සිංහලය_මෝඩයා–කැවුම්_කන්න_සූරයා

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    සිංහලය_මෝඩයා–කැවුම්_කන්න_සූරයා

    “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා”
    යන පද පේළිය. ඒත් එහෙම කියමින් සිංහලයාට අපහාස කරන උදවිය මේ කතාවේ පසුබිම දන්නවානම් මෙය නැවතත් කියමින් අපගේ ශේෂ්ඨ සිංහල ජාතියට “මෝඩයින්” යැයි කියමින් අවමන් කරන්නේ නැත.
    මේකෙ නිධාන කතාව තමයි; මහනුවර යුගයේ සිටම සිංහලයින් අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි “කැවුම්” කියන්නේ. එහිදී කොණ්ඩා කැවුම්, පැණි කැවුම් ආදිය ඉදිරියෙන් ම තිබුණි. කැවුම් වල තිබෙන විශේෂ ගුණයන් තමයි වැඩි දවසක් නරක් නොවී තියාගැනීමට පුළුවන් වීම සහ මේදය තිබෙන නිසා ශක්තිජනක ආහාරයක් වීම.
    මේ බව අවබෝධ කරගත්, උපක්‍රමික හෙළ සටන් කලාවේ කෙළ පැමිණියෙක් වන දෙවන රාජසිංහ රජතුමා දීර්ඝ කාලයක් ගතවන සටන් වලදී තම සෙබළුන්ට කාලයක් තබාගත හැකි ආහාරයක් වශයෙන් “කැවුම්” මුලක් ළඟ තබා ගැනීමට අනිවාර්ය කළේය.
    රණබිමේදී ලංදේසීන් ඉදිරියේදී යුධ කර දිවි පිදූ එදා සිටි රණවිරුවන්ගේ දේහයන් වල කැවුම් මල්ලක් එල්ලී තිබෙනු දුටු ලංදේසියා මෙය දැක “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” කියමින් සිනාසුනා පමණක් නොව සිංහල රණවිරුවන් ගැන මෙලෝ හසරක් නොදන්නා කොළඹ සිටි ඔවුන්ගේ බලු ගැත්තන් හරහා මෙය අපේ මිනිසුන්ගේ ඔළු වලට පොවා තිබුනි.
    පසු කාලයේදී වීදියබණ්ඩාර කුමාරයාගේ සිට සියලුම සිංහල රජ දරුවන් “කැවුම්”, තම යුධ බිමේ ආහාරය වශයෙන් යොදා ගත් අතර, පසු කලෙක සුද්දා පවා මේ ගැන රහස දැන ගත්තත්, සිංහලයා යනු යුද බිමේදී පවා බඩජාරි කමට කැවුම් කමින් සිටි නිකමෙන් බව පෙන්වා අපේම උදවියගේ මානසිකත්වය කඩා වැට්ටවීමට මෙය යොදා ගෙන ඇත.
    එනිසා සහෝදර සහෝදරයිනි, ඔබගේ බ්ලොග් වල හෝ ඔබ දන්නා තැනක “සිංහලයා මෝඩයා…” යනදී වශයෙන් ලියමින් කවුරුන් හෝ සිංහලයාට අපහාස කරන්නේනම් ඔවුන්ට සත්‍යය වටහා දී අපගේ ජාතියේ අභිමානය ආරෂා කිරීම ඔබගේ වගකීමයි.




     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Samaharak kiyanawa
    Uba kadha beelada Awe ? kiyala
    Ekath Purudu kale oya Ka# Suddo thamai. kola kada weeduruwaka thiyana Vitamins dannawanam ohoma kiyanne naa !

    Aye Soroo neetha yek dakkama Ahapan
    Uba Paan Kaalada Awe Kiyala ?

    Ape Aiyalage Sirithak ne Suddek Pa@@ Eliye dagena pare giyoth Ape kastiyath
    ithin loweth naa thamai !
     

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    Samaharak kiyanawa
    Uba kadha beelada Awe ? kiyala
    Ekath Purudu kale oya Ka# Suddo thamai. kola kada weeduruwaka thiyana Vitamins dannawanam ohoma kiyanne naa !

    Aye Soroo neetha yek dakkama Ahapan
    Uba Paan Kaalada Awe Kiyala ?

    Ape Aiyalage Sirithak ne Suddek Pa@@ Eliye dagena pare giyoth Ape kastiyath
    ithin loweth naa thamai !

    sahathika Eththa :yes: