් කවි කියති. ඒ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැකෙත් ගුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක තිපිටකය පුරා අන්තර්ගත ය. මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අධර්මවාදී චීවරධාරීන් හට උඩෙගඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අපමාදී වෙත්වා!!![/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බොහෝ දෙනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවසනුයේ මේ සියල්ල මහින්දාගමනෙයන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑ ගම් යාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරණ තරහ අමතක කිරීම සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතෙයෝ දොඩති. තිසරණෙයහි පිහිටා කටයුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරුණාව සෑම විටම පෙරදැරි ය.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔවුන්ගේ ආධ්යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාලයක් අවැසි නොවේ. මේ බහු බූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සියළු කෙලසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්ය දෙයකි. නමුත් ඒ මුවාවෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිථ්යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්යය කි. මෝඩ කමකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහෙම් ඒකායන අරමුණ සියළු කෙලසුන් පහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සතරකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාර්ග අංග තිස් හතකින් යුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රමවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අර්ථවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධනාත්මක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැඩපිළිවෙලකි. දෙක් පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහෙමහි මූලිකම වන්ෙන් ෙසෝතාපත්ති ඵලය යි. එනම් මිථ්යාදෘෂ්ඨිය සහමුලින්ම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දුරුකොට සසෙර් ආරක්ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්ෂාව යනු බිලි දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලි තොවිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්යාදෘෂ්ඨිය දුරලා දහම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බහා තබන්නක් ද නොවේ. එය දහෙමහි හැසිරෙන පඥාවන්තයින් හට පමණක් ඇතිවන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවෙබෝධයකි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසි කෙලක සත්යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්යෙය්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම ජීවත්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඳුරේම මියැදෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තෙය කි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ශී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ ගැන කිව යුතුව තිබේන්නේ එකම එක දෙයකි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට ම්දෘෂ්ඨියෙන් නම්[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ගැලවිල්ලක් නැති බවයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]තෙරුවන් සරණයි![/FONT][FONT=&quot]
    ([/FONT][FONT=&quot]උතුම් තිසරණය ගැන පහදා දුන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තිසරණ සරණ ගැන සිංහ නාද කල මා ගේ කල්‍යාණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිත්‍රයන් වහන්සේට නමස් කාර වේවා.)[/FONT]
    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: Diya Rakus

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ලියල තියන සියල්ල සත්‍යයි. එත් උඹ නොදන්නා නොපිළිගන්නා තවත් සත්‍යයක්නම් උඹේ කල්යානමිත්‍ර ලොකුස්වාමින්වහන්සේත් මහණකම වරද්දාගෙන තමයි වැඩවසන්නේ. පුලුවනිනම් ඒ සත්‍යයත් තේරුම්ගන්න උත්සහ කරන්න. අන්න එදාට නිර්වාණයට යන්න මිට වඩා පහසු මග හමුවෙයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
    හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්‍රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.
    වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය, බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.
    එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්‍රහාරයකි. අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි. මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.
    හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත. උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?
    පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්‍රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්‍රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය. තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්‍රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?
    ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.



    ගත්තේ මෙතනින්

    http://dharmanidhaana.wordpress.com/...7%83%E0%B7%94/
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ ලියල තියන සියල්ල සත්‍යයි. එත් උඹ නොදන්නා නොපිළිගන්නා තවත් සත්‍යයක්නම් උඹේ කල්යානමිත්‍ර ලොකුස්වාමින්වහන්සේත් මහණකම වරද්දාගෙන තමයි වැඩවසන්නේ. පුලුවනිනම් ඒ සත්‍යයත් තේරුම්ගන්න උත්සහ කරන්න. අන්න එදාට නිර්වාණයට යන්න මිට වඩා පහසු මග හමුවෙයි.


    සුවපත් වේවා
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    උඹලටත් තියන ප්‍රශ්න! නැකැත් බැරිනම් ඕන මඟුලක් විශ්වාස කරපුදෙන්. උඹල විශ්වාස නොකර හිටපල්ලා. එතකොට අනිත් එවුනුත් හරියයි!
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    දැන් ඔයාට ඕනෙ ලංකාව සංස්කෘතියක් නැති,චාරිත්‍ර වාරිත්‍ර නැති යාන්ත්‍රික රටක් වෙනව බලන්නද?.....මේක ලිවුවෙ සිංහල බෞද්ධයෙක්නම් බොහොම කණගාටුයි.......:no:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දැන් ඔයාට ඕනෙ ලංකාව සංස්කෘතියක් නැති,චාරිත්‍ර වාරිත්‍ර නැති යාන්ත්‍රික රටක් වෙනව බලන්නද?.....මේක ලිවුවෙ සිංහල බෞද්ධයෙක්නම් බොහොම කණගාටුයි.......:no:

    මෙතන කියලා තියෙන්නේ, බුද්ධන් සරනන්ගච්චාම් කියා තෙරුවන් සරණ යන්න. බමුනු සාස්තර හෙවත්, කෙන්දර සරණ යන්න එපා. කෙන්දර සාස්තරය ආවේ කාලින්ග මාඝ නැමත්තාගේ ආක්‍රමනයෙන් පසු. කාලින්ග මාඝ ආක්‍රමනය කිරීමට පෙර ලංකාවේ අවුරුද්ද ලෙස සලකන ලද්දේ වෙසක් පොහොය. අප්‍රල් 14 නොමේ.
    මාහාවංෂය කියවලා බලන්න මේසම්බන්දව. ලැජ්ජ වෙන්න එපා සත්‍ය හොයාගන්න.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මෙතන කියලා තියෙන්නේ, බුද්ධන් සරනන්ගච්චාම් කියා තෙරුවන් සරණ යන්න. බමුනු සාස්තර හෙවත්, කෙන්දර සරණ යන්න එපා. කෙන්දර සාස්තරය ආවේ කාලින්ග මාඝ නැමත්තාගේ ආක්‍රමනයෙන් පසු. කාලින්ග මාඝ ආක්‍රමනය කිරීමට පෙර ලංකාවේ අවුරුද්ද ලෙස සලකන ලද්දේ වෙසක් පොහොය. අප්‍රල් 14 නොමේ.
    මාහාවංෂය කියවලා බලන්න මේසම්බන්දව. ලැජ්ජ වෙන්න එපා සත්‍ය හොයාගන්න.
    මොන හේතුවකට හරි අවුරුදු උත්සවය ලංකාවෙ සංස්කෘතික අංගයක් වෙලා ඉවරයි. ඕනවට වඩා ඉතිහාසයේ factual නිවැරදිතාවය මත වර්තමානය වෙනස් කරන්න යාම එතරම් wise වැඩක් නොවෙයි.
     
    • Like
    Reactions: GuneBhai

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1688_330055557117896_1523770870_n.jpg
     
    • Like
    Reactions: netlife007

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මෙතන කියලා තියෙන්නේ, බුද්ධන් සරනන්ගච්චාම් කියා තෙරුවන් සරණ යන්න. බමුනු සාස්තර හෙවත්, කෙන්දර සරණ යන්න එපා. කෙන්දර සාස්තරය ආවේ කාලින්ග මාඝ නැමත්තාගේ ආක්‍රමනයෙන් පසු. කාලින්ග මාඝ ආක්‍රමනය කිරීමට පෙර ලංකාවේ අවුරුද්ද ලෙස සලකන ලද්දේ වෙසක් පොහොය. අප්‍රල් 14 නොමේ.
    මාහාවංෂය කියවලා බලන්න මේසම්බන්දව. ලැජ්ජ වෙන්න එපා සත්‍ය හොයාගන්න.

    මහාවන්ශෙ කොහෙද යකෝ ඇත්ත තියෙන්නෙ? ඒක ලියපු එකා තමන්ට වාසි වෙන විදියට ඉතිහාසය වෙනස් කරපු පොතක්
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොන හේතුවකට හරි අවුරුදු උත්සවය ලංකාවෙ සංස්කෘතික අංගයක් වෙලා ඉවරයි. ඕනවට වඩා ඉතිහාසයේ factual නිවැරදිතාවය මත වර්තමානය වෙනස් කරන්න යාම එතරම් wise වැඩක් නොවෙයි.


    කෙන්දර පස්සේ ගිහින් හරිගිය කෙනෙක් නැත. මේක කාලින්ග මාඝගේන් අපට ලැබුන දේ. සිංහල අවුරුද්ද යනුද එසේමයි.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇදහීම හා භක්තිය මිස ගවේෂණය නැති මිනිසුන් ලෝකය ආපස්සට අදින්නේය!!
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    මහාවන්ශෙ කොහෙද යකෝ ඇත්ත තියෙන්නෙ? ඒක ලියපු එකා තමන්ට වාසි වෙන විදියට ඉතිහාසය වෙනස් කරපු පොතක්

    පලයන් මෝඩ මරියෝ යන්න ‍තෝ දන්නවාද මහවංශේ ලිවුවේ කවුද කියලාවත් දැන් ඉතින් ගූගල් එකේ හොයලා මෙතන දාපන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බූරුවා


    w83uq1.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් බන්. මම දන්න පවුලක් ඉන්නවා උන් පැල් බැඳගෙන ඕවා විශ්වාස කරනව විතරක් නෙමෙයි පොතේ හැටියට පිලිපදිනව, ඒවුනාට ඉන්න තැනක් නෑ. අයියෝ සල්ලි. හැබැයි ඉතින් නොපෙනෙන පැත්තක් සමහරවිට තියෙන්න පුලුවන්. නැත්නම් මෙච්චර කල් පවතින්නෙ නෑ.
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    පලයන් මෝඩ මරියෝ යන්න ‍තෝ දන්නවාද මහවංශේ ලිවුවේ කවුද කියලාවත් දැන් ඉතින් ගූගල් එකේ හොයලා මෙතන දාපන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා බූරුවා


    w83uq1.gif

    kauru liwwath wadak na bn pitu 10k kiyawanakota therenawa bailane liyala thiyenne. quran and bible wage thamai. umbala wage harak naambonta wishwaasa karanna liyapu ekak
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෙම රටකට සංස්කෘතිය කියල දෙයක් තියෙනව. ඒවා කෙනෙක්ට විකාර වෙන්න පුළුවන්. අනවශ්‍ය දේ කියල හිතෙන්න පුළුවන්. නමුත් කාගේවත් ජීවිතයකට තර්ජනයක් නැත්නම් හෝ, කවුරුත් මත බලෙන් පැටවීමක් නැත්නම්, ඒකෙ වරදක් මට පෙන්නේ නැහැ . ඒක ඒ ඒ රටේ, ජාතියේ සංස්කෘතියට අදාළ දේවල්. අපි බටහිර ගත්තොත් හැලෝවීන් කියල මළවුන්ගේ දවස් තියෙනව. නත්තල් දවසට පහුවෙනිදා බොක්සින් ඩේ කියල කාර්යාල නිවාඩු දෙනවා, එහෙම නැත්නම් රියෝ කාර්නිවල් එක තියෙන දවස් වල අදාළ පාරවල් වල සියලුම ආයතන වහනවා. තවත් උදාහරණ ගන්න පුළුවන් ඕනේ තරඟ අන්තර්ජාලය බැලුවොත්. ඒවා ඒ ඒ රටවල සන්ස්කෘතිය හා බැඳුනු දේවල්.


    හැම දේටම පහර ගහනවා නම් ඉතින් මේ ලෝකේ නවත්වන්න තියෙන්නේ සිංහල අවුරුද්ද විතරක් නෙමෙයි. කෙනෙක් කිව්වට පිලි ගන්නේ නැතුව තමන්ගේ මොලේ කල්පනා කරලා බැලුවොත් හොඳයි.

    ඔතන තියෙන්නේ සිංහල කමට ගහන එකනේ මේ රටේ ඉන්න සමහර උන්ට පෙන්න බැරි වෙලානේ සිංහල කිව්වම. මම හැමදාම කියනව වගේ ඉතින් ඕක ජන්මේ වැරැද්ද .
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    kauru liwwath wadak na bn pitu 10k kiyawanakota therenawa bailane liyala thiyenne. quran and bible wage thamai. umbala wage harak naambonta wishwaasa karanna liyapu ekak

    ඒ විශ්වාසේ උඩ තමා මේ සිංහල කියන ජාතිය තියෙන්නේ තාම අමනයෝ උම්බ හරකෙක් බව ප්‍රදර්ශනය කරන්න එපා.
    උබලා මහලොකු දාර්ශනිකයෝ ගෙදරට වෙලා පු‍ටුවක් උඩ ඉදගෙන අරක මෙහෙමයි මේක මෙහෙමයි කිවුවට වැඩක් නෑ ගොබ්බයෝ ෆොර්ම් වල


    w83uq1.gif